ඇතිනා දෙව් විමන යලිත් ගිණි ගනී (210 වන ලිපිය)

post-title

ග්‍රීකයන් රසවත් දේවකතා සහ ජන කතා විශ්ව සාහිත්‍යයට එක් කල ජාතියකි.ග්‍රීක ජනවහරට අනුව යුද්ධයට, ගින්දරට සහ අවි ආයුධ වලට අධිපති ඇතිනා දෙවගනගේ වාස භවනය ලෙස සලකන "ඇට්නා ගිණි කන්ද මිට දින කිහිපයකට පෙර සක්‍රිය වීම ඇරඹුණි.

ජනකතා වලට අනුව මෙම ගිණි කන්ද පිලිබඳ විවිධ මත පවතින අතර .ඇතිනා , සියුස් දෙවියාගේ දියණියයි.පෘතුවියේ සහ අභ්‍යවකාශයේ දරුවකු ලෙස පහලවූ එන්ක් ලෝඩ්ස් නමැති යෝධයා ඇතිනා ගේ පරම සතුරා වූ අතර එක් කලෙක ,යෝධයා සහ දෙවිවරුන් අතර සටනක් ඇතිවිය.මෙහිදී මරණයට පත් යෝධයා ඇට්නා කන්ද පතුලේ ,මිහිදන් කල බවත් ඔහු කෑගසන වාරයක් පාසා ගිණි කන්ද පුපුරා යන බවත් ,ජන වහරෙහි කියවේ.

දෙවියන්ගේ වාස භවනයට ගිණි ඇවිලෙන්නේ කෙතරම් අභාග්‍යසම්පන්න කාලයකද ?ඇත්තෙන්ම ඉතාලිය කොරෝනා වෛරසයෙන් පිඩා විඳිද්දී සිසිලි දුපතේ පිහිටි ඇට්නා ගිණි කන්ද දින කීපයකට පෙර සක්‍රිය වී දුම් අළු සහ ලාවා නිකුත් කිරීමට පටන් ගෙන ඇත.මේ ජන ජීවිතය කෙරෙහිද පරිසරයටද බෝග වගාවන්ට ද විශාල බලපෑමක් ඇති කරයි.

ඉතාලියට දකුණු දිගින් පිහිටි සිසිලි දුපතේ නැගෙනහිර වෙරල කලාපයේ මීටර් 3320ක් උසැති එට්නා ගිණි කන්ද පිහිටා ඇත .මේ යුරෝපයේ පිහිටි වඩාත්ම සක්‍රිය වන, උසින් වැඩිම ගිණි කන්ද වන අතර වරින් වර විදාරණය වන ලාවා තැන්පත් වීමෙන් උස වැඩි වේ.එමෙන්ම පස් බිඳවැටීම් නිසා කලින් කලට උස මට්ටම අඩු වීමක්ද සිදුවේ.ඇට්නා ගිණි කන්ද වර්ග කිලෝ මීටර් 1600ක් පුරා පැතිර පවත්නා අතර ,වැඩිම විෂ්කම්භය කිලෝ මීටර් 1150කි.

ඇට්නා නිරතුරුවම විදරණයට ලක්වන ගිණි කන්දක් නිසා 19 වන සියවසේ මැද භාගයේ සිට පුළුල් වශයෙන් මේ පිළිබඳව පර්යේෂණ කරන අතර කැන්ටෙනියා , කාසා ඇතිනා සහ කැන්ටෝනිරා යන ස්ථාන වල පර්යේෂණාගාර ස්ථානගත කරන ලදී.භූගෝලීය සාධක වලට අනුව ඇට්නා වසර දසලක්ෂ 2.6ක කාලයක සිට විටින් විට සක්‍රිය වෙමින් පැවති.ලාවා විධාරණය මුව විට රාශියක් දක්නට ඇති අතර කේතු ආකාර දැදුරු මාධ්‍ය සහ පහල ප්‍රදේශවල දැකිය හැකිය.ගිණි කන්දෙහි වත්මන් පෙනුම අවසාන ලාවා විධාරණ අවස්ථා දෙක නිසා නිර්මාණය වී ඇත .

ඓතිහාසික කරුණු වලට අනුව ක්‍රිස්තු පුර්ව 475 දී සහ 396 දී විශාල භූචලන දෙකක් වූ සිදුවූ බව කියවේ.ක්‍රිස්තුවර්ෂ 1381 ඇතිවූ ලාවා විධාරණයේදී කිලෝමීටර් 16ක් දුරට අයෝනියන් මුහුද දක්වා ලාවා ගැලීමක් සිදුවිය.ක්‍රිස්තුවර්ෂ 1669 මාර්තු සිට ජුලි දක්වා සිදුවූ විදාරණයේ මීටර් දසලක්ෂ අටසිය තිහක ලාවා ධාරිතාවක් ගලා ඒමෙන් ගම් විශාල සංඛ්‍යාවක් විනාසයට පත්විය.

ක්‍රිස්තුවර්ෂ 1852 දී සිදුවූ ලාවා විධාරණයෙන් සිසිලියේ වනාන්තර සහ ගම් රාශියක්ද සැප්රානා (zafferane) නගරයද විනාශ විය.1908 සිට 1928 දක්වා ලාවා පිපුරුම් 16ක් සිදුවූ අතර ඉතාලියේ පලතුරු වතු සහ මිදී වගාව විශාල වශයෙන් විනාශයට පත් විය.1986 ,1999 ,වසර වලද මෙම කන්ද සක්‍රිය වූ අතර 2002 -2019 දක්වා ලාවා විදාරණ 7ක් සිදුවිය,

ඇට්නා ගිනිකන්ද කෙතරම් විනාශකාරී වුවද ග්‍රීක ජාතිකයින් විසින් ආර්ථිකමය සම්පතක් කර ගැනීමට උත්සහ ගෙන ඇත.මෙම කඳු ප්‍රදේශය පාරිසරික ,විද්‍යාත්මක කලාප තුනකින් යුක්ත වන අතර පළමු කලාපය මීටර් 915 කට වඩා උසකින් පිහිටා ඇත.එම කලාපය සරු මිදී ,ඔලිව් සහ සිට්‍රස් වගාවන්ගෙන් යුක්ත වන අතර ජනගහණ ඝනත්වය අඩුය.උස කඳු ප්‍රදේශ චෙස්නට් ,බිජ් ,ඕක් , පයින් ,බර්ජ් වැනි ගස් සහිත වනාන්තර වලින් යුක්තය.අඩි6500ට වඩා උස කලාපය අළු, වැලි ,ලාවා තට්ටු සහ යබොර කැබලි වලින් නිර්මිතය.,මීටරයකට වඩා උසින් අඩු ස්පයිනෝ, සැන්ඩෝ වැනි පඳුරු මෙම කලාපයෙහි පිහිටා ඇත.

සොභාදහම වෙනස් කරමින් ලෝකය ජයගැනීමට උත්සහ කරන මිනිසාට තවදුරටත් අභියෝගයක් වෙමින් තවදුරටත් එට්නා ගිණි කන්ද ක්‍රියාකරනු ඇත.

Top