‘වැහැපන් දෙයියා කසපැන් දෙඤ්ඤයි’ කියමින් වැහිබීරමේ අහසට දෑත් නගා කෑගැසූ බාල බොළඳියනට වැසි දියෙන් සංගර් හ කළ වැස්ස වලාහක දෙවියන් සිය පිරිවර සමඟ තුසීපුර හෝ සදෙව් ලොවට වී දුන් පිති හරඹයකින් විසිවී ගිය පන්දුව ගුවනේ වැදී විදුලි ගුලි විසිරුණැයි කියමින් අත්තලා මුත්තලා බාලේදී අපව අද්භූත කතාන්දරවලින් මුසපත් කළහ. සක් දෙවියන්ගේ වජරාරු යුදයෙන් පහර ලැබ අහසින් නැගුණු හෙණ හ`ඩින් කම්පිත වුවද බෙන්ජමින් ෆරෑැද න්ක්ලින් ඇමෙරිකාවේ සිට සේදවලින් නිමි සරුංගලයක් යවමින් අකුණත් විදුලියත් එකිනෙක පෑහෙන්නේ කෙසේදැයි සොයාබැලූවේය. ‘මෙන්ලෝපාර්ක්හි විජ්ජාකාරයා’ ගේ විජ්ජාවෙන් නිව්යෝර්ක් හෙරල්ඞ් පතරන් යේ ශීර්ෂ පාඨය වැසී ගියේය.
‘විදුලි බුබුළෙන් රාතරිකාරය දවාලක් බවට පෙරැළෙයි’
ලාංකිකයන්ට විදුලිය අරුමයක් නොවීය. ගුරුළුගෝමීන් කළ ධර්ම පර්’හදීපිකාවේ සුළු කළිඟු කුමරාගේ සිතෙහි ආලම්භන විභාව උද්දීපනය කරවනසුලූ පරිසර වර්ණනයෙහි ‘ගනකල් නමැති පියා ලළවන විදුලිය නමැති රන්දම’ ලෙසින්ද විපර කළලම්භය වඩවන වර්ෂා පරිසරයෙහි ‘විදුලිය හා සමඟ මන වෙව්ලීය’ ලෙසින්ද වැනුමකට ලක්වේ. සද්ධර්මරත්නාවලියෙහි පටාචාරා දියණියට දරුවන් ලැබුමෙහිදී ඒ වේදනාව විස්තර කරන්නේ ‘පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විලිත් පහරනට වන’ ලෙසිනි. රූබන් විකරාව මාරච්චි මහතා රචනා කළ විදුලි පුරාණය වනාහි ඉහත ඈ පරිද්දෙන් අප මෙතෙක් දැන සිටි විදුලියෙහි නොදුටු ඉතිහාසයේ සැබෑ තතු ගෙනහර දක්වන්නකි.
විදුලි පුරාණයෙහි එන කරුණු පරාසයධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය.
1 ලෝකයෙහි විදුලි ඉතිහාසය
2 ලංකාවේ විදුලි ඉතිහාසය
ලෝකයෙහි විදුලි ඉතිහාසය යටතේ කතුවරයා පරාත ග් ඓතිහාසික අවධියේ සිට සුමේරියාවේ අකුණු සහිත දෙවියන්ගේ පෙරහරක ලාංඡන, වේද ගරාන න්ථවල එන විද්යු ත් ශක්තියට අධිපති ඉන්ද්රි දෙවියා, ඇම්බර් කැබැල්ලක් පිරිමදින විට ආකර්ෂණය වන සැහැල්ලූ වස්තු ගැන සෙවූ ගරීන්ථසියේ තේල්ස් ගැන අතීත පුවත් දක්වයි.
ඉලෙක්ටිර් පසිටි හෙවත් විදුලිය යන වදන පරසෙවභවය වූයේ ගරීේ තක බසින් ඇම්බර් යන්න හඳුන්වන ඉලෙක්ටරාර් යන වදනින් බව දක්වමින් එහි නිරුක්තිය පෙන්වාදෙයි. ඔහු නිව්කමන්, ජෝර්ජ් ස්ටීවන්සන්, ජේම්ස් වොට් ආදීන් නිපදවා වැඩිදියුණු කළ වායුගෝලීය එංජිම, වාෂ්ප එංජිම, ජංගම එංජිම වැනි දෑ සම්බන්ධයෙන් කරීන මානුකූල අධ්යයයනයක නිරතවී ඇති බව වැටහෙයි. කාර්මීකරණය සහ යටත්විජිතකරණයත් සමඟ විදුලිය සෙසු රටවලට ව්යාලප්ත වූ ආකාරය දක්වා වූ ශාස්තරීහ ය ඉගෙනුමකට මෙම කෘතියෙන් පාඨකයා යොමු කෙරේ.
කතුවර රූබන් විකර ට මාරච්චි මහතා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි. එහි රාජකාරි කළ කාල පරාසය තුළ ඇඟට පත්තියම් වූ බෙහෙතක් සේ විෂය ක්ෂේතරයේ යෙහි වදන් ඔහු උරාගන්නට ඇත. ශාස්තරී් ය ලේඛනයකට සමීප වන තරමෙහි විනයානුකූල භාෂා හැසිරවීමකින්ද, තාක්ෂණික වාග් කෝෂයකින්ද හෙතෙම ශක්යතතාව පළකරයි. හුදු විස්තර දක්වන දත්ත පන්තියක් නොව මෙය සත්ය, කරුණු ගවේෂණය කරමින් රචිත පිළිවෙළ සහිත කතාන්දරයක් වැන්න.
විදුලි පුරාණයෙහි දෙවන කොටසින් ලංකාවට විදුලිය ලැබීමේ ඓතිහාසික පුවත දැක්වේ. එදිනෙදා ජීවිතයේදී විදුලි බිල්පත ගෙන එන, විදුලි විසන්ධිවීම් පිළිසකර කරවන නිලධාරීන් අනුව මෙරට වැසියන් ලංකාවේ විදුලි බල පද්ධතිය පිළිබඳව ගොඩනගාගත් පරිදුතිරූපයට මෙම කෘතියෙන් වටිනාකමක් එක් කිරීමට කතුවරයා සමත් වී සිටී. විදුලි බලය නගරයේ සිට ගමට කැඳවීම, විමලසුරේන්ද්ර් යුගය, ලක්ෂපාන ජල විදුලි යෝජනා කර් මය, ඉටිපන්දම් එළියෙන් අත්සන් කළ විදුලිබල ගිවිසුම ආදී වෙසෙස් කරුණු මෙහි වෙයි.
”කොළඹ විදුලි ආලෝකයෙන් බැබළෙනු දකින්නට අප කැමතිය. දුම් දමමින් අමිහිරි ඝෝෂා ඇතිකරමින් දුවන දුම්රිය වෙනුවට වඩා වේගවත් ආරක්ෂාකාරී විදුලි රථ රටේ සෙසු පරනදුදේශවල ධාවනය වනු දක්නට අප කැමතිය. විදුලියෙන් ඉවුම් පිහුම් කෙරෙන සෞම්ය ආලෝකයෙන් බැබළෙන සුවපහසු නිවාස දකින්නට අප කැමතිය” යි ලංකාවේ නගරවලට විදුලි බලය සැපයීමේ කර්මාන්තයක් පවත්වාගෙන ගිය වෝකර් පුතර ක යෝ සමාගමේ ඉංජිනේරු එල්. වෝකර් මහතා දිනක් විදුලිය ජනපරිිය ය කරවීමට කොළඹ පැවති දේශනයකදී පැවසීලූ. හෙතෙම සූතරිද කා පහන් යොදාගැනීමේ වාසියද එහිදි සඳහන් කළේලූ. බටහිර ජාතීන් ලංකාවේ විදුලිබල උත්පාදනය ගැන දැරූ මෙවැනි දුලබ කරුණු අතිශය වැදගත්ය.
මහාවංශය දුටුගැමුණු රජුව පරබල හර්ෂයට නැංවූවා සේ අප කතුවරයා විදුලි බලය සම්බන්ධයෙන් ඓතිහාසික සේවාවක් කළ ඞී. ජේ. විමලසුරේන්ද්රව මහතාට මූලික අවධානය යොමවයි. ඒ මහතාගේ සේවය සම්බන්ධයෙන් මෙහි පරිච්ඡේද තුනක් ඇතුළත් වේ. 1907දී රජයේ විදුලි ඉංජිනේරුවකු ලෙස සේවයට බැඳුණු විමලසුරේන්ද්ර් මහතා ලංකාවේ දියඇලි සහ ජලාශ යොදාගනිමින් පහන් ලක්ෂයක් දැල්විය හැකි තරමේ විදුලි බලයක් ලබාගත හැකි යැයි පෙන්වා දුන්නේය.
”කඳුරට දිය ඇලිවලින් වැටෙන එක ජල බිඳක්වත් ටර්බයින් තුළින් මිස ඉවතට ගලා යාමට ඉඩනොදිය යුතුය” යැයි ඔහු පැවසුවේ පරාකරක් මබාහු රජු කළ පර ගලකාශය 19 වන සියවසට යෝග්යව පරිද්දෙන් සකසාගනිමිනි.
එංගලන්තයට ගොස් වැඩිදුර පර්යේෂණ දැනුම ලබාගැනීම, ගංගා හරස් කර වේලි බැඳ විදුලිය ලබාගැනීමේ හැකියාව ගැන සහෝදර සේවකයන් දැනුවත්කිරීම ආදී තත් විෂයෙහිම ඇලී ගැලී කටයුතු කරමින් නොනවතින කැපවීමක් කළ විමලසුරේන්ද්රක මහතාට විදුලි පුරාණයෙන් සාධාරණයක් ඉටුවනු පෙනේ. ඔහු සතුව තිබූ කාර්මික ඥානය යුතු පරිද්දෙන් යොදාගැනීම හේතුවෙන් හුළු අත්තෙන්, කුප්පි ලාම්පුවෙන් දිවි ගෙවූ ලාංකිකයෝ මේ වනවිට රැයකදී වුව විදුලි එළියෙන් කටයුතු කරති.
විදුලි පුරාණයෙහි උප ගරාං න්ථය රූබන් මහතා කුඩා කළ පටන් ආසාවෙන් එකතු කළ මුද්දර එකතුවක් වැන්න. මෙහි ආසාවෙන් පෙරළා බැලීමට තරම් වටිනා ඡායාරූප හා කතාන්දර වෙයි. විදුලිය ලොවට හඳුන්වා දුන් විද්යාිඥයින් 33දෙනෙකු, ඔවුන් විදුලිය පිළිබඳව පරීක්ෂණ කිරීමේදී මුහුණදුන් රසවත් සිදුවීම්, විදුලිය හා සම්බන්ධ ආඥා පණත්, ලිපි, බිල්පත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවුම් යන්තරීම්වල සේයා රූ, ඓතිහාසික ඡායාරූප, විදුලිය බෙදාහැරීම සම්බන්ධව කරිකා යාකළ රාජ්යය නායකයන්, අමාත්යමවරුන් සහ බටහිර ජාතිකයන්, ඒ හා සබැඳි ශරීා ලංකාවේ රාජ්යම නායකයන්, අමාත්ය්වරුන්, ආණ්ඩුකාරවරුන් සහ අග්හරාණ්ඩුකාරවරුන්, ලංකාවිදුලිබල මණ්ඩලයේ සභාපතිවරුන් පමණක් නොව විවිධ දින වකවානු සහ සිතියම්ද ඇතුළත් මෙම උප ගරවරුන්ථය පමණක් විදුලිය පිළිබඳ කෞතුකාගාරයක් වැන්න.
එක් ක්ෂේතරවක යක හෝ විෂයයක තෝරාගත් මැයක් යටතේ කරුණු ගවේෂණය කළ යුත්තේ කෙසේද, එය පිළිවෙළට සම්පිණ්ඩනය කළ යුත්තේ කෙසේද, සාරාංශ කළ යුතු තැන් සහ විගර කෙහ කළ යුතු තැන් කවරේද, භාෂාව හැසිරවිය යුත්තේ කෙසේද යන්නට කතුවරයා මෙම කෘතියෙන් ආධුනිකයන්ට ආදර්ශයක් ලබාදෙයි. ඇම්පියරය, වෝල්ටීය පුංජය, සත්ව විදුලිය, විදුලි මනු වැනි සාමාන්ය ජනයාට නුහුරු සැඟව තිබූ විෂයානුබද්ධ වදන් කතුවරයාගේ බසින් යළි පණ පෙවී එයි.