"මම මැරි කරනවා ."
"හ්ම්ම්ම්ම් .....හොදයි ..... එයා තමයි ඔයාට හරිම කෙනා ."
" නැහැ ඒක හෙමමත් නෙමෙයි ..මං ඉක්මන් වුණා කියලත් හිතෙනවා."
" ආයේ හැරෙන්න අපි කාටවත්ම බෑ... ඒක ඇත්ත..."
" ඔයාට මතකද මං අවුරුදු තුනක් ඔයාට ආදරේ කරා...ඔයගෙන් ඒ ආදරේ ඉල්ලුවා... මං ඇත්තටම ආදරේ කරා කියලා දැනුනේ නැද්ද ? ."
" ම්ම්ම්ම් ඒකට මං උත්තරයක් නොදි ඉන්නම්..."
"තව ටික දවසයි ....ඔයාව මුණ ගැහෙන්න ආසයි ..ආදරේ කරන අයට කාලය සීමිතයි...."
"මට ඒක කරන්න බැරි වෙයි.ඒක ලොකු වරදක් ."
"නැහැ ,ඒක වරදක් නෙමෙයි .මේ අන්තිම වතාව...අපි ආයේ කවදාවත් මුණ ගැහෙන්නැ.. දකින්නවත්.ඉතිං අන්තිම මොහොතේ ....අන්තිම තප්පරෙත් මට ඔයා ලඟින්න ඉන්න එක ගොඩක් වටිනවා...."
මං එදා ඔයාව සියවෙනි වතාවටත් බ්ලොක් කරා .අපි කතා නොකර ඉන්න ඒක දෙන්නට ම හොදයි කියලා මට නිතරම කිව්වත්...හිත එයා මුරණ්ඩුයි.මං ආයේම මාස ගානකින් කතා කරපු ඔයාව අන්බ්ලොක් කරා.අපි ආයේ කතා කරා .හරි සැහැල්ලුවෙන් හිටියා .මං කල්තියාම දැන ගෙන හිටියේ ඔයා ඇයගේ කියලා.ඉතිං රහසින්වත් වරදක් ඇයට කරන්න මට ඕන උනේ නෑ .එත් එන්න එන්න වෙන්නව යන දින ලං වුනා.මං හිතන්නේ පහුගිය අවුරුදු තුනට වඩා අපි ලංවෙලා කියලා.හැමදාම ඔයාව මඟ හැරියා.මගේ හිතේ තිබුණු ආදරේ මට කියා ගන්න බැරි තරම් මම ශක්තිමත් උනේ නැති තරම්....ඔයා තරම් මට ආදරේ කරපු කෙනෙක් ....දකුණු අහසයට නැතුව ඇති... මට ඕන උනා මුකුත් නොවුණු ගානට ඉන්න.එත් ඔයාට එහෙම ඉන්න බැරි තරම් ඔයා මට ආදරේ කළා. ඔයා හැමදාම අහන දෙයක් තමයි ...මට ආදරේයි ද.... එත් මම ඒ වචන ටික කවදාවත් ම කටින් කියලා නෑ.ඔයා දන්නවද හිත ඇතුලේ ඔව් මම ආදරේයි කියලා කෑගහනවා ඒ වෙලාවට .ඇත්තටම මම පුදුම කෙල්ලෙක් ඔයා කියනවා වගේම ... අපි ආයේ කතා කළ නිසාම මම ඔයාගේ අන්තිම කැමැත්තට ඉඩ දුන්නා.හැබැයි මට මං ගැන පුදුමත් හිතුනා..මම කොහොමද මේ තරම් දුරට ආවේ කියලා...දන්නවා ඔයා මගේ නෙමෙයි කියලා.මම නිතරම හිතට ඒක තේරුම් කලත්..එයා පිළිගන්න කැමති උනේ නැහැ ....
"ඔයා එනවද ."
"හ්ම්ම්ම්...අන්තිම වතාවට "
"අපි කොහේද යන්නේ...."
