නවමු උපැස් යුවලකින් ඔබත් ලෝකය දකින්න

post-title

මිනිසාට උපතින් ම උසස් මනසක් මෙන් ම ඒ හා සමානව ම තියුණු මසැසක් ද  ලබා දී ඇත. අපි අද ඒ තියුණු මසැස ට යෙදූ නවමු, නැතිනම් අලුත් උපැස් යුවලකින් ලෝකය දකින්නේ කෙලෙසද යන්න විමසා බලමු. එසේ විමසීමක දී ආකල්ප ^Attitude& සම්බන්ධයෙන් හදුනාගැනීම අතිශය වැදගත් වෙයි. නිරන්තරව ම ඔබ මෙම ආකල්ප යන වචනය ගැන අසා ඇතුවාට සැක නැතත් සැබැවින් ම ආකල්ප යන්න පිළිබද ගැඹුරින් හැදෑරීමකට මුල පිරීමක් මේ ලිපියෙන් ඔබට ලබාදෙන බව නිසැකය.  මූලික වශයෙන් ආකල්ප යන්න නිර්වචනය කර ගනිමින් ඒ ඔස්සේ ඉදිරියට මේ සම්බන්ධව විමසා බලමු.          

ආකල්ප යනු?

ආකල්ප සම්බන්ධයෙන් එක් එක් සංවිධාන, මනෝවිද්‍යා ගුරුකුල, මනෝ විද්‍යාඥයින් විවිධ අදහස් හා නිර්වචන ඉදිරිපත් කර ඇති අතර පොදුවේ ගත් කළ විවිධ වස්තූන්, සිද්ධීන්, අවස්ථා හා පුද්ගලයන් පිළිබඳ ඇගයීම ආකල්ප යනුවෙන් පැවසෙයි. එමෙන්ම විටෙක අවස්ථා, සිද්ධීන්, පුද්ගලයින් හෝ වස්තූන් දකින ආකාරය ආකල්ප නම් වේ යනුවෙන් ද නිර්වචනය කර ගත හැකිය. වර්ෂ 1999 දී සිම්බාඩෝ ඇතුලු පිරිස පෙන්වා දුන් ආකාරයට මිනිසුන්, වස්තුන්, සිද්ධීන්, ක්‍රියාකාරකම්, අදහස් හෝ පරිසරයේ ඕනෑ ම දෙයක් පිළිබඳ ප්‍රතිජනනාත්මකව හෝ නිෂේධනාත්මකව ඇගයීම ආකල්ප යැයි අර්ථ දක්වයි. යම් කිසි පුද්ගලයෙක් ආකල්ප ^Attitude object& ධනාත්මකව දකිනු ලබයි. ඒ ආකාරයට දකිනු ලබන ආකල්ප ධනාත්මක ආකල්ප ^positive attitude& යැයි නම් කරනු ලැබේ. මීට හාත්පසින්ම විරුද්ධව ආකල්ප වලින් වස්තුන් ඍණාත්මකව දකින, ඍණාත්මකව අගයන පිරිසක්ද සිටී. ඒ හරහා ඔවුන් අත් දකිනුයේ ඍණාත්මක ආකල්ප ^Nagative attitude& වේ.සමස්තයක් වශයෙන් ගත් කළ ඉහතින් සඳහන් කරනු ලැබූ කුමන ආකාරයකින් හෝ පුද්ගලයා තමා අවට පරිසරය, සමාජය, ලෝකය දෙස බලනු ලබයි. එබැවින් සමස්ත පුද්ගලයා කෙරෙහි මෙකී ආකල්ප ඍජුවම බලපානු ඇත. එබැවින් කිසිම පුද්ගලයෙකුට ආකල්ප යන කාරණය බැහැර කළ නොහැකි ජීවිතානු බද්ධ සංකල්පයකි. නමුත් අප දන්නා පොදු කාරණය වනුයේ පුද්ගලයාට තම ජීවන කාල සීමාව තුළ අත් දකින සියල්ල පිළිබඳ ධනාත්මක ඇසකින් දැකීමට තරම් හැකියාවක් නොමැති බවයි. මන්ද අප සියලු දෙනාම පෘථග්ජනයින් වන බැවිනි. (සබ්බේ පෘථග්ජනා උම්මන්තකා) ආකල්ප සම්බන්ධව ආගමික දෘෂ්ටි කෝණයෙන් බලන කල්හී බුදුරදුන් පෙන්වා දුන් මධ්‍යස්ථ ප්‍රතිපදාව අනුසාරයෙන් මෙය විග්‍රහ කිරීමේදී පූර්ණ වශයෙන් ධනාත්මක ආකල්ප මෙන්ම ඍණාත්මක ආකල්ප නොවන මෙකී ද්විත්වයටම පොදුවේ මධ්‍යස්ථ ආකල්පයකින් යුක්තව ලෝකය දෙස බැලීමට අප කටයුතු කළ යුතුය.

