අරමුණ වෙනුවෙන් මොනවද ඔබට අතහරින්න පුළුවන්? ඔබේ නිදහස,
ඔබේ විවේකය, ඔබේ නින්ද එහෙමත් නැත්නම් ඔබ වටා තිබෙන සියළුම දේවල්. ඒත් ඒ මොන දේ අතරින්න පුළුවන් වුණත් ජීවිතේ තියෙන ලොකුම ඉලක්කයක්, ලොකුම බලාපොරොත්තුවක් වෙනුවෙන් ජීවිතාවධානමක් ගන්න ඔබ සූදානම් ද? ගොඩක්දුරට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තරමක් දුරට සාධාරණයි. මොකද අපි කොයි දේ කරන්නත් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගන්නත් කලින් අපි කරන්න ඕනි ජීවත් වෙලා ඉන්න එක. මොකද අපි ජීවත් වෙලා හිටියොත් විතරයි අපිට ඇස්පනාපිටම ඒ දේවල් දකින්න අත්විදින්න පුළුවන් වෙන්නේ. ඒත් ඒ වගේම ඒකෙ තවත් පැතිකඩක් තියෙනවා. අභියෝග එනකොට ආපස්සට හැරිලා එක පිට එක බාධක එනකොට ඒවා මගහැරලා පාර වෙනස් කරලා අරමුණු ඉලක්කවලට යනවා කියලා කියන්නෙත් ඒකත් එක්තරා විදිහක හීනයක් තමයි. ඉතින් එහෙම බැලුවම මේ කාරණාව එක් පැත්තකට විතරක් නෙවෙයි දෙපැත්තටම තුලනය කරන්න පුළුවන්.
එක එක කාලවලට එක එක ආකාරයට ජීවිතයට එන හිතාගන්නවත් බැරි අභියෝග බාධක හමුවේ ගොඩක් වෙලාවට අපි යන්න හිතපු පාර - යන්න පටන් ගත්ත පාර අපි වෙනස් කරනවා. එහෙමත් නැත්නම් අපිටවත් නොදැනෙන්න ඒ පාර වෙනස් වෙනවා. ඒකට හේතුව අපි හිතනවා අපිට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න ඒ බාධක වලින් මගහැරෙන්න පුළුවන් හොදම විදිහ වෙන පාරක් හදාගන්න එක කියලා. ඒත් එක්කම ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න, බාධකත් එක්ක හරි හරියට හැප්පෙන්න අපිට තියෙන ශක්තිය ප්‍රමාණවත් නැහැයි කියලා අපි හිතනවා. ඒත්... මෙතනදි වෙලා තියෙන්නේ තමන් තුළ එවැනි ශක්තියක් නොමැතිකම නෙවෙයි. තමන් තුළ තියෙන ඒ ශක්තිය හරියටම හදුනගෙන නැතිකමයි.
ඉතින් තමන් තුළ තියෙන ඒ ආත්ම ශක්තිය අරමුණ වෙනුවෙන් නැගී සිටීමේ හැකියාව අතින් පමණ ඉක්මවා ගිය ලොවක් හදුනන ලොවක් ගරු කරන ඇය මලාලා යුසෆ්සායි. ගැහැණුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ගැහැණු කියන්නේ හරිම දුර්වල තවත් කෙනෙක් මත රදා පවතින කොට්ඨාසයක් කියලා කියන දේවල් සම්පූර්ණයෙන්ම මුලින්ම උදුරා දමන්නට මේ පුංචි මලාලාට හැකි වුණා. වර්ෂ 1997 දී පාකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයේදී ඇය මෙලොවට බිහිවන්නේ හරිම සාමාන්‍ය පවුලකට උරුමකම් කියමින්. සොහොයුරන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ ඇය කුඩා කල සිට ජීවත් වූයේද තවමත් ජීවත් වන්නේද ඇය වෙනුවෙන් නොව ඇයට අන් අය වෙනුවෙන් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කළ හැකි බොහෝ දෑ වෙනුවෙනි.