"ඔයා කැමති තැනකට.... ඇවිදින්න පුළුවන් ...."
"ගාල්ලේ කොටුව තමයි මම කැමති ම...."
"හ්ම්ම්ම් හරි... හැබැයි අපි යාලුවො "
"මම දන්නවා..."
"ඉතිං අපි කීයටද යන්නේ... කොහේට ද මම එන්න ඕන."
මම හිනා වුනා මැසෙජ් කරන ගමන් ම....
"ඔයාට මතකද ස්ටේශන් එක...අපි මුළින් ම මුණ ගැහුණු තැන."
"මොකද මට අමතක.එදා මං ආවේ එළිවෙනකන් නිදිවරන් ඉදලා..."
"හ්ම්ම්ම්.... අපි එදා එච්චර උදේන් ආවත් හෙට දවල් වෙලා එමු... "
එදා රෑත් මම ගොඩක් කල්පනා කරා .මම ඇත්තටම කරන්නේ වරදක් ද...නැත්තම් ඒක වරදක් ම නොවන වරදක් ද කියලා. මොන දේ උනත් මේ අන්තිම දවස ...හිත පුදුම විදියට නොසන්සුන්.දන්නේ නැහැ මං ඇයි කියන්න.එත් මට දුකක් තිබුනේ නැහැ.
"ඔයා කොහෙද "
එදා ඔයා මගේන් අහන කොට ,හරි අමුතු ම හිනාවක් ආවා මගේ හිතට ..
"මම එන ගමන් ,ඒක පාරට වහින්න ගත්තා."
"මාත් එන ගමන්..ඔව් වහිනවා.ඔයා එන්න එහෙනම් ."
මම එදා ස්ටේශන් එකට ඔයාට කලින් ආවා. එත් එක්කම වගේ ගාල්ලට තිබ්බ කෝච්චිය ගියා.ඒක මිස් වුනත් මං හරි ආසවෙන් එදා ඔයා මං එනකන් බලන් හිටපු තැනම වාඩි වුනා.මගේ ඇග සීතල වෙලා.මට හිතුනෙ මම හොදටම බයවෙලා කියලා.එදා ඔයා මට කලින් ආවාත් අද මම ඔයාට කලින් ආපු නිසා එහෙම වෙන්න ඇති.මට මතකයි ඔයා මගෙන් අහනවා ඇයි බයවෙලා කියලා. මම බිම බලා ගත්තේ නොදැනිම....
"කෝච්චියක් නම් දැන් නැතුව ඇති." ඔයා එහෙම කිව්වා.
"ඔව් මං මඟ එනකොට ඒක ගියා. දැන් ආයේ තියෙන්නේ රෑට.අපි බස් එකේ යන්."
මට ඒ වෙලාවේ මතක් වුණා අපි දෙන්නගේ පළමු හමුවිමේදී අපි කොච්වියේ ගිය විදිය.එදා මං එළිවෙන් පාන්දර පහයි ගානේ ට්‍රෙන් එකට ආවේ මගේ මාමත් එක්ක.ඔයා මගේ දිහා සැරින් සැරේ බලපු විදිය.ඒ අහිංසක පාට මට තාම මතකයි.මං කෝච්චි පෙට්ටියට නැඟලා හැමතැනම ඇස්වලින් ඔයාව හෙව්වේ. ඔයා මගේ ළඟින් හිටගෙන .ඔෆිස් ට්‍රෙන් එකේ අය බලාගෙන.මං කලේ මගේ 4න් එක අරන් ඔයාට මැසෙජ් එකක් දාපු එක. " ඔයා ඉස්සරහට එන්න..කතා කරන්න එපා.මැසෙජ් කරන්න." ඔයා මගෙර් ඉස්සරහින් හිටගෙන .4න් එක දිහා බලාගෙන මැසෙජ් කරලා ,රිප්ලයි එක මගෙ මුණෙන් බලාපොරොත්තු වුනා.මං වාඩිවෙලා ඔයා හිටගෙන.කලුතර හරියෙදි ඔයාට අක්ක කෙනෙක් මගේ ඉස්සරහා සිට් එක පෙන්නලා වාඩි වෙන්න කිව්වත් ඔයා මගේ මුණ බලනවා.සමහර විට මම බනිවි කියලා හිතන්න ඇති.ඔයා එදා මගේ දිහා බලාගෙනම හිටියා .මං ගොඩක් වෙලාවට කියන්නෙම.ඇයි ඔහොම බලන් ඉන්නෙ කියලා..කට කොනින් චුටි හිනාවක් අරන් ..නිසලව මං දිහා බලන් ඉන්න එකටයි මං කැමති ම.එත් මම එපා කියන්නෙත් නිතරම ඒකමයි.
අපි බස් එක්කේ ගියා.මං ඔයාට බස් එකට නගින්න කලින් දැනුවත් කළා ..ඔයා වෙනම මම වෙනම යමු .එත් ඔයා ඒ වේලාවෙත් කිව්වේ .මේ අපේ අන්තිම හමුවිම...ආයේ බැරි වෙයි කියලා.ඉතිං මං එකග වුනා.අපි එක සිට් එකේ වාඩි වුනා.එත් අපි අපි ගැන කතා කරේම නැහැ.බස් එකේ යන සිංදු...ගැන... ඒවගේම දැන් කාලේ සිංදු කිසිම වැඩක් නෑ කියලත් ...සමහර ඒවා ගොඩක් ලස්සන වුනත් එවා බස්වල දානේ නැති තරම් කියලා හිනා වුනා.එත් ඇත්තටම එදා ලස්සන සිංදු ටිකක් ප්ලේ වුනා.දුක වේදනාව වැඩි.මට හිතුනා බස් එකෙන් බැහැලා යන්න ඒ තරමට.... අපි ගොඩක් කතා කරා .... මට මතකයි අපි ගොඩක් කතා කලේ හිඟන මනුස්සයෙක් ගැන. ඔයාට මාව දෙවනි වතාවට මුණ ගැහුනේ එහෙම . එදා මං කොළඹ බස් එකෙන් බැහැලා ගෙදර එනකොට ඔයා මගේ පිටිපස්සෙන්ම ඇවිත් .එත් මං දැක්කේ නැහැ. මම හිඟන මාමාව පහු කරන් ගියා.එයා මගෙන් නෝනා නෝනා කියලා සල්ලී ඉල්ලුවත් මං නොදි ඉස්සරට අඩි දෙකක් තුනක් ගිහින්..ආයේම නතර වුනා. මගේ බෑග් එකෙන් රු.20ක් අරන් ආපහු හැරිලා ඒක ඒ මාමාට දීලා ආයේ හැරෙද්දී ඔයා මගේ ඉස්සරහ... එදා මං බය වුනා.හිත ගැස්සුනා.. මම කකුල් පැටලෙන්න වගේ ආවත් ඉක්මනට ඔයාව පහු කරන් ත්‍රිවිල් එකක නැග්ගා..අපි ඒ ගැන කතා කරා.එදා ඔයාට හිතුණු දේ අද මට කියපු හැටි තාම මතකයි...
"මම බැලුවා මේ කෙල්ල ස්කාෆ් එකකුත් දාගෙන සාරිතා වගේ..මාව දැක්ක ගමන් බය වෙලා කඩියා වගේ දිව්වා නේ කියලා.ඔයා දන්නවද .එදා මං හිතුවා ඔයා මට බනී කියලත්."
අපි දෙන්නම ගොඩක් හිනා වුනා...
"ඔයාට මතකද තුන් වෙනි දවස " ....
"මට ඔයාට වඩා හොද මතකයක් තියෙනවා ...එදා ස්ටේශන් එකේ අර කොල්ලෝ රැලත් මට මතකයි...."
මගේ ඇස්වල කඳුළු නලියනවා කියලා මට තේරුණා.ඒ නිසාම එයාම ඉතුරු ටිකත් සම්පුර්ණ කළා.
