කොරෝනා වසංගතය සහ ගෝලීය ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම (377)

post-title

බටහිර සමාජයේ ධනවාදයට පෙර පැවතියේ වැඩවසම් යුගය යි. එකී වැඩවසම් සමාජය එම ක්‍රමයේ සිට ධනවාදය දක්වා සංක්‍රමණය වීමට විශාල කාලයක් ගත විය. නව වැනි සියවසේ සිට පහළොස් වැනි සියවස දක්වා පැවති වැඩවසම් යුගයේදී රදළයන් විසින් තමන් සතු ඉඩම් අඳ ක්‍රමයට ගොවීන්ට බඳු දීම සිදු විය. වැඩවසම් ක්‍රමය බිඳ වැටීමට වර්ෂ 1300 ගණන්වල සිට වරින් වර ඇති වූ සාගත, වසංගත ආදිය හේතු විය. එසේම පහළොස් වැනි සියවසේදී බැංකු ක්‍රමය වර්ධනය වීම, වර්ෂ 1500 දී පමණ ඇමරිකානු මහාද්වීපය යටත් කර ගැනීම නිසා ඇති කරගත් වාණිජ අවස්ථා සහ සෞභාග්‍ය, වර්ෂ 1450 දී මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමෙන් ඇති වූ විද්‍යාත්මක විප්ලවය ආදිය ප්‍රධාන හේතු සාධක හතර යි.

වැඩවසම් ක්‍රමයට එරෙහිව පහළොස් වැනි සියවසේදී පමණ ධනවාදය යුරෝපය මූලික කොටගෙන නිර්මාණය වී ව්‍යාප්ත වීම සිදු විය. නමුත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත විය. මෙහිදී යුරෝපයේ ධනේශ්වරයෙකුට වැඩවසම් ස්වාමියෙකුට වඩා ධනයක් තිබිය හැකිය. ධනවාදය නිදහස් වෙළඳ පොළ සංකල්පය මත ක්‍රියාත්මක විය. ධනපති ආර්ථිකයක් පාරිභෝගික සමාජයකින් තොරව ක්‍රියාත්මක නොවේ. ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වීම උදෙසා එම පද්ධතිය මඟින් නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් පරිභෝජනය කිරීමේ ජනතාවක් සිටිය යුතු ය. ධනවාදය කාර්මික ධනවාදය, වාණිජ ධනවාදය, මූල්‍ය ධනවාදය ඔස්සේ ගමන් කරනු ලැබී ය. ධනවාදයේ මූලික අරමුණ වූයේ ලාභය උත්පාදනය කිරීමයි. යම්කිසි සමාජයක් ධනවාදී යැයි අපට හඳුනාගත හැක්කේ කෙසේද යන්න මාක්ස් නිර්වචනය කරන්නේ මෙසේ ය.

“යම්කිසි ජන සමාජයක ‘ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් බවට පරිවර්තනය වන්නේ කුමන මොහොතකද? එම මොහොතේ සිට එම සමාජය ධනවාදී බවට පරිවර්තනය වෙයි.”

