අන්ධකාරයේ ත්‍රිකෝණය (180 වන ලිපිය)

post-title

වසර ගණනක් තිස්සේ ගවේෂණය කිරීමට උත්සහ කලත් අන්ධකාරයේ ත්‍රිකෝණය වූ බර්මියුඩාවේ අභිරහස පිලිබඳ අභිරහස සොයා ගැනීමට වර්තමානය වන විටවත් ගවේශකයින්ට හැකියාවක් නොලැබී ඇත.උතුරු අත්ලාන්තික් සාගරයේ එක්සත් ජනපදයේ ගිනිකොණ දිග උතුරු වෙරළ තිරයේ ,බර්මියුඩාවෙන් සහ මහා ඇන්ටිලස් දුපත් සමුහයෙන් වටවී තිබේ.මෙහි ආසන්නතම භුමි ප්‍රදෙශය ආසන්නතම වශයෙන් වර්ග කිලෝ මීටර් 1300,000 වන අතර ත්‍රිකෝණාකාර හැඩයකට පිහිටා තිබීම සුවිශේෂ ලක්ෂණය වේ.1505 දී ජුවාන් ඩි බර්මියුඩා ස් නම් ස්පාඥ ජාතිකයා විසින් මෙය සොයා ගන්නා ලදී.

මෙම ප්‍රදේශය ලෝක සිතියමේ නොපෙන්වන අතර භූගෝලීය සමීක්ෂණ වලට සම්බන්ධ එක්සත් ජනපද මණ්ඩලය බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් කලාපයේ නිල කලාපයක් ලෙස නම් කර නැත.19 වන සියවස මැද භාගය දක්වා මෙම කලාපයේ සිදුවන අත්භූත සිදුවීම් පිලිබඳ විවිධ සිදුවීම් අසන්නට ලැබුනද 1864 වන තෙක් බර්මියුඩා ත්‍රිකෝණය යන නාමය භාවිතයට නොගත්හ,මෙම යෙදුම මුලින්ම සඳහන් වුයේ 1864 දී පල්ප් නම් සගරාවකය.ඒ කාලය තුලම මෙම ප්‍රදේශය අසල අමුතු සිදුවීම් දක්නට ලැබී තිබුන අතර ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ගිනිදැල් දක්නට ලැබුණු බව කියා ඇත.මෙම ප්‍රදේශය අසලදී අතුරුදහන් වූ පුද්ගලයින් ගණන 1000 කට වැඩිය.

බර්මියුඩා ත්‍රිකෝණය උත්තර අක්ෂාංශ 25 සහ බටහිර දේශාංශ 71 කැපෙන සීමාව අවට පිහිටා ඇති අතර උතුරු ඇමරිකාවේ මියාමි වෙරළට නැගෙනහිරින් පිහිටා ඇත.

1918 මාර්තු මාසයේදී බ්‍රසීලයේ සිට මේරිලන්ඩ් හි බ්ලටිමෝර් දක්වා යමින් සිටි USS CYPLOS බර්මියුඩා ව තුලදී අතුරුදහන් විය.ඉන් වසර 27 කට පසුව ඇමරිකානු ලුයිට් බෝම්බකරුවන්බලකායක් රැගත් චාල්ස් කැරොල් ට්‍රේලර් ගුවන් යානය බර්මියුඩා ගුවන් කලාපයේදී අතුරුදහන් විය.

1945 දී ඇමරිකානු යුද නාවික හමුදාවට අයත් ගුවන් යානා 5ක් මේ හරහා පියාසර කර ඇති අතර එක්වරම ගුවන් යානා පාලක මැදිරිය හා තිබුන සම්බන්ධතාවය බිඳීගොස් ඇත.ඉන්පසු ඒ ගැන සෙවීමට යැව් ඊළඟ ගුවන්යානයෙන් එක්වරම පැමිණි පණිවිඩයේ සඳහන් වී තිබෙන්නේ 

"මගේ ගුවන් යානයට උඩින් අහසේ අමුතු හැඩයක දෙයක් තිබෙනවා.මට දැන් යානය පාලනය කර ගන්න බැහැ .ගුවන් යානය.... යනුවෙනි.ඒ වගේම ටොන් 19000 ක් බර මගී නෞකාවක් සහ තවත් නෞකා 5ක් පමණ මෙහිදී අතුරුදහන් වී තිබේ.මේ පිළිබඳව ගවේෂණය කල විද්‍යාඥයින් පවසන්නේ බර්මියුඩා ව තුළ අතුරුදහන් වූ අය අතර කිසිවෙකුටත් ජිවත් වීමට අවස්ථාවක් නොතිබූ බවත්කතා කල හැකි කුරුල්ලන් පවා අතුරුදහන් වූ බවත්ය.මගින් 400ක් පමණ ගමන් ගත් එක් නෞකාවකින් ලැබුන අනතුරු සංඥාවක් අනුව අසල තිබු වෙනත් නෞකාවක නාවික භට පිරිසක් පාවෙමින් තිබු නෞකාවට පැමිණ තිබේ.ඔවුනට දක්නට ලැබුනේ පුදුම සහගත සිදුවීමකි,පිළියෙළ කල කෑම මේස මත දුම් දමමින් තිබු අතර සියලුම මගින් අතුරුදහන් වී තිබුණි.එමෙන්ම කුඩුවල සිටි කතා කල හැකි ගිරවුන්ද අතුරුදහන්ව තිබු අතර කතා කල නොහැකි පක්ෂීන් පමණක් ඉතිරිව තිබුණි.

