කතෝලික පල්ලියට ප්‍රශ්නයක් ඉතිරි කල Davinci Code (656)

post-title

ඩෑන් බ්‍රවුන් ගේ The Davinci code පොත ඔබ කියවලා ඇති. දැනට ලෝකයේ භාශා ගණනාවකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොතට සුවිශාල පාඨක ආකර්ශනයක් වගේම ඒ හා සමානව විවේචනත් එල්ල වෙලා තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා මරිය මග්දලේනා සම්බන්ධව කියවෙන ඉතිහාස කතාව පදනම් කරගෙන ