"ලොස් ඇන්ජලීස් නගරය දෙවනත් කරපු මයිකල් බේගේ ඇම්බියුලන්ස් එක" (758)

"ලොස් ඇන්ජලීස්  නගරය දෙවනත් කරපු මයිකල් බේගේ ඇම්බියුලන්ස් එක" (758)

"ඇමිබියුලන්ස්" කිවිවා ම පහුගිය කාලයේ කෝවිඩ් පැනඩමික් එකත් එක්ක කණට නිතරම ඇහුණ හුරු පුරුදු නමක් බවට පත් වුනා. අපි වාහනවලට පට්ට විදියට කැමති වුනාට ඇම්බියුලන්ස් කියන්නේ අපි අකැමැතිම වාහනයක්. කොටින්ම ඇම්බියුලන්ස් කියන වාහනයක් ඉස්සරහට එනකොටම අපි පාරේ කාණුවට බහිනවා බයටම. මිනිස් ශරීරයේ ඉරණම තීන්දු කරන වාහනයක් විදියට ඇම්බියුලන්ස් කියන නම ඇහුවාම පපුවේ බීට් එක පවා වැඩි වෙනවා නහුතෙට ම. කොරෝනා වසංගතයත් එක්ක හොලිවුඩ් ඉන්ඩ්‍රස්ට් එක කඩ වැටිලා තියෙන එකේ යන්තම් පණ ගහලා එනකොට හොලිවුඩයේ පිපිරවීම් සිනමාවට( Explosion cinema) ගෝඩ්ෆාදර් වූ මයිකල් බේගේ "ඇමේබියුලන්ස්(2022)" කියන කල්චරල් ප්‍රොඩක්ට් එක කුඩුපට්ටම් කරගෙන එනවා. ෆිල්ම් එකේ කතාව යන්නේ බැන්ක් රොබරියක් ගැන. Ambulance එකක් පැහැරගන්න හොරු දෙන්නෙක්ගේ කතාවක් තමයි "ඇම්බියුලන්ස්" චිත්‍රපටයේ Main Theam එක වෙන්නේ.

චිත්‍රපටයේ කේන්ද්‍රීය නගරය වෙන්නේ ඇමරිකාවෙ සුරදුතියන්ගේ නගරය හෙවත් ලොස් ඇන්ජලීස් කියන අති දැවැන්ත නගරය. විල් ෂාප් කියන්නේ American Marine Soldier කෙනෙක්. එයා ඇග්ෆනිස්ථානයේ යුද මෙහෙයුම් කටයුතුවලින් නිරත වෙලා ඉඳලා දැන් ආමි එකෙන් අයින් වෙලා පාඩුවෙ තමන්ගේ පවුල් ජීවිතය ගෙවාගෙන ඉන්න කෙනෙක්. විල්ගේ සුන්දර පවුල් ජීවිතයට අවුල් ගොඩකට ඇදලා දාන්න එන කරදරය තමයි විල්ගේ බිරිඳ වෙච්ච ඇමීගේ ශල්‍යකර්මය සඳහා ඩොලර් ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය වෙනවා කියන එක. හරිහමන් ස්ථීර ජොබ් එකක්වත් නැති විල්ට තමන්ගේ බිරිඳගේ ශල්‍යකර්මය කරන්න මේ අති විශාල මුදල හොයාගන්න විදියක් නැතිව ඔහුව කුඩාකාලයේ සිට හදා වඩා ගත්ත සහෝදරයා වුනු ඩැනී ගාවට යනවා උදව් ඉල්ලගෙන. ඩැනී කියන්නේ අපරාධකාරයෙක්. පොලිසියේ රෙඩි නෝටිස් වැදෙන්න තරමි අපරාධ කරපු භයානක පුද්ගලයෙක්. විල් තමන් වැටිලා ඉන්න කරදරයෙන් බේරෙන්න ඩැනී සහෝදරයා යෝජනා කරන්නේ ලොස් ඇන්ජලීස් බැංකුවෙන් ඩොලර් මිලියන 32ක බැංකු මංකොල්ලයකට සහභාගී වෙන්න කියලා විතරයි. විල්ට මේ මොහොතේ වෙන විකල්පයක් නැති නිසා මේ අති විශාල මුදල් සම්භාරය කොල්ලකන්න ඩැනීට සපෝට් එක දෙනවා. මොකද විල්ට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ සල්ලි විතරයි. විල් සහ ඩැනී තුවක්කු පිරිවරාගෙන බැංකුවෙ ඩොලර් මිලියන 32ක් සොරකම් කරද්දි හදිස්සියේ එතනට කඩාපාත් වෙන ලොස්ඇන්ජලීස් පොලිසියේ පොලිස්කාරයෝ දෙන්නෙක් නිසා මුළු රොබරි ප්ලෑන් එකම අවුල් වෙලා යනවා.

