ජන ජීවිතය හමුවේ ජනමාධ්‍ය මෙහෙය වීම (536)

post-title

ත්මන් ලෝකය දෙස බලන විට දරුණු ව්‍යසනයන්ට මුහුණ පාමින් ඉතා දුෂ්කර ජන ජීවිතයක් ගත කරමින් පවතියි. ඉන් මෑතකාලීන ප්‍රධාන ගැටලුව වී ඇත්තේ covid -19 නැමති දරුණු වසංගත රෝග ව්‍යාප්තියයි.මේ සමඟ ලෝකයම ඉහළ ලෙස ආර්ථික අතින් මෙන්ම සෞඛ්‍ය , සමාජීය වශයෙන් බොහෝ ගැටලු වලට මුහුණ පාමින් සිටියි. ජනතාවගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් වී තිබෙයි. තවද ශ්‍රී ලාංකීය ජනජීවිතය ගැන විමසා බලන විට covid -19 වෛරස, ඩෙංගු, ගංවතුරවැනි තත්ත්වයන් මෙන්ම මෑතකදී සිදු වූ වෙරළ විනාශය ද ප්‍රධාන ගැටලු අතර වේ. මේ සියල්ලන්ගෙන්ම පීඩාවට පත් වනුයේ ජනතාවයි. ආර්ථිකය, සෞඛ්‍ය මෙන්ම පවුල් පරිසරය ද අඩාල වී ඇත. මෙය විශාල සමාජ බලපෑමකි. මෙවන් වාතාවරණයක් හමුවේ තම ජීවිතය ගොඩ නඟා ගැනීමට වෙහෙස මහන්සි වන ජනතාවක් වර්තමානයේ පීඩා විඳිනු දක්නට ලැබෙයි.

ඔවුනට අත දෙන්නේ කවුරුද යන්න මෙසේ විමසා බැලිය හැක. අපේ සුව විරුවන්, රටේ රාජ්‍ය නායකයින් මෙන්ම අපි අපිටම උපකාර කරගෙන අපහසුම කාලය ජය ගත යුතුව ඇත. මෙයට අමතරව ජන මාධ්‍ය ද විශේෂ ලෙසින් මෙවන් ව්‍යවසනකාරී අවස්ථාවක ජනතාව සදහා බලපෑම් කරනු දැකිය හැකිය. මේ පිළිබද පුලුල් ලෙස කතා කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

සන්නිවේදනය යනු, "කිසියම් පුද්ගලයකු විසින් කිසියම් දෙයක් කිසියම් චැනලයකින් යම් කිසිවෙකුට යම් බලපෑමක් සඳහා ප්‍රකාශ කිරීම සන්නිවේදනයයි." - හැරල්ඩ් ඩී.ලැස්වෙල් - ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. එහිදී ජනතා සේවයේ හොඳම සන්නිවේදනය ජන මාධ්‍ය වේ.

එහිදී රූපවාහිනිය , ගුවන්විදුලිය , පුවත්පත් , සඟරා මෙන්ම සමාජ මාධ්‍ය ද ජනමාධ්‍යයේ ප්‍රධාන විකාශන මෙවලම් ලෙස හඳුන්වා දිය හැකිය . ජනමාධ්‍ය නම් ලෝකයම පාලනයේ පාලකයා ලෙස ද හැඳින්වුවත් නිවැරදිය. සමාජීය ජනයා අතරට මතවාද ගෙන යමින් මිනිසකු සමාජානුයෝජනයේ ප්‍රධාන වාහකයා ද ජනමාධ්‍ය යි.එසේ ජනයා අතරට මතවාද ආකල්ප ගෙන යමින් යහපත් මෙන්ම අයහපත් බලපෑම්ද සිදු කරන බව දක්නට ලැබේ.