ධනේශ්වරය තුළ නිදහස, මිලකරණ යාන්ත්‍රණය, පුද්ගලික දේපළ, පාරිභෝගික පරමාධිපත්‍යය, ව්‍යවසායේ නිදහස, කම්කරු වැටුප, ශ්‍රමය සූරා කෑම, ලාභ ලැබීම ආදිය දැකගත හැකිය. ධනවාදයේ අර්බුදය නිර්මාණය වීමට හේතු වූයේ භාණ්ඩ අතිරික්ත නිෂ්පාදනය යි. එනම් ලාභය උත්පාදනය උදෙසා අධික ලෙස භාණ්ඩ නිෂ්පාදනයෙන් භාණ්ඩ අතිරික්තයක් නිර්මාණය වීමයි. 20 වෙනි ශතවර්ෂයේදී නව ලිබරල්වාදී ධනවාදය නිර්මාණය වීමේදී කාලානුරූපිව ඇතිවන අර්බුද සඳහා විසඳුම් සොයාගැනීම සිදු විය. එහිදී පෞද්ගලික අංශයේ කටයුතු හා සුබසාධන කටයුතු උදෙසා රජය මැදිහත් වීම, මාධ්‍ය සැලසුම්ගතකරණය ආදිය සිදුවිය. නව ලිබරල්වාදී ධනවාදයේ ප්‍රධාන ස්වරූප කිහිපයක් දැකගත හැකියි. එනම්, වෙළඳාම අරමුණු කරගත් වාණිජ ධනවාදය, නිෂ්පාදනය අරමුණු කොටගත් කාර්මික ධනවාදය හා මුල්‍යමය ධනවාදය යි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව විසින් කාර්මික ධනවාදයේ සිට මුල්‍යමය ධනවාදයට ගමන් කිරීම ආරම්භ කරන ලදී. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව විශාල වශයෙන් ප්‍රසාරණය වීම සිදුවූයේ මුල්‍යමය ධනවාදය යි. මින්පසුව මුල්‍යමය ධනවාදය ප්‍රබල වීමත් සමඟ ධනවාදී අර්බුදයේ අලුත් ස්වරූපයක් නිර්මාණය වීම සිදු විය. මෙහිදී මුල්‍ය යනු ධනවාදයේ මුදල් යන පැතිකඩයි. භාණ්ඩ නිෂ්පාදනය සිදු කරනු ලැබේ කාර්මික ධනවාදය තුළ යි. එනම් ද්‍රව්‍ය වටිනාකම් නිෂ්පාදනය වන්නේ කාර්මික ධනවාදය තුළ යි. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට වඩා යෝග්‍ය ක්‍රමයක් ලෙස මූල්‍ය ප්‍රාග්ධනය යම් යම් ආකාරයට හුවමාරුව තුළින් සිදු කරන ක්‍රියාකාරකම් මඟින් ලාභය ඉපැයිය හැකි බවට මතවාදයක් නිර්මාණය විය. එනම් භාණ්ඩාගාර බිල්පත්, ණය සුරැකුම් පත්, ණය, ක්‍රෙඩිට් සිස්ටම් ක්‍රම ආදී විවිධ මූල්‍ය අංශයි. එමනිසාම එවැනි මූල්‍යයට සම්බන්ධ මූල්‍ය ආයතන, සමාගම්, වාණිජ බැංකු, මහ බැංකු හි බලය වර්ධනය වීම සිදු විය. එනම් ආර්ථිකය තුළ මූල්‍ය ආර්ථිකයේ ප්‍රබලත්වය වැඩි වීම සිදු විය.

2008, 2009 වසරවල දී ඇතිවුන මූල්‍ය අර්බුදයේ බලපෑම ඉතා ප්‍රබල ය. ඉන් ඇති වූ කම්පනය වර්තමානය තෙක් ලෝකය මුහුණ දෙනු ලබයි. 2020 වසරේදී ඇතිවුන කොරෝනා වසංගතය හේතුවෙන් එය තවදුරටත් වර්ධනය වී ඇත. මේ අයුරින් 21 වෙනි ශතවර්ෂය අවසානය වන විට ලිබරල් ධනවාදය එහි මූල්‍ය ධනවාදී ස්වරූපයෙනුත් මිඳීම සිදු විය. එම නිසාම ගෝලීය වශයෙන් ඇති වුන මූල්‍ය යාන්ත්‍රනය දැන් බිඳ වැටි ඇත. වර්තමානය වන විට ලෝක ආර්ථිකය කලාපීයකරණය වී ඇත. එනම් චීනය, බටහිර යුරෝපය, ඇමරිකාව, රුසියාව වැනි රටවල් තම තමන්ගේ මූල්‍ය ඒකක කලාප වර්ධනය කරගැනීමට කටයුතු කරන බව දැකගත හැකිය. ඒ තුළ ගෝලීය මූල්‍ය ඒකකය අඩපණ වී තිබේ. ඒ අනුව ගෝලීයකරණ යුගය අවසාන වෙමින් පවතින බව පෙනී යයි. 

මෙයත් සමඟ පශ්චාත් ගෝලීය යුගය නැතිනම් පශ්චාත් ධනවාදය නිර්මාණය වෙමින් පවතියි. කොරෝනා අවධිය එහි සංක්‍රාන්තික යුගයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. මෙය ධනවාදයෙන් පසු අවධිය යි. මෙය ‘ජාලතන්ත්‍රවාදය’ යන තත්ත්වයට පත්වේ. මෙහිදී ධනේශ්වර පන්තිය අත තිබු බලය ජාල සතු වීම සිදු වේ. එනම් ජාල මෙහෙයවන තන්ත්‍රවාදය යි. එහිදී විවිධාකාර අන්තර්ජාලීය වේදිකාවන් (Internet Platforms) හි බලය වැඩි වීම සිදු වේ.