තලෙයිබාන් ත්‍රස්තයින් විසින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය කිරීම බොහෝ කාලයක පටන් සිදු වී ගෙන ආව දෙයක් වුණත් එයට එරෙහි වන්නට හෝ තම අයිතිවාසිකම් දෙස හැරී බලන්නටවත් කිසිවෙක් ඉදිරිපත් නොවූයේ සියල්ලටම වඩා තම ජීවිතය තමන්ට වටින නිසාවෙනි.
උගත්කමින් වැඩි ගැහැණිය බලවත්කමිනුත් වැඩියි. ඉතින් එහෙම ඇය තවකෙකුට යටපත් වී බියපත් වී ජීවත් වීම කිසිසේත්ම අනුමත නොකරන දෙයක්.
එවන් වාතාවරණයක් යටතේ තමන්ගේ ත්‍රස්ත කටයුතු තවදුරටත් සාර්ථකව දිගටම කරගෙන යාම තලෙයිබාන් සටන්කාමීන්ට බෙහෙවින්ම අවුල් සහගත දෙයක් වුණා. යම්කිසි දෙයක් තමන්ටත් තම කණ්ඩායමටත් අකටයුතු ලෙස අවාසිදායක ලෙස ඉදිරියේදී සිදුවීමට ඉඩකඩක් තිබෙනවා නම් එයට හේතු වන ප්‍රධානතම සාධකය වූ මෙම කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සහමුලින්ම එහෙම පිටින්ම උදුරා ගන්නට තරම් මෙම ත්‍රස්තයින් සාහසික වුණා. බාලිකා පාසල්වලට කෲර ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරමින් පාසල් යන දැරියන්ව අකාරුණික ලෙස ඝාතනය කරන්නටත් ඔවුන් යොමු වූයේ ඔවුන්ගේ සංවිධානයේ බලය තවදුරටත් සනාථ කරමින්. එහෙත් එතරම් විනාශයක් සියැසින් දුටුවද ඇස් කන් පියා සිටීමට ඉහළ තලයන්ට පවා සිදු වූයේ තලෙයිබාන් සටන්කාමීන්ගේ බලය සහ ශක්තිය ඔවුන්ට වඩා වඩාත් ප්‍රබල වූ නිසයි.
එහෙත් දිගින් දිගටම සිදු වන මෙවැනි අකාරුණික ක්‍රියා හමුවේ කිසිවෙක් නොසිතූ ලෙස සිය හඬ අවධි කරන්නට තරම් නිර්භීත වූයේ එවකට අවුරුදු 13ක තරම් කුඩා වියක පසු වූ මලාලා යූසෆ්සායි ය. ඇය ප්‍රථම වරට සමාජය වෙත එල්ල කළ ප්‍රශ්නය වූයේ තම අධ්‍යාපන අයිතීන් තලෙයිබාන් සටන්කාමීන් අහෝසි කරන්නේ කෙසේද යන්නයි. වයසින් කුඩා අවධියක සිටියත් නොබියව තම අධ්‍යාපන අයිතීන් හා තම රටේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬක් අවධි කළ ඇගේ මෙම ප්‍රශ්නය සීඝ්‍රයෙන් එවකට මාධ්‍ය හරහා ප්‍රචාරණය වන්නට වුණා. ඊටත් පසුව 2008 වර්ෂයේදී පමණ තලෙයිබාන්වරුන්ගේ ක්‍රියා හමුවේ තම ජීවිත ගෙවන ආකාරය පිළිබදව බීබීසී උර්දු වෙබ් ජාලය වෙත ව්‍යාජ නමකින් ලිපි ලිවීමට ඇයට අවස්ථාවක් ලැබෙන අතර එමගින් මොවුන්ගේ කෲර ක්‍රියාකලාපයන් හමුවේ සිය අයිතීන් උල්ලංඝනය වන බවට ඇය ලිපි සම්පාදනය කරන්නට යොමු වුණා. පසුව ඒවායෙහි ප්‍රථිපලයක් ලෙසට විටින් විට එරට ගැහැණු දරුවන්ට බුර්කා ඇදගෙන පාසල් යාමට අවස්ථාව ලැබෙන්නට වූයේ මලාලාගේ වචන වල තිබූ ප්‍රාණවත්කම හේතුවෙනුයි.. පසුව ඇගේ හඬ විවිධ මාධ්‍ය හරහා කතාබහට ලක්වන්නට වූයේ ඇගේ වයසත් සමග ඇය කරගෙන යන ක්‍රියාදාමයන්ගේ ඇති බරපතලභාවය නිසයි.
