එක්ව (නො) යන රේල්පීලි 11 වන කොටස (301 වන ලිපිය)

post-title

"අවුරුදු දෙකක් ... "

"මොකෝ වැඩි ද උඹට...? "

"නෑ …. ආසයි ජීවිතේ ම උනත්. ඒත් දැන් ඉගෙනගන්න තරම් සුදුසු වාතාවරණයක් නෑ බං. ගෙවල්වලින් උනත් පණ බයේ ඉන්නේ. "

"හ්ම්ම්….. ඔව් ඒක නම් ඇත්ත. අපෙ අම්මත් තාත්තාට කියනවා ඇහුණා කොල්ලගෙ කරදණ්ඩ උස්වෙච්ච එකේ කොහොමද මුන්ට නොපෙනී තියාගන්නේ කියලා "

"එයාලා ගොඩක් බයෙන්. මොනවා කරන්න ද වෙන දෙයක් වෙන්න දෙමු. "

"ඒ වරෙල්ලා කට්ටිය ම. ඔක්කොම ඔතැන තැග්ගැහිලා හිටිය ම හරියනවයැ. "

"අප්පේ කොච්චි කරල ඇවිත්. දැවිල්ලයි ඉතින් "

"අන්න ප්‍රින්සිපල් සර් කතා කරනවා ආර්ට් එකේ ඔක්කොට ම ඔඩිටෝරියම් එකට එන්නලු. හරි සෝක් අම්මලා තාත්තාලා එහේ දාලා මෙයාලා මෙහේ ඕපේ හලනවා. "

"හා .... ඔයා යන්න අපි එන්නම්. මේක අපේ ස්කෝලේනේ. පිටින් ආපු අයට තමයි වැදගත් ඕවා"

"අචල, මහිම යමන් පටන් ගන්නකොට ම ජල්ලි දාගන්න ද හදන්නේ. අනික අලුත් ළමයි ඉස්සරහ කිච වෙන්න බෑ. ග්‍රේඩ් එකට ඉන්න ඕන "

"ෂඃ..... ඒක නම් හරි. මේ මසුර ම දාගනින් කටේ. "

ඔවුන් එන විට සියල්ලෝ ම හැරී ඔවුන් දෙස බලා සිටියහ. නොදන්නා පිරිසක් උන් නිසා හිත් දෙගිඩියාවකින් සැලෙන්නට විය. " 

"දහම් ... දහම් ... "  නොසිතූ ලෙස ඇසුණු හඬින් ඔහුගේ සිත සැලිණි

"පොඩ්ඩක් ඔය ළමයා එන්න "

"ඇයි සර්... "

"පේමලතා ටීචර්ට ඉක්මනට එන්න කියන්න. දැන් රැස්වීම පටන් ගන්න යනවා කියන්න "

"හොඳයි සර්... "

ඔහුට මහත් සහනයක් දැනුණේ ඒ තමා පිළිබඳ යමක් නොවූ නිසා ය. පේමලතා යනු විනය බාර ටීචර්. ඔවුන් වැඩිපුර හමුවන, වැඩිපුර ම දකින්න අකමැති ටීචර් ද ඇයයි. ඈ ඉතා හොද උවත් ළමයි පාලනය කිරීමේ දී නම් දරදඬු ය.

අංශ භාර ව හිටියේ, වික්‍රම සර් ය. උසස්පෙළ සිංහල උගන්නන්නේ ඔහුය. බොහෝ දෙනා ආර්ට් කළේ ද ඔහු නිසා ය. සාමාන්‍ය පෙළ සමත් සැමට සුබ පැතූ ඔහු කෙටියෙන් ඒලෙවල් පිළිබඳ අදහසක් දක්වා පාසලේ වැදගත්කම උජාරුවෙන් කියා පෑවේය.

"ඇත්තට ම අපට බොහොම සතුටුයි මේ පාසලේ ශිෂ්‍යයන් ගැන. අධ්‍යාපනය වගේ ම විනය අතින් ඉහළ ම තැනක ඉන්නේ අනිත් පාසල් එක්ක බැලුවම. මේ දෙමාපියන් වාසනාවන්තයි මේ දරුවන් පාසලට ඇතුළත් කරගැනීම සම්බන්ධ ව. සෑහෙන ප්‍රමාණයක් අයදුම් පත්‍ර ලැබිලා තිබුණා. කිසිම ගැටලුවකින් තොර ව නිදහසේ මෙහේ ඉගෙනගන්න පුළුවන්"

අචල අනිත් උන් දෙස හොරැහින් බලා ඉඟි මැරුවේය. ඔවුන්ගේ මුහුණුවලට ද මද සිනාවක් නැගිණි.

