අතීත මානවයාගේ පරිණාමය පිළිබදව පර්යේෂණාත්මක අධ්‍යයනයක නිරත වන්නෙකුට වඩාත් වැදගත් වන මාතෘකාවක් පිළිබදව අද මම ඔබට කියන්නට සිතුවා. ඒ තමයි භෞතික මානව විද්‍යාවේ ප්‍රධාන උප විෂය ක්ෂේත්‍රයක් වන ප්‍රිමාටා විද්‍යාව තුළ කතා කෙරෙන ප්‍රිමාටාවුන් පිළිබදව. මේ පිළිබදව ඔබට කියන්නට සිත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චාමලී නාහල්ලගේ විසින් රචිත ප්‍රිමාටා ලෝකය නැමැති කෘතිය පරිශීලනය කිරීමෙන් පසුවයි. ඇතැම් විට ඔබ මේ ප්‍රිමාටාවන් යන වචනයෙන් හැගවෙන්නේ කවුරුන්ද යන්න පිළිබදව පවා නොදන්නවා විය හැකිය. ඒ නිසා ඔබත් සමග මේ ප්‍රිමාටාවන් කවුරුන්ද යන්න පිළිබදව කතාබහක යෙදීමට කැමැත්තෙමි.
ප්‍රිමාටාවන් කළල බන්ධධාරී ක්ෂීරපායි උප වර්ගයට අයත් වන සත්ත්ව කොට්ඨාශයක් වන අතර ප්‍රිමාටා ගෝත්‍රය මිනිසා හට වැදගත් වන්නේ අපද එහි සාමාජිකයෙකු වන නිසාය. මෙම ප්‍රිමාටා ගෝත්‍රයට අයත් මිනිස් නොවන අනෙකුත් විශේෂයන් වන්නේ උණහපුලුවන් (Lorises), ලීමරයන් (Lemurs), පුරාතන ලෝකයේ වදුරන් (Old world monkeys), නූතන ලෝකයේ වදුරන් (New world monkeys) සහ වානරයෝ (apes) ය. දැනට ලෝකයේ විවිධ සත්ත්ව සහ ශාක විශේෂ මිලියන 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ඇති මුත් ක්ෂීරපායින් නියෝජනය වන්නේ ඉන් විශේෂ 4000ක් වැනි ස්වල්ප සංඛ්‍යාවකිනි. මෙම ක්ෂීරපායී විශේෂ අතරින් ද ප්‍රිමාටාවන් නියෝජනය වන්නේ විශේෂ 250-300 පමණ සංඛ්‍යාවකිනි. මිනිස් නොවන ප්‍රිමාටාවන් පිළිබදව අධ්‍යයනය කිරීමේ දී ප්‍රිමාටා විද්‍යාඥයන් විසින් ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ පර්යේෂණයන් සිදු කරනු ලබයි. ඉන් පළමු වැන්න ලෙස ඔවුන් අර්ථ දක්වන්නේ මිනිසා සහ ප්‍රිමාටාවන් අතර ඇති සමීප සම්බන්ධතාවයයි. ප්‍රිමාටාවන් සහ මිනිසා මෑත කාලයක් වන තෙක්ම එකම ආදී වාසියෙකුගෙන් පැවත ආ නිසාම ඔවුන් අතර දක්නට ලැබුණේ ඉතා සමීප සම්බන්ධතාවයක් සහිත ලක්ෂණයන්ය. එම නිසා දැනට ජීවත් වන මිනිස් නොවන ප්‍රිමාටාවන්ගේ භෝජන ක්‍රම, සමාජ චර්යා සහ කාය ව්‍යවච්ජේද විද්‍යාව අධ්‍යයනය කිරීමෙන් ආදි මානවයාගේ සහ ප්‍රිමාටාවන්ගේ චර්යාවන් නැවත ගොඩ නගා ගැනීමට මෙම විද්‍යාඥයන් පෙළඹී සිටී. දෙවැනි කාරණය වන්නේ මානව විද්‍යාඥයින් වැඩි කැමැත්තක් දක්වන්නේ මිනිසා අනෙකුත් ප්‍රිමාටාවන්ගෙන් වෙන් වූ පසු ස්වභාවික වරණය (natural selection ) සහ ලිංගික වරණය ( sexual selection ) ප්‍රිමාටාවන් හට කෙසේ බලපෑවේද යන්න සොයා ගැනීමටයි. ඒ තුළින් එම ප්‍රිමාටා සත්ත්ව කොට්ඨාශය පිළිබදව පමණක් නොව පරිණාමීය ක්‍රියාවලිය වෙනත් සත්ත්වයන්ට බලපාන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව තිබේ. තෙවන කාරණය වන්නේ මානව විද්‍යාඥයන් මිනිස් නොවන ප්‍රිමාටාවන් අධ්‍යයනය කිරීමට පෙළඹෙන්නේ ඔවුන් ස්වභාවයෙන්ම සිත් වශී කරන සත්ත්ව කණ්ඩායමක් නිසාය.
