අප දකින්නේ සැබෑවක්ද? තහවුරු කර ගැනීමට ඔබේ අත කොනිත්තා ගත හැකිය. ඒ කෙනිත්තීමත් සිහිනයක් නම්! එසේ නම් ඔබට දිය පිරි පොකුණකට පැන නින්දෙන් මිදිය හැකිය. අවාසනාවකට පොකුණට පනින දසුනත් සිහිනයක් නම් අප කුමක් කරන්නද?
හිතන්න ඔබ ඉන්න තැනට දකුණු පසින් අඹ ගහක් නෑ කියලා. එතන යමක් ඇති බව හෝ නැති බව ඔබ දන්නෙ නෑ. ඇත්තටම ඒ ගැන මතකයක් ඔබට නෑ. දැන් එනවා විජ්ජාකරුවෙක්. ඔහු පුදුම සහගත ලෙස දේවල් මවන්න අති දක්ෂයි. ඔබට නොපෙනෙන්න ඔහු අඹ ගසක් මවලා සැඟවිලා බලා ඉන්නවා. ඒ තැන ගැන කලින් විශේෂ අවධානයක් නොතිබුණු නිසා එය මායාකරුවා මැවූ අඹ ගසක් කියලා ඔබ විශ්වාස කරනවද? කොයි තරම් මේ වගේ අඹ ගස් අපි ජීවත් වන ලෝකයේ ඇතිද?
සිනමාව කියන්නෙ තාක්ෂණික යුගය විසින් මිනිසාට දායාද කරපු අපූරුම කලාංගය. ඊට පෙර තිබුණු හැම කලාවකටම වඩා බලසම්පන්න, කලාත්මක, මුදල් ගැවසෙන, ආකර්ශනීයම කලාව සිනමාව බව කාටත් පිළිගන්න වෙනවා. ලංකාව තුළ නොවුණාට ලෝකයේ මුදල් කඳු ගණන් එහා මෙහා වන අංක එකේ වාණිජ කලාව තමයි සිනමාව. ඇයි මිනිස්සු මේ තරම් සිනමාවට වශී වෙන්නෙ.
සිනමාව අපිට ආශා කිරීමේ කලාව හොඳින් උගන්වනවා. ඇල්ෆ්රෙඞ් හිචිකොක් නම් සිනමා අධ්යාක්ෂවරයාට අනුව චිත්රවපටයක ධාවන කාලය කියන්නෙ පිරිමි මුත්රා ශයේ දරා සිටීමයි. සිනමාව ඒ තරම්ම ලිංගික සංඥා සහිතවයි ඔබ ඉදිරියේ දිග හැරෙන්නෙ. අපි සිනමාවට බැඳෙන්නෙ නොදැනීම අපි අපේක්ෂා කරන අශ්ශීල දෙයක් වෙනුවෙන්. සිනමාවෙන් අපි ඉල්ලා සිටින්නෙම සංස්කෘතිය විසින් යටපත් කර සඟවා තබන දෙය මතු කරලා දෙන්න කියලයි. පුන පුනා ඇස් දල්වන්නෙ ඒ වෙනුවෙනුයි.
ඔබට පුළුවන් ඬේවිඞ් ලින්ච් කියන ඇමරිකානු සිනමා අධ්යනක්ෂවරයගෙන් මෙය ඉගෙන ගන්න. Blue Velvet, Lost Highway, Twin peaks¦ Fire Walk With Me, Mulholland Dr. වැනි ඔහුගේ සිනමාපට අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත එන්නෙ මේ අශ්ශීල ආශාවන් පොදි බැඳගෙන. අපි නිතරම මේ සිනමාව ගැන කතා කරද්දි සිහි කරන ඇල්ෆ්ර්ඞ් හිචිකොක්ගේ සයිකො ඇතුළු සිනමා කෘතීන් බලා ඉන්නෙ ඔබේ සඟවන ලද අශ්ශීල හැඟීම් එළියට ගන්නයි.
මතක තබා ගත යුතුයි, සිනමාව ඔබේ ආශාව වෙනුවෙන් පෙනී ඉන්නව කිව්වට ඔබට ඕනෙ විදියට දඟලන්නෙ නෑ කියන එක. සිනමාපටයකට නිශ්චිත කතා පුවතක්, අදහසක් තියනවා. සිනමාකරුවාගේ පිටපත ඔබ වෙත ගෙන එන එකයි මෙහිදී කෙරෙන්නෙ. ඉන් පසුවයි සෘජුව හෝ වක්රඅව අපේ ආශාව වැඩ කරන්න ගන්නෙ.