වර්තමානය වන විට ජනතාව මුහුණ පා ඇති ගැටලු හමුවේ ජනමාධ්‍යයේ අයහපත් බලපෑම මෙසේ විමසා බලමු. Covid-19 මෙන්ම අනෙකුත් සමාජ ,ආර්ථික, දේශපාලන හමුවේ ඇතැම් රූපවාහිනී නාලිකා ජනතාව රවටන ආකාරයක් දක්නට ලැබෙයි .එහිදී දක්නා තොරතුරු සඟවා ගනිමින් ක්‍රියා කරයි. ඇතැම් මාධ්‍ය නාලිකා පවතින රජයන්ට පක්ෂපාතී වෙයි. මුදලට හා බලයට යටත් වී ජනතාවට නිවැරදි සන්නිවේදනයක් ලබා නොදෙයි. එසේම මෑත කාලයේ දක්නට ලැබෙන තවත් කරුණක් නම් රටේ පැනනඟින ජනතාවගේ ගැටලු කාලයෙන් කාලයට සඟවමින් වෙනත් ගැටලු ඉස්මතු කරමින් සත්‍ය වසන් කිරීමයි. මෙවැනි පීඩා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රූපවාහිනී මාධ්‍යන්හි. එනම් සර්ව සාධාරණ ප්‍රවෘත්ති නිවේදනයේ සිදුවනවාද යන්න අද විශාල හිසරදයක් වී තිබේ. මහජනතාවට තවත් කරුණක් නම් ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් මාධ්‍ය නියාමන උල්ලංඝනය කරමින් ඇතැම් ප්‍රචාරණයන් ඡායාරූප පල කිරීම , ඇතැම් විට සොරකම් මංකොල්ලකෑම් වැනි අපරාධ විමර්ශන සිදු කරන ආකාරයන් ප්‍රකාශ කිරීම තුළින් තවත් අයෙකුට එය අත්දැකීම් කොටගෙන ක්‍රියා කිරීමට මංසැලසේ. එමෙන්ම සංවේදී ඡායාරූප පළ කිරීම මඟින් මනසට ඇතිවන පීඩනයද මෙම ජනමාධ්‍ය මෙහෙය වීමේ අහිතකර ප්‍රථිඵල අතර වේ.

මේ වනවිට ලෝකය මෙන්ම ශ්‍රී ලංකාව තුළද විශාල ආර්ථික මෙන්ම දේශපාලන , සමාජීය ගැටලු රාශියකට ජනතාවට මුහුණ පෑමට සිදු වී ඇත.

එසේ පීඩා විඳින ජනතාවගේ මනසට තව තවත් පීඩාකාරී සන්නිවේදන රටාවක් රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට ලැබෙයි . බොරු ප්‍රචාරණයන් ප්‍රේක්ෂකයා තුළ ප්‍රචණ්ඩත්වය ගොඩ නැඟෙන දෑ ඉස්මතු කරයි . ජනතාව තුළ බොරු භීතියක් ඇති කිරීමද ඒ අතර වේ. Covid -19 වැනි දරුණු ව්‍යසනයක් හමුවේ ජනතාවගේ මනසට තව තවත් පීඩාවක් ගෙන දේ. විවිධ වාර්තා දත්ත අසත්‍ය ලෙස ප්‍රකාශ කිරීම ඉන් ප්‍රධාන වේ.

ඒ වගේම පුවත්පත් මාධ්‍ය තුළ ද මෙය දක්නට ලැබෙයි . ජනතාව අතරට තොරතුරු රැගෙන යන ප්‍රධාන වාහකයක් ලෙස සමාජ මාධ්‍යද දක්නට ලැබෙයි. බොහෝ විට සමාජයේ ප්‍රබලයින් විවේචනයට ලක් කිරීමේ තෝතැන්නයි. ජනතාවට අසත්‍ය ප්‍රකාශ රැගෙන යමින් ජන මනසට තවත් පීඩා ගෙන දෙයි. අනවශ්‍ය බියක් ඇති කරමින් මහජනයා අපහසුතාවට ලක් කිරීමට කාලයක් නොවෙයි. මෙය වැඩි වශයෙන් සත්‍ය ප්‍රකාශනයේ යෙදීම සියලු මාධ්‍යයන් සතු වගකීමයි.යුතුකමයි.

ජන මාධ්‍යවේදියා නැතිනම් සන්නිවේදකයාසතු ප්‍රධාන කාර්ය නම් ජනතා සේවය වෙනුවෙන් කැපවීමයි. ජන මාධ්‍යවේදියා යනු ජනතානියෝජිතයා ය. ජන හඬ ලෝකයට රැගෙන යන්නා ඔහුය . ශරීරයට ආහාර මෙන්ම මනසට තොරතුරු අවශ්‍ය සත්වයෙකි මිනිසා . ඔහු නිතර තොරතුරු පිපාසයෙන් සිටින්නෙකි.එම නිසා නිවැරදි තොරතුරු සැපයීම ජන මාධ්‍යවේදියා ගේ වගකීමයි . ජන හඬ අවදි කිරීම , මතවාද ගොඩ නැඟීම , සමාජානුයෝජකයා ලෙස ජන මාධ්‍යවේදියා හඳුනා ගත හැක. තම මතය නොව ජනතා මතය ඉස්මතු කරන්නා ඔහුය. පක්ෂපාතීත්වයකින් තොරව තම කාර්ය වගවීමෙන් ඉටු කරන්නෙකු විය යුතුය . 

