ඛේදනීය සමාජ යථාර්ථයක් වූ දුගීකම දුරලන්නට නම්…(742)

post-title

එදා මෙදා තුර සමාජ සංස්ථාව තුළ පුළුල් පරිවර්තනයන් රැසක් සිදු වී තිබේ. භූගෝලීය වශයෙන් දුරස්ථව සිටි පිරිස් සාමාජීය වශයෙන් සමීපවීමේ ගෝලීයකරණ ක්‍රියාදාමයත්, තාක්ෂණික දියුණුවත්,ආර්ථික වශයෙන් රටවල් තුළ ඇති වූ නව ප්‍රතිගාමී තත්ත්වයන් මෙන්ම සන්නිවේදන තාක්ෂණය ද පෙරටම පැමිණ තිබේ. අතීතයේ සිට වර්තමානය දක්වා ම දක්වාම සමාජ සංදර්භය තුළ පුළුල් වෙනස්කම් රාශියක් ජනිත වූ නමුත් නමුත් සමාජය තුළ මුල්බැස ගෙන ඇත්තා වූ ගැටලු සමාජය තුළ ඉස්මතු වෙමින් යටපත් වෙමින් පවතී. එකී ගැටලු අතර, "දුගී බව" ප්‍රමුඛස්ථානය හි පවතින ගැටලුවක් ලෙසත්, තවමත් නොවිසඳුණු ගැටලුවක් ලෙසත් සමාජ සන්දර්භය තුළ පවතී.

දුගී බව පිළිබඳව නිශ්චිතව අර්ථකථන ඉදිරිපත් කිරීම ඉතාමත් අසීරුතර කර්තව්‍යයකි. දරිද්‍රතාවය පිළිබඳ ව විවිධ ප්‍රවේශයන් ඔත්තේ විවිධාකාර නිර්වචන ඉදිරිපත් කර ඇතත් පොදුවේ හඳුනාගත හැකි විශ්වීය නිර්වචනයක් තවම ඉදිරිපත් වී නොමැත.1979 දී ක්‍රියාවන් පිළිබඳ ප්‍රවේශයට අනුව අමාත්‍ය සෙන් දරිද්‍රතාවය අර්ථකථනය කරන්නේ මෙලෙසිනි.

"පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජීවිතය පවත්වාගෙන යාමට අදාළව තිබිය යුතු ශක්‍යතාවයන් නොමැති තත්වයකි."

එකී නිර්වචනය සිත්හි තබාගෙන දිළිඳු බව පිළිබඳව තවත් විස්තරාත්මකව විමසුමකට යොමු වන්නේ නම්,

සාර්ව පරිසරය තුළ සිදුවන ලෝක ආර්ථික ස්ථරායනය හරහා බලවත් රටවල් විසින් නිරන්තරයෙන් සිදු කරන දුබල රටවල් සූරා කෑම,රටක් තුළ සම්පත් බෙදීයාමේදී මතුවන විෂමතාවයන්,රැකියා වියුක්තියවැනි සමාජ ගැටලු වල බලපෑම තුළින් දිලිදුබව නිර්මිත වන්නකි .

මේ අනුව පොදුවේ විමසා බලන කල්හි ගම්‍යමාන වන්නේ යම්කිසි කෙනෙකුට අවශ්‍ය අවම මූලික අවශ්‍යතාවන් වත් සපුරා ගැනීමට අැති වන නොහැකියාව මත දිළිඳුකම ඇතිවන බවයි.විවිධ විද්වතුන් විසින් දිළිඳු බව විවිධ විවිධාකාර නිර්ණායක පදනම් කරගෙන ප්‍රභේද වලට බෙදා තිබේ.

*නිරපේක්ෂ සහ සාපේක්ෂ දුගීකම වශයෙන් කරන අර්ථකථනය

*ස්වේච්ඡා සහ ස්වේච්ඡා නොවන වර්ගීකරණය වැනි වර්ගීකරණඑහිලා දක්නට ලැබේ .

දුගීභාවය අක්මුල් සමාජ සංදර්භය විෂයෙහි කොතෙක් දුරට බල පැවැත්වෙන්නේ බල පැවැත්වෙන්නේ ද යන්න විවිධාකාර ක්ෂේත්‍ර තුළ එයට ලබා දී ඇති ස්ථානය තුළින් පැහැදිලි වෙයි.

සාහිත්‍ය ,චිත්‍රපට කලාව වැනි අවදියෙන් තබන්නා වූ යම් යම් ප්‍රපංචයන්හි දිළිඳුකම පිළිබඳව සප්‍රමාණික ව අවධානය යොමු කොට සමාජ කර්තව්‍යක් ලෙස ඒ පිළිබඳව අවධාරණය කිරීමේ කර්තව්‍යයතුළ නියුක්ත වනබැව් පෙනේ.

දිළිඳුකම ඛේදනීය සමාජ යථාර්ථයක් බව සැබවි .කීය කුඩා දරුවන් විෂයෙහි බල පවත්නා කල්හි සාතිශය බැරෑරුම් සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙයි.මන්ද රටේ අනාගත භාරකරුවන් ගියේ ගියේ ඛේදනීය ඉරණම නුදුරු අනාගතය කදී බිහිවන සමාජ සන්දර්භයටද බලපෑම් එල්ල කරන්නා වූ බැවිනි.

