මනුෂ්‍යන්ට එරෙහිව ලිංගික අපරාධ ! (586)

post-title

සෑම ලොක්ඩවුන් කාල පරිචේදයක්ම ලිංගික අපරාධ ගොඩක එකතුවක්. වින්දිතයා කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා තමන්ට වෙන අපරාධය කුමන වර්ගයේ අපරාධයක්ද කියා හදුනාගැනීම මුලික අවශ්‍යතාවයක්. 

අද තියෙන ලොකුම ප්‍රශ්නය ස්ත්‍රී දුෂණයක් නෙමෙයි නම් අනිකුත් සෑම ලිංගික වරදක්ම අයියෝ ඕකත් දෙයක්ද ගානට වැටිලා තිබීමයි. ඒත් ස්පර්ශයේ සිට සංසර්ගය දක්වාත් ඉන් එහාට ශරීරය විනාශ කරලා නවතින් නැතිව ආත්ම පිටින් විනාශ කරන්න පුලුවන් එකම අපරාධය ලිංගිකත්වය මුල් කරගෙන සිදු කරන අපරාධයි. ඇත්තටම Sexual යන අර්ථයට වඩා Sexual nature යන අර්ථයෙන් මෙම ලිංගික අපරාධ දෙස බැලුවොත් එහී විවිධ කුල හදුනාගන්න පුලුවන්,

  1. Sexual Abuse

ලිංගික හිංසනයන් ඇතැමුන් බොහෝ විට වැඩිහිටියන්ටත් සිදු වෙන දෙයක්නේ කියලා කිව්වත් අධිකරණ තීන්දු තුළ ලිංගික හිංසයන් ( Sexual Abuse) ළමයින් ඉලක්ක කරගෙන සිදුවෙන අපරාධයක්. වින්දිතයාගේ කැමැත්තකින් තොරව ලිංගික අරමුණක් සිතේ තියාගෙන වින්දිතයාගේ (ළමයාගේ) ශරීරයේ සෑම වර්ගයේම සිදු කරන ස්පර්ශයක්ම ලිංගික හිංසනයක් වේ. අනෙක් අතට ළමයා ලවා චුදිතයාගේ ශරීරය ස්පර්ශ කරවීමද මේ ගණයට වැටේ. ඇතැම් විට ළමයින් ලිංගික දසුන් දෙස බැලීමට යොමු කිරීමද sexual abuse ලෙස හදුන්වයි. ළමයින්ට බොහෝ විට කැමැත්ත හා අකමැත්ත පෙන්වීමේ හැසිරීමේ ස්වරුපයන් පෙන්වීමට නොහැකි බැවින් ලිංගික හිංසයන් අධිකරණය තුළ ඔප්පු කිරීම පරිශ්‍රමයක් දැරිය යුතු කරුණක් ලෙස හදුනාගනී.

  1. දුෂණය

බොහෝ රටවල වගේම ලංකාව තුළත් දුෂණය කිව්වත් එකයි ස්ත්‍රී දුෂණය කිව්වත් එකයි.ඒකට ප්‍රධානතම හේතුව දුෂණය කාන්තාවට විතරක් සිදු වෙන අපරාධයක් ලෙස නීතීය දකින නිසා. ඇගේ කැමැත්තට විරුද්ධව හෝ ඇගේ කැමැත්ත නොමැතිව මරණය හෝ තුවාල කිරීමේ බිය ඇති කිරීමෙන් (බලහත්කාරයෙන්) ලිංගික සංසර්යක් සිදු කිරීම ලෙස සලකයි. මෙහිදී පැහැදිලව කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයක් හෝ ප්‍රවේෂයක් සිදුව තිබීම අවශ්‍ය වේ. ලංකාවේ නීතියට වඩා ඉතා පුළුල් ලෙස වෙනත් නීතින් හී දුෂණය අර්ථ නිරුපණය වන අතර එහිදී මුඛ සංසර්ගය අධෝ මුඛ සංසර්ගය ශරිර අවයවයක් අරබයා හෝ උපකරණයක් අරබයා සිදු වීම පිළිබදව සාකච්ජා කරයි.

මෙහිදී කාන්තාව සිහියෙන් නොමැතිව (රෝගී වී, බීමත්ව, තුවාල වීමෙන්, බලහත්කාරයෙන් සිහි නැති කිරීමෙන්) සිටින විට පවා ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දුෂණය ලෙස සලකයි. වඩා හොඳම දේ වන්නේ බොහෝ රටවල් වල ඒ මිනිහා බීලා හිටියේ හෝ ඒ මේ කසාද ගෑනිගේ මිනිහා කියා කයි කතන්දර කීම නිදහසට කරුණක් නොවීම ය.

  1. Sexual Harassment 

සේවකයන් පුද්ගලික දේපලක් විදියට හිතාගෙන ඉන්න ගොඩක් හාමුපුත්තු කියන වචන පේලියක් වෙන්නේ 'මාත් එකක් නිදාගනින් නැත්නම් රස්සාවෙන් අයින් කරනව' වගේ කතන්දර. අන්න ඒ හැම බලහත්කාර කතන්දරයක්ම ලිංගික හිරිහැරයට දෙන්න පුළුවන් සරලම හා වටහා ගන්න පහසුම උදාහරණය වේ.