මෙම ව්‍යසනකාරී තත්වයන් හමුවේ ජනමාධ්‍යයේ කාර්ය යහපත් ව හසුරවන ආකාරය ද අපි අගය කළ යුතුය . ආපදා අවස්ථාවන්ට පෙර සූදානම් කිරීම නිරන්තර සිදු කිරීම , දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ගෙන යාම දක්නට ලැබෙයි . ඒ වගේම පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ ව්‍යාපෘති සිදු කිරීම රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යයන් ප්‍රමුඛත්වයෙන් සිදු කරනු දක්නට ලැබේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම . ඒ වගේම සංචරණ සීමා , නීති රෙගුලාසි පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම . උපකාර අවශ්‍ය ජනතාව පිළිබඳ තොරතුරු ලබා දෙමින් ඒ සඳහා ජනතාව යොමු කිරීම ඔවුන්ව දායක කරගෙන සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම .

විටෙන් විට ආර්ථික , සමාජීය , සෞඛ්‍යයෙන් පීඩාවට පත් වන මහජනතාවට එම පීඩාකාරී වාතාවරණ නිර්භීතව ජය ගන්නට ඔවුන්ව දිරිමත් කරයි . රසවින්දන හා හාස්‍ය වැඩසටහන් මඟින් ජන මනස සංසුන් කරති.ඒ වගේම මෑත කාලයේ ළ්මුන් මුහුණ පාන ගැටලුවක් ලෙස අධ්‍යාපන ක්‍රමවේදය අඩාල වීම . ඒ සඳහා රූපවාහිනී මෙන්ම ගුවන්විදුලිය හරහා අධ්‍යාපන වැඩසටහන් දියත් කිරීම . එමඟින් zoom වැනි තාක්ෂණ ක්‍රම භාවිතයට නොහැකි දුෂ්කර පළාත්වල දරුවන්ට ද රූපවාහිනිය ගුවන්විදුලිය හරහා තම අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට හැකි වේ . 

මෙලෙස ජනතා සේවකයා නැත්තම් ජනමාධ්‍ය හැකි සෑමවිටම ජනතාවට නිවැරදි සේවයක් ලබාදීමට කටයුතු කළ යුතුය .

පුවත්පත් , සමාජ ජාලා, රූපවාහිනිය ,ගුවන්විදුලිය ජනයාට සෘජුවම බලපෑමක් සිදු කරන මාධ්‍යකි.ප්‍රධාන වශයෙන් වත්මන් සමාජයේ ගෘහය තුළ නැතුවම බැරි අංගයක් ලෙස රූපවාහිනිය පත් වී තිබේ.ඉතින් ඔබ ඔබගේ කාර්ය නිවැරදි ව ඉටු කරනවා ද යන්න මැන බැලීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. එනම් covid -19 වසංගතයෙන් බැට කන ජනයාගේ ආත්ම විශ්වාසය ගොඩ නංවාලිය හැක්කේ ඔබට.පුවත්පත් , සඟරා තුළින් ද නිරන්තරයෙන් ජනතා ආකල්ප වැඩි දියුණු කිරීමට සුදුසු ලිපි පල කරයි.මෙවන් මොහොතකදී අපගේ පරම ශක්තිය වන්නේ අපගේම ආකල්පයි.එහෙයින් නිරන්තරයෙන් යහපත් ආකල්ප ජනතාව තුළ ඇති කිරීමට වගබලා ගත යුතුය . ඔවුන්ගේ ජීවන වෑයම වරදින්නට නොදී ශක්තිමත්ව දිරි ගැන්විය යුතුය . තම පසුම්බිය සරු කර ගැනීමට පමණක් කටයුතු නොකොට ලෝකයාටම ශක්තියක් වී අපි අපිම උපකාර කර ගත යුතුය . සෑමවිටම ජනතා ගින්දර නිවීමට ජනමාධ්‍ය කටයුතු කළ යුතුය . මුදලට බලයට පක්ෂපාතී නොවිය යුතුය . මිනිසුන්ගේ සංවේදීත්වයන් සූරාකන මාධ්‍යයක් නොවී තම වගකීම වගවීමෙන් කළ යුතු කාලයක් එළැඹ ඇත.මෙලෙස ජනමාධ්‍ය ජනතාවගේ දුක්ගිනි නිවාලන්නකු විය යුතුය . සියලු අභියෝග හමුවේ නොසැලී ජනතාව බලගන්වා ඉදිරියට යාමට කැපවීම ජනමාධ්‍යයේ සැබෑ වගකීමයි . නිරතුරුව ජන ජීවිත වලට අයහපත් බලපෑම්නොකොට යහපත් සමාජ වාතාවරණයක් ගොඩ නැඟිය හැකි එකම බලවතා ඔහුය . ජනමාධ්‍ය නිරන්තරයෙන් ජනතා සේවයේ ගුරුමව් කරගෙන යහපත් හෙටක් ගොඩ නැඟීමට යොදා ගැනීම ඔබ අප කාගෙත් වගකීමයි . එනම් ජනමාධ්‍යවේදියා ජන සන්නිවේදකයාගේ කාර්ය නිවැරදි ව හඳුනාගෙන වගකීම් නිවැරදි ව ඉටු කළයුතු වේ.

Top