මෙසේ ජාල වේදිකාවන්හි බලය වැඩි වීම යනු හුදෙක් සන්නිවේදන ක්ෂේත්‍රයේ බලය වැඩි වීමක් පමණක් නොවේ. එය ආර්ථිකයට, සමාජ ක්‍රියාවලියට, මානව සංචරණයන් පාලනය කිරීමට පවා හේතු වේ. මෙම යුගය ජාලතන්ත්‍ර යුගයක් ලෙස හඳුන්වනු ලබන්නේ එහෙයිනි. අවුරුදු 400 කට පමණ පෙර ධනේශ්වර පංතිය බලයට පැමිණිය සේම 21 වෙනි සියවසේදී ජාලතන්ත්‍ර බලයට පැමිණෙමින් පවතියි. මෙහිදී ලාභයට වඩා වැදගත් වන්නේ බලය යි. බලය අත්පත් කර ගැනීමයි. ධනේශ්වර පංතියට අවශ්‍ය වූයේ මුදල් ය. නමුත් ජාලේශ්වරයට නැතිනම් ජාලතන්ත්‍රයට අවශ්‍ය තරම් මුදල් පවතින හෙයින් ඔවුන්ට අවශ්‍යවන්නේ ලෝක බලය යි. එමනිසාම අප ජීවත්වන මෙම යුගය යම් ආකාරයකට සංක්‍රාන්තික යුගයකි. 

කොරෝනා වසංගතය ධනවාදයේ සිට පශ්චාත් ධනවාදය ට සංක්‍රාන්ත වීම අවස්ථාව විමසා බැලීමේදී, කොචිඩ් 19 වසංගතය මතුපිටින් වසංගතයක් සේ භීතිය ප්‍රචලිත කරන අයුරින් පෙනුනද එහි යටි අරමුණක් වන්නේ ගෝලීය ආර්ථිකය ප්‍රති ආකෘතිකරණය කර ගැනීමේ ප්‍රයත්නයකි. වර්තමානය වන විට ගෝලීය කරළියේ ප්‍රධාන බලවේග තුනක් සටන් වදිනු ලබයි. එනම්, කාර්මික ධනවාදය, මූල්‍ය ධනවාදය හා පශ්චාත් ධනවාදය යි. මෙහි පශ්චාත් ධනවාදය නියෝජනය පිරිස අන්තර්ජාල පද්ධති සමඟ කටයුතු කරන අති විශාල මුදල් සම්භාරයක් තමා අත රඳවාගෙන සිටින පිරිස යි. එම පුද්ගලයින්ට මූල්‍ය බලය හිමි නිසා ඔවුනට අවශ්‍ය සමස්ත ගෝලීය බලය අල්ලා ගැනීමයි.

මීට වසර 400 කට පමණ පෙර යුරෝපයේ ඇතිවූ ධනේශ්වර පන්තියෙන් සෑම ක්ෂේත්‍රයකටම ඇති කළ පරිවර්තනය අති විශාලය. එනම් අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික, තාක්ෂණික ආදී වූ සෑම ක්ෂේත්‍රයකම ඉන් විශාල පරිවර්තනයක් කිරීමට සමත් විය. එසේම 21 වෙනි ශතවර්ෂයේදී නිර්මාණය වන නවතම පංතිය වන්නේ ජාලේශ්වර පංතිය යි. 21 වෙනි ශතවර්ෂයේ දිග හැරෙන්නේ මොවුන්ගේ මෙහෙයුම යි. එහිදී ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමේ ප්‍රයත්නයක ඔවුන් යෙදී සිටියි.

