සටන්කාමී තුවක්කුවට ඔලිව් අත්තක් එල්ලු කඩවසම් විප්ලවවාදියා (686)

post-title

වර්ශ 1972 ජර්මනියෙ මියුනිච් නුවරදි ඊශ්‍රයල් තරගකරුවන් 11 දෙනෙක් මරාදැමු පලස්තීනය එතෙක් දෙරට අතර පැවති යුද්ධයෙන් බැටකෑ පලස්තීනුවන්ට යුක්තිය ඉටු කරන්නට සිතුවේය. එහෙත් එයින් සිදුවුයේ දෙරට අතර ගැටුම තවදුරටත් වර්ධනය වීම පමණි. ගසා තීරයට අයිතිවාසිකම් කියමින් ඇතිවුණු මෙම යුද්ධයේදී ජෝර්දානයේ සහය හිමි වූයේ ද ඊශ්‍රාලයටයි. එයින් මුස්ලිම් ලෝකය මැද පලස්තීනය හුදකලා විය. ගාසා තීරය අවට ඊශ්‍රායල් පලස්තීන මිනිසුන් මැරි වැටෙද්දි දෙපාර්ශවයම ගසා තීරය වෙනුවෙන් තව දුරටත් ඔවුන් ඔවුන් දෙවැනි නොවන සන්නද්ධ අරගලයක නිරත වූයේ කිසිවක් හෝ කිසිවෙක් ගණනට නොගනිමින් ය. 

සුන්නි මුස්ලිම් මාපිය යුවලකට පුතු වී 1929 අගෝස්තු මස 04 වන දින ඊජීප්තුවේ කයිරෝ නුවරදි උපන් ඔහුගේ සම්පූර්ණ නම Mohomada Yasar abdel Rahaman Abdel Raufh Arfath Al Qudwa යි. අධ්‍යාපනය ලබන අවදියේ සිටම විප්ලවවාදී අදහස් දැරු අර්ෆත් සිය උසස් අධ්‍යපන කටයුතු සදහා ඇතුලත් වුණේ කයිරෝවේ කිං ෆුවාද් විශ්වවිද්‍යාලයටයි. එහිදි ඔහුගේ විප්ලවවාදී අදහස් තව දුරටත් මුවහත් වෙමින් වර්ධනය විය. උපතින් යුදෙව් විරෝධි පසුබිමක් ජීවත් වූ අර්ෆත් දැරුවේ යුදෙව් විරෝධි අදහස් මය. ඒ නිසාම පලස්තීන ඊශ්‍රයල් ගැටුමට පිළිතුරු සොයන්නට ද ඔහුට අවශ්‍ය වුණි. 

සිවිල් ඉන්ජිනේරු උපාධියක් හදාරා සිය වෘත්තිය තෝරාගන්නට ඉඩක් තිබුණ ද ඔහුගේ හිත තුල තිබුණේ පලස්තීන නිදහස පිළිබද සිහිනයයි. 1956 වසරේ දී ඊජිප්තු හමුදාවට බැදී සේවය කල අර්ෆත් සූවස් ව්‍යාපාරය වෙනුවෙන් සේවය කලේය. එයින් අනතුරුව කුවෙට් හි සිවිල් ඉංජිනේරුවෙක් ලෙසද සේවය කල අතර ඔහුට සිය අරමුණ කරා යන්නට මේ සියලු අත්දැකීම් ඉවහල් විය. 

පසුව සිය මව්බිමෙන් ඉවත්ව ඊශ්‍රායලයට පැමිණ එහි සිය දේශපාලන ගමන් මග ආරම්භ කිරීමට මේ විප්ලවවාදියා කල්පනා කලේය. ඒ අනුව තවත් පලස්තීනුවන් කිහිපදෙනෙක් සමග එක්ව ෆාට් ගරිල්ලා සංවිධානය ආරම්භ කරමින් එහි නායකත්වයට පත් විය. ෆාට් ක්‍රමයෙන් විශාල සංවිධානයක් බවට පත්වුණි. අවසානයේ ජෝර්දානය ඇතුලු මුස්ලිම් රටවල් හා ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙක් ෆාට් සංවිධානය සමග එකතු වූයේ මිලියන 6.5 ක පලස්තීනුවන් වෙනුවෙන් ය. 

1967 සිදුවූ දින හයේ යුද්ධයෙන් පලස්තීනයට අත්වූයේ විශාල පරාජයකි. ඉන් පසු වර්ශ 1969 දී අර්ෆත් පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා ලෙස තෝරාගැනුණි. තව දුරටත් යුද්ධයෙන් මේ ගැටලුව විසදන්නට නොහැකි බව තේරුම්ගත් යසර් අර්ෆත් ඒ සදහා සාමයේ මාවත තෝරාගත්තේය. මෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්ෆත්ට හා පලස්තීනයට සිය අවධානය යොමු කලේය. අවසානයේ දී සාමයේ මාවත තෝරාගනිමින් 1974 දී සාම සාකච්ඡා හරහා මේ ප්‍රශ්නය විසදාගන්නට ඔහු සූදානම් විය.

 එය "සටන්කාමින්ගේ තුවක්කුවට සාමයේ ඔලිව් අත්තක් එල්ලීමක්" ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍ර විය. 

1993 දී නෝර්වේ පැවති සාම සාකච්ඡා සදහා ඔහු සහභාගි වුණි. එය හැදින්වෙන්නේ ඔස්ලෝ සාම ගිවිසුම ලෙසයි. අවසානයේ දී ලෝක සාමය උදෙසා කල සේවාව වෙනුවෙන් යසර් අර්ෆත් 1994 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

කෙසේ වෙතත් 2004 වසරේ දී අධික ලෙස අසනීප තත්ත්වයට පත්වුණු ඔහු ප්‍රංශයේ පැරිස් නුවර පර්සි හමුදා රෝහලේදී මරණයට පත්විය. පසුව සොයාගත් කරුණු අනුව යසර් අර්ෆත් නම් ශ්‍රේෂ්ඨ මිනිසා විශ එන්නත් කර මරා දැමූ බව අනාවරණය වුණි. 

Top