මිනිස්සු කියන්නේ හඳුනා ගන්න බැරි විශ්වාස කරන්න අමාරුම විදිහේ ජීවින් කොට්ඨාසයක් - kappela (2020) (490)

මිනිස්සු කියන්නේ හඳුනා ගන්න බැරි විශ්වාස කරන්න අමාරුම විදිහේ ජීවින් කොට්ඨාසයක් - kappela  (2020) (490)

ජීවිතේ හරි පුදුමාකාරයි 

ඒ වගේම මිනිස්සු විවිධාකාරයි.

සමහර වෙලාවට අපි දකින හිතන මිනිස්සු නෙවේ ඒ මිනිස් හදවත් අස්සේ ඉන්නේ..

ජෙසී , තමන්ගේ අම්මා , තාත්තා, බාල සහෝදරී එක්ක සාමාන්‍යය විදිහට ජීවිතේ ගෙවන් යන කෙල්ලක්. එතකොට විෂ්ණු , මිස් කෝල් එකක් නිසා හමුවුණු ජෙසීගේ තවමත් නොදුටු පෙම්වතා.. රස්සාව ත්‍රීරෝද රථ රියදුරෙක්. හැමකෙනෙක්ටම උදව් කරන, නිවුණ , හිත හොඳ අහිංසක කොල්ලෙක්..

ආදරේ හෙමීට ගලන් යනකොට ජෙසීට මංගල යෝජනාවක්. ඒ තමන්ගේ ම ගමේ යමක් කමක් ඇති පවුලක කොල්ලෙක්ගෙන්. ඒ කොල්ලගේ ඒක පාර්ශ්වික ආදරේ කොහොමත් ජෙසී..

ඉතින් ඒ කලබල අස්සේ, ගෙදරටත් හොරෙන්ම කෙල්ල දවසක් දාගෙන යනවා තමන්ගේ පෙම්වතා හමුවෙන්න. ඒ වෙනම ම  කාර්‍යබහුල නගරයකට.. ඒත් එතෙන්දි වෙන්නේ නොසිතූ දෙයක්. ජෙසීව ගන්න බලන් ඉන්න විෂ්ණුගේ ෆෝන් එක නැතිවෙනවා.. ඒ නැතිවුණ ෆෝන් එක ගන්න හොරාගෙනුත් තව හොරෙක් ඒක උස්සනවා. ඒ රෝයි.

ගමේ චණ්ඩියා. යන යන තැන රණ්ඩු ඇති කර ගන්න ගහ මරා ගන්න හැමෝටම එපා කරපු චරිතයක්. ඉතින් කෙල්ලගෙන් එන කෝල් එක ආන්ස්වර් කරලා නොදැකපු පෙම්වතා විදිහට කෙල්ල ඉස්සරහට යන්නෙ රෝයි...

ඔව් එතනින් එහාට වෙන දේ සාමාන්‍යයයි . අනිවාර්යයෙන්ම කෙල්ල රවට්ටගන්නවා ඇති.. ඒත් වෙන්නේ නොහිතන දෙයක් .විෂ්ණු මඟ ඇරුණු තමන්ගේ පෙම්වතිය හොයාගන්නවා... එච්චර වෙලා වචනයක්වත් නොකියපු රෝයි තමන්ව නිවැරැදි කරලා යන්න යනවා.. ඒත් අර කෙල්ලයි කොල්ලයි යන හැම තැනකම පස්සෙන් පන්නනවා... අනිවාර්යයෙන්ම කොල්ලගෙන් පලි ගන්න වෙන්න ඇති.. කතාවේ එන්ඩ් එකට යනකම්ම එහෙමයි හිතෙන්නෙ...

තමන්ගේ පස්සෙන් එන නිසාම කොල්ලා අන්තිමට රණ්ඩුවකුත් දාගෙනමයි එතනින් යන්නේ.. ඉතින් රණ්ඩුව නිසා තෙමුණු ඉරුණු ඇදුම් ඇදගන්න කොල්ලා කෙල්ලව එක්ක යන්නේ ලොජ් එකකට.ඒත් එතෙන්දි වෙන සිදුවීම් එක්ක කෙල්ලට කොල්ලගැන කොල්ලගේ හැසිරීම ගැන පොඩි සැකයක් එනවා...

ඒ සැකේ ලොකු ඇත්තක් වෙන්න යන්නේ පොඩිම වෙලාවක්.. කොල්ලගේ ඇත්ත ස්වරූපය කෙල්ල ඉස්සරහ එළියට එනවා. කොල්ලා කවුද මොන හේතුවටද කෙල්ල එක්ක සම්බන්ධයකට ආවේ කියන දේවල් ඔක්කෝම එළි වෙනවා. අර පෙන්නන් හිටපු සුදු චරිතේ නිරුවත එළිවෙනවා.

කතාවේ එන්ඩ් එකට එනකම්ම බලනකොට ආදරේ හිතෙන චරිතේ විෂ්ණු. වෛර කරන චරිතේ වෙන්නේ රෝයි.. ඒත් ඇතුළාන්ත සම්පූර්ණයෙන්ම වෙනස් 

ඉතින් මිනිස්සු කියන්නේ ලේසියකට හඳුනා ගන්න බැරි විශ්වාස කරන්න අමාරුම විදිහේ ජීවින් කොට්ඨාසයක්.

ඉතින් මිනිස්සුන්ව, හැඟීම්, මනුස්සකම් පාවිච්චි කරන මේ වගේ සමාජයක , හොඳයි කියලා පෙන්නන හැම මනුස්සයාම හොඳත් නෑ. නරකයි කියලා හංවඩු ගහපු හැම මනුස්සයාම නරකත් නෑ.

ඒ වගේම ජංගම දුරකථන වැරදි ලෙස භාවිතය. අද වන විට බොහෝ දරුවන් ගැටලු රැසක පැටලෙන තවත් එක් දෙයක්. තාක්ෂණයෙ දියුණුවත් සමඟ මුහුණ දී ඇති තවත් සමාජ ගැටලුවක්. චිත්‍රපටය තුළින් ඒ පිළිබඳවත් පුළුල් සමාජ කතිකාවතකට මාර්ගය විවෘත කර තිබෙනවා. එතුලින් ඉතාමත් කාලීන මෙන්ම වැදගත් පනිවිඩයක් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කොට තිබෙනවා.

කතාවේ අන්තිමටත් කෙල්ල වෙනුවෙන් බලන් ඉන්න අර ගමේ කොල්ලා කැමැත්ත අහනවා.

" උත්තරේ හරි වෙලාවට ලැබෙයි.."

කෙල්ල කියන්නේ එහෙම.. ඉතින් හැමදේකටම හොඳම උත්තරේ හරිම වෙලාවට ලැබෙයි.. එතකන් පෝඩ්ඩක් විතර රිද්ද ගන්නම වෙනවා.. ඉතින් බැලුවට පාඩු නැති අතිශයින්ම කාලීන සිදුවීමක්..

ඒ වගේම හැම මලයාලමකම වගේ හිත් අල්ලන මායාව. ඒ පරිසරය. සරල, සුන්දර ගැමිකම kappela අස්සෙත් මදි නොකියන්නම තියෙනවා.

ඉතින් ජෙසී එක්ක ඒ මනරම් පරිසරය අස්සේ නිවෙන්න ආස නම් විනාඩි එකසිය පහලොවයි තප්පර තිස්තුනක් වෙන්කර ගන්නම වෙනවා..

Top