පැහැදිලිව කිව්වොත් ලිංගික හිරිහැරය සිදු වෙන්නේ බලහත්කාරය පදනම් කරගෙන. ලිංගික හිරහැර ඉතා සුලභයි. අනේ ආදරයටනේ කිස් කරන්නේ අල්ලන්නේ කිව්වට අකමැත්තෙන් සිදු වන ඕනෑම ඇල්ලීමක්, ඉඹීමක්, බදා ගැනීමක් මේ ඝනයට අයත් වේ. මුල් කාලීනව ලිංගික හිරිහැර ගැහැණුන්ට විතරක් වුනාට පසුව මෙය පුරුෂයන්, LGBT අදාල කර සාකච්ජා කරයි. National Legal Ser. Auth vs Union Of India & Ors තීන්දුවේ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ගේ ලිංගික හිරිහැරයන් හා හා ලිංගික හිංසයන් පිළිබදව දිර්ඝව සාකච්ජා කරයි.

  1. Sexual violence 

පොඩි පොඩි ලිංගික අපරාධ සියල්ලම එක වහලක් යටට ගැනීමක් සේ ලිංගික ප්‍රචණ්ඩත්වය හදුනාගන්න පුලුවන්. ඒක නිසා ලිංගික ප්‍රචණ්ඩත්වය ස්ත්‍රී දුෂණයටත්, ලිංගික අඩන්තේට්ටමටත්, ලිංගික හිංසනයටත් වඩා පුළුල්ය. අන්තර්ජාතික අපරාධ නීතියේ මානුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙස සැලකෙන අතර ඊට අමතරව දේශිය නීති පද්ධතී වල ලිංගික ප්‍රචණ්ඩත්වයට අයත් වැරදි වලින් කෑලි කෑලි කඩලා අනිකුත් අපරාධ තුළට ඇතුළත් කර ඇති ස්වරුපයක් හදුනාගත හැක.

අන්තර්ජාතික අපරාධ ව්‍යවස්ථාවලියේ 7 (g) වගන්තියට අනුව, දුෂණය, ලිංගික වහල්භාවය, බලහහත්කාරයෙන් ගණිකාවන් බවට පත් කිරීම, බලහත්කාරයෙන් වද කිරීම, අනිකුත් ලිංගික ප්‍රචණ්ඩත්වයන් අදාල වේ.

නමුත් ඊට අමතරව නඩු තීන්දු හරහා

1) ලිංගික කුට්ටනය

2)ලිංගික අංගවිච්ජේදනය

3)බලහත්කාර ගබ්සාවන් හා බලහත්කාර උපත්පාලනයන්

4)ලිංගික අඩත්‌තේට්ටම්

5) බලහත්කාර විවාහයන්

6)ලිංගික හිංසයන් හා බලහත්කාර ලිංගික හිරිහැරයන් මේ කුලයට අයිති බව හදුනාගෙන ඇත.

මේ පිළිබද ලෝක සෙෳඛ්‍ය සංවිධානයේ පැහැදිලි කරන්නේ මෙහෙමයි,

ලිංගක හිංසනය යනු යම් කිසියම් ලිංගක ක්‍රියාවක් හෝ අනවශ්‍ය ලිංගක ප්‍රකාශයක්, කුට්ටනයක් හා පුද්ගලයන්ට බලහත්කාරකමින් සිදු කරන ඕනෑම ලිංගික ක්‍රියාවක් ලෙසටයි.

දුෂණය හා ලිංගික ප්‍රචණ්ඩත්වය අතර තියෙන වෙනස මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් දෙන්න පුලුවන් සරලම උත්තරය තමයි දුෂණය ඔප්පු කිරීම සදහා ලිංගික සංසර්ගයක් හෝ සංසර්ගයට ප්‍රවේෂ වීමක් වීම අවශ්‍ය වීමත් ලිංගික ප්‍රචණ්ඩත්වය ඔප්පු කිරීමට සිදු වන ඕනෑම ලිංගික ක්‍රියාවක් බලහත්කාරයෙන් වුනා කියල පෙන්වීමත් ය. සංසර්ගයක් හෝ ප්‍රවේෂයන් අවශ්‍ය නැත.

මෙහිදි වැදැගත්ම දේ වන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාල වැරදිවලින් කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද හා LBT ප්‍රජාවට ද ආරක්ෂාව ලැබීමයි. (Gender base sexual violence) . ආරක්ෂක කවුන්සිල් යෝජනා සම්මත 2106 (2013) විශේෂයෙන්ම පුරුෂයන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබද සාකච්ජා කරන අතර මේ සදහා විශේෂයෙන්ම 2467 (2019) යෝජනා සම්මතය තුළ යුද්ධයේදි ළමයින් හා පුරුෂයන්ට එරෙහිව සිදු වන ලිංගික හිංසන පිළිබද සාකච්ජා කරයි.

ලිංගිකත්වය මුල් කරගෙන සිදු වන අපරාධ වල ස්වරූපය දවසින් දවස වෙනස් වේ.එය විශේෂයෙන්ම පරිසරය අනුව ද වෙනස් වේ.සාමාන්‍ය සාමකාමී සමාජයක එක විදියක් වුවත් යුද්ධයකදී තවත් විදියක් වීමට හැකියි.

Top