නිල් සිනමාව ඔබට අමතන්නෙ ඊට වඩා බොහෝ දරුණු ක්රසමයකටයි. කලාත්මක හා වාණිජ සිනමාපටවල තියෙන ලිංගික දර්ශන ගැන නෙවෙයි මේ කියන්නෙ. කාමෝද්දීපන රංගන සහිත නිල් චිත්රජපට ගැනයි. කලාත්මක සිනමාවේ මෙවැනි දර්ශන තිබිය හැකියි. ඔව් ඒක සත්යීයක්...! වාණිජ සිනමාවටත් ඒ තත්වය එසේමයි. පොනෝග්රැ ෆි නොහොත් නිල් සිනමාව යනු අපි අර්ථ සහිතව හඳුන්වන සිනමාවට ළං කළ නොහැකි කර්මාන්තයක්. සිනමාවේ කතාන්දරයක් හෝ පුවතක් ප්රයධාන කොටගෙන දිවෙන රංගනය බහුල වුණත් නිල් සිනමාවේ ප්රමමුඛ වෙන්නෙ ශරීරය සහ අවයව. සෘජුවම මිනිසාගේ අශ්ශීල ආශාව. විශේෂයෙන් ම පුරුෂ කේන්ද්රීපයව. විටෙක මෙය සැබෑ මිනිස් ආශාවන් හා සමපාත විය හැකි වුණත් බොහෝ වෙලාවට බලහත්කාරයෙන් නිර්මාණය කරන කාම සංස්කෘතියකින් යුතුයි. කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන් පුරාණ භාරතයේ ලියවුණු වාත්ස්යාායන මුණිවරයගේ කාම සූත්රුයේ මෙවැනි ලිංගික හැසිරීම් සහ ආශාවන් ගැන සඳහන් වෙනවනෙ කියලා. ඔව්! වාත්ස්යාූයනගේ කාම සූත්රියේ එවැනි දේවල් සඳහන් වෙනව තමයි. එහෙත් අප එය බේරගත යුත්තේ වෙනත් ආකාරයකින්. නිල් සිනමාව සෘජුවම කර්මාන්තයක්. අති දැවැන්ත ලාභ උපයන නොනවතින කර්මාන්තයක්. කාම දසුන් නරඹන ප්රෙනක්ෂකයා අවිඥානිකව සිතන්නෙ මෙය සත්ය යක් කියායි. බැරි වෙලා හරි මෙය ඇක්ෂන් කට් රූගත කිරීමක් බව දැනගැනීම යනු උපරිම විනෝදය කැඩීමක් වෙනවා. කලාත්මක සිනමාවේදී සංගීතය විශාල කාර්යභාරයක් කරමින් ප්රේපක්ෂකයා රසයන් කරා කැන්දන අතර නිල් සිනමාවේ ස්වභාවික ශබ්දයන්ට මුල් තැන දෙමින් ප්රේ්ක්ෂක භාව ඇවිස්සීමකට පමණක් සීමා කරනවා.
සිනමාව තුළ යථාර්ථය නිරූපණය වෙනව කිව්වට එය සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. සිනමාවෙන් නිරූපණය වෙන්නෙ යථාර්ථයේ ප්රවතිනිර්මාණයක්. එහෙමත් නැත් නම් කොටස් කොටස්. එසේ තිබිය දී අපිට පැහැදිලි කර ගැනීමට අපහසු නැහැ නිල් සිනමාව යථාර්ථයෙන් කොයි තරම් දුරස්ද කියන එක. අපි ජීවත් වන සමාජයත් ප්ර බන්ධයක්. ඒ කියන්නෙ ගොතන ලද කතන්දරයක් වැනි දෙයක්. හරියට කලින් කතා කරපු විජ්ජාකරුවාගේ අඹ ගස වගේ. යථාර්ථයත් ප්ර බන්ධයක් විදියට හිතන්න වෙලා තියෙද්දි සිනමාව හා ඊටත් අඩි ගණනාවක් පහළින් තිබෙන නිල් සිනමාව ගැනත් කවර කතාද?
තවමත් ජීවතුන් අතර ඉන්න ස්ලැවෝජ් ජිජැක් කියන දාර්ශනිකයා කියන විදියට ඇමරිකාව ප්ර මුඛ යුරෝපීය රටවල් පෙරදිගට පොනෝග්රැ ෆි පොම්ප කරද්දි ඔවුන් අපෙන් ඉල්ලා සිටින්නේ අධ්යා ත්මිකත්වය සහ භාවනාවයි.