පිටසක්වළයින්ට ම වෙන්වුණු ඇමෙරිකාවේ ඒරියා 51 (487)

post-title

ඇමෙරිකා එක්සත් ජනපදය යනු මානව හිමිකම් පිළිබදව බොහෝ සෙයින් කතා බහ කරන තොරතුරු දැන ගැනීමේ අයිතිය උදෙසා සටන් වදින බලවත්ම රටයි. නමුත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය හාස්‍යයට ලක් කරමින් ලෝකයාගෙන් සත්‍ය වසන් කිරීමට උත්සාහ ගන්නා රට ලෙස ඇමෙරිකාව හැදින්වූවාට වරදක් නැත. අමෙරිකා එක්සත් ජනපදය ගොඩ නැගී ඇත්තේ ප්‍රාන්ත 50ක එකතුවකිනි. නමුත් මෙම ප්‍රාන්ත පනහට අයත් නොවූ එක් අබිරහස් ප්‍රදේශයක් පිළිබදව මුලු පෘථිවි වැසියාගේම අවධානයට සහ කතා බහට ලක් වූ කරුණක් බවට පත්ව ඇත. එරට වැසියාට පවා තහනම් කලාපයක් බවට පත් වූ මෙම ප්‍රදේශය හදුන්වන්නේ ඒරියා 51 යනුවෙනි. දැඩි හමුදා මුරකාවල් මැද පාලනය වන මෙම ප්‍රදේශය තළ ජනාවාස ඉදිව නැති අතර සංකීර්ණ ගොඩනැගිලි ඉදිව තිබීම පුදුමයට ලක්වන්නකි. මන්ද මේවා කිසිදු හේතුවක් නොමැතිව හුදෙකලාව ඉදි වීම ලෝකයාගේම සැකයට බදුන් වන්නකි.

ඇමෙරිකාවේ දකුණු නෙවාඩා ප්‍රාන්තය අනෙකුත් ප්‍රාන්ත වලට වඩා වෙනස් වන්නේ නැත. මෙම ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයට වන්නට ගෲම් විල පිහිටා තිබෙන අතර එය ශුෂ්ක කලාපයකි. ඒ නිසා මෙහි ජනාවාසකරණයට ලක් නොවූ අතර පසුගිය වසර කිහිපය තුළ අතිශය සංකීර්ණ ගොඩනැගිලි ඉදි වී තිබෙන ආකාරය චන්ද්‍රිකා ජායාරූප අනුව පැහැදිලි වෙයි. මෙය රහසිගත ප්‍රදේශයක් නිසා මෙරට ජනතාව මෙම ප්‍රදේශය ඒරියා 51 නමින් හැදින්වීමට පුරුදුව සිටින අතර ඇමෙරිකානු රජය පවසන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු කිරීම් ප්‍රදේශය යනුවෙනි. එරට රජය පවසන ආකාරයට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති මෙම ප්‍රදේශය ඇමෙරිකා ගුවන් හමුදාව විසින් පාලනය කරයි. ඒ නිසාම ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිම අයෙක්ට මෙම ප්‍රදේශයට ඇතුලු වීම තහනම්ය. ආරක්ෂක භටයන් පැය විසි හතර පුරාවටම රැකවල්ලාගෙන සිටින ඒරියා 51 තුළ ඉදිකර ඇති ගොඩනැගිලි වලට කිලෝමීටරයක පමණ දුරකින් ආරක්ෂක වැටක් ඉදි කර ඇත. ලොව සියලුම රාජ්‍යයන් වල බුද්ධි අංශයන් මෙම ප්‍රදේශයට අවධානය දෙමින් නොයෙකුත් තොරතුරු හා දත්තයන් රැස්කර ගැනීමට උත්සාහ කළත් තවමත් නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකිව ඇත. මෙම නිසාම ඒරියා 51 රහස් ගුහාවක් මෙන්ම කුතුහලය පිරුණු ස්ථානයක් ලෙස අදට ද හැදින්වීමට ලෝවැසියා පුරුදුව සිටී.

බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ඒරියා 51 යනු පිටසක්වළ ජීවීන් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ස්ථානයක් බවයි. එහිදී පිටසක්වළ ජීවීන් හා පෘථිවි වැසියන් සම්බන්ධතා පවත්වමින් යම් යම් ගනුදෙණුවන්හි නිරත වන බවත් ඒ සදහා පිටසක්වළ ජීවීන් නිතර නිතර මෙම ප්‍රදේශයට පිටසක්වළ යානා සමගින් පැමිණෙන බවත් ප්‍රකාශ කරයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ එනම් නෙවාඩා ප්‍රදේශය ආශ්‍රිත කලාපයේ ඉහළ අහසේ අද්භුත එලි දක්නට ලැබෙන බවත් ඒවා පිටසක්වළ යානාවන්හි ආලෝකයන් බවත් මේ පිළිබදව උනන්දුවක් දක්වන්නන්ගේ අදහස වෙයි. නමුත් මේවා සත්‍ය ලෙසට තහවුරු කර ගැනීමට තවමත් නොහැකිව ඇති අතර ඒවා අසත්‍යය යැයි පහසුවෙන් බැහැර කළ නොහැකිය. ඇතැම් පිරිස් පවසන්නේ ඇමෙරිකාව අතිශය රහසිගත ලෙස ජීව විද්‍යාත්මක අවි නිපදවන බවයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ඇමෙරිකාව විසින් බර අවි නිපදවීම සදහා මෙම ප්‍රදේශය යොදා ගත් අතර පසුව රුසියාව මෙම ප්‍රදේශය ගුවන් යානා පිළිබදව දත්ත එක්රැස් කිරීමට යොදා ගනු ලැබීය. ඒ වර්තමානයේ තරම් දැඩි ආරක්ෂාවක් එකළ නොවූවත් යම් කිසි ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව එය සිදුවිණි. බෝයිං 737 වර්ගයේ ගුවන් යානා මෙම ප්‍රදේශයට ඇතුලු වන බවත් නැවත පිටවන බවත් ඇතැමුන් නිරීක්ෂණය කොට ඇත. 

