එක් රැයකින් ලොව ආකර්ෂණය දිනූ රුසියානු පොප් ගායක විටාස් (623)

post-title

යුක්‍රේනියානු ජාතික ගායකයකු, ගී පද රචකයකු මෙන්ම නළුවකුද වූ ලොව පතල රුසියානු ජාතික විටාස් නොහොත් Vitaly Vladasovich Grachev 1979 පෙබරවාරි 19 වැනි දින Latvian SSR හිදී උපත ලැබුවේය. ඔහු රුසියානු ජාතික ලිලියා මිහයිලොව්නා ග්‍රචෙව් සහ ව්ලඩ්ස් අකාදේවිච් ග්‍රචෙව්ගේ පුත්‍රයාය. විටාස් යුදෙව් සහ ලැට්වියානු සම්භාවයන්ගෙන් මිශ්‍රිතව උපත ලද්දකුය. 

ඔහු කුඩාකල සිටම සංගීතයට ලැදි බවක් දැක්වූ අතර අවුරුදු 5 දී ඇකොඩියන් වාදනය ඉගෙන ගෙන ," Rain in Tbilisi ගීතය රචනා කළේය. පසුකාලීනව ඔහු පැවසුවේ ඔහුට වයස 12 වන විට අවම වශයෙන් ගීපද 10000 ක් රචනා කරන්නට ඇති බවයි. මොහුගේ මෙම විශිෂ්ඨ නිර්මාණශිලිත්වය දුටු ඔඩෙස්සා හි කළා පාසලේ පීඨාධිපති පැවසුවේ විටාස් යනු "දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවයි".

විවිධ දක්ෂතා වලින් පරිපුර්ණ වූ ඔහු වඩා ජනප්‍රිය වුයේ ඔහු විසින් නිර්මාණකරණයේදී භාවිතයට ගත් අද්විතීය Falsetto(ෆල්සේටෝ ), operatic pop, techno, dance, classical, jazz, යනාදී අංග ඇතුලත් විචිත්‍ර සංගීත රටවන්ගේ ඇසුර නිසාය.

2000 වසරේදී රුසියානු රුපවාහිනී මාධ්‍ය ඔස්සේ කරලියට එළඹී ඔහු 2005 දී ආසියානු සංගීත වේදිකාව අතික්‍රමණය කළේය. එම නැගීමට හොඳම නිදසුන් ලෙස Opera2 , The 7th Element, 2001 දී එළිදැක්වූ Philosophy of Miracle සහ Smile පෙන්විය හැකිය.

විටාස් විසින් රටවල් කිහිපයකම තම නිර්මාණ සමගින් වේදිකාගත වුන අතර මෙහිදී කැපී පෙනෙන ලක්ෂණ වන්නේ තමන්ගේ වේදිකාව, ඇඳුම් නිර්මාණ යනාදී සියල්ලම ගොඩනගන්නේ විටාස් විසින්ම වීමයි.

2003 දී Crusoe ගීතය රචනා කල Lucio Dala විසින් මෙම ගීතය ඔහුත් සමගින් ගායනා කිරීමට පැමිණෙන ලෙස ප්‍රාන්ත ක්‍රෙම්ලින් මාලිගාවේ පැවති මොස්කව් හි San Remo ප්‍රසංගයට අරාධනා කළේය. පසුව විටාස් Pucciniගේ Toska ඔපෙරාවේ පුහුණු වීම් සඳහා රෝමයට ගියේය.

2001 දී මිය ගිය මවට උපහාරයක් ලෙස The songs of My Mother සහ Mama ගීත ඇල්බම් දෙකක් නිකුත් කල අතර ,The Songs of My Mother ඇල්බමය රුසියානු පොප් සංගීතයේ රන්සංචිත ලෙස ගැනෙන සම්භාව්‍ය රුසියානු ගීත එකතුවට ඇතුලත් විය. 2003 නොවැම්බර් මාසයේදී විටාස් විසින් මෙම මවගේ ගීත ඇල්බමය රුසියානු ප්‍රසංග ශාලාවේදී දෙවන වරටත් ඉදිරිපත් කරන ලදී. නමුදු ඔහුගේ පළමු ගීත සංචාරය වූ Philosoph of Miracle ප්‍රසංගයට වඩා ගතානුගතික බවක් පෙන්වන ලදී.

ගායන දිවියට අමතරව රංගනයේද යෙදුනු ඔහු විසින් Beloved Scoundrel නම් අභිරහස් මිනීමැරුම් රුපවාහිනි කතා මාලාවකටද රංගනයෙන් දායකත්වය සපයන ලදී. එමෙන්ම Crazy Day නම් හාස්‍යෝත්පාදක චිත්‍රපටයකද රඟපෑවේය. 2006 ජුනි මාසයේදී බින්ජින්හි පැවති "The Year of the Russia "නම් විසල් සංගීත උත්සවයකට සහබාගි වීමට චීන මධ්‍යම රූපවාහිනිය විසින් විටාස්ට ආරාධනා කරන ලදී. මෙහිදී ඔහු Star සහ Opera 2 යන ගායන අංග දෙක ඉදිරිපත් කල අතර එයින් චීනයේ විටාස්ගේ ජනප්‍රියත්වයේ පළමු පියවර ඇරඹුණි. 

2009 ඔක්තොම්බර් මස අවසානයේදී Mother and son ගීත ඇල්බමය එළිදක්වන ලද අතර "C'est La Vie,"Once More", "Let the Father Teach!", "Young Rook" යන ගීත ඇතුලත් විය.

 මොහු විසින් මේ වන විට බෝල්ටික්, රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල මෙන්ම යුක්රේනය, බෝල්රුස් , කසකස්ථානය, ඊශ්‍රයලය යන රටවල, ම විවිධ ප්‍රසංග රැසක් පවත්වන ලදී. 2004 - 2006 කාලය ඇතුලත විටාස් ජනප්‍රියම සහ වඩාත් ඉල්ලුමක් සහිත ගායන ශිල්පියා බවට පත්වීමේ වරම් ලැබුවේය. එමෙන්ම ජනප්‍රියම නවක රංගන ශිල්පියාට හිමි සම්මානයද ලැබීමේ භාග්‍ය විටාස් විසින් ලබා ගන්න ලදී.

නැගෙනහිර රටවල සංජානනය සහ සංගීත රසාස්වාදය හා චින්තනය යුරෝපයට වඩා යම්තාක් දුරකට වෙනස් වුවත් ඔවුහු විටාස්ගේ ගයන සහ රංගන ශෛලිය ආදරයෙන් වැළඳ ගත්හ. විටාස්ගේ රසික ජාලය තුල, සිංගප්පුරු , ජපානය, චීනය තායිවානය වැනි රටවල ප්‍රේක්ෂකයන්ද සිටිම මෙයට මනා නිදසුනකි. සත්‍ය වශයෙන්ම ගතහොත් විටාස් යනු දක්ෂතාවයට එහා ගිය අද්විතීය සම්භවයක් ඇති ගායකයෙකි. මොහු සම්ප්‍රධායෙන් ඔබ්බට ගොස් සම්භාව්‍ය අනුවදනයන්ට එහා ගිය වෙනස් ශෛලීන් හි නිර්මාණ ප්‍රේක්ෂකයාට දායාද කිරීම මොහුගේ ඇති විශේෂත්වයයි.

Top