සිරි ගුණසිංහ මහතා ස්වකීය දිවා භෝජනය නිසඳැස් පද්‍ය පංතිය තුළින්සාහිත්‍යකරුවාගේ සමාජය අවදියෙන් තැබීමේ අරමුණ ද පෙරදැරි කරගෙන දිළිඳු ක්‍රමය ඛේදනීය යථාර්ථය නිසඳැස්ගොනු කළේ මෙලෙසිනි.

"අට වයස් නොදරුවා

හැට පිරුණු කළු සමින්

වැසුනු ඇට සැකිල්ලකි "

ජීවිතයේ මුල්ම අවදිය තුළම දිළිඳුකමින් ශෝකී යථාර්ථයට දරුවා මුහුණ දෙමින් සිටී.නිසි පරිදි ආහාර ලබන්නට ඔහුට වරම් නැත.එදා මෙදා තුර හුදු වචනමාත්‍රයකටපමණක් සීමා වූ දිළිඳුකම පිටුදැකීම නැමැතිකර්තව්‍යකුමනාකාරයෙන් හෝකුමන ස්ථරයක් හරහා හෝසමාජය තුළස්ථාපනය වී නොමැත්තේය .නමුදු අවධානයෙන් යුතුව තලමෙකී ඛේදනීය යථාර්ථය ඔස්සේ තවත් සමාජ ප්‍රශ්න සමුදායක නිර්මාණය වීමක් සිදුවේ.

පැල්පත් මුඩුක්කු ගැටලු

හොරමැරකම් මංකොල්ලකරුවන් බිහිවීම

සමාජය සාරධර්ම වල ප්‍රබල පරිහානියක් ඇති වීම

සංවර්ධන අභිමතාර්ථ සඵල කර ගැනීමට අවසාන වශයෙන් රටට පවතින නොහැකියාව

මෙහිලා කැපී පෙනෙයි.

නීතිමය ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු කාරණාවල දී වුවත්අනිවාර්ය පාසල් අධ්‍යාපනය වැනිනීතීන් සමාජගත කළ දඑකීනීතින්වලට සුබවාදී දැක්වීමටජනතාව අපොහොසත් වන්නේ මන්දැයි සලකා බැලීමක් සිදුකර නොමැත.මේ තුළින්පෙනී යන්නේසමාජ සන්දර්භය හමුවේසංවේදී නොවන කල්හිඇතිවන්නා වූඅහිතකර ප්‍රතිවිපාකයන් ය.ලිබරල්වාදී දේශපාලන දර්ශනය ඔස්සේ බලයට පත්වන රජයන් සුභසාධනය ක්‍රමයක් අනුගමනය කළත්දිළිඳුකම පිටුදැකීමට එකී සමාජ ආරක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ.දේශපාලනයහඹාගොස්එයටම සමාජ ගැටලු බැර කරනු වෙනුවටස්වකීය ආකල්පමය සංවර්ධනයක් ඇතිකර ගැනීමටඋත්සුක වූ කල්හිපවතින තත්වයේ නව නැමියාවන් ඇති කර ගැනීමටපුරවැසියන්ට ද හැකිවනු ඇත .

නිදසුන් ලෙස ,

*සම්පත් අධි පරිභෝජනය අධි පරිභෝජනය කරන්නවුන් විසින් දිළිඳු තැනැත්තවුන්ට උපකාර කිරීමට යොමු වීම .

*රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය හරහා ද නිසි ලෙස ප්‍රතිලාභ ලැබිය යුත්තන් පමණක් අදාළ කරගෙන සමාජ ඵලය බෙදාහැරීම.

*බුද්ධිය කේන්ද්‍ර කරගත් පාසල් අධ්‍යාපන වපසරිය තුළ කර්මාන්ත පාදක කරගත් අධ්‍යාපනික වටපිටාවක් ඇති කිරීමත් ඒ හරහා රැකියාවකට අවශ්‍ය කුසලතා සහ ආකල්ප වල ඇති කරන වර්ධනය

*ඒ ඒ ආගමානුකූලවදක්වා ඇති පරිදිපෞද්ගලික ජීවිතයටඅදාළයහපුරුදු මැනවින් ප්‍රගුණ කිරීම

යනසාමාජීය කර්තව්‍ය මැනැවින් ඉටු කරන කල්හිසුපහන්සමාජ සන්දර්භයක සාඩම්බර උරුමකරුවෙකු වීමටත් ,රටක් වශයෙන් ගත් කල ගත් කල ජාතික ප්‍රශ්න සවිමත්ව විසඳාගැනීමටත්,අන්තර්ජාතික තලය තුළඅභියෝගවලටමුහුණ දීමට අවැසිශක්තිය ද පෙරදැරි කරගෙනදිළිඳුකමතුරන් කළස්වයංපෝෂිතඅනාගතයකසාඩම්බර හිමිකරුවන් වීමටහැකියාව ලැබෙනු ඒකාන්තය.

Top