"තප්පර නවයෙන් ලෝකයක් තිගැස්ස වු කළු චීටාවාගේ සෙලියුලයිඩි අරුමැසිය" (652)

"තප්පර නවයෙන් ලෝකයක් තිගැස්ස වු කළු චීටාවාගේ සෙලියුලයිඩි අරුමැසිය" (652)

මලල ක්‍රීඩාවේ සන්නාමයක් බවට පත් උසේන් බෝල්ට් නම් ඒ සොඳුරු මිනිසාගේ, අයෝමය අද්විතිකමය ජවාධිකයාගේ පුරාවෘත්තය සෙලියුලයිඩ් පටයකින් නැරඹීමට හැකි වීම එක්තරා ප්‍රහර්ශයක් විදියටයි මා දකින්නේ. ලොව වේගවත් ම මිනිසා ලෙසින් විරුදාවලිය ලැබ , සිය මව්බිමේ නම ලෝක සිතියමේ ගෞරවණීය ලෙසත් අභිමානවත් ලෙසත් සටහන් තැබූ යුගයේ අයෝමය ජවාධිකයාගේ අසිරිමත් කතාවයි මේ. මලල ක්‍රීඩාව තුළ නොමැකෙන සටහනක් තැබු ජැමෙයිකානු දේශයේ උපන් උසේන් බෝල්ට්ගේ දිවිය පිළිබඳ 'I am Bolt' නම් වාර්තා චිත්‍රපටය තුළින් පිළිබිඹු වෙයි. වාර්තා චිත්‍රපටයක තිබිය යුතු ගුණාංග සමඟින් නිර්මාණය වන " අයි ඈම් බෝල්ට්" චිත්‍රපටය තුළ ඔහු ජවන පිටියේ අති විශිෂ්ටයෙකු බවට පත්වන්නට ඔහු කරන කැපවීම, මහන්සිය, උත්සාහය, නොපසුබස්නා වීර්යය පිළිබඳ දැක්වෙයි. 

ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ඔහු විටින් විට මුහුණ දුන් පාදයේ මස් පිඬු පෙරලීම( Hamstring ), කලවයේ මස්පිඬු ඉරීයෑම (Hamstring Injury ) ආදී රෝගාබාධ වලට මුහුණ දෙමින්, ආබාධ තත්ත්වයන් සහ එම බාධාකාරී වාතාවරණයන් මැඬගෙන ඔලිම්පික් රන් පදක්කම්වලින් පමණක් ඔහුගේ ගෙල සරසගන්නට ඔහු කළ විස්කම සැබැවින්ම නරඹන්නාට සපයන්නේ ප්‍රබල ආදර්ශයකි. ක්‍රීඩාව වෘත්තිමය ජීවිතය බවට පත් කරගත් මේ අපුරු මිනිසාගේ කතාන්තරය තුළින් ප්‍රේක්ෂකයාට ලබා ගත හැකි මහඟු ආදර්ශ නම් බොහෝයි. නිරන්තරයෙන් කරනු ලබන පුහුණුවීම් ඔස්සේ දෙවියන් විසින් ලබා දුන් වේගවත් සහ ජවසම්පන්න දෙපය ඔහු ඔහුට ම ආභරණයක් කරගන්නා ආකාරය චිත්‍රපටය තුළ දැක්වෙයි.

උතුරු ජැමෙයිකාවේ අති දුෂ්කර ගම්මානයක් වන ෂර්වුඩ් කොන්ටෙන්ට් හිදී උසේන් බෝල්ට් උපත ලබන අතර උසේන් බෝල්ට් උපන් දවසේ සිට ම නීරෝගී ශක්තිමත් දරුවෙකුගේ ලක්ෂණ ප්‍රකට කළේය. උසේන්ට යන්තම් සති පහක් ගත වෙද්දි උසේන්ගේ සීයා අපූරු සිදුවීමක් දුටුවේය. දෙපස ආරක්ෂාවට තිබූ කොට්ට උඩින් පෙරළි පෙරළී ඇඳ කෙලවරට ආ බිළිඳා ඇඳ කෙලවරදී වම් අතට බර යොදා ආපසු හැරී යළි අනෙක් පැත්තට හැරුණේය. මේ සිද්ධිය දුටු ඔහු පැවසුවේ මෙවැන්නකි. "මේ නම් පුදුම ශක්තියක් තියෙන දරුවෙක් කවදාහරි ඔහු ලෝකය පුදුම කරවන දෙයක් කරයි" යනුවෙන් උසේන් බෝල්ට් පිළිබඳව පළමු අනාවැකිය පළ කළේය. සීයාගේ මේ අනාවැකිය සත්‍යය කරමින් 2008 වසරේදී චීනයේ බෙයිජිං නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීත්, ජර්මනියේ බර්ලින් නුවර පැවති ලෝක ශූරතාවයේදීත්, එහිදී ඔහු මීටර් 100 නිමා කළ හොඳම කාලය විය . එය තත්පර 9.58 කි. උසේන් ලන්ඩනයේ සහ රියෝ ඔලිම්පික් උළෙලේදීත් ලෝක වාර්තා තැබීය. 

ජවන හා පිටියේ විවිධ ඉසව් තුළින් ඔහු අත්කරගත් ජයග්‍රහණයන් චිත්‍රපටය පුරාවටම සලකුණු කරයි. බීජිං, ලන්ඩන්, රියෝ ඔලිම්පික් ත්‍රිත්වය තුළ ඔහු පිට පිට ලැබු ජයග්‍රහණයන් සමඟ එම විජයග්‍රාහී ගමනට උරදුන් සම්පත්දායකයන්ගේ ඇගයුම් ද චිත්‍රපටය තුළ කතා කරයි. උසේන් බෝල්ට් යනු ක්‍රීඩාව තමන් අතට හරවාගත් ක්‍රීඩකයෙකි. ජැමෙයිකානු කොදෙව්වේ ධජය දෙස හැරී වත් නොබැලු ලෝකය නැවත ජැමෙයිකානු දේශය ගැන කතා කරන්නට බෝල්ට් හේතුව වූ බව ඔහු විසින් ක්‍රීඩා පිටියේ තැබු සෑම පියවරක් පාසා ම සාක්ෂි දරයි. ඔහු සැබැවින්ම කැරිස්මාවකි. ඔහුගේ ගමන, ලීලාව, විලාසිතාව, පෞරුෂය, දේහ ලක්ෂණ, අවංකත්වය නිසාම ලොව සෑම අයෙක්ම බෝල්ට්ට ආදරය කළේය. බෝල්ට් ක්‍රීඩා ඉතිහාසය තුළ පමණක් නොව ලෝක ඉතිහාසයේ නව පරිච්ජේදයක් අළුතින් ලියු සජීවි පුරාවෘත්තයක් ( Living Legend ) බවට පත් විය.

Top