අද වචන.lk වෙබ් අඩවිය තුළ මගේ ලිපිය තුළින් කියවන පාඨක ඔබට ආදරය හා විරහව දරාගැනීම පිළිබඳ වෙනස්ම ආකාරයක ලිපියක් . අපි හැමෝම මේ ලෝකෙ එළිය දැක්ක දා ඉදලම කාගේ හෝ ආදරයක් බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි හොයන්න පුරුදු වෙන්නෙ අම්මගෙ ආදරෙ. ටික ටික ලොකු වෙනකොට අපි, අපි වටා ඉන්න හැමෝගෙම ආදරෙ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් යෞවන වසන්ත කාලයට එද්දී නම් අපි හොයන්නෙ විරුද්ධ ලිංගිකයෙකුගෙ ආදරෙ. ඇත්තටම ජීවිතේ සතුටෙන් විදින්න නම් අපිට ආදරෙ ඕනෙම වෙනවා. ඉතින් අපි අපේ ජීවිතේ හරියට විදින්න, දුක සැප බෙදාගන්න, ආදරෙ ලබාගන්න පෙම්වතෙක් පෙම්වතියක් තෝරගන්නවා. හැබැයි කාලයක් යද්දි අදහස් හුවමාරු කරගනිද්දි තේරුනොත් එහෙම නොගැලපෙනවා කියල අපේ රටේ බොහෝමයක් තරුණ ප්‍රජාව පුරුදු වෙලා ඉන්නෙම ඒ බැදීම එතනම නතරකරල අනිකාව තනිකරල පැනල දුවන්න. හැබැයි මොහොතකට හරි ආපහු හැරිල හිතල බලන්න පුලුවන් උනා නම් නොගැලපෙන තැන් තියෙන්නේ කොහෙද ඒවා හදාගන්න පුලුවන් ද කියන කාරණාව දිහා මේ රට ඇතුලේ මේ තරම් බැදීම් බිදී යාමේ ප්‍රවණතාව ඉහළ නොයන්න ඉඩ තිබුණා. ෙ
හිතන්න ඔයා ආදරේ කරමින් හිටපු තරුණයා නැත්නම් තරුණිය ගැලපෙන්නෙ නෑ කියල හිතල ඇයව හෝ ඔහුව අත් හැරල ගිහිල්ලා ඔයා වෙන තරුණ හිතක් එක්ක බැදිල බැදීමක් ඇති කරගත්ත කියල. හැබැයි කාලයක් යද්දී තේරෙනවා නැත්නම් හිතෙනවා ඒ අලුතෙන් හොයාගත්ත කෙනත් ඔයාට ගැලපෙන්නෙ නෑ කියල .. ඊට පස්සෙ ඔයා මොකද කරන්නෙ අර කෙනාවත් අත් හැරල තවත් කෙනෙක් හොයන් යනවා. ආදරේ කියන්නෙත් එක්තරා පරීක්ෂාවක් තමයි හැබැයි එහෙමයි කියල මලින් මලට රොන් බිබී ගිහින් කරන පරීක්ෂාවක් නෙවෙයි ආදරේ කියන්නෙ. ආදරේ කියන්නෙ හරි සුන්දර දෙයක්. ඒක එක විටෙක පරිත්‍යාගයක්. ඇත්තටම ආදරෙයි නම් එකිනෙකාව හොදින් තේරුම් ගන්න, විශ්වාස කරන්න හැකියාවක් තියෙන්නම ඕනි. තමන් ආදරේ කරන කෙනා හදිසි අනතුරකට ලක්වෙලා ඒ කෙනා ආබාධිතයෙක් උනොත් ඊට පස්සෙ ඒ කෙනාව දාලා යන එක නෙවෙයි ආදරේ කියන්නෙ. ඇත්තටම එතනින් පස්සෙ ඒ කෙනාගෙ හැමදේටම ඔයාට වාරුවක් වෙන්න පුලුවන් නම් ඒකට තමා සැබෑ ආදරේ කියන්නෙ. අපි ආදරේ කරන කෙනාට සුවකළ නොහැකි දරුණු රෝගාබාධයක් හැදිල තියෙනවා කියල හිතන්න. ඔයාට