"එදා ඔයා ස්ටේශන් එකේ වාඩි වෙලා ඉන්න කොට .කොළඹ ඉඳ ආපු ට්‍රේන් එකේ හිටපු කොල්ලෝ ඔයාට විහිලු කළා."නංගි ඇයි තනියම " කියලා..ඔයා එදා බිම බලන් වාඩ් වෙලා හිටියට..ඒ කියන මොහොතෙම මමත් ආවා.ඔයාගේ බංකුව පිටිපස්සෙ හිටගෙන..එතකොට ම කෝච්චියත් යනවා.ඒ කොල්ලෝ රැල කියනවා .අහ් "කොල්ලා ආවා කොල්ලා ආවා " කියලා.මම උන්ට ඕරවගෙන හිටියා."
ම්ම්ම්ම් "ඔයාට ඉතිං කේන්ති යනවනේ නිතරම ."
අපි කතා කලේම ඒ දෙවල්... ගාල්ලට යනකන්ම ... ඔයා ස්ටැන්ඩ් එකේදි හිටපු ගමන් මගේ ඉස්සරහින් මතු වෙන්නේ බුතයෙක් වගේ..මගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙන්නෙම ඒ වෙලාවට ... හිටපු ගමන් ඔයා මගෙන් මෙහෙම ඇහුවා..
"ඇයි ඇත්තටම ඔයා මට කැමති නොවුනේ."
"උත්තරක් නැති ප්‍රශ්න අහන්නේ ඇයි."
ඔයා මගේ ඇස් දිහා බලාගෙනම හිටපු නිසා මම ඉක්මනට ඒවගෙන් මගේ ඇස් ඈත් කර ගත්තා..මම ඔයාව එක දිගට මාස ගනන් බ්ලොක් කරලා ඇති.ඔයත් හරි ආයේ එන්නැ කියලා සිය දහස් වතාවක් ගිහින් ඇති.එත් අපි නිතරම මේ දෛවය නිසාම මුණ ගැහුනා.. අදටත් එහෙම දවසක් මතකයි. මම ස්ටේශන් එක උඩින් යද්දී ඔයා මගේ පිටිපස්සෙන්ම දුවන් ඇවිත්.ස්ටැන්ඩ් එකට වෙනකන් ම..මගේ නම කියද්දී මම හැරිලා බැලුවේ .ඔයා ලස්සනයි .කඩවසම්.. කොලපාට ටී එකක් ඇදලා හිටියේ .. මම එදා ඔයාට කිව්වා ඔයා ලස්සනයි .කියලා.අපි වචන දෙකක් තුනකට වඩා කවදාවත් කතා කරලා නැහැ .ඒ එකම හමුවීමකවත්....
"ඔයා ළඟ ඇත්තටම උත්තර නැද්ද .?"
"හ්ම්ම්ම්"
මම හිටපු ගමන් ඔයාට මෙහෙම කිව්වා...
"ඔයාට කහපාට ලස්සනයි .මං දවසක් දැක්කා ඔයාගේ ගෙවල් පාර ළඟදී .ඔයා ඇදන් ඉන්නවා. "
"අහ් ඔයා මාවත් දකිනවා එහෙනම් ."
"හ්ම්ම්ම්" මම හිනා වුනා යන්තම්.... ඇත්තටම ඒ මාස හතරක් විතර එක දිගටම බ්ලොක් කරපු කාලයකට පස්සේ. ඇත්තටම මගේ වැඩේම එයා මට ආදරේයි කියන කියන වතාවට එයාව හැම එකකින් ම බ්ලොක් කිරිම.එත් මට එක තැනකින් ඒයාව බ්ලොක් කරන්න බැරි වෙලා කියලා දැනෙන කොට.මං පරක්කු වැඩි ...... හිටපු ගමන් එයා මෙහෙම කිව්වා .
"කවදාවත්ම ඉංජිනේරුවෙක්ව නම් බදින්න එපා."
