දකුණු අප්‍රිකාවේ ජාතික පුෂ්පය - ප්‍රෝටියා සයිනරෝයිඩ්ස් ( Protea cynaroides)

post-title

ප්‍රොටේෂියා මලෙහි ඇති අනෙක් සුවිශේෂීත්වය වන්නේ ලැව්ගිනි වලින් බේරීමට අනුවර්තනය වී නිර්මාණය වී තිබීමයි.එයට හේතු වන්නේ එහෙ ඝනවූ කඳ වන අතර ඒ තුළ අක්‍රිය වූ මල් පොහොට්ටු පිරි ඇති නිසාවෙනි.ගින්නකින් පසුව මෙම මල්තුළ නව වර්ධනයක් ඇති වී නව මල් පිබිදේ,

අප්‍රිකා මහද්වීපය පුදුමාකාරවූ ස්වභාවික සම්පත් වලින් ගහන වූ විශ්මිත මහද්විපයකි.මෙය විවිධාකාරවූ සත්ව සහ ශාඛ පද්ධතීන්ට මෙන්ම වැසි වනාන්තර වලට උරුමකම් කි සොඳුරු වන නිවහනකි.එමෙන්ම ලෝකයේ දෙවන විශාලතම මහාද්වීපය සහ දෙවන ජනගහණයෙන් පිරි මහාද්විපයයි.පෘතුවි පෘෂ්ඨයෙන් 6%ක් සහ මුළු භුමි ප්‍රමාණයෙන් 20.04% අප්‍රිකාවට අයිතිය.උතුරෙන් මධ්‍යදරණී මහද්වීපය ද ඊසාන දෙසින් රතු මුහුදද ගිනිකොණින් ඉන්දීය සාගරයටද , බටහිරින් අත්ලාන්තික් සාගරයටද මායිම් වේ. එමෙන්ම එහි ප්‍රාන්ත 54න් නයිජීරියාව විශාලතම ප්‍රාන්තය වේ.

ප්‍රෝටියා සයිනරෝයිඩ්ස් සුන්දර මලක් වන අතර එය අප්‍රිකාවේ ජාතික පුෂ්පයයි.මේ මල ප්‍රොටේෂියා කුලයේ සාමාජිකයෙකි.දකුණු අප්‍රිකාවේ දකුණු හෑ නිරිතදිග ප්‍රදේශ වල මෙය බහුලව දක්නට ලැබෙන අතර මේ කුලය යෝධ ප්‍රොටේෂියා ,Honeypot, King sugar Bush නමින්ද හඳුන්වයි.එමෙන්ම මෙම මල දකුණු අප්‍රිකානු ජාතික උද්හිද ආයතනය මගින් පවත්වාගෙන යන ප්‍රෝටියා ඇට්ලස් ව්‍යාපෘතියේ ප්‍රමුඛස්තනයයි.

යෝධ ප්‍රොටේෂියා මල විවිධ වර්ණ වලින් දක්නට ලැබෙන අතර උද්‍යාන විද්‍යාඥයින්ට අනුව ප්‍රභේද 84 කින් සහ විශේෂ 1600 කින් යුක්ත වේ.මින් සමහරක් ස්වභාවික පරාසය තුළ අවිචාරී ලෙස වගා කිරීම හේතුවෙන් ස්වාභාවිකත්වයට හානි වෙමින් පවතී. මෙම ප්‍රභේදයට අයත් සමහර මලේ පෙති රෝස පාටින්ද කොළවල රතු පාටින් සහ ක්‍රීම් කහ පාටින්ද පිහිටා ඇති නිසා මල් සැකසුම් වලදී සොඳුරු හා නිර්මාණාත්මකව භාවිතා කරයි.

මෙම මල විවිධ හැඩයන් ගෙන් යුක්ත වන නිසා තම හැඩය ස්වකිය අභිමතයට අනුව වෙනස් කල බව කියවෙන ග්‍රීක දෙවි ප්‍රෝටියස්ගේ නමින් නම් කර ඇත,පඳුරු වලින් යුක්ත වන මෙහි ශක්තිමත් කඳන් සහ කොළ පැහැති පත්‍ර වලින් යුක්ත වේ.ලා රෝස පැහැයට සහ ලා රතු පැහැයට හුරු වර්ණවත් අතුවලින් පිරි ඇත.

ප්‍රෝටියා සයිනරොයිඩ් උණුසුම් වියළි වූ කටුක පරිසරයන්ට අනුවර්තනය වී පිපෙන අතර මෙහි ඝන කොළ අධික තෙතමනය නැතිවීම වලක්වන අතර ,භූගත ජලය සොයමින් පසේ ගැඹුරට විහිදෙන මුදුන් මුලකින් යුත්ක වේ,මෙහිද අනිකුත් විශේෂ වල මෙන් ප්‍රොටෝයිඩ් මුලයන් ඇති අතර පෝෂ්‍ය පදාර්ථ වල ද්‍රව්‍යකරණය වැඩි කරමින් ස්වදේශික ෆින්බොස් ප්‍රදේශයේ පොස්පරස් පසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට ඉඩ සලස්වයි.

මලෙහි පැණි සොයාගෙන sun Birds, sugar birds, Malachite sun birds කුරුල්ලන් පැමිණෙන අතර මල් පැණි කරා ලඟා වීමට නම් තම හොට පුෂ්ප මංජරිය තුලට ඇතුල් කර යුතුය.එසේ කල විට මලෙහි පරාගනය සිදුවේ.

Top