පුලුවන් වෙන්න ඕනි ඔයා ඇත්තටම එයාට ආදරේ නම් ඒ මොහොතේ එයාව දාලා නොයා ඔයාගෙ ආදරේ එයාගෙ අවසන් හුස්ම වැටෙනතෙක්ම එයත් එක්ක බෙදාගන්න. ලෙඩෙක්, ආබාධිතයෙක් වෙනකොට හදාගත්ත බැදීම් ලෙහිලා විසිරිලා යනවනම් ඇත්තටම එතන ආදරයක් තිබිල නෑ. මොකද තමන්ටත් එවැනිම ඉරණමක් අත් වුනොත් තමන්ගේ ආදරේ තමන්ව දාල ගියොත් තමන්ට දැනෙන හැගීම මොනවගේද හිතන්න පුලුවන් කෙනෙකුට එවැනි සාධක මත බැදීම් අත් හරින්න හිතෙන්නේ නෑ. අනිත් කාරණේ තමයි කෙනෙක්ට තියෙන සල්ලි වත්පොහොසත්කම් දිහා බලාගෙන නෙවෙයි ආදරේ කරන්න ඕනි. මොකද සල්ලි, වතුපිටි, යානවාහන කියන හැමදේම තාවකාලිකයි. අද සල්ලි තිබ්බට හෙට උදේ වෙද්දි සතයක්වත් අතේ නොරැදෙන්න පුලුවන්. සල්ලි වලට ආදරේ කරන මිනිස්සු ළග හැබෑ ආදරේ නෑ. මොකද ඒ මිනිස්සු කවදාවත් දුප්පතාට ආදරේ කරන්නෙත් නැහැ. මිනිස්ගුණ සුවද අදුනන්නෙත් නෑ, අහසින් පොළවට බහින්නෙත් නෑ, පොළවෙ පය ගහල ජීවත් වෙන්නෙත් නෑ . ඇත්තටම පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතියව තමන්ගෙම කරගෙන ළග තියාගන්න අවසර ලැබෙන්න කලින් ඇගෙන් කායික සුඛ වින්දනයක් බලාපොරොත්තු වෙනව නම් ලංකාව වගේ සංස්කෘතිමය රටක් ඇතුලෙ ඒකටත් ආදරෙ කියල කියන්න බෑ. මොකද ලංකාව ඇතුලෙ ගැහැනු ළමයෙකුගේ පිරිසිදුකම කියන දේට ලැබිල තියෙන්නේ අති විශේෂ තැනක්.
මං මේ ලිපිය ආරම්භයේදීම එක්තරා තැනක සදහන් කලා ආදරෙ කියන්නෙ පරිත්‍යාගයක් කියල. ඇත්තටම ආදරෙ කියන්නෙ පරිත්‍යාගයක්. මේක එක එක විදියට විග්‍රහ කරන්න පුලුවන්. ආදරයක් ඇතුලෙ කැපකිරීම කියන දේ අනිවාර්යයෙන් අඩංගු වෙලා තියෙනවා. ඉතින් එහෙම එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් කරගන්න එකත් එක්තරා විදියක පරිත්‍යාගයක්. අනිත් දේ තමයි තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය කියනවනම් අපි දෙන්න ගැලපෙන්නෙ නෑ මට ඔයාට වඩා හොඳ කෙනෙක් ලැබුණා මට එයා ගාවට යන්න ඉඩ දෙන්න කියල ඔයා ඒ කීමට එකගවෙලා එයාට යන්න අවසර දෙනවනම් එතනත් තියෙන්නේ පරිත්‍යාගයක්. හැබැයි දෙයක් තමන්ගේ ආදරේ පරිත්‍යාගය කලාට පස්සෙ ආයෙ ඒ කෙනාට පේන්න විරහ ගීත වයන්න, ඔහුට හෝ ඇයට රිද්දන්න වැඩ කරන්න හිතන්න එපා මොකද එතකොට ඒක කවදාවත් පරිත්‍යාගයක් විදියට සලකන්න පුලුවන් කමක් නෑ .
