"මී පැණි කන්න හිතෙන අයට තිත්ත හිතෙන කතාවක්....!" (572)

"මී පැණි කන්න හිතෙන අයට තිත්ත හිතෙන කතාවක්....!" (572)

"මී මැස්සන් මෙලොවින් සමිපුර්ණයෙන් ම වඳ වී ගියහොත්, ඉන් වසර හතරක් ඉකුත් වු වී ගිය පසු මිනිසා ද වඳ වී යන්නේය" මේ කය සලිත කරන ප්‍රකාශනය කරන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. එහි ඇති සත්‍යතාවය සිනමාරූපිව තහවුරු කරන්නේ සම්මානනීය වාර්තා චිත්‍රපටයක් වන "මෝ දැන් හනී"ය. 

සැබැවින්ම අප කඩෙන් මිලට ගන්නා පිරිසිදු මී පැණි බෝතලයකට වඩා එහා ගිය කතාවක් "මෝ දැන් හනී" අපට කියයි. ඒ නූතනයේ මී මැස්සන් ගොදුරුව ඇති ඛේදවාචකය පිළිබඳවයි. කැලෑබඳව සිටි නිදහසේ දිවි ගෙවු විසකුරු මි මැස්සන් හීලෑ කලේ කවුරුන්ද? ඒ මිනිසා ය. මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් මී මැස්සන් හීලෑ කළෙමු. පරිසරයේ ශාක, ගස්වැල්වල තුනෙන් එකක් පරාගනය සිදු කරනුයේ මී මැස්සන් ය. ගල්ගුහාවල, ගස්වැල්වල දිවිගෙවු මී මැස්සන්, කන්ටේනර් පෙට්ටිවල දවස් ගණන් තැම්බෙමින් ඔවුන්ගේ දිවිය සමඟ සෙල්ලමි කරමින් යහමින් මුදල් උපයන මිනිසුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මේ වාර්තා චිත්‍රපටය කරුණු හෙළි කරයි. 

වාර්තා චිත්‍රපටයේ මුලිකාංග සතර පිළිබඳ "මෝ දැන් හනී" වාර්තාමය සිනමාකෘතිය සමඟ සමිබන්ධ කළහොත්,

  1. වාර්තා කිරීම, අනාවරණය කිරීම, සංරක්ෂණය කිරීම
  2. පොළඹවාලීම

3.විශ්ලේෂණය කිරිම හෝ ප්‍රශ්න කිරීම

4.අදහස් පළ කිරීම

යථෝක්ත මුලිකාංග මෙම වාර්තා චිත්‍රපටය තුළ පිහිටමින් මී මැස්සන්ගේ චර්යාව ගෙවෙන්නේ කෙසේද යන්න අප වෙත තබමින් මී මැස්සන් පිළිබඳ අප නොදත් කරුණු රාශියක් අනාවරණය කරයි.

  1. මී මැස්සියකට නැවත මී වදය වෙත ගමන් කිරීමේදී ගමන් කළයුතු සුදුසුම මාර්ගය ගණනය කිරීමේ හැකියාවක් තියනවා(routing process).
  2. මී පැණි කි.ග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මල් පැණි සොයා මී මැස්සියන් ගමන් කරනා දුර ප්‍රමාණය පෘථිවියේ වට ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි.
  3. මී මැසි රැජිනක් වෙනත් මී මැසි කොලනියක පිරිමි මී මැස්සන් 10-15 සමග සංසර්ගයේ යෙදෙන අතර උන්ගෙන් ලබාගන්නා ශුක්‍රාණු මිලියන5ක් පමණ ඇගේ සිරුරේ වසර 8ක් පමණ සුරක්ෂිත ගබඩා කර තබාගන්නවා. මේවා වරින් වර ප්‍රයෝජනයට ගනිමින් ඇය සිය ජීවිත කාලය පුරාවටම මී වදය තුළට වී බිත්තර දැමීමේ කාර්යයේ නියුතු වනවා.

කැලිෆෝනියාව, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්ත සහ චීනය යන රටවල් තුළ මී මැසි කොලනි පවත්වාගෙන යනනේ කෙසේද? 

මේ මී මැසි පාලනය සමඟ ඔවුන් තම කර්මාන්තයක් ලෙස සිදුකරන ආකාරය පිළිබඳව වාර්තා කරයි. "වාර්තා චිත්‍රපටයක්(Documentary) ආකාරයෙන් පැමිණෙන "මෝ දෑන් හනී" චිත්‍රපටයේ අධ්‍යක්ෂ Markus Imhoof කතාව කීමට යොදාගෙන ඇති ආඛ්‍යානය සුවිශේෂි ය. බාහිර කථනයන් සමඟ ගැවසගත් මී මැස්සන්ගේ ජීවන තත්ත්වය අති සමීප රූපවලින් ප්‍රකාශ වෙයි. කැමරා ආම්පන්න සමඟ මී මැස්සන්ගේ දිවියට සමීප වීමත්, ප්‍රේක්ෂකයා ඔවුන්ට අභිමුඛ කිරීමත් මුළු සිනමාපටය පුරාවටම වාර්තා රූපි බව ඉස්මතු කිරීම සඳහා කැමරාව දිගු වෙලාවක් තබාගෙන සිටින දර්ශන (Long scenes) යොදාගෙන ඇති නිසාවෙන් වාර්තාමය ස්වභාවය තීව්‍ර කරයි. 

සිනමා හා ටෙලිවිෂන් මාධ්‍යයන් ද්විත්වය තුළ විග්‍රහ කිරීමට අසීරු යෙදුමක් ඇති දැයි කිසිවකු ඇසුවහොත් එයට ලැබෙන පිළිතුර වන්නේ, වාර්තා චිත්‍රපටය(documentary) යන්නයි. සියල්ලන්ටම එකඟවිය හැකි තනි නිර්වචනයක් නොමැති වීම වාර්තා චිත්‍රපටයේ අපූර්වත්වය හා විචිත්‍රවත්වය කියාපායි. "මෝ දෑන් හනී" චිත්‍රපටය නරඹන්න. මී මැස්සන්ගේ ගුමු ගුමුව තුළින් නැඟි මෙම සත්ත්ව ප්‍රජාවගේ ජීවන වියමන විඳගන්න.

Top