පසුව කාලයත් සමග සිය අනන්‍යතාවය හෙළි වීම නිසා එතෙක් නොඅඩුව පැවති තලෙයිබාන්වරුන්ගේ මරණ තර්ජන ඇයට දිගින් දිගටම ගලා එන්නට වීමේ ප්‍රථිපලයකට ඇයට මුහුණ දෙන්නට වුණා. ඒ 2012 අවුරුද්දේ ඇය පාසල් ගොස් නැවත සිය නිවසට ඒමට නැගි බස්රථය තුළදීයි. දරුණු සටන්කාමීන්ට හිසරදයක්ව පැවති මේ පුංචි මලාලා සදහටම නිහඩ කිරීමේ අරමුණින් ඇගේ හිස හරහා ඔවුන් එල්ල කළේ මාරාන්තික වෙඩි උණ්ඩයක්. පසුව පාකිස්ථානයේ රෝහලක ප්‍රතිනාර ලබමින් සිටි ඇය ඇගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් එංගලන්තයේ ක්වීන් එලිසබෙත් රෝහල වෙත මාරු කර යවනු ලැබුවා. මෙය එවකට රටක නොව මුළු මහත් ලෝකයකම අවධානයකට බදුන් වුණු සිද්ධියක් වුණු අතරම එමගින් ත්‍රස්තයින්ගේ සාහසික බව ලෝකයටම හදුනා ගන්නට හැකි වුණා. තවත් තලෙයිබාන් සටන්කාමීන්ව ජාත්‍යන්තරව විවිධ මානව හිමිකම් සංවිධාන මගින් හා කාන්තා සංවිධාන මගින් දැඩි සේ හෙළා දකින්නටත් සමත් වුණා. පසුව මලාලාගේ තත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් වීමත් සමගම ඇය කෙරෙහි විශාල වශයෙන් ජාත්‍යන්තර අවධානයක් යොමු වන්නට වූයේ ඇයට අත් වූ මෙම ඉරණම හේතු කොට ගෙනයි. වෙඩි උණ්ඩයකටත් නතර කිරීමට නොහැකි වූ ඇගේ අසාමාන්‍ය ධෛර්යය නිසා නැවතත් ඇය පෙරටත් වඩා වේගයකින් සහ ශක්තියකින් ඇගේ හඬ අවධි කරන්නට යොමු වූයේ ඇගේ මරණය උදෙසා එල්ල කළ වෙඩි උණ්ඩය නිසා සමස්ත ලෝකයකම බලයක් කිසිවෙකුත් නොසිතූ ලෙස ඇයට හිමි වූ නිසයි.