"ඇත්තටම මෙතැන ඉන්නව අවුරුදු ගානක් ඉගෙනගත්ත. පාසලට ආදරේ පිරිසක්. කලා කරන්න ඔවුන් පෙළඹීම පිළිබඳ ව මම හදවතින්ම සතුටු වෙනවා. හ්ම්ම් නේද අචල ...දහම් ... " 

නම ඇසෙන විට ඔහුගේ කටේ ඛ්‍රේට ග්‍රන්ථි සිදී යන්නට විය. ඔහු වහා නැගිට්ටා නොව නැඟිටිණි.

"හා... හා... වාඩිවෙන්න. මම නිකමට කීවේ. ඇත්තටම ඒ තමයි අපේ ළමයින්ගේ විනය. ගුරුවරයෙක් නම කිව්වත් නැඟිටලා තමයි කතා කරන්නේ. "

ඒකට නම් බකස් ගා මහිමට මෙන් ම සිරාට ද හිනා ගියේ ය.

අම්මපා දන්නවා නම් මෙයා ගැන මේ මිනිස්සු.

"ඇයි මොකෝ දැක්ක නේ. ඉස්සෙල්ලම එක වැටුණෙ මට . කවුරුත් දන්නවා මේ අචල ගෙ වටිනාකම. මෝඩයන්ට නොතේරුණාට. "

"හ්ම්ම් ඔව් එකගයි දේවයනි, "

"දහම් මොනවා හරි කියපං. මොකෝ ගොළුවෙලා. "

"අහං හිටහං. මෙතැන විකාර කරන්නෙපා බං. ලැජ්ජයි. " ඔහු කෙඳිරුවේ ය. 

ඔහුට ඒ කිසිවක් ගැන වගක් නොවී ය. ආ වේලාවේ සිට දෑස් ඒ විස්මිත දසුන සොයා වෙහෙසිණි. කෙලින් ම බලන්නේ කොහොමද. එක පැත්තකින් රහස් පරීක්ෂක යාලුවො. අලුත් දෙමව්පියන්. ගුරුවරු. පළමු දවසේ වැරැද්දක් කරගන්න බැරි ය. මෙතෙක් රැකගත් ගෞරවය එලෙස ම තිබිය යුතු ය.

"දැන් දෙමාපියන්ට යන්න පුළුවන්. ඔහොම ම ඇතුළත් වීමේ කාර්‍යාලයට ගිහින්. ඒ ඇතුළත් වීම් කටයුතු කරගන්න. ළමයි ටික ටිකක් නවතින්න. ඔයාලට විෂයයන් පිළිබඳ පොඩි හැදින්වීමක් කරන්න තියෙනවා"

"මොකක්ද බං තවත් වාඩිවෙලා ඉන්න "

"අහපං ඉතින් අද මුරුංගා අත්තේ තියාවී. ඊට පස්සෙ ඕවා නෑ. "

"අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ...

වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ... "

ඒ වූකලී රසවත් ඇරඹුමකි. ඔහුගේ ගායන විලාසය. මුහුණේ ඉරියව්, සිත්ගන්නාසුලු උච්චාරණය අසන විද්‍යා සිසුවන් පවා කලා හැදෑරීමට පැමිණෙති. මිස්ලා පවා ඔහු කතා කරනවිට දෙනෙත් බිමට හෙළා ලැජ්ජාවෙන් ඇඹරේ.

මතක තියාගන්න. දැන් මේ ඉන්නේ රටේ සාහිත්‍යය ඉස්සරහට ගෙනියන්න පුළුවන් පිරිස. දෙයක් දිහා බලන විදිය තමයි වැදගත්. මම ඒ කවිය කියනකොට මූනූ රතුවෙනවා දැක්කා.. ඒ වචන නෙවෙයි වැදගත්. ඒවා කියන විදිය. ඕකයි වැරැද්ද. අන්න ඒ තැනට මම කතා කරනවා. හැමෝම සිංහල විෂයට පුදුම ආසාවෙන් එන බව මම දන්නවා. හැමෝටම මම හදවතින්ම සුබ පතනවා. "

"ඒ ගහපං සර්ට අත්පුඩියක්. දැක්කනේ අලුත් උන් හොල්මං වෙලා. මොකෝ උඹත් හොල්මං ද ... "

ඔහුගේ දෑස් ඒ දෑස් මත දැහැන් ගත වී තිබුණි. පුදුම උනන්දුවකින් ඈ සර්ගෙ දේශ්නය අසා සිටී. ඈට නියත ව ම ඇත්තේ සාහිත්‍යකාමී හදවතකි. තමා කියවූ අපූරු නවකතා , කවි ඈ ද කියවා ඇත්නම්. හ්ම්ම් ඒ මදහස. ඇස්වල පිරී තිබෙන සුන්දරත්වය. ඔහු වසඟ වී හමාරය. ඒ අනතුරට ඔහු ලක් වී අවසන් ය.