කොරෝනා වසංගතය ධනවාදයේ සිට පශ්චාත් ධනවාදය ට සංක්‍රාන්ත වීම අවස්ථාව විමසා බැලීමේදී, ලෝකයේ කොරෝනා වසංගතය නිර්මාණය වීම කිසිසේත්ම අහම්බයකින් සිදු වූ දෙයක් නොවේ. වසංගතය යන වචනය උදෙසා භාවිතා කරන ‘Pandemic’ යන වචනය පවා මෙම කොරෝනා වසංගතය හැඳින්වීම ට කෙතරම් දුරට ගැළපෙනවාද යන්න ගැටලුවකි. ග්‍රීක භාෂාවට අනුව ‘Pandemic’ යන වචනය නිර්මාණය වූ ‘Pan’ යන වචනයෙන් ‘සමස්තය’ යන්නත්, ‘Demus’ යන වචනයෙන් ‘ජනයා’ යන අර්ථයත් ගම්‍ය වෙයි. එනම් ‘Pandemic’ යන වචනයෙන් ‘සමස්ත ජනයාටම’ යන අර්ථයක් ගම්‍ය වන බව පෙනේ. එසේ නම් කොරෝනා වසංගතය ‘Pandemic’ එකක් ලෙස නිර්වචනය කිරීම කොතෙක් දුරට නිවැරදි දැයි විමසා බැලීමේදී, එය සමස්ත ජනයාටම බලපාන තත්වයක් නොවන බව පැහැදිළි වන කරුණකි.

කොරෝනා අර්බුදයේ 99% ක්ම පවතින්නේ දේශපාලන, සමාජයීය, ආර්ථික සහ මූල්‍ය පැතිකඩ යි. අනෙක් පැතිකඩ වන ඖෂධීය පැතිකඩ සඳහා ඇත්තේ 1% ක් පමණයි. ඒ අනුව ගෝලීය මට්ටමෙන් බලන විට මෙහි සෞඛ්‍යමය ගැටලුවක් පවතින්නේ 1% පමණි. ඉතාමත් විශේෂ සිදුවීමක් වන්නේ කොරෝනා වසංගතය ලෝකයේ ප්‍රචලිත වීමටත් පෙරම ඒ පිළිබඳ විශාල ප්‍රචාරණයක් ලෝකය පුරා සිදු වීමයි. ලෝකයේ සෑම පුද්ගලයකුගේම අවධානය කොරෝනා වසංගතය කෙරෙහි විශේෂයෙන් යොමු වීමත් ය. මෙය ඉතාමත් විශේෂ සිදු වීමක් වන්නේ, මීට පෙර ද ලෝකයේ මානව වර්ගයා මුහුණ දුන් දරුණු වසංගත තත්ත්වයන් දැකගත හැකියි. නමුත් එවැනි වසංගත තත්ත්වයන් සඳහා මෙතරම් විශාල ප්‍රචාරයක් හා උනන්දුවක් ඇති නොවීම යි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ලෝක මාධ්‍ය මඟින් නිර්මාණය කරනු ලබයි. එය ස්වභාවිකව නිර්මාණය වූවක් බව ඇතැමුන් ප්‍රකාශ කරන අතර, තවත් සමහර පුද්ගලින් ට අනුව මෙය කෘතිමව රසායනාගාරයක නිර්මාණය කරන ලද්දකි. නමුත් ඉහත මතවාද දෙකම සත්‍යය යැයි ඔප්පු කිරීමට නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කිරීමට කිසිවෙක් සමත් වන්නේ නැති බවද පෙනී යන කරුණකි.

ධනවාදයේ සිට ලෝකය පශ්චාත් ධනවාදය තෙක් ගමන් කිරීමේදී නිර්මාණය වූ ගෝලීය බලවත් උපරි ව්‍යුහය සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ‘ජෛව අවි’ (Bio Wepons) නිර්මාණය කිරීමට පටන් ගෙන තිබේ. බැක්ටීරියා හා වෛරස් උපයෝගී කොටගෙන මෙම ප්‍රබල ජෛව අවි නිර්මාණය කරනු ලබයි. මෙසේ නිර්මාණය කරන ජෛව අවි භාවිතා කොට තමන්ට අවශ්‍ය සමාජයීය, ආර්ථික, දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම මෙහි මූලිකම අභිමතාර්ථය විය. මෙය ‘ජෛව යුද්ධ’ ඇති කිරීම කෙරෙහි ද හේතු විය. කොරෝනා වසංගතය ද හුදු රෝගයක්ම පමණක් නොවී ජෛව අවි තත්ත්වයේ එක නිර්මාණයක් වීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩි ය.