"අහ් ඇයි ? බිසී නිසාද "
"හ්ම්"
මම දන්නවා එයා ඒ තරම් බිසී වෙලත් මට ආදරේ කරා නම්...වෙන කෙනෙක්ට ඒක කොහොමටවත් බෑ කියලා.එයා අදටත් මට ආදරේයි .
"අහ් අපි බහිමු නේද ?."
"ඔයා ඉස්සර වෙන්න. එහෙනම් ...මං ඔයාගෙ පිටිපස්සෙන් "
ඔයාගේ ඒ චුටි චුටි හැම කේයාරින් එකකින් ම එදා මට ඔයාව ගොඩක් දැනුනා... ඇත්තටම මම ස්ට්‍රක් වුනා ඒ වෙලාවට...අපි ගියේ ගාල්ලේ කොටුවට.ඔයා කිව්වා ත්‍රිවිල් එකකින් යන් කියලා.හැබැයි මට ඕන උනෙ ඇවිදන් යන්න..ගිනි ගහන අව්වේ මං කුඩේ බැග් එකේම තියන් හිටිය.ඔය කිව්වා දෙන්න ඔයාට බැරි නම් මම ඉහලන්නම්.එත් මම දුන්නේ නැහැ.අපිව ආදරවන්තයෝ විදියට මිනිස්සු දකිවි කියලා මම බය වුනා .හරියට ඔයා මට මුල ඉඳන් ආදරේ දෙන්න හදන්න උත්සහා කරෙත් මෙහෙම..මමයි වැරදි .ඔයාට ඒකට තිබුණු හැම ඉඩක්ම ඇහිරුවා....
"ඔයා තව කලු වෙයි එහෙනම් ."
"කමක් නෑ..ඔයා සුදුයිනේ ඉතිං ..මං කලු උනාම ඔයා තවත් ලස්සනයි නෙ."
අපි ඒ පාරවල් වල ඇවිද්දා..ඔයා හරි කපටි මම එහෙම කිව්වා..
"අහ් ඇයි ඒ..."
"නැහැ පාර මාරුවෙන්න මටත් තනියම පුළුවන් .ඒකයි."
ගොඩක් තැනන් ලියන්නේ නැතුව ඉන්න කොට ලස්සනයි ....මම ලියන ගමන් එහෙම හිතුවා.
" ඒ වුනාට ඔයාව පරිස්සමි කරන්න එපැයි."
ඔයා කොච්වර ඇවටිලි කරත් මම කෑම කන්න යන්න කැමති උනේම නෑ..පිසා හට්,ජුස් බාර්....තව ගොඩයි....එත් මට ඕන ඒවා මුකුත් නැතුව ඇව්දින්න...මට මතකයි..ඔයාට බොරු බඩගිනි ආපු තරම්.....මාව කෑම කන්න එක්ක යන්න..එත් මං ස්ථිරයි ..එදා වගේම...
ඔයා හැමදාම ඉස්සර මගේ අතින් උයපු බත් එකක් ඉල්ලනවා.මම කරේම දෙන්නම් පොරොන්දු පිට ඉන්න එක.ඉතිං අපි ආයේ මුණනොගැහෙනවා නම් අද තමයි ඒ පොරොන්දුවත් ඉටු කරන දවස.එයා ආසම විදියට දැල්ලෝ තෙල් දාලා,පරිප්පුයි බතුයි.කෙසෙල් කොලේ ඔතන් මගේ අතින්ම හදාගෙන ආවා.එයා ගොඩක් සතුටු වුනා.ඒ වගේම එයා පුදුම වුණා.
"ඒක නෙමෙයි ඇයි මේ බෑග් එකේ සිප් එක කැඩිලා..ඉරිලත්."
"මේක ඔයාට මතක ද...මේක තමයි මං ඔයාව මුණ ගැහෙන්න මිට අවුරුදු තුනකට කලින් ආපු පළවෙනි දවසේ ගෙනාවේ .එතකොටයි නම් අලුත්."
