ගිනිගත් අතරමං සිතුවිලිවලින් ජීවිතය කියාදේ (583)

post-title

මේ මහා විශ්වයේ සතා සිව්පාවුන් මනුෂ්‍යන් වී සසරකතර ගෙවමින් අප කොතෙක් වාරයන් ගණනක් ඉපිද මැරී ඇතිද? අපට ලැබෙන මේ සංසාරික ගමන විශ්වය විසින් තීරණය කල කාලචක්‍රයක්. විටෙක අප සතකු වී ඉපිද ඇත. තවත් විටෙක මනුෂ්‍ය ලෝකයේ. කෙසේ හෝ ජීවියකු වී උපත ලැබුවද මේ සියල්ලන්ටම පාහේ ජීවත් වීමට යම් සාධක ප්‍රමාණයක් අවශ්‍යවනු නියතය. ආදරය සෙනෙහස ඉන් උත්තරීතර අවශ්‍යතාවයකි. එය සතකුට මනුෂ්‍යයකුට මැනවින් ලැබෙනව නම් අනෙක් ජීවිතවලට සාපේක්ෂව එම ජීවිතය එක් අතකට පරිපූර්ණ වේ. එනම් මෙම ජීවී කොට්ඨාස දෙයතුරෙන් වඩාත් දියුණුම කොට්ඨාසය නම් මනුෂ්‍ය වර්ගය යි. ඒ සත්වයාට වඩා දියුණු මොළයක් හැඟීම් දැනීම් වැනි ගුණාංගවලින් ඔහු ස්වයංපෝෂිතව ඉපිද ලද නිසා. මෙය විශ්වයේ දායාදයක්.

කුඩාකල සිට වැඩෙන දරුවකු මව්පිය සෙනෙහස මැද ඇතිදැඩි වේ. එනම් ආදරයද කුඩාකල සිටම වැඩෙන හැගීමක්. ලොව පහල වූ හැගීම් දැනීම් ඇති එකම ජීවියා මනුෂ්‍යයා. මනුෂ්‍යයා උපතේ සිට මරණය දක්වා හැගීම් සිතුවිලිවලින් ක්‍රියා කරන්නෙකි.එහිදී ජීවිතයක් ගොඩනැගීමට සිතුවිල්ල යන්න අපූරු හමුවකි. මෙවන් ජීවිත ගමනේදී අපට නොයෙකුත් බාධක ජයගන්නට සිදු වේ. එනම් පුද්ගලයා යානවාහන, මිලමුදල්, බලය යන භෞතික සාධක වලින් කෙතරම් දියුණු උවත් අධ්‍යාත්මිකව දියුණු වී නැත්නම් ඔහු පරාජිතයෙක්. එහිදී ආදරය, සෙනෙහස, හැඟීම් , අරමුණු, බලාපොරොත්තු, විශ්වාසය, පරිත්‍යාගය යනාදී ලෙස අධ්‍යාත්මික දියුණුව හා සසැදෙන සංකල්පමය ගති මිනිසා තුළ ඇත. මිනිසකු ජීවත් කරවීමටත් පණපිටින් මරා දැමීමටත් හැකියාව ඇති දරුණුම සංකල්ප වේ. ඉන් ප්‍රධාන සංකල්පයක් ලෙස ආදරය ජීවියාගේ ජීවිතයට ගැඹුරින් බලපාන ලද්දක්.

කෙනෙකුට මෙය සුන්දර හැගීමක් වේ. විටෙක තවකෙකුට එම හැඟීමම ගින්දරක් වනුයේ පුද්ගලයා අතර ඇති අන්‍යෝනය වෙනස්කම් හේතුවෙනි. සිතුවිල්ල යන්න පුද්ගලනුබද්ධයි.එනම් ආදරය ගොඩනැගෙන්නේ දෙදෙනකු අතර පවත්නා විශ්වාසය මත.ඇතැමුන් තුල ඒකපාර්ශවික ප්‍රේමයක් පවතී.ඔබ ආදරයේදී හදවතින්ම ආදරය කරන්න.එහෙත් ඔහුගේ හෝ ඇයගෙන් අල්ප මාත්‍රයක තරම්වත් දෙයක් බලාපොරොත්තු නොවී.මන්ද වෙනස්වන ලෝකයේ නොවෙනස්ව පවතින ස්ථිරවුත් දෙයක් නොමැති නිසා.තවද ඔබගේ ආදරය ස්ථිර කිරීමට ඔබ වෙහෙස නොවන්න.යම් විශ්වාසයකින් ගොඩනැගෙන ආදරයෙදී එසේ ඔප්පු කිරීමට සාක්ෂි අනවශ්‍යවේ.එහි ඇත්තේ අවබෝධයයි.එහිදී වන අඩුපාඩු වැරදි නිවැරදි කරලීමට අවස්තා ත්‍රිත්වයක් තබා ගන්න.පලමුවර වරද වටහා දෙන්න.දෙවනවර වරදට සමාව දෙන්න.තෙවනවර එයම සිදු කරනවානම් හොදම විසදුම අත් හැරීම.මන්ද කිසිවෙක් අනෙකාට හදවතින් බැදී ඇත්නම් එකම වරද නැවත සිදු නොකරති.එහිදී ඔබට සැබෑ බැදීම වටහාගනු හැකිය.