ධනවාදී යුගය පශ්චාත් ධනවාදය දක්වා සංක්‍රාන්ත වීමේ දී, එම ක්‍රියාවලිය මෙහෙයවීම උදෙසා නිර්මාණය කෙරූ එක් ව්‍යාපෘතියක් වන ‘කොරෝනා වසංගතය’ මතුපිටින් පෙනෙන අදහසට වඩා බෙහෙවින් ගැඹුරු යටි අභිමතාර්යන් සහිත තත්ත්වයක් බව එය හොඳින් විමසා බැලීමේදී පෙනෙයි. එනම් ජනතාව අතර ඉතාමත් වේගයෙන් ප්‍රචලිත වූ කොරෝනා වසංගතය ඒ තරම් වේගයෙන් ම පාලනය කිරීමට උත්සාහයක් නොගත් බව පෙනීයාමෙනි. ජාල තන්ත්‍රවාදයක් අපේක්ෂා කරන ලොව බලවත් පිරිසට මෙම වසංගතය පාලනය කිරීමට අවශ්‍ය නොවේ. ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු වන තෙක් කොරෝනා වසංගතයේ නිමාවක් දැකිය නොහැකිය. එහෙයින් අප මේ පසුකරමින් සිටින්නේ සුවිශේෂී වූ සංක්‍රාන්තික සමයකි.

පශ්චාත් ධනවාදී යුගයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද කොරෝනා වසංගතය තුළින් ජාලතන්ත්‍රවාදය ලෝකය පුරා ව්‍යාප්ත වීම තුළින් ගෝලීය ආකෘතිය ප්‍රති ආකෘතිකරණය වීම සිදුවෙමින් පවතියි. මෙහිදී විශේෂයෙන්ම මූල්‍ය ධනවාදය අඩපණ විය. මිනිසුන් මූල්‍යමය ආයතන කරා ගමන් කිරීම අවම විය. එසේම භාණ්ඩ පරිභෝජනය අවම වීම, භාණ්ඩ නිෂ්පාදනය අවම වීම හා මිනිස් සංචරණය සීමා වීම නිසා මෙමඟින් කාර්මික ධනවාදයට ද බලපෑමක් එල්ල විය. කොරෝනා වසංගතය ඔස්සේ ලෝකය ගිලගනිමින් සිටින, ජාලගත ධනවාදය ඔස්සේ තත්‍ය (යථාර්තයේ) අවකාශය තුළ මිනිසුන් සිදු කළ ක්‍රියාකාරකම්, ගණුදෙනු, සම්බන්ධතා, සේවා ආදිය තත්‍යසම කාර්යය මාදිලියකට මාරුවෙමින් පවතියි.

මෙය ධනවාදයෙන් එහා ගිය තත්ත්වයකි. මෙය දේශපාලන ආර්ථික විද්‍යා දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් යම්කිසි ආකාරයකට මිනිසුන් වධකාගාරවලට කොටු වීමක් සේ දැකිය හැකිය. එනම් මිනිසුන් ව ජාලගත පද්ධතීන් ට කොටු වීමක් නැතිනම් සිරවීමකි. මෙහි බලපෑමෙන් ඉදිරියේදී මිනිසුන් පරිහරණය කරනු ලබන මුදල් නෝට්ටු නැති වී යාම සිදුවේ. ඒ සියල්ලම ජාලේශ්වරය විසින් නැති කරනු ලබයි. එසේම මිලියන ගණනක් මෙන් වූ ලෝකය පුරා විසිරී පවතින සුළු දේශීය කර්මාන්ත ආදිය මෙම තත්ත්වය තුළ බිඳ වැටීමකට ලක්ව තිබේ. එම කර්මාන්ත පවත්වාගෙන යාමට තර්ජනයක් එල්ල වී තිබේ. එමෙන්ම ලොව පුරා පැතිර ඇති තොග වෙළදාම අහිමි වී තිබේ. බැංකු පද්ධතිය විනාශ වෙමින් පවතියි. මිනිසුන්ගේ හා ආයතනවල පුද්ගලික දේපළ හිමිකම වල වටිනාකම අවම වී තිබේ. ධනවාදයට පුද්ගලික දේපළවල ඇති වටිනාකම ඉහළ වුවත් ජාල ධනවාදය සඳහා පුද්ගලික දේපළ හි වටිනාකම අවම ය. 

