චීනයේ ශෝඛාන්තය

post-title

ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයක්ම ගංගාවක් අසල ගොඩ නැගුණ අතර .එවැනි එක් ශිෂ්ඨාචාරයක් වන්නේ කහ  නදිය අසබඩ ගොඩනැගුණු හොවැන්හෝ ශිෂ්ඨාචාරයයි.කහ ගඟ හෙවත් හොවැන්හෝ නදිය චීනයේ දෙවෙනි විශාලතම නදිය සේම ලෝකයේ දෙවෙනි විශාලතම නදිය වේ,කහ ගඟ ආශ්‍රිතව නිර්මාණය වුන මෙම ශිෂ්ඨාචාරය වත්මන් චීනයේ ප්‍රතිනිර්මාණයට ද මුලපාදක වූ නිජබිමයි.ටිබෙට් කඳු පන්තියෙන් ඇරඹ සැතපුම් 3000ක් පමණ දුරක් ගලා යන ගංගාව චීනයේ කෘෂිකර්මාන්තය සේම ප්‍රවාහන සේවයට ද උපකාර කර ගනී. මෙම ගංගාව මධ්‍යම චීනයේ බයන් හාර් කඳුකරයෙන් පටන් ගෙන පළාත් 9ක් ඔස්සේ ගලාගෙන යන ගංගාව ඉන්පසු බෙහායි ගංගාවට ගලා වැටෙයි.ටිබෙට් සානුවේ පිහිටි සුරක්ෂිත කලාපයක් වන මෙය චීන ජල සංචිත කුළුණලෙසද හඳුන්වනු ලබයි. 

මෙම කහ ගඟ විවිධ අන්වර්ථ නාම වලින් හැඳින්වන අතර චීනයේ ශෝකය,මංකොල්ලය,හැංග් ජනතාවගේ පිපිරිම, චීන ශිෂ්ඨාරයේ ශෝකාන්තය  යන නම් වේ.මෙතෙක් චීනය පිලිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට නියමිත මුලාශ්‍ර සොයා ගෙන නොමැති අතර පුරාවෘත සහ ජනකතා ඇසුරින් ලබා ගත් තොරතුරු ඔස්සේ මෙවන් විස්තර දැනගැනීමට හැකියාව ඇත.

ඉතිහාසඥයින්ට අනුව චීනයේ ප්‍රථම රාජ්‍ය පාලනය සාමය ආරම්භ වන්නේ ශැන්ග්වරුන්ගේ පාලන සමයේදීය. එනම් ක්‍රි.පු.1583-1027 දක්වා කාලයේදීය.මෙම යුගයට අයත් මුලාශ්‍ර අර්ලින්ගෑන්,ශේන්ශෝවූ ප්‍රදේශ වලදී හමුවී ඇත.මොවුන් ශතවර්ෂ 5ක පමණ කාලයක් තම පාලනය ගෙන ගිය බවට මෙම මුලාශ්‍ර වලට අනුව තේරුම් ගත හැක.මොවුන් විවිධ අමනුෂ්‍ය ආත්ම පිලිබඳ දැඩි විශ්වාසයකින් යුක්තව කටයුතු කල අතර ප්‍රධානතම දෙවියා වුයේ ශැන්ග්ති ය.ඒ අතරම විවිධ දේවස්ථාන වල විවිධ දෙවිවරුන් වන්දනාමාන කරමින් බිලිපුජා ආදිය පැවැත්වුහ.

මෙම කාලයේදීම නිමිති යනුවෙන් මොවුන් හඳුන්වන මිනි ඇටකටු වල කොටන ලද ලියවිලි රැසක් හමුවී ඇති බවට විද්‍යාඥයෝ මත පල කරති.

මොවුන්ගේ විශ්වාස අතර රාජකීයයින්ට සොබාදමේ පවතින අත්මයන්ගේ බලයන් ලැබෙන බවත් ,පැරැන්නන්ගේ අත්මයන්ගේ බලයත් ලැබෙන බව විශේෂතම විශ්වාසය විය,එම හේතුවම මොවුන්ගේ ඥාති සබන්ධතා මෙන්ම රාජකීය සබඳතා බලවත් වීමට හේතුපාදක විය.රටේ විවිධ ක්‍රියාකාරකම් උදෙසා තමන් විශ්වාස කරන ආත්මයන් පිනවීම මෙන්ම  ඔවුන්ගෙන් උපදෙස් ගැනීමද රජුගේ වගකීම විය. රජුන්ට ප්‍රශ්නයක් ඇතිවූ විට ඉතත සඳහන් කල ඇටකටු වල ප්‍රශ්න කොට ඒවා රත් කොට ඇති වන පිපිරුම් පිළිතුරු ලෙස ගත්හ.එම නිසාම මේවා අනාවැකි ඇට , දිවැස්න අස්ථි යන නම් වලින් හැඳින්වූහ.මෙම රූපක්ෂර චීනයේ මුලමකුරු ලෙස නම් වේ.

මෙම පාලන සාමය තුලද කුලබේද ඝට්ටනය තිබුන අතර උසස් පැලැන්තියේ රජුන් ඇතුළු පිරිස සුඛෝපභෝගී ජිවිතයක් ගත කල අතර සාමාන්‍ය ජනයා දිළිඳු දිවී පෙවතක් ගත කළහ.මොවුන්ගේ පැවති පන්ති පරතරයම මෙම රාජ්‍යයේ බිඳ වැටීමට හේතුවක් වන්නට ඇතයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.පසුව ක්‍රිපු.1028 දී බටහිර දේශ සිමාවෙන් පැමිණි චෞ ජාතිකයින් ශැන්ග් නගරයට ප්‍රහාරයක් එක්ක කලෝය.මේ ඔස්සේ එම පාලන සමයට අයත් මුර්ති, පිළිම, වැනි  බොහෝ වටිනා පුරා වස්තු එකතුවක් ලොවට උරුම විය.

නව පාලකයින් සියවස් 8ක් වැනි කාලයක් මෙහි පාලනය අතට ගෙන කටයුතු කල අතර වූ චන්ග් අධිරාජ්‍යයා යැන්ග්ත්සි මිටියාවත දක්වා තම අධිරාජ්‍යය පුළුල් කරගෙන ගියාය.මේ සමයේදී අධ්‍යාපනය,කෘෂිකර්මාන්තය ,ආර්ථිකය ,වාණිජ ,අධ්‍යාපනය යන සෑම අතකින්ම රාජ්‍යය පරිපුර්ණත්වයට පත්වූ අතර.කොන්ෆියුසස්, මෙන්සියස්  වැනි ප්‍රබල දාර්ශනිකයන් බිහිවූයේද මෙම සමයේදී වීම සුවිශේෂිත්වයයි.පින්තුර සහ ශබ්ද වල එකතුවකින් සැදුණුචීන ලේඛණ කලාව ඇරඹියේ මේ සමයේදී වන අතර ,ඒ හාම සෑම ශිෂ්‍යයෙක්ම  සඥා අක්ෂර 3000ඉගෙන ගත යුතුව තිබුණහ..මෙම මුලාශ්‍ර වලට අනුව මෙම රාජ්‍යය රජවරුන් 31 දෙනෙකුගේ යටතේ 6 වරක් පාලනය වූ බව කියවේ.එමෙන්ම ක්‍රිස්තු පුර්ව 1335 මෙහි ස්වර්ණමය සහ අවසන් රාජ්‍ය සමය වූ බව ද ඉතිහ්සඥයින් ගේ මතයයි

Top