ජීවිතය විඳින මිනිසුන් එකතු කරනු ලැබෙයි.

post-title

තාක්ෂණික දියුණුව සමග අන්තර්ජාල භාවිතය  ක්‍රමයෙන් ලාංකේය පුද්ගල ජීවිත තුළ වැඩි ඉඩක් ලබාගෙන ඇත. බොහෝමයක් දෙනා අත ස්මාට් පෝන් ය. පේස්බුක් ගිණුම් ය. බ්ලොග් ය. වෙබ් ය. නේක විද සමාජ මාධ්‍ය භාවිතාවන් ය. ගෝලීයකරණය සමග ලෝකය විශ්ව ගම්මානයක් වෙද්දි තව දුරටත් දූපත් වාසීන් ව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබද තීරණයකට මිනිසුන් පැමිණිය යුතු දවස උදා වූයේ මීට කාලයකට පෙර ය. එහෙත් බවුතික ය දියුණු වුවද මනසින් නොදියුණු ව වසන තාක් ඒ් දූපත් මානසිකත්වය නම් නොබිදෙනු ඇත.

ඉතින් අප ඉන් මිදෙන්නට කුමක් කළ යුතු ද?

දියුණු මනසක් නිර්මාණය වන්නට නම් සාහිත්‍ය කලා ආදියෙන් පෝෂිත වීම අත්‍යවශ්‍ය ය. සාහිත්‍ය නිර්මාණ, සිනමා, නාට්‍ය, ආදි නේක විද කලාවන් රසවින්දනය මෙන් ම ජීවිතය විදිනු උදෙසා පරිසරයට ළෙංගතුවීම ද අත්‍යවශය යැයි අප පමණක් නොව ලොව බොහෝ දෙනා දන්නා කරුණකි. එපමණක් නොව ලෝකය පිළිබද අවබෝධය ද ඒ් අතරෙහි වැදගත් වෙයි.

ඉතින් මේ සියල්ල අප කොයින්  ලබන්න ද?

නේක විධ සාහිත්‍ය කලාවන්ගේ තොරතුරු ද නින්දා ප්‍රශංසා වෙනුවට මධ්‍යස්ත විමසුම් ද අවැසි කාල වකවානුවක ත්‍රස්තවාදී විචාර නොවන විචාර ද පළ කරන වෙබ් අවකාශයක ඉඩ  තනා  ගන්නට අපට අවශ්‍ය විය. දෙස් විදෙස් සාහිත්‍ය නිර්මාණ සොයා  ගෙන කියවන්නට කවුලුවක් විවර කර දෙන තැනක් සැකසීමට අපට අවශ්‍ය විය. එකිනෙකා ගේ හෘදය සංවේදී සිතුවිලි පිළිබද කතා කරන්නට ද ඒ්වා බෙදා හදා ගන්නට අවකාශයක් අපට අවශ්‍ය විය. ඉදහිටක හෝ සිර වී සිටින ජීවිතවලින් මිදී සොබා දහමේ සුන්දර තැන් සොයා සවාරියක් යන්නට පාර පෙන්වන්නට අපට අවශ්‍ය විය. මේ අවශ්‍යතාවන් එකිනෙක නොගැලපෙනවා යැයි අයෙක් ට සිතුන ද එසේ නැත. මේ මනුෂ්‍ය ජීවිතවල වින්දන කලාපයන් ය.

ඉතින් ඒ් සියල්ල උදෙසා අපි  වචන අවකාශය තැනුවෙමු.

මේ සියලු අවශ්‍යතාවන්ට පිළිතුරක් වශයෙන් අපි වචන නමින් වෙබ් අවකාශයක් නිර්මාණය කළෙමු. ඒ වචන අවකාශය ‌මෙතැන් පටන් ඔබේ ය. දිනපතා අලුත් වන ‌ලෝකයක අතීත මෙන් ම වර්ථමාන ද සාහිත්‍යාංග කලාංග  පිළිබද දැනුම් බෙදා ගන්නට අවැසි ඔබට ‌මෙහි ඊට ඉඩ හසර ඇත. ගුරුකුල කල්ලිවාද නැති තැනක නිදහසේ ලියන නිදහස් අදහස් වලට මෙහි බිත්තිවල ඉඩ ද ඇත. ඉතින් වචන තුළ ඔබට පාඨකයෙක් වන්නට ද රචකයෙක් වන්නට ද ඉඩ අපි තනන්නෙමු.

ඉදහිටක සැරිසරන්නට නොව ඇබ්බැහි වන තරමට දිනපතා ඇවිත් වසන්නට ප්‍රිය වන තරමට අපි එය නිර්මාණය කරන්න වෙහෙසෙමු. මෙය ආරම්භයේ දී කූටප්‍රප්තියක් ලැබූ තැනක පවතින වග කියමින් උත්කර්ෂ වන්නට අපි උත්සක නොකරමු. යමක් නිර්මාණය වන්නේ ද එය මුහුකුරා යන්නේ ද දියුණු වන්නේ ද කාලය සමග ය. ඉතින් අපි ඒ් කාලය සමග ඉදිරියට යන්නෙමු. කිසිවෙක් හෝ සමග තරග කරනු වෙනුවට අව්‍යාජව අප පාඨකයන් සංතෘප්ත කරන්නට ද ඔවුන්ගේ ගමන් මගෙහි දිශානතිය නිවැරදි කරන්නට ද උත්සුක වන්නෙමු. ජීවිතය විදින මිනිසුන් එකතු කරන්නෙමු

ඉතින් රොද බැද ගෙන ඒම ඔබට හිමි කාර්යක් ය.

මේ කියවන මිනිසුන් ගේ ඉසව්ව ය.

 

සංස්කාරක

Top