ලොස්ඇන්ජලීස් පොලිසිය එක්ක සටන් කරන ඩැනීගේ පිරිවර එකා පිට වැටි වැටි මැරැම් කනවා. ඩැනීගේ ඩොලර් මිලියන 32ක් හිමිකර ගැනීමේ සොඳුරු බලාපොරොත්තුව ලොස්ඇන්ජලීස් පොලිසිය ටික ටික නැති කරලා දානවා. ඒත් ඩැනී සහ විල් වැඩේ අතාරින්නේ නෑ. තමන් මේ දැන් හොරකම් කරපු අන්තිම මුදල් නෝට්ටුව දක්වාම සටන් කරනවා. තමන්ගේ පිටේ බෑග්වල පුරවාගෙන ඉන්න ඩොලර් 32ක සල්ලි ටික හරි බේරාගන්න ට්‍රයි කරනවා. හදිස්සියේම බැංකුව ඇතුළට කඩන් පාත් වෙන ඇම්බියුලන්ස් එකක් පැහැරගෙන කොහොමහරි ලොස්ඇන්ජලීස් පොලිසියේ ඇස්වහලා ඩැනී සහ විල් බැංකුවෙන් පැන ගන්නවා. ලොස්ඇන්ජලීස් පොලිසියත් මේ දෙන්නා පැනලා ගියා කියලා වැඩේ අතාරින්නේ නෑ. මුළු ලොස්ඇන්ජලීස් පොලිස් හමුදාවම රොත්ත පිටින් විල් සහ ඩැනී පැනගත්ත ඇම්බියුලන්ස් එක පස්සේ පන්නනවා. මේ ඇම්බියුලන්ස් එකේ විල් සහ ඩැනි විතරක් නෙමෙයි තව ප්‍රාණඇපකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ විල් අතින් අහම්බයකින් වෙඩි කාපු පොලිස්කාරයෙකුයි, ඇම්බියුලන්ස් එකේ වැඩ කරන emergency medical technician (EMT) කෙනෙකුයි. විල් අතින් වෙඩිකාපු පොලිස්කාරයා ජීවිතයත් මරණයත් අතර සටනක් දෙමින් ඇම්බියුලන්ස් එක ඇතුළේ ප්‍රතිකාර ගන්නවා. ඉතින් මේ වැඩේ ලේසි නෑ. ඩැනී සහ විල් දැනටමත් හයිජැක් කරලා තියෙන ඇමිබියුලන්ස් එක පස්සේ පොලිස් කාර් දුසිම් ගණන්, චොපර්ස් හඹාගෙන එනවා. ඉතින් මේ මුළු ලොස්ඇන්ජලීස් නගරයම දැනටමත් වටලලා තියෙන පොලිස්කාරයන්ට විල් සහ ඩැනී අහු වෙයිද? මේ දෙන්නා කොහොමද මේ පොලිස්කාරයන්ගෙන් බේරිලා තමන්ගේ පණ කෙන්ද රැකගන්නේ කියන ප්‍රශ්න දෙක "ඇමිබියුලන්ස්" ෆිල්ම් එක බලන ඕඩියන්ස් එකට එල්ල කරනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර ලැබෙන්න ෆිල්ම් අවසන් වෙනකම් බලන්නම වෙනවා.

ඇම්බියුලන්ස් ෆිල්ම් එක Direct කරන්නේ හොලිවුඩයේ ලොකුම වියදම්කාරයා වුනු "මයිකල් බේ". මයිකල් බේ කියන්නේ "Transfomers 1,2,3", "Bad Boys I,II","Pearl Harbor", "Armageddon", "Teenage Mutant Ninja" වගේ අතදිග ඇරලා වියදම් කරලා High Budget ටයිප් එකේ බ්ලොක්බස්ටර්ස් ෆිල්ම් හදපු ස්පෙෂල් ඩිරේක්ටර් කෙනෙක්. බේ ෆිල්ම්ස්(Bay Films) හා නිව් රිපබ්ලික් පික්චර්ස්, ප්‍රොජෙක්ට් එක්ස් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කර යුනිවර්සල් පික්චර්ස්(Universal Pictures) බෙදාහරින 'Ambulance' චිත්‍රපටය මේ වෙනකොට ලංකාව ඇතුළු ලොවපුරා තිරගත වෙනවා. ඇම්බියුලන්ස් තිරරචනය(Screenplay) ක්‍රිස් ෆෙඩක්ගෙනි. මියුරු නාද රටාවලින් චිත්‍රපටය සංගීතවත් කර ඇත්තේ ලෝරන් බල්ෆ් විසිනි. සංස්කරණය(Editing) පීටිරෝ ස්කාලියා විසින් ය. චිත්‍රපටය සඳහා මූලික වියදම මිලියන 40කි. චිත්‍රපට ප්‍රවර්ගය(Genre) “Action - Thriller ” වේ. චිත්‍රපටයේ ඩැනී චරිතය සඳහා පණ පොවනු ලබන්නේ ඇකඩමි සම්මානලාභී විශිෂ්ට නළුවෙක් වන ජේක් ගිලෙන්හාල්(Jake gyllenhaal) විසිනි. විල් චරිතය යෙහ්යා අබිදුල් මාටින් Yahya Abdul mateen (The Aquaman, The Matrix ; Resurrection) විසින් සිදු කරනු ලබයි. IMDB ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනුව 6.5/10 අගයක් ද, රොට්න් ටෝමැටෝස් හෙවත් කුණු තක්කාලි වෙබ් අඩවියට අනුව "ඇම්බියුලන්ස්" චිත්‍රපටය 78%ක ලකුණු සංඛ්‍යාවක් ලබා ඇති අතර මෙටාක්‍රිටික් සිනමා විචාරක අඩවියේ එය 51%ක් ලෙස සටහන් කරයි. 

