දෙවියන් ගේත් වන්දනාමානයට පාත්‍ර වූ මිනිසත් බවෙහි සංකේතය "බහපුර්හි නෙලුම් චෛත්‍ය"

post-title

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ බහපුර්හි අක්කර 26ක භුමි ප්‍රමාණයක මීටර්නෙ 35ක් උසට පෙති 27කින් සමන්විතව සැදු යෝධ නෙලුම් මලක හැඩයට නිර්මාණය කල පන්සලක් ඇත. මෙය මහජනතාව සඳහා විවුර්ත කරනු ලැබුවේ 1986 දෙසැම්බර් මාසයේ වන අතර එහි හැඩය අනුව නම ලැබී ඇත,මෙහි නිර්මාතෘ වන්නේ ගෘහ නිර්මාණ ශිල්පී ෆරිෆුෂ් සාබා මහතායි.

එහි භුමිය පුරා රතු පැහැති වැලි ගල් සහිත ඇවිද යන මාවත් ,පොකුණු 9ක්  මනස්කාන්ත දර්ශන . රතු පැහැති වැලි මාවත් සහිතව භුමිය නිර්මාණය කර ඇත.නෙලුම් මලක හැඩය ඇති මෙම ගොඩනැගිල්ලේ පිටත ඇති මෙම ගොඩනැගිල්ලේ පිටත පෙති වලල්ලේ මැදින් මැදින් පිවිසීමේ දොරටු 9ක් ඇති අතර ,දෙවෙනි පෙති වලල්ලේ බාහිර ශාලාවද ,ඇතුලත රවුමේ මධ්‍යම යාඥා ශාලාවද පිහිටා ඇත.මෙහි එක වරකට 2500ක පිරිසකට යාඥා කිරීමට හැකියාව ඇත. මෙහි දේශනා ශාලාවේ අසන ගණන 1300ක් වන අතර එකවර 1300 කට ඇතුලට පිවිස ආගමික කටයුතු වලට පිවිසිය හැකිය.

මෙම නෙලුම් මලේ මුදුන් කොටස් විදුරු වලින් සහ ලෝහ වහලයකින් නිර්මිතය.ඒ නිසා සෙවනැල්ල ස්වභාවික හිරු එළියෙන්  ආලෝකමත් වෙයි. එමෙන්ම නෙලුම් මල වටා නිර්මාණය කර ඇති ජලාශ නවය මෙහි සුන්දරත්වය තවත් වැඩි කරයි. මන්ද ඈතට පෙනෙන්නේ පිපෙන නෙලුම් මලක් ජලාශයක් මැද පවතින්නක් මෙනි.ඒ වටා ඇති පොකුණු වල පාවෙනා නෙලුම් මල් සහ කොළ අමුතුම  ආලෝකයක් දර්ශනයට එකතු කරයි.මෙම ජලාශ හේතුකොට ගෙන මෙම ස්ථානය ස්වාභාවිකවම සිසිලසට පත්වේ.

මෙම යෝධ නෙලුම් මලේ පෙති නිර්මාණය කර ඇත්තේ සුදු කොන්ක්‍රීට් වලිනි.බාහිර පැති සුදු පැහැති ග්‍රීක කිරි ගරුඬ වලින් තනවා ඇති අතර අර්ථයෙන් ගත් කල මෙය පවිත්‍රත්වයේ ද, සුපිරිසිදු බවේද සංකේතයකි .

ඉන්දියාවේ නවදිල්ලියෙද මිට සමානව නිර්මාණය කර ඇතත් පිපීගෙන එන නෙලුම් මලක් ඇත්තේ බහපුර් වල පමණි.උගන්ඩා වේ ,ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර,ඉලිනොයිස් හි ම පැනමා වේ,බටහිර සමොවා හි හා ෆ්රන්ක්පට් හි ද මෙවැනි සුන්දර නිර්මාණ තිබුනත් මෙවැනි අතිරමණිය ආගමික ස්ථානයක් ලොව කොතනකවත් නොපැවතීමයි.

මෙහි පවතින්නේ ආගමට වඩා මිනිසත් බවේ සුවදයි.මෙහි සුන්දරත්වයට වඩාත්ම හේතුව වන්නේ එය බවයි මාගේ හැඟුම.මන්ද මිනිසත්බවේ දහම ඇති තැන මෙලොව සොඳුරුම තැනක් වේ. 

 

Top