"එහෙනම් අද ඉදලා ඔය හැමෝම අපේ ස්කෝලේ දරුවෝ. සහෝදර සහෝදරිය වගේ ඉන්න ඕන. 12h එක තියෙන්නේ ඔය එහා පැත්තේ. දැන් යන්න පන්තියට. වික්‍රම සර් ඒවි පන්තියට. " ඒ ආර්ථික විද්‍යාව උගන්වන ශ්‍රියා ටීචර් ය.

"ඒ අන්න ඉවරයි ඉතින් ... "

"මොකෝ මොකෝ"  ඔක්කොම තිගැස්සී ගියෝ ය.

"පව් බං මේ අලුත් දැරිවියෝ ටික ගැන දුකයි බං... "

"තේරෙන්න කියනවකෝ. "

"ඇස් කටේ දාගෙන ද ? අර 13 ආතල් අයියලා. දන්නවා නේ උන්ගෙ හැටි. අලුත් සෙට් එකට රැග් තමයි "

අපේ ස්කෝලේ විනයෙන් ඉහළ තත්ත්වයේ ඇති පාසලකි.

"උඹට ඉතින් ඔක්කොම විහිළු තමයි. මරාගෙන කන්නෑනේ පොඩි සොමියක් ඉතින්. "

"මේ අපිට වැඩක් නෑ බං. අන්න අලුත් කොල්ලෝ ටික අල්ලාගෙන. අපි යමන් පන්තියට. "

"පිස්සු ද ?දැන් උන් ඔක්කොම අපේ පන්තියේ. බලමු අවුලක් උනොත් .උන් දන්නවා නේ අපි ගැන. "

"නෑ ... ඔතැන ඉන්නවා ටිකක් අවුල් එකෙක් දෙන්නෙක්. මට ආරංචි උන් තහනම් පන්ති යන වග. ඒකයි අවුල. "

"දහම් කොහෙද බං උඹ යන්නේ. "

"ටිකක් ඉදහං කෝ. "

"බෑ ... බෑ... මම ඉක්මනට එනවා. උඹලා මේ ඔහොම ඉන්න "

"මේ අයියේ සමාවෙන්න. මේ නංගීට ඔෆිස් එකට එන්න කීවා . "

"ආ එහෙමද ?දැන් ඔය ඔෆිස් එකේ ඉදලා ද එන්නේ? "

අමුතු ලෙස ඔහු දෙස බැලී ය. ඒ සමඟ ම ඈගේ මුහුණ දෙස ද බැලී ය. ඔවුනොවුන් හඳුනනවා ඇතැයි ද ඇය බේරා ගැනීමට ඔහු උත්සාහ කරනවා ඇතැයි ද යන්න ඔහු සිතී ය.

"නංගී මෙයාව දන්නවා ද ? "

"අපේ පන්තියේ ළමයෙක් අයියේ. "

"ආ ඇත්ත ද . අපේ පන්තියේ ළමයෙක්. එතකොට නම. "

ඈ යම් චකිතයක් දැක්වුව ද එය නොපෙන්වා සිටීමට උත්සාහ කළා ය.

"හ්ම්ම් ඔව් දහම් ... "

ඔහු වික්ෂිප්ත විය. ඈ තමා දන්නවා ද ? ඒ කෙසේ ද ? තමාට තව ම ඇය පිළිබඳ කිසිම තොරතුරක් සොයා ගත නොහැකි විය.

"දැන් මෙයාට විතරයි ද එතකොට මේ නංගිලට... " හ්ම්ම් යනවා පස්සෙ අල්ලගන්නම්.

ඈ ඔහු පසුපස්සෙන් ගියා ය. ඇගේ මුහුණ බැලීමට දැඩි උවමනාවක් තිබුණ ද සිත ඊට දැඩි නැත.

"මේ මේ ඔයා කොහොමද මගේ නම දන්නේ? " දැඩි ආයාසයෙන් ඔහු ඇසී ය.

"ඇයි ප්‍රින්සිපල් සර් ඔයාට නම කියලානෙ කතා කළේ. "

මැද මිදුලේ තනා තිබූ අලංකාර පොකුණේ පිපී තිබූ මානෙල් මල් යුවල ඔහු නෙතට හසු විය. ඉන් වහනය වන සුවඳ කවදාවත් නැතිව නැහැ තුඩග පසාරු කරගෙන ගියේ ය.

"හා... එතකොට ඔයාගේ නම... " 

********----------------*********

ඇයගේ නම කුමක් ද ? ඇත්තටම ඔෆිස් එකට යාවි ද ? හෙට බලමු කෝ

ලබන සතියට

Top