ප්‍රිමාටාවෝ මෙයට අවුරුදු මිලියන 65කට පමණ ඉහත දී ලොවෙහි නිර්මාණය වී නොයෙකුත් පරිණාමීය ක්‍රියාවලීන්ට භාජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අද්‍යතන සත්ත්ව සංතතිය තුළ විශේෂ රාශියක් නියෝජනය කරමින් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ප්‍රිමාටාවන් දක්නට ලැබෙන්නේ නිවර්තන හා උපනිවර්තන රටවල් ආශ්‍රිතවයි. ප්‍රිමාටාවන් ආදී රුක්වාසීන්ගෙන් පැවත එන බවට පොසිල සාක්ෂි දරයි. දැනට ජීවත් වන බොහෝ ප්‍රිමාටාවන් ද රුක්වාසී දිවියක් ගත කරන අතර බිමට පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ප්‍රිමාටාවන්ගේ ඇති විශේෂත්වය වන්නේ අනෙක් ක්ෂීරපායින්ට සාපේක්ෂව මොවුන් සාමාන්යිත ( generalized ) ලක්ෂණ පෙන්වීමයි. බොහෝමයක් ප්‍රිමාටාවන් සාමාන්යිත ලක්ෂණ ( ආදි ක්ෂීරපායී ලක්ෂණ ) රාශියක් පෙන්වන නිසා එක් ලක්ෂණයකින් හෝ දෙකකින් පමණක් ඔවුන් ප්‍රිමාටාවන් යයි කිව නොහැකිය. එම නිසා මානව විද්‍යාඥයින් පොදු ලක්ෂණ සමූහයක් දක්වා මෙම ලක්ෂණ යම් තරමකට හෝ පිහිටා ඇත්නම් ඔවුන් ප්‍රිමාටා ගෝත්‍රයට ඇතුළත් කළ හැකි බව දක්වා ඇත. ප්‍රිමාටාවන්ගේ සම්භවය ක්‍රිටේෂස් කාල පරිච්ජේදයේ විසූ කළල බන්ධධාරී ක්ෂීරපායින්ගේ සම්භවය සහ ව්‍යාප්තියත් සමග සිදු වූ බවට පිළිගැනෙන අතර එය ප්‍රධාන ලෙසම මල් හටගන්නා ශාකයන්ගේ ( ඇන්ජියොස්පර්ම්- angiosperms ) ඇතිවීම සහ ව්‍යාප්තිය සමග බැදී පවතින බව ද විශ්වාස කරයි. මෙයට අවුරුදු මිලියන 65කට පෙර එනම් ක්‍රිටේශස් චතුර්ථ මායිමෙන් ^ Cretaceous- Tertiary Boundry ) එපිට සිටි ක්ෂීරපායී ප්‍රධාන උප වර්ග 04කට බෙදා දැක්විය හැකිය.
ඉන් එක් කාණ්ඩයකට අයත් වන්නේ මා සදහන් කළ කළල බන්ධධාරීහුය.
ක්‍රිටේෂස් කාල පරිච්ජේදයේ අගභාගයේ දී එනම් අවුරුදු මිලියන 65 කට පමණ පෙර පෘථිවියට කඩා වැටුණු උල්කාපාතයක් මගින් එකල විසූ සත්ත්ව විශේෂයන් ඉතා විශාල ප්‍රමාණයක් වද වී ගිය අතර ^ mass extinction ) ක්ෂීරපායින්ගේ ද මල්ටි ටියුබ කියුලේරියාවෝ සම්පූර්ණයෙන්ම වද වී ගියහ. එලෙසම මොනොට්‍රිමාටාවන් සහ පැසධාරීන්ගේ විශේෂ සංඛ්‍යාව ද විශාල වශයෙන් අඩු වී ගියේය. ඉතිරි වූ කළලබන්ධධාරී ක්ෂීරපායින් පවතින ලද පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට හැඩගැසෙමින් සිදු වූ අනුවර්තී විකරණයේ ප්‍රතිඵලයක් ලෙස ^adaptive radiation & විශාල වශයෙන් ව්‍යාප්ත වී ගියහ. ප්‍රිමාටාවන් වර්ගීකරණය කර ඇත්තේ ඔවුන් අධ්‍යයනයට පහසු වීම සදහාය. දැනට ලෝකයේ ප්‍රිමාටා විශේෂ 250කට අයත් ප්‍රිමාටා වර්ග 350ක් පමණ හදුනාගෙන ඇත. රූපකාරය හා ප්‍රමාණත්වය අතින් මොවුන් විශාල විවිධත්වයක් පෙන්නුම් කරයි. දැනට ප්‍රමාණයෙන් කුඩාම ප්‍රිමාටාවා ලෙස සැලකෙන්නේ මැඩගස්කරයේ ජීවත් වන මවුස් ලීමරයා වන අතර වැඩුණු සතෙකුගේ බර අවුන්ස 2ක් එනම් ග්රෑම් 40ක් පමණ වෙයි. ප්‍රමාණයෙන් විශාලතම ප්‍රිමාටාවා වන්නේ රාත්තල් 450ක් එනම් ග්රෑම් 200ක් පමණ වන ගෝරිල්ලාය.
ප්‍රිමාටාවන්ගේ ද්විපාද සංචරකයා වූ මිනිසා
ප්‍රිමාටාවන් අතරින් පූර්ණ වශයෙන්ම ද්විපාද සංචරණය පෙන්නුම් කරන්නේ මිනිසා පමණයි. මිනිසා සහ අනෙකුත් ප්‍රිමාටාවන් අතර ඇති සමීප සම්බන්ධතාවය මිනිසාගේ දේහ අංග මගින් ද ජාන සැකසී ඇති ආකාරය සහ චර්යාවන් මගින් ද හොදින් පෙන්නුම් කරයි. මිනිසාගේ දත් සැලකූ විට රදනක දත් අනෙකුත් ප්‍රිමාටාවන්ට සාපේක්ෂව කුඩා වුවද අනෙක් සියලුම දත් වානර දත්වලට බොහෝ සමානය. එලෙසම මිනිසාද ආඝ්‍රාණ සංවේදනයට වඩා දෘෂ්ටි සංවේදනයට මුල් තැනක් දීම, අත් පා වල චලන පරාසය වැඩි වීම සහ ග්‍රහණය කළ හැකි අත් පා පිහිටා තිබීම ද අනෙක් ප්‍රිමාටාවන්ට ඇති සමීප සම්බන්ධතාවය පෙන්නුම් කරයි. මිනිසා අනෙක් ප්‍රිමාටාවන්ට සමාන ලක්ෂණ පෙන්වුවද ප්‍රිමාටාවන්ගේ හෝ අනෙකුත් සතුන්ගේ දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණ සමූහයක් ද පෙන්නුම් කරයි.
මෙයින් ඉතාමත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මිනිසාට ඇති ලිවීමේ සහ සිතීමේ හැකියාවයි. මෙයට අඩිතාලම සැකසුණේ මෙයට අවුරුදු අටලක්ෂයකට පමණ පෙර සිට ක්‍රමිකව සිදු වූ පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාගේ මොළයේ ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩි වීම සහ ඒ ආශ්‍රිතව සිදු වූ ස්නායුක වෙනස්වීමයි. මිනිසා සතු තවත් සුවිශේෂී ලක්ෂණයක් වනනේ භාෂාවක් තිබීම හෙවත් වචන උච්ජාරණය කොට තම හැගීම ප්‍රකාශ කිරීමට හැකි වීමයි. එලෙසම දැනට අවුරුදු පන්දහසකට පමණ පෙර සිට ලිවීමේ හැකියාවක් ද තිබිණ. මේ සදහා ප්‍රධාන ලෙසම දායක වී තිබෙන්නේ පරිණාමීය ක්‍රියාවලියට සමගාමීව සිදු වු ව්‍යුහ විද්‍යාත්මක හා ස්නායු පද්ධතියේ වෙනස්වීම් වේ. අනෙක් මිනිස් නොවන ප්‍රිමාටාවන්ට කතා කිරීම සදහා අවශ්‍ය වන ව්‍යුහ විද්‍යාත්මක කොටස නොමැතිකම නිසා කතා කළ නොහැකි වුවද ඔවුන්හට සංකේත භාවිතයෙන් අදහස් හුවමාරු කර ගත හැකි බවක් දක්නට ලැබේ.
බුද්ධිය මෙහෙයවා සිදු කරන කාර්යයන් හැරුණු විට මිනිසා අනෙක් ප්‍රිමාටාවන්ගෙන් වෙනස් වන ලක්ෂණයක් වන්නේ පුර්ණ ද්විපාද සංචරණය තිබීමයි. මෙය මානව පරිණාමයේ මුල් කාලයේදීම ඇති වූ ලක්ෂණයක් වන අතර කාලයත් සමග ශ්‍රෝණි මේඛලාව කකුලේ හා පාදයේ අස්ථි, ස්නායූ හා පේශි වල වෙනස්කම් නිසා මානවයාගේ ද්විපාද සංචරණය අනෙක් මිනිස් නොවන ප්‍රිමාටාවන්ට සාපේක්ෂව දියුණු විය. නමුත් මිනිස් නොවන ප්‍රිමාටාවන් විශේෂයෙන්ම වානරයන් කෙටි දුරකට හෝ ද්විපාද සංචරණය කිරීමට ඇති හැකියාවෙන් පෙනී යන්නේ ඔවුන්ටද මෙම ක්‍රියාවලිය සිදු කිරීම සදහා ජානමය වශයෙන් සහ ව්‍යුහ විද්‍යාත්මක වශයෙන් හැඩගැසීම් ඇති බවයි.
මේ අනුව ඔබ සත්‍ය වශයෙන්ම ප්‍රිමාටා සත්ත්වයෙක්......