මෙසේ මිනිසුන් යම්කිසි ආකාරයකට ‘චිපිකරණයකට’ ලක්වේ. එනම් ජාලගතකරණය ඔස්සේ මිනිසුන් යම්කිසි ආකාරයකට පාලනය වීම යි. මෙය ජාලේශ්වරයේ මූලික අරමුණකි. එසේම ජාල ධනවාදය ඔස්සේ පුද්ගලයින් කළින් හැසිරවූ නීති රීති, දේශපාලන ආඥාදායකත්වය, රාජ්‍යය හා ආගමික වැනි ආයතන වල ඇති වැදගත්කම නැති වී යයි. මිනිසුන් පාලනය කිරීම ඍජුවම ජාලගත පද්ධති ඔස්සේ සිදු වීම ආරම්භ වේ.

වර්තමානය වන විට ලෝකයේ ජාතික රාජ්‍ය වල බලය සමාගම් රාජ්‍ය වලට ගමන් කිරීමක් සිදුවේ. ජාතික රාජ්‍යයන් හි පැවති දේශපාලනික, ආර්ථික, සමාජීය බොහෝ භූමිකාවන්, කාර්යයන් ආදිය ක්‍රමානුකූලව සමාගම් මඟින් අත්පත් කරගනිමින් සිටියි. එය ‘කොපෝග්රැටි’ ලෙස හඳුන්වනු ලබයි. සමාගම් තන්ත්‍රවාදය සහ ජාලතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන පිරිස සුදානම් වන්නේ ගෝලීය බලය අත්පත් කරගැනීමයි. ඔවුනට තමන්ගේ රට ඇමරිකාව, යුරෝපය ආදී වූවද, වසංගතයෙන් වැඩි සංඛ්‍යාවක් තමන්ගේ රටවලින් මිය ගිය ද එය වැදගත් නොවේ. විශේෂයෙන් වර්තමානය වන විට ගෝලීය මූල්‍ය හා කාර්මික ධනවාදයේ මධ්‍යස්ථානය ලෙස පවතින්නේ ඇමරිකාවයි. එම නිසා ඇමරිකාවේ එම මූල්‍ය හා කාර්මික ධනවාදී බලය නිශේධනය කිරීමත් කොවිඩ් වසංගතය ඔස්සේ සිදු කරනු ලබයි. 

මෙසේ ලෝකය ජාල ධනවාදයට පත්ව ඇති විට ලෝක ජනගහනයෙන් අතිරික්තයක් නිර්මාණය වෙමින් පවතියි. එහිදී ලෝක ජනගහනයෙන් සියයට පනහක් පමණ ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. එසේ ජනගහනය ඉවත් කිරීමේ එක ව්‍යාපෘතියක් ලෙස ‘කොරෝනා වසංගතය’ දැක්විය හැකි ය. කොරෝනා වසංගතය නිර්මාණය කිරීමේ ප්‍රමුඛතම අරමුණ වන්නේ එයයි. එහිදී බලපෑමට ලක්වන ප්‍රධාන අවදානම් සහිත කාණ්ඩ තුන ලෙස, ගෝලීය වශයෙන් ජිවත්වන වයසක පරම්පරාව, ගෝලීය වශයෙන් ජිවත්වන දිළිඳු ජනතාව හා වසර කිහිපයක් තිස්සේ කෘතීම ආහාර පරිභෝජනය නිසාවෙන් බෝ නොවන රෝග වැළඳී ඇති ජනතාව යි. මෙම කාණ්ඩ ත්‍රිත්වය ජාලතන්ත්‍රවාදයේදී එයට ඔරොත්තු නොදෙන ප්‍රමුඛතම පිරිස යි. මෙකී පිරිස කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීම තුළින් පාලනය කිරීමට පියවර ගෙන ඇති බව පෙනේ. කොරෝනා වසංගතයෙන් ජීවිතක්ෂයට පත්වන මිනිස් සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් මේ හරහා භීතියට පත් වීමෙන් ජිවිතක්ෂයට පත් වේ. ඒ අනුව මෙය එක්තරා අන්දමක ජෛව මානසික ත්‍රස්තවාදයක් ද වේ. 