පසුව ඇය ඇගේ උසස් අධ්‍යාපන කටයුතුද සාර්ථකව නිම කරන්නට සමත් වූ අතර ඇගේ අධ්‍යාපනය පමණක් නොව අධ්‍යාපනය සියල්ලන්ගේම අයිතියක් නිසා අධ්‍යාපන අයිතීන් උදෙසා ඇගේ නමින්ම අරමුදලක් ද පිහිට වන්නට ඇයට හැකි වුණා. 2013 වසරේදී I am Malala කෘතිය ඇය විසින් සම්පාදනය කළ අතර බෙහෙවින්ම එරට පාසල් දරුවන් ආදරය කළ කෘතියක් බවට එය පත් වූ අතර පසුව 2012 වසරේදී පාකිස්ථානයේ තරුණ සාම සම්මානලාභිනියද වෙන්නටද ඇයට පුළුවන් වුණා. 2017දී කැනඩාවේ ගවුරවනීය පුරවැසිභාවය හිමි වූ අතරම 2013 ජූලි මස 12 වන දින එනම් ඇගේ උපන්දිනය දා ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නට ද ඉඩ කඩ ලැබුණා. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම දිනය මලාලා දිනය ලෙසද නම් කරන්නට තීරණය කළා. ඒ වගේම 2012 වසරේදී පාකිස්ථානයේ පුරවැසියෙකුට හිමිවන ඉහළම නිර්භීත සම්මානයක් වන Ank Frank සම්මානයෙන්ද මේ පුංචි මලාලා පිදුම් ලැබුවා. ඒ විතරක් නෙවෙයි 2014 වසරේදී ලෝකයේ ලාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභිනිය ලෙස ද ඇය සම්මානයට පාත්‍ර වුණා.
ඉතින් මෙවැනි තවත් සම්මාන රාශියක්ම ලබා ගත් ඇය ඇගේ උපන්දිනය දා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළේ මෙවැනි දෙයක්.
තලෙයිබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරය එල්ල වුණේ මගේ හිසේ වම් පැත්තට. ඔවුන් හිතුවා ඒ උණ්ඩවලින් මාව නිහඬ කරවන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔවුන් පරාදයි. ඒ නිහඬතාවය බිද දමමින් දහස් ගණනින් හඬක් මතු වෙලා තියෙනවා. ත්‍රස්තවාදීන් සිතුවා ඔවුන්ට මගේ අරමුණු වෙනස් කරන්නට සහ මගේ අරමුණු නවත්වන්නට හැකි වෙයි කියලා. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට මගේ ජීවිතයේ කිසිදු වෙනසක් සිදුව නැහැ. දුර්වලතා, කදුළු සහ බලාපොරොත්තු කඩවීම් සියළු දේ මිය ගිහින්. ශක්තිය, බලය සහ නිර්භීතකම ඒ වෙනුවට ජනිත වෙලා. යනුවෙනුයි. පසුව ඇගේ ඉල්ලීම වූයේ ලොව පුරා සිටින සියළු දරුවන් හට සියළු රාජ්‍යයන් විසින් ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසයි.
මලාලා කියන්නේ තවමත් සුන්දර යොවන වියෙහි පසුවන තරුණියක්. ඉතින් හිතලා බලන්න තමන්ගේ අරමුණු වෙනුවෙන් මිනිස්සුන්ට මොනවද අතහරින්න බැරි? ඔබට මොනවද අතහරින්න පුළුවන්? තමන්ගේ අරමුණු වලට යන්න වයස ඔබට ගැටළුවක් වෙනවා නම් ඒක නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි. ඔබේ අරමුණුවලට යන්න ඔබ වටා තියෙන තනිකම ඔබට ගැටළුවක් වෙනවා නම් ඒක නිකන්ම නික්න ඔබ මවා ගත්ත මතයක් විතරයි. ඔබේ අරමුණුවලට යන්න බාධක ඔබට ගැටළුවක් වෙනවා නම් ඒ ගැටළුව තියෙන්නේ... ඔබේ ආත්ම ශක්තියේ මදි පාඩුවක් නිසා විතරමයි. ඉතින් ඒ හැම දෙයක්ම ගොඩ නගා ගත යුතු වන්නෙත් ඔබම මිසක් වෙන කිසිවෙකුත් නොවෙයි. ඉතින් ඇත්තටම මලාලා කියන්නේ සිය අරමුණු වෙනුවෙන් මරණයට පවා අභියෝග කළ යථාර්තයෙන් ම තවත් එක් අභීත දියණියක්.
එහෙම නම් ලබන සතියේදීත් හමුවෙමු නැවතත් අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින්...