හදවතින් ප්‍රේමකල්වූවන් හදවතින් බැදී ඇත.එහෙත් නිරන්තරයෙන් ඔබ අනෙකා වෙනුවෙන් කැපවන විට ඔහුගේ සාර්ථකත්වය උදෙසා කැප වන්නේ නම් ඔබ හෘදයෙන් ස්පර්ශ කළ අයෙකි.තමාට කිසිදු බලාපොරොත්තුවක් නොතබාම ආදරය කළ හැකිනම් එයයි සැබෑ ප්‍රේමය.විශ්වය නම් ප්‍රේම ජවනිකා රඟ දක්වන භූමියක්.එහිදී විශ්වය කියන්නේ රඟ මඩලක් නම් එහි ජීවත් කරන්නාවූ ඔබ අප එහි නළුනිළියන් වන්නේය. එහිදී දක්ෂ නළුනිළියන් ,ප්‍රසිද්ධ නළුනිළියන් අපට මුණගැසේ.ජීවිත ගමනේ තම අභිමතාර්ත කරා යාමට විවිධවූවන් විවිධ භූමිකා රංගනයෙ යෙදේ.ඔබ වෙහෙස දැරිය යුත්තේ ප්‍රසිද්ධ ශිල්පියකු වීමට නොව දක්ෂ ශිල්පියකු වීමට.එනම් මෙම රගමඩලේ හමුවන වෘත්තීය රංගන ශිල්පීන් හා තාත්වික රංගනයේ යෙදෙන්නන් නිවැරැදිව හරිහැටි හදුනාගැනීම ඔබගේ බුද්ධියට භාර කර්තවයක්.එය වඩා සඵල වන්නේ අත්දැකීම් බහුලව ජීවිත් වනවිට.

හදවතින්ම අනෙකා වෙනුවෙන් කැප වූවන් සමාජයේ ඉතා අල්පයි.ඔබ අනෙකා වෙනුවෙන් කැප වී ඔබට සතුටක් නැතිනම් එය ඔබේම වැරද්දක්.කැප කීරීම් කල යුත්තේ බලාපොරොත්තු විරහිතව.තවත් විදියකට එම සබඳතාවට දියහැකි හොඳම පිලිතුර අතහැරීම.ඔබේ සිනහව.කිසිවිටෙක අනෙකාට ඔබේ කඳුළු තීරණය කිරීමට ඉඩ නොදෙන්න.ඔබ දැඩි ලෙස යම් බැඳීමකට ඇලී ඇතිනම් යම් දිනක එම බැඳීමම ඔබට ඉතා වෙහෙසකර කඳුළු සාගරයක් රැගෙන එයි.එහෙයින් වඩා සුදුසු වන්නේ බැදීම ගොඩනගා ගත යුත්තේ සියල්ල අත් හැරීමට තරම් සිත පහදාගෙන.ජීවිතය දිනපු මිනිස්සු හැමදාම දිනපු අය නොවේ.පැරදීම කියන්නේ ජීවිතයේ කඩා වැටීමවත් අවසානයවත් නොවේ.එක් අත්දැකීමක් පමණි .ජීවිතයට ලොකු පන්නර‍යක්.මේ සියල්ලම කෙලවර දුකක් පමණි .එහෙත් ජීවිතය අපට අත් හැරිය නොහැක.සමහර අවස්තා තිබෙනවා ජීවිතය අත් හරින තැනටම පත්වුන නමුත් ඒ මොහොතෙම ඇතිවුන පුංචි බලාපොරොත්තුවක් නිසා නැවත ජීවත් වුන.ආදරය,බැඳීම් පස්සෙ දුවලා හති වැටුනම අන්න ඒ පුංචි බලාපොරොත්තුවක් නිසා හෝ අරමුණක් නිසා නැවත ජීවිතය ගොඩනගා ගත්ත මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.දුකට පත්වුනු හේතුව පරිත්‍යාග කරන්න.අත් හැරීමට මනස වීර්‍ය කරගන්න සැමවිටම.ජීවිතය ඔබට ලැබුන හොඳම අත්දැකීම කර ගන්න.ඔබ ඔබවම රස විඳින්න පුරුදු වෙන්න.අත්දැකීම් අභියෝග කරගෙන ජීවිතය ජය ගන්න අරමුණු කරගන්න.එවිට ඔබට ඔබවම හමුවෙයි.මනුෂ්‍ය ලෝකයේ ඉපිද ලැබීම කල්ප ගණන් පෙරුම්පුරා ලද භාග්‍යක්.ඉතින් ඇයි ඒ සුන්දර ජීවිතය විදින්නෙ නැත්තේ.ජීවිතය විදින්න හැකි සෑම මොහොතකම.මනස් සකස් කර ගන්න එයට.දුක සතුට සමව දරාගෙන ඉස්සරහට අඩියක් තියන්න.අතරමං වූ සිතුවිලි අපිට ආයෙමත් අපේ සුන්දර ජීවිතය විදින හැටි කියලා දෙනවා හරි අපූරුවට.

Top