ඇමෙරිකාවේ රූට්ග්‍රේස් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශ්ලේෂකයන් සිව් දෙනෙකු ඒරියා 51 කලාපය වෙත රැගෙන ගොස් තිබේ. ඒ අභිරහස් රසායනික ද්‍රව්‍යය කිහිපයක් හදුනා ගැනීම සදහාය. නමුත් අවාසනාවකට එහිදී විද්‍යාඥයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබුණේ අක්මාවට විකිරණශීලී මූලද්‍රව්‍යය ඇතුලු වීම නිසාය. මෙම ස්ථානයට බී.බී.සී මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද රහසිගතව ඇතුලුව තොරතුරු සෙවීමට උත්සාහ කර ඇත. ඔවුන් පසුව කියා සිටියේ මුලින් ඔවුන් ඇතුලු වන ස්ථානයේ කිසිදු මුර සෙබළෙකු නොසිටි අතර ඒ නිසාම එහි ඇතුලු වීම ඔවුන්ට පහසුවක් වූ බවයි. ඇතැම් ආරක්ෂක නිළධාරීන් පැසිපන්දු ක්‍රීඩාවේ නියැළෙමින් සිටි බවත් මෙම 



කණ්ඩායම ඔවුන් සමග කතාබස් කිරීමට ගිය අවස්ථාවේ දී ඔවුන් බොහෝ සෙයින් කලබල වී පැය තුනකට අධික කාලයක් සිර අඩස්සියෙහි තබාගෙන සියලුම උපකරණ ආදිය ඔවුන් සන්තකයට ගනිමින් පරික්ෂාවට භාජනය කළ බවත් සදහන් කරයි. 

ඇමෙරිකානු ජනතාව ප්‍රකාශ කරන ආකාරයට ඒරියා 51 ප්‍රදේශය තුළ සේවක සංඛ්‍යාව 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් සිටියි. ඔවුන් තම පවුලේ පිරිස් සමග එහිම වාසය කරන අතර මෙම ප්‍රදේශයෙන් පිටව යෑමට කිසිලෙසකින්වත් ඉඩක් නොලැබෙයි. මියෙනතුරුම ඔවුන් ජීවත් විය යුත්තේ සීමා කර ඇති මෙම කලාපය තුළම පමණි. ඔවුන්ගේ ජීවිතය කැප කර ඇත්තේ මෙම කලාපය තුළ සිදුවන අභිරහස් කටයුතු සදහා තම සේවය සැපයීමටයි. මෙහි සේවය කරන ඇතැම් විද්‍යාඥයන් සහ සේවකයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුව ඇතුළතදීම මිය යන බව සදහන් වෙයි. රොබර්ට් බොබ් ලසාර් 1988 වර්ෂයේදී ගෲම් විල අසල පර්යේෂණාගාරයක කොන්ත්‍රාත් පදනමට සේවයට ගොස් සිටි අයෙකි. ඔහුට එස්. 04 නම් වූ පොළොව යට තැනූ පර්යේෂණාගාරයෙහි සේවය කිරීමට සිදුව තිබුණු අතර එහිදී ඔහුට දක්නට ලැබී ඇත්තේ මෙලොව දැක නැති අමුතුම ආකාරයේ යානාවකි. පෘථිවි යානා වල මෙන් ඇණ මුරිච්චි යොදා නොමැති පෑස්සුම් ආකාර දක්නට නොමැති පියාඹන පීරිසියක් බදු යානාවක් දක්නට ලැබුණු බව ස්ථිරවම ප්‍රකාශ කොට ඇත. එමෙන්ම රොස්වෙල් සිද්ධිය ද ලොවම පුදුමයට පත් කළ මේ හා සම්බන්ධ සිදුවීමක් වූ බවද කිව යුතු මනාය. කෙසේ නමුත් ඇමෙරිකාවේ යුධ කේන්ද්‍රස්ථානයක් ලෙස හදුන්වන මෙම කලාපය ඇමෙරිකාවේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ යටතේ තහනම් කලාප අංක 4808 ලෙස සිවිල් ගුවන් ගමන් හෝ වෙනත් ත්‍රිවිධ හමුදා ගුවන් යානාවලට තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

පෘථිවියේ බොහෝ පිරිස් විශ්වාස කරන්නේ පිටසක්වළ ජීවීන් හා ගනුදෙණු කරන බිම්කඩක් ලෙස ඒරියා 51 ප්‍රදේශය හදුනාගෙන ඇති බවයි. සිතන්න.....පෘථිවිවාසීන්ට අධි තාක්ෂණික උපකරණ ඇසුරින් නිපදවන රෝවර් යානා, අභ්‍යවකාශ යානා විශ්වයේ ග්‍රහවස්තුවල සිටින පිටසක්වළ ජීවීන් සහ අනන්ත විශ්වයෙහි රහස් සොයා උඩු ගුවනට යැවීමට හැකියාව ඇත්නම් වෙනත් මන්දාකිණිවල සිටින සුපිරි ජීවීන්ට පෘථිවිවැසියාගේ රහස් සොයා අප කරා ඒමට නොහැකි ද? මේ අනන්ත විශ්වයෙහි අපිට වඩා සුපිරි ජීවීන් සිටිය නොහැකිද? ජීවත් වන්නේ මේ මනුෂ්‍ය වර්ගයාම පමණමද? 

Top