බර්මියුඩා ත්‍රිකෝණය තුල අතුරුදහන් වූ සියලුම ගුවන් යානා සහ නෞකා වලින් ලැබුන අවසාන පණිවිඩ වල සඳහන් වන්නේ

"අවට පරිසරය කහ පැහැති එළියකින් වැසි යනවා අපට යානා පාලනය කරගන්න බැහැ.." යන්නය.

ශ්‍රී ලංකාවේ දක්ෂ ව්‍යපරිකයකුව සිටි උපාලි විජයවර්ධන මහතාගේ ලියර් ජෙට් යානයද අතුරුදහන් වුයේද මෙම කලාපය තුලදීය,

මෙම අභිරහස ගැන පවසන විද්‍යාඥයින් පවසන්නේ කතා කිරීමට හැකියාව ඇති කිසිඳු ජීවියෙකුට පණ පිටින් පැමිණීමට ඉඩක් නොතිබීම මෙහි විශේෂත්වය බවයි.

චාර්ල්ස් බර්ලිට්ස් නම් කතුවරයා රචිත කෘතීන් අතරින් වඩාත්ම ප්‍රචලිත වුයේ 1974 දී රචිත බර්මියුඩා ත්‍රිකෝණය නම් කෘතියයි.ඒ ඔස්සේ බර්මියුඩාව අතුරුදහන් වූ ඇට්ලාන්ට්ස් දුපතට සම්බන්ධ බව සඳහන් කොට ඇත.සමහර විචාරකයින් පවසන්නේ ඇමරිකාව අසල පිහිටා ඇති මෙම කලාපය අභ්‍යවකාශ පරීක්ෂණ සඳහා යොදා ගන්නා කලාපයක් බවත් ,මෙය අනෙක් ලෝකයාගෙන් වසන් කිරීමට නිර්මාණය කරන ලද මාධ්‍ය ප්‍රචාරයක් බවත්ය. 

සමහර විද්‍යාඥයින්ට අනුව මෙම ත්‍රිකෝණය අසල ප්‍රදේශය විශාල ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත ප්‍රදේශයකි.ඒ බව ගිලිණු යානා වලින්එකදු තෙල් බින්දුවක් හෝ මුහුදට කාන්දු නොවීමෙන් වටහා ගත හැකි වේ.එවැනිම තව මතකයක් වන්නේ මෙම කලාපයෙන් මීතේන් වායුව විදාරණය වන බවයි.ඒ හේතුවෙන් ගිලෙන නෞකා නොකැඩි නොගිලෙන බවත් ඒ හේතුවෙන් තෙල් කාන්දු නොවන බවත්ය,එමෙන්ම පිටසක්වල ජිවින්ගේ බලපෑමක් හේතුවෙන් මෙම අතුරුදහන් වීම් සිදුවන බවත් ද කියවේ.එමෙන්ම මෙම ප්‍රදේශයේ ඇති නිවැරදි ජ්‍යාමිතික හැඩය ද මෙයට හේතුවක් වන බව සමහර විද්‍යාඥයින්ගේ මතය වේ.

WWF සංවිධානය මගින් 2013 දී සමුද්‍රීය නැව් මාර්ග පිලිබඳ අධ්‍යයනයක් කල අතර ඔවුන්ට අනුව ඇගොනික් රේඛාව යනු පෘතුවියේ සැබෑ උතුර සහ චුම්භක උතුර පෙළ ගැසෙන ස්ථානය වන අතර සමහර අවස්ථා වලදී බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරයි.බර්මියුඩා ත්‍රිකෝණය නිරන්තරවම සුළි කුණාටු සහ නිවර්තන වැසි කුණාටු වලට භාජනය වන කලාපයකි.අත්ලාන්තික් සාගරයේ ගැඹුරුම ස්ථානය වන මිල්වෞකි තුඩුව ද පිහිටා ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝණයේ ය.එහි ගැඹුර මීටර් 8380කි.

විලියම් ශ්‍රේෂ්ඨ කතුවර විලියම් ශේක්ස්පියර් විසින් රචනා කරන ලද The Tempest නාට්‍ය බර්මියුඩා වේ සැඟව ගිය නෞකාවක් අලලා නිර්මාණය කල බවක් කියවේ,1950 දී Ap නම් පුවත්පත් කතෘවරයකු වූ එඩ්වර්ඩ් ජෝන්ස් මේ ගැන සඳහන් කර ඇති අතර ,ඉන් වසර දෙකකට පසු ජෝජ් x වැන්ස් Fate පුවත්පතේ ද සඳහන් කර ඇත.

බර්මියුඩා ත්‍රිකෝණය නුතන දියුණු විද්‍යාවෙන් පවා අනාවරණය කරගත නොහැකි රහස් රාශියක් තවමත් සඟවාගෙන සිටි.

Top