ඇඩ්‍රිනලින් නැහැවෙන ඇක්ෂන් කතන්දරයක් විදියට "ඇම්බියුලන්ස්" ෆිල්ම් එක බලන් ඉන්න පොඩ්ඩක්වත් බෝරින්ග් වෙන්නේ නම් නෑ. Speed වගේ Action Driven බේස් වුනු ෆිල්ම් එකක් මතකයට එන එක නම් වළක්වන්නට බැහැ කොහොමටවත්. ෆිල්ම් එකේ ප්ලොට් එක පරණ හොලිවුඩ් වට්ටෝරුවේ එකක් වුනත් සටන් ජවනිකා (Action Scenes) සහ උද්වේගකරබව වඩවන ක්‍රියාදාම දර්ශන සිදුවන ආකාරය අති දැවැන්තව නිර්මාණය කර තිබෙනවා. ෆිල්ම් එක ඇහැ කටේ දාගෙන බලන්න පුලුවන් වෙන මට්ටමෙ මාරම ත්‍රිලර් එකක් දෙන්නේ. මුන් දෙන්නා පොලිස්කාරයන්ගෙන් දැන් වෙඩි කයිද? දැන් වෙඩි කයිද? කියන ත්‍රිල් එක තමා ෆිල්ම් එකේ පැය දෙකයි විනාඩි16 පුරාවටම ලබා දෙන්නේ. මුළු ෆිල්ම් එකම රෝඩ් මුවි(Road Movie) එකක් විදියට මුළු ලොස්ඇන්ජලීස් නගරයේ පාරවල් පුරා, වීදි පුරා ගොඩනැගිලි අතරින් නරඹන අපිව ඇම්බියුලන්ස් එකෙන් රවුමක් එක්කන් යනවා. මයිකල් බේගේ ෆිල්ම්ස්වලට ම ආවෙණික වුනු කැමරා ඇන්ගල්ස්, වේගවත් ජේදන(Fast cutting), stylistic Cinematography, දැවැන්ත පිපිරුම් දර්ශන(depictions of explosions) "Ambulance" ෆිල්ම් එකේ පදම සකස් වෙනවා. ටෙක්නිකලි පැත්තෙන් Cinematography වලින් සහ Editing වලින් කරලා තිබුන Cinematic camera techniques මාරයි. විශේෂයෙන් කැමරා ඇන්ගල්වලින් ෆිල්ම් එකේ තියෙන Tension එක විසින් ඕඩියන්ස් එකම පැය දෙකහමාරකට නරඹන ප්‍රේක්ෂකයාව ඉඳගෙන ඉන්න පුටුවට හිරකරනවා. මයිකල් බේට ආවේණික වුනු ක්‍රියාදාම සුපවේදය සමඟ ක්‍රියාදාම රසය( Action Flavour) අඩු නැතිව විඳින්න පුලුවන් ෆිල්ම් එකක් තමයි "ඇම්බියුලන්ස්" කියන්නේ. විල් සහ ඩැනී චරිත වෙනුවෙන් පණ පොවන "යේහා අබ්දුල් මතීන් සහ "ජේක් ගිලෙන්හාල්ගේ" Chemistry එක චිත්‍රපටය සාර්ථක වෙන්න බලපාලා තියෙනවා. අනෙක් පැත්තට මුළු ෆිල්ම් එක පුරාවටම මුළු ඕඩියන්ස් එකේම ආකර්ශණය දිනාගන්න සරාගී Eiza Gonzalezගේ සිරියස් ඇක්ට් එක පර්ෆේක්ට්. රොට්න් ටෝමැටෝස් හි විචාරයට අනුව මෙය " මයිකල් බේ⁣⁣ගේ චිත්‍රපට නිර්මාණය කළ මුළු වසර 25ක කාලය තුළ අධ්‍යක්ෂණය කළ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස "ඇම්බියුලන්ස්" ච්ත්‍රපටය හඳුන්වනවා. පැය දෙකහමාරක් ඇතුළේ Action Packed එකක් විදියටත් Nonstop Action Movie එකක් විදියට ක්‍රියාදාම චිත්‍රපටවලට කැමති අයට Highly Recommend කරන ගමන්, "ඇම්බියුලන්ස්" කියන්නේ මෑතකදී සිනමා ශාලාවක අත්විඳපු හොඳම ක්‍රියාදාම චිත්‍රපටයක් කියලයි අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ.

Top