"මට මතකයි."
"අනේ ඉන්න බොරු නොකියා..ඔයාට මතක නැහැ ."
මම පොඩි දරුවෙක් වගේ බොරු තරහක් ගත්තා..ඇත්තටම මම ඔයා ලග මම විදියට ම ඉන්නවා.මට මාව වෙනස් කර ගන්න ඕන වෙලා නැහැ නේද කියලා ...මේක ලියන කොට තේරුණා..
අපි ගොඩක් ඇවිද්දා ... මුහුද පේන ඒ පාරවල් දිගේ ඇවිද්දා...කොච්චර අව්ව උනත් කුඩේ බැග් එකෙ දාගෙන.
"ඔන්න පාර කෙලින් බලන් යන්න."
"හේ මං වැටුණොත් ඔයා මට හිනා වෙනවද?"
"පිස්සුද මම ඔයාට හිනාවෙනවද ."
"හ්ම්ම්ම් " ...හරි අපි ආයේ හැරිලා යන්..අර පැත්තට .."
මං බලාගේන ඔයාගේ ඉවසීම..මං හිතුවේ තරහායාවි කියලා.එත් එහෙම නෑ..ඔයා එක්ක ආපු පාරේ අපි ආයේම හැරුණා..පහළ පාරට ඇවිත් දිගටම ඇවිද්දා....
"අනේ පුසෙක් ..." මම දුවලා ගිහින් වඩා ගත්තා..ඌ බය වුනා පාර මාව හුරන්න හැදුවා.
මං බලාගේන ඔයා පොඩි දරුවෙක් වගේ මගේ මෝඩ වැඩ දිහා බලාගෙන හිනා වෙනවා . .
"ශොක් නේ"
"ශෝක්..මං බය වුනා ඔයාව හුරාවී කියලා.."
"හේ ඒකට කමක් නෑ .ගොඩක් පුසෝ මාව හුරලා තියේ..ගානක් නෑ ඒක ."
අපි දැන් ගොඩක් දුර ඇවිද්දා... ගාල්ලේ කොටුවේ ලස්සන ගැන පාරවල් ගැන.මියුසිකල් ශෝ ගැන කතා කරා...ඔයා ආසයි ලු රෑට කොටුවේ ඇවිදින්න..ලයිට් වැල් දාපු පාරවල්වල..මාත් ආසයි..ඔයා වගේම..
"දවසක මාත් ඇවිදිනවා රෑට ලයිට් තියෙන පාරක.."
ඉතිං ගොඩක් තැන් ගොඩක් ලස්සනයි ..ලියපු තැන් ගොඩක් අඩුයි.අපි ආයෙම ගෙදර එන්න ආවා..අපි ඇවිදන් ආපු දුර ආපස්සට ආයේම පහු කරන් එනකන් ම...
"ඔයා ගොඩක් ලස්සනයි .කොණ්ඩේ,ඇස් දෙක,හිනාව ,ගවුම් ඇන්දම තව...."
මං හිනා වුනා...
"අනේ බොරු කියන්න එපා."
"බොරු නෙමෙයි .සත්තකින්නම්.. ඔයා දැක්කද.... ඔයා ඉස්සර වෙලා යද්දී මං පිටිපස්සෙන්ම ආවනේ..කොච්චර කොල්ලෝ ඔයා දිහා බලනවද...මට තරහයි..මං උන්ට ඔරවනවා.අර බස් එකේ පිට්පස්සෙම හිටපු එකත් බෙල්ල කඩා ගන්න හැදුවේ."
මම ඔයා දිහා බලාගෙන හිටියා..මට හිනා... ඔයාගේ මුණ දෙක වෙලා...
" හ්ම්ම්ම් හ්ම්ම්ම්..."