ආකල්ප වර්ගීකරණය 

ආකල්ප සම්බන්ධව මුලික විග්‍රහය සිදු කිරීමෙන් අනතුරුව අපි ආකල්ප වර්ග ^Types of attitudes&  පිළිබඳ අවදානය යොමු කර බලමු. මනෝවිද්‍යා විෂය පද්ධතිය තුළ සිටිමින් සමාජ මනෝවිද්‍යාඥයින් මූලික වශයෙන් ආකල්ප කොටස් තුනකට බෙදා වෙන් කරනු ලබයි. එනම්, 

1. ආවේදනාත්මක ආකල්ප ^Affective attitudes& -  මෙහිදී ආකල්ප වස්තුව කෙරෙහි කිසියම් හැගීමක්, චිත්තවේගයක් හෝ වටිනාකමක් මත සැකසෙන ආකල්ප මේ ඝනයට අයත් වේ.උදාහරණ වශයෙන් ප්‍රාණඝාතය සම්බන්ධයෙන් පුද්ගලයා දරන මතය පෙන්වා දිය හැකිය.  

2. ප්‍රජානාත්මක ආකල්ප ^Cognitive attitudes& -  ආකල්ප වස්තුව මුලික කර ගනිමින් ඒ ඔස්සේ ගොඩ නැගෙන සිතුවිලි, විස්වාස හා දැනුම මත සැකසෙන ආකල්පයන්ය. මෙකී ආකල්පයෙහි මූලික අරමුණ වනුයේ, යම් කිසි දෙයක හොඳ හෝ නරක වෙන් කර හදුනා ගැනීමයි. එහිදී පුද්ගලයා උපත ලැබූ අවස්ථාවේ සිට මේ දක්වා රැස් කර ගන්නා දැනුම මත මෙම ආකල්ප නිර්මාණය වේ. 

3. චර්යාත්මක ආකල්ප  ^Behavioral attitudes&  -  චර්යාත්මක ආකල්ප යනුවෙන් පෙන්වා දෙනු ලබන්නේ ආකල්ප වස්තුවක් කෙරෙහි ඉදිරිපත්වන ක්‍රියාවන් හෝ චර්යාව හෙවත් හැසිරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණයන්ගෙන් ඇති වන ආකල්පයන්ය. උදාහරණ වශයෙන් රටක ජනාධිපතිවරයෙකුගේ හැසීරීම නිරීක්ෂණය කිරීම මගින් ඔහු පිළිබඳ චර්යාත්මක ආකල්පයක් ගොඩ නගා ගැනීමට අපට හැකි වනු ඇත.  

                  සමස්තයක් වශයෙන් ගත් කළ ආකල්ප සාධනය කෙරෙහි මෙකී අංශ තුනෙහිම සහභාගීත්වය අවශ්‍ය වේ. මෙකි අංශයන් ත්‍රිත්වයටම පොදුවේ උදාහරණයක් සැපයීමේ දී තරුණයෙකු හා තරුණියෙකු අතර ඇති වන ප්‍රේම සම්බන්ධයක් ආශ්‍රයෙන් මෙය පෙන්වා දිය හැකිය. එහිදී තරුණිය සම්බන්ධයෙන් තරුණයා තුළ හට ගනු ලබන ප්‍රේමය, චිත්තවේග, අනුකම්පාව වැනි හැගීම් ආවේදනාත්මක අන්තර්ගතය පෙන්වා දෙනු ලබයි. එමෙන්ම තරුණිය සම්බන්ධයෙන් තරුණයා තුළ ගොඩ නැගෙන විශ්වාසය, ඇය සමග ජීවිතයේ දිගු ගමනක් යා හැකි බව ආදී සියල්ල ප්‍රජානනාත්මක අන්තර්ගතය වේ. අවසාන වශයෙන් ඇය විවාහ කර ගැනීම, ඒ සඳාහා සූදානම් වීම යන්න චර්යාත්මක අන්තර්ගතය වේ. 

මේ ආකාරයට අවසාන වශයෙන් ආකල්ප සම්බන්ධයෙන්  පෙන්වා දිය හැකි සරලම කාරණය වනුයේ, පුද්ගලයා ඔහු උපත ලැබූ අවස්ථාවේ පටන් මරණය දක්වා එක් රැස් කරගන්නා දැනුම මත ආකල්ප ගොඩ නගා ගන්නා බවත්, එහිදී ගොඩ නැගෙන ආකල්ප විටෙක ධනාත්මක මෙන්ම විටෙක ඍණාත්මක ආකල්පයක් ද විය හැකිය. එය එක් එක් පුද්ගලයාට අනන්‍ය වු ආකාරයට බලපානු ලබයි. නමුදු ආගමානුසාරයෙන් බලන කල සියල්ල දෙස මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයනින් බලන්නනේ නම් පුද්ගලයාට කිසිදු ආතති කාරකයකට මුහුන දීමට සිදු නොවනු ඇත. එනම් ඒ හරහා පුද්ගලයාට නවමු දෘෂටි කෝණයකින් ලෝකය දෙස බැලීමට ඉඩ හසර ලැබෙනු ඇත. ආකල්ප සම්බන්ධයෙන් ඇති සුප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරමින් මෙම සටහන නිමාවට පත් කරමි. එනම් ‘‘ආකල්ප යනු පුංචි දෙයක්,එයට විශාල වෙනසක් කිරීමට හැකියාව ඇත“^Attitudes is a little thing, that can make a big difference යන්න ය 

 

Top