ඉතින් මේ ආදරේම අනිත් පැත්ත තමා විරහව කියන්නෙ. හැබැයි තමන් ආදරේ කරන කෙනා තමන්ව දාලා ගියා කියල හිතෙන් තැවි තැවි කාලය නිකරුණේ නාස්ති කරනවානම් ඔබ තරම් මෝඩයෙක් මේ ලෝකෙ නැති තරම්. එහෙම කියන්න හේතුව තමයි හිතින් යන අය අතින් අල්ලලා කොච්චර නවත්තන්න හැදුවත් වැඩක් නෑ . ඒක ඵල රහිත වැඩක් . ඇයි කියනවනම් ඒ හිත අපිව අත් ඇරල දාලා වෙන හිතක් එක්ක ඒ වෙද්දිත් බැදිල ඉවරයි. ඉතින් අවංකවම ආදරේ කලානම් තමන්ගේ ආදරේ ඔයාව අත් ඇරල ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක සතුටෙන් අලුත් ජීවිතයක් හදන් ජීවත් වෙනවනම් ඒ දිහා බලලා හූලන්න නෙවෙයි සතුටු වෙන්නයි ඕනි. අනික තමන්ව අත් ඇරල ගියපු කෙනෙක් නිසා තමන්ගේ ජීවිතේ තමන් ආගාධයට දාගන්නවා නම් ඇත්තටම ඒ කෙනා හරියට ආදරේ කරන්නෙ කොහොම ද කියල දැනගෙන ඉදලා නෑ. තමන්ගේ ආදරය තමන්ට නැති උනා කියල කඩා වැටෙන්න ඕනි නෑ. පසුතැවිල්ලක් තියෙනවා තමයි හැබැයි ඒ දුකයි පසුතැවිල්ලයි හේතුවක් කරගෙන නැගිටින එකයි වෙන්න ඕනි . එතකොට තමයි විරහව උනත් විදින්න පුලුවන් විදවන්නෙ නැතුව. දුක වේදනාව නැති කරගැනීමට නිර්මාණ කරණයේ නියැලීම හොඳ දෙයක් වුවත් තමන්ගේ නිර්මාණයක් හරහා හැමවෙලේම විරහවේ අදෝනාවම ලෝකයා ඉස්සරහ පිටකරනවානම් ඒකෙන් ඔයාට වෙන්නෙ අනර්ථයක්. ඇයි දන්නවද ඕනිම කෙනෙක් දවසක් දෙකක් අනේ අපොයි කියල ඔයත් එක්ක දුක බෙදා ගත්තට හතරවෙනි පස්වෙනි දවසෙ ඉදන් කරන්නෙ උඩින් දුක බෙදාගෙන යටින් හිනාවෙන එක. එහෙම හිනාවෙන්න හේතුව තමයි ඔයාගෙ තියෙන පෞරුෂ බෙලහීනත්වය.
ඇත්තටම ආදර සබදතාවක් පටන් ගන්න කලින් තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි .එහෙම තිබුණොත් තමයි ජීවිතේ ඇතුලෙ එන ඕනිම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන්. ලෝකයක් ඉදිරිපිට තමන්ගේ දුක කියල වැළපුණා කියල තමන්ට නැතිවුණ තමන්ගේ ආදරෙ නැවත ලැබෙන්නේ නෑ. තවත් කෙනෙක් කෙරෙහි ආදරයක් ඇති නොවෙන්න පුලුවන් ඒ නිසා තනියම ජීවත් වෙන්නත් ඔයාට පුලුවන් හැබැයි තමන්ගේ විරහව ප්‍රදර්ශනය කරල ලෝකයා ඉස්සරහ විහිලුවක් වෙන තැනට කවදාවත් වැඩ කරන්න එපා . අපි මේ ලෝකෙ එළිය දැක්කෙ තනියම නම් , අපි මේ ලෝකෙන් සමුඅරන් යන්නෙත් තනියම නම් ඇයි කෙනෙක් තමන්ව තනිකරල දාලා ඈත් උනා කියල ඒ ගැනම හිත හිත ජීවිතේ කඩාවට්ටගන්නෙ. ජීවත් වෙනවා කියන්නෙ යථාර්ථය දිහා හරි විදියට බලන්න පුරුදු වෙනවා කියන එක . එතකොට තමයි විරහව උනත් යථාර්ථවාදීව විදින්න පුලුවන් වෙන්නෙ. තමන් ළග නැති දෙයක් වෙනුවෙන් හඩා වැලපෙනවාට වඩා තමන්ට ඉතුරු උනු තමන් වෙනුවෙන් වැඩ කරන එකයි වෙන්න ඕනි . ඍණාත්මක නොවී ධනාත්මකයි වෙන්න ඕනි .එතකොට තමයි අපිව එපා කියල අත් හැරල ගිය අයට උනත් අපිව අත් හැරියෙ අපරාදෙ කියල හිතෙන්නේ. තමන්ව එපා කියපු අයට රිද්දන්න නෙවෙයි තමන්ට තමන්ම රිද්දගෙනයි නැගිටින්න ඕනි. ඔබ තරුණයෙක් නම් බීලා නාස්ති වෙන්න නෙවෙයි ඕනෙ නොබිඋ නැගිටින්නයි ඕනෙ. ඔබ තරුණියක් නම් අතින් අත යන සමනලියක් නෙවෙයි වෙන්න ඕනි තමන්ගේ ආත්ම අභිමානය රැකගත් යුවතියකුයි වෙන්න ඕනි . ඇත්තටම තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්නෙ හරියට විරහවවත් විදින්න දන්නෙ නැති මිනිස්සු.
ඉතිං මායාකාරී ආදරයෙන් හා විරහවෙන් අවදිව යථාර්ථවාදී ආදරය හා විරහව විදින්න උත්සහ කරන්න .. එතැනදි ආදරයේ සහ විරහවේ ඇති සුන්දරත්වය , මිහිරියාව කටුක බව නිසි ලෙස ඔබට තේරුම් ගන්න හැකිවේවි.