අපි අපිට පොරොන්දු වුණා.පොරොන්දු වුනාට වඩා ඒක ප්‍රාර්ථනාවක් වුණා.ඊළඟ ආත්මේ අපි අපේ වෙනවා කියලා. ඔයා මට කිව්වේ මෙච්චරයි .ඊළඟ ආත්මේ මට පැලෙන්න ආදරේ කරන්න කියලා.මගේ හිත ගැස්සුනා. මං ඔයාට මේ ආත්මෙත් මගේ හුස්ම වටෙනකම් ආදරේයි .වෙනස මතු භවයේ මං ඒක හංගන්නේ නැතුව ඉන්න එක..ඉතිං
අපි අන්තිමට බහින්න කිට්ටුයි..ඔයගේ ඇස් රතු වෙලා..මගේ ඇස් මට තෙරෙන්නැ....
"මම එන්නම් ...මේ ටික...'
ඔයා ස්ටේශන් එකට ඇව්ත්...ස්ටේශන් එකේ වේදිකාව ඉවර වෙන කොනටම ආවා..අපි කතා කරේ නෑ..බිම බලන් මම ..ඔයත් එහෙම ඉන්න ඇති.අපි ඇවිදන් ආවා...හිටපු ගමන් අපි වේදිකාව අවසන් වෙන තැනටම ඇවිත්....මගේ හදවත දැනුත් මේක ලියන කොටත් වේගෙන් ගැහෙනවා..එදා වගේම....
"ඔයා සතුටින් ඉන්න ඕන.. පවුලෙ අය එක්ක...හොද ආදරේ කරන කෙනෙක් මුණ ගැහුනොත් එයාව පිළිගන්න.මං වගේ අත් හැර ගන්න එපා.ඔයා ගොඩක් එඩ්යුකේටට්..අනිවාරෙන් ඔයා ඉහලටම යනවා . ..."
"හ්ම්ම්ම්ම් ඔයාත් එයා එක්ක සතුටින් ඉන්න..."
"අපිට ආයේ හම්බෙන්න බැරිවෙයි."
"හ්ම්ම්ම්"
ඔයා නැවතුනා...මාත් නැවතුනා..මේ වෙදිකාවේ අවසන් කෙලවර....මාව ගැහෙනවා...මං දැන් කරන්න යන්නේ මං කිසිම කොල්ලෙක් වෙනුවෙන්...කවමදාකවත් නොකරපු දෙයක්.මට කවුරු බලන් හිටියත් කමක් නෑ... මං වේවුලනවා...මම ඔයාගේ අතින් ඇල්ලුවා..ඒ ස්පර්ශය ඔයා කීයටවත් බලාපොරොත්තු නොවුනා කියලා ඇස් මට ඔයාගේ කිව්වා.ඔයා පුදුමෙන් මගේ දිහා බැලුවේ..මං ඔයගේ අතෙ ඇගිලි තුනකින් හිමිට මගෙ ළඟට ඇද්දා. ඒ ඇගිලි මගේ ඇගිලිවලින් පිරිමැද්දා.....ඒ එක්කම මගේ දකුණු අත ඔයාගේ කොණ්ඩේට ගියා .ඒ හිස කෙස් හීමිට ඇවිස්සුවා... මම අවසානයෙ මටවත් හිතාගන්න බැර් විදියට ඔයව වැලද ගත්තා . මට ඇඩුනා ගොඩක් .වචනයක්වත් මට පිට වුනේ නෑ..හුස්ම වේගෙන් ඉහලට පහලට ගියා..මම ශනයෙන් ඔයාගෙන් මිදුනා .ඔයා මගේ අතින් අල්ල ගත්තත්.මම ඒ අත අදත් ගසලා...වේගෙන් දුවගෙන ආවා......
*****************************
සරළ කතාවක් ඇතුළේ
සංකීර්ණ අවසානයක
සිත නතර කළෙමි....
වේදනාව ද පසුතැවිම ද
නොදන්නා මුත්...
අවසානයට වඩා හිත
රිදන්නේ....
කියාගත නොහැකී ප්‍රේමය
දාරාගත් තරමට
වටිනා නිසාමය....