ගෝලීය වශයෙන් ජිවත්වන වයසක පරම්පරාව අන්තර්ජාලීය වේදිකාවන් සමඟ ඇති සබඳතාව බෙහෙවින් අඩු ය. ඔවුන් එම ජාලයන් පරිහරණයද සීමිත වන අතර එම ක්‍රියාවලිය සඳහා ඉක්මනින් හා පහසුවෙන් හුරු වීමට නොහැකි පිරිසකි. එසේම ගෝලීය වශයෙන් ජිවත්වන දිළිඳු ජනතාවට අන්තර්ජාලය හා මුසුවුන ජාල පද්ධතීන් සමඟ සම්බන්ධ වීමට ඇති මූල්‍යමය හැකියාව අවම ය. ඇමරිකාව, චීනය, යුරෝපයේ හා ඉන්දියාව ඇතුළු ආසියාව තුළ එවැනිම වූ වයසක පරම්පරාව, දිළිඳු ජනතාව හා බෝ නොවන රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන පිරිස විශාල ය. මෙසේ එවැනි පිරිස් බහුල වශයෙන් ජිවත්වන රටවල කොරෝනා වසංගතය හේතුවෙන් මිය යන සංඛ්‍යාව අති විශාල බව පෙනී යන කරුණකි. 

ගෝලීය ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාලේශ්වරය හරහා ඔවුන්ගේ අරමුණ වන්නේ ගෝලීය මානව ජනස්කන්ධයේ සක්‍රීයත්වය වේගවත් කිරීමයි. එය මෙම මොහොතේ ක්‍රියාත්මක වන සමාජ දුරස්තකරණය භාවිතයෙන් ගොඩනගන දුරස්තකරණ කාර්යය පද්ධතියක් (Distance working system) ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමෙනි. වර්තමානය වන විට එම තත්ත්වයට අවශ්‍ය පදනම කොරෝනා වසංගතයත් සමඟ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබේ. දුරස්ථ ක්‍රමය ඔස්සේ ලොව පුරා දරුවන්ට අධ්‍යාපන හැදෑරීමට මාර්ගගත (Online) අධ්‍යාපන වේදිකා නිර්මාණය කිරීමට හැකි වී තිබේ. එසේම එසේම මාර්ගගත වෙළදාම, මුදල් සංසරණය ව්‍යාප්ත වෙමින් තිබේ. එසේම ජාලගත වූ ක්‍රමවේද ඔස්සේ රැකියා කටයුතු ද මෙහෙයවනු ලැබේ. එමඟින් සේවක සංඛ්‍යාවද ඔවුන් වෙනුවෙන් ගෙවූ වේතන ද අඩු වී ඇත. මෙලෙස ජාලගත පද්ධතියක් ඔස්සේ ගොඩනැඟෙන නව පද්ධතිය පවතින ලෝක තත්‍යයට ආසන්න කාර්යය පද්ධතියක් වේ. මෙවැනි තත්ත්වයක් තුල මිනිසාගේ සමාජයීය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, රැකියා ආදී සියලු ක්ෂේත්‍ර මාර්ගගත ජාලකරණයකට ලක්වෙයි.

මේ අයුරින් කොරෝනා වසංගතය ඔස්සේ ගොඩනගන ජාලතන්ත්‍රවාදය ඔස්සේ පවතින ආර්ථික ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් රහසේම සිදු වෙමින් පවතින බව පෙනී යයි. කොරෝනා වසංගතය හුදෙක් සාමාන්‍ය ගෝලීය වසංගත තත්ත්වයක් නොවන්නේ එහෙයිනි. වසර කිහිපයක් තිස්සේ මූල්‍ය හා කාර්මික ධනවාදයට ඉහළින් නිර්මාණය වූ බලවත් උපරි ගෝලීය ව්‍යුහීය බලවේගයක් මඟින් මෙය පාලනය කරනු ලබයි. මෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ගෝලීය සමස්ත ක්ෂේත්‍ර අලලා කෙරෙන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමකි. එබැවින් කොරෝනා වසංගතය යනු හුදෙක් වසංගතයක් පමණක්ම නොවේ එය, ධනවාදයේ සිට පශ්චාත් ධනවාදයට සංක්‍රමණය වීමේ එක් අවස්ථාවක් බව ඉතාමත් පැහැදිළි ය. එම නිසාම මේ අප සිටින්නේ එක්තරා සුවිශේෂී සංක්‍රාන්තික අවධියක ය. 

(මෙම ලිපිය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාගේ දේශනයක් ඇසුරෙන් සහ ඒ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයන් මඟින් සකස් කරන ලද්දකි.)



Top