Fantastic Beasts - The Secrets of Dumbledore දියාරුයි... (773)

Fantastic Beasts - The Secrets of Dumbledore දියාරුයි... (773)

චිත්‍රපට අටකින් සමන්විත "හැරි පෝටර්" චිත්‍රපට මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය වු චිත්‍රපට මාලාවක්. එදා මෙදා තුර ඉහළ ආදායමක් ඉපැයු මෙම චිත්‍රපට මාලාවට පාදක වුයේ බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ.රෝලින්ග් ලේබිකාව විසින් රචිත "හැරි පෝටර්" නම් ළමා මායාකරුවාගේ චරිතය වටා බැඳුණු සිද්ධි දාමයනුයි. ඈ විසින් රචිත හැරී පෝටර් චරිතය වටා බැඳුණු බොහෝ කෘති සහ නාට්‍යන්ද නිර්මාණය කර තිබෙනවා. 2016 වසරේ පැමිණි Fantastic Beasts and Where To Find Them චිත්‍රපටයද හැරී පෝටර් කතාව හා බැඳුණු චිත්‍රපට පෙළක මුලාරම්භයකි. 

"Fantastic Beasts and Where To Find Them" චිත්‍රපටයේ දී කුඩා හැරී පෝටර් "හොග්⁣වෝර්ටිස්" මායා පාසලට ඇතුළු වීමට වසර 70කට පෙර නිව්යෝර්ක් නගරයේ රහසිගත මායාකරුවන්ගේ සංගමයේ සාමාඡීකයෙක්ව සිටි නිවිටි ස්කැමැන්ඩර්ගේ ත්‍රාසජනක අත්දැකීම් දැකබලා ගන්නට ලැබෙනවා. 1926 අවධිය පසුබිමි කරගත් එහි ඇතුළත් වන්නේ ස්කැමැන්ඩර් ලොව පුරා සංචාරය කර සොයාගත් අද්භූත සත්ත්වයන් පිළිබඳ වාර්තාව නිම කර නිව්යෝර්ක් නගරයට පැමිණීම සමඟ කතාවයි.

පළමු චිත්‍රපටය අවසාන වන්නේ ප්‍රබල, දුෂ්ට මායාරුවකු වන ගෙලර්ටි ග්‍රින්ඩල්වෝල්ඩි අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟයි. "Fantastic Beasts Crime Of Grindelwald" චිත්‍රපටය ආරම්භය සිදුවන්නේ ගෙලර්ටි ග්‍රින්ඩල්වෝල්ඩිගේ පළා යාමත් සමඟයි. ෆැන්ටෑස්ටික් බීස්ට් චිත්‍රපට මාලාවෙහි තුන්වන චිත්‍රපටය වන "සීක්‍ට් ඔෆ් ඩම්බල්ඩෝර්" චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ග්‍රින්ඩල්වෝල්ඩිගේ දුෂ්ට සැලසුම් වළක්වාළන්නට නැවතත් නිවිටි ස්කැමැන්ඩර්ගේ ආගමනය සහ නීවිටිගේ පැරණි මායා ගුරුවරයා වන ඇල්බස් ඩමිබල්ඩෝර්ගේ සංවිධානය කෙසේද යන්න පිළිබඳව ඉදිරිපත් කරමිනුයි. ග්‍රීන්ඩල්වෝල්ඩි ප්‍රමුඛ ඹහුගේ දුෂ්ට සමාගමය අඳුරු බලවේග හමුවේ ඇල්බස් ඩම්බල්ඩෝර් සහ නිවිටි ස්කැමැන්ඩර්ගේ කාර්යබාර්ය කුමක්ද යන්න Fantastic Beasts ; The Secretd Of Dumbledore චිත්‍රපටය හරහා දිග හැරෙනවා.

මුල් චිත්‍රපට දෙකට සාපෙක්ෂව බලාපොරොත්තු වුනු තරම් මහලොකු WOW එකක් එන විදියේ විශ්මිතබවක් නම් Fantastic Beasts තුන්වැන්නේ දක්නට ලැබුණෙ නැහැ. ෆැන්ටෑස්ටික් ගතිය ස්ක්‍රිප්ට් එකෙන් ලෙප්ට් වී තිබුණු සේයාවක් තමා තිබුණෙ. මට අනුව නම් ෆිල්ම් එකේ තිබුන ලොකුම Disappointed එක තමයි powerful ක්ලයිමැක්ස් එක නොතිබීම. ක්ලයිමැක්ස් එක තව හොඳට Build up කරලා හොඳ අවසානයක් දෙන්න තිබුණා කියන එකයි මගේ අදහස. බලාපොරොත්තු වන මට්ටමේ ආකර්ෂණීය විශ්මිත ක්‍රියාදාමයන් නම් "Secret Of Dumbledore" තුළ දක්නට ලැබුණේ නෑ. 

ජොනී ඩෙප් තමා ග්‍රින්ඩල්වෝල්ඩ් චරිතයට ගැළපෙනම නළුවා. ඔහු මෙම සිනමා නිර්මාණය තුළ නොමැති අඩුව බොහෝ සේ දැනෙනවා. ඔහුගේ ඉවත් කිරීම නිසා මැඩිස් මිකල්සන් ග්‍රින්ඩල්වෝල්ඩ්ගේ චරිතය වෙතට ආදේශකයා බවට පත් වුණත් චිත්‍රපටය සාර්ථක වෙන්න ඔහුගේ රඟපෑම මද ගතියක් දකින්න ලැබුණා. චිත්‍රපටය තුළ තිබු රිද්මය පවා වෙනසකට ලක් වී තිබුණා. ඒ කෙසේ වෙතත් චිත්‍රපටය නරකමත් නෑ යන්න චිත්‍රපටය නරඹා අවසන් වන විට හිතට එන දෙයක්. එයට හේතුව චිත්‍රපටයේ කතාව ඩ්‍රැමැටික් පැත්තට බර කරලා තිබුණ නිසා සහ, පසුතල නිර්මාණය වගේ දේවල් හොඳටම කරලා තිබුණ නිසාමයි. ජේම්ස් නිව්ටන් හොවාර්ඩ්ගේ සංගීත නාද රටාවන් චිත්‍රපටය ආරම්භය සිටම කුල්මත් කරන්නට සමත් වෙනවා. ඒ හරහා විශාල ආලෝකයක් චිත්‍රපටයට සපයනවා. මිලියන 200ක් වැනි අති දැවැන්ත මුදලක් වියදම් කරලා හදලා තිබුණට ආදායම හැටියට ලැබිලා තිබුණෙ සාපෙක්ෂව ඩොලර් මිලියන 396ක් වගේ අඩු ආදායමක්. ඒ කියන්නේ ෆිල්ම් එක ෆේල්. Wizarding World හෙවත් ජේ.කේ. රෝලින්ගේ මායාකාරී ඉන්ද්‍රජාලික ලෝකය පිළිබඳ පාදක කරගත් මෙතෙක් නිෂ්පාදිත සියළුම චිත්‍රපටයන්ගෙන් ලබාගත් අඩුම ආදායම ලැබු චිත්‍රපටය ලෙස Fantastic Beasts - The secrets of dumbledore අවසනාවන්ත ආකාරයට වාර්තා පොතට එකතු වුනා. සමස්තයක් හැටියට ෆැන්ටෑස්ටික් බීස්ට් තුන්වැනි ෆිල්ම් එක තමයි මම දැනට බලපු රෝලින්ගේ "Wizarding Univers" එකේ Disappointed වුනු එකම ෆිල්ම් එක.

Top