‘ රස්සන්තේ ආස්වාදන්තේ ඉතිරිස'
ආස්වාදය කරනු ලබන යන අර්ථයෙන් රස නම් වේ. මෙහිදි ආස්වාදය වින්දනය යන වචන පිළිබඳ අවබෝධ කරගත යුතු ය. සාමාන්‍යය ව්‍යවහාරයේ දී මේ වචන දෙක එකම තේරුම් යොදනු ලැබේ. එහෙත් විශේෂ කෘතිම පරිවර්තනයකින් තොරව ද්‍රවය හෝ වචනය ඉන්ද්‍රියන් සමඟ වින්දනය නමින් හැඳින්වේ. ආස්වාදය යනුවෙන් අදහස් කරන්නේ මීට වඩා වෙනස් වූවකි. මෙහි දී අවස්ථාවක් හෝ අත්දැකීම් සෘජුව සංකේතවලට නැඟී වක්‍ර මාර්ගයකින් එයි. ඒ සංකේත ශබ්ද චිත්‍ර හෝ වචන මඟින් විය හැකිය. වින්දනය හෝ ආස්වාදය කෙනෙකුට අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කළ හැක්කකි.
රස විවිධාකරය. ඒ විවිධ රස විඳ ගැනීමට මනස හුරු කළ යුතු වේ. ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නහයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දෑනෙන ස්පර්ශය නිසා මනසට දැනෙන සුවය වින්දනය කිරීමේ හැකියාව අවශ්‍යය ය. ඇගේ මුහුණ සුන්දරයි, වැනි මටසිලිටි යෙදුමකින් ඔබ තුළ ප්‍රසන්න හැඟීමක් ඇති විය හැකිය. එම යෙදුමට තවත් රසිකයෙක් ඉදිරිපත් කරනුයේ වෙනත් අයුරකිනි. එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි එන මේ කවිය කියවා බලමු.
ලදකගෙ ඇස් මිණි පහනක් ලෙස
දිලෙන බව නෙක් කවීන් කී බස
නොඇදහූයෙමි තතු නොදත්තෙමි
ඔබ දුටු වෙලේ සැබෑ විය එය
හද තුළ කිසියම් සුන්දර සිතුවමක් මැවී යයි. භාව ප්‍රීනනය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. රසවින්දනය වූ කලී සුන්දර ආස්වාදයකි. අන් සියලුම වේදිතයන්ගෙන් තොරවූවකි. රසය තෘෂ්ණාවෙන් තොර වූවකි. තෘෂ්ණාවට තුඩු දෙන්නේ භාවය යි. භාවය මිනිසා කුපිත කරවනු ලබයි. එහෙත් රසය එසේ නොවෙයි. රසය විදිය යුත්තේ ධ්‍යානයට සමවැඳුණු යෝගියෙකු ලෙසය.
රසයෙන් ලැබෙන පරම සුවය ගැන රසයේ ලෝකෝත්තර ගතිය ගැන සාහිත්‍යය දර්ශන (අභිනව ගුප්ත) මෙසේ කියයි.
" ස්වොද්රේකා දඛන්ඩ ස්වප්‍රකාශානන්ද චිං මයදි
වෙද්දයාන්තර ස්පර්ශ දෙනෙය්යා
බ්‍රහ්මාන්වාද සහෝදර
ලෝකෝත්තර චමත්කාර ප්‍රාකානං
කෛශචිත් ප්‍රමාකෘති ස්මාකාරවද
භන්නක් චේතෘය ආශ්වාදය කෙරෙති"
"සත්ව ගුණය අධික කොට ඇති හෙයින් නොනැසී තමාගේ ආලෝකයෙන් බැබලෙන්නා වූ ද ආනන්දයෙන් චින්තයෙන් යුක්තවූ ද වෙන වෙද්දයන්ගේ ගැටීමෙන් තොරව ද බ්‍රහ්මාස්වාදයාගේ සහෝදරයා වූ ද මේ රසය වනාහි ඇතැම් විද්වතුන් විසින් තමන් හා එය අතර වෙනසක් නොදැන විඳිනු ලැබේ."
ඈත අතීතයේ සිටම විචාරකයෝ විවේචකයන් මෙන් ම බහුශ්‍රැත පඬිවරුන්ද විවිධ මත ඉදිරිපත් කර ඇත. ප්ලේටෝ වරක කියා ඇති පරිදි සුන්දර සේ පෙනෙන ඕනෑම දෙයක් අසුන්දර සේ පෙනී යා හැකි බවය. මෙසේ වන්නේ කෙසේ ද. ඒ යම්කිසි වස්තුවකට එක් එක් පුද්ගලයා සතු වූ රුචි අරුචිය මතය.
නන්දිකේෂ්වරයන්ගේ අභිණය දර්පණයෙහි දක්වා ඇත්තේ මෙසේය.
යතෝ හස්තවරක ථෝ දෘෂ්ඨිර් යථෝ
දෘෂ්ටික් තථෝ මනං
යතෝ මනස් තථෝ භාවෝ යථෝ
භාවස් තථෝ රස
සංගීතය රසාස්වාදය කෙරෙහි බලපාන සාධක කිහිපයකි.
1) සංවේදීතාව
2) විෂය දැනුම
3) අවබෝධය
4) ඥානය
5) අත්දැකීම
6) සමීපතාවය යි.
සංගීතය වැනි සියුම් කලා මාධ්‍යයකට නැඹුරු වී එහි යෙදෙමින් රසය උකහා ගන්නා තැනැත්තා සුවිශේෂී සංවේදීතාවකින් යුක්ත අයෙකි. මොහු මේ සියල්ලෙන්ම පරිපූර්ණවත් කෙනෙකු ලෙස සිතිය හැකිය. රසවින්දනය එක් එක් පුද්ගලයා අනුව විවිධාකාරී වන්නේ එය පුද්ගලානුබද්ධ වී පැවතීමයි. රසවින්දනයට ප්‍රමාණාන්මකව හෝ සංඛ්‍යාත්මකව මැන පෙන්විය හැකි දෙයක් නොවේ. එමෙන්ම ස්පර්ශ කර හෝ වස්තුවක් වශයෙන් ගෙන හැර පෙන්වීමට ද හැකි දෙයක් නොවේ. පුද්ගල විශේෂතාවක් අනුව රසවින්දනයේ විවිධ මට්ටම් ඇති බව අපි දනිමු. එම මට්ට්ම්වල උස් පහත් බව කිසියම් මෙය යැය් සම්මත මිනුම් ක්‍රමයක් ද නැත. මෙහි රසාස්වාද මිනුම් දණ්ඩක් ලෙස දැක්විය හැකි වන්නේ සංගීතය ශ්‍රවනය කරන අවස්ථාවේ ශ්‍රාවකයා දනවන ධනාත්මක හෝ සංඛ්‍යාත්මක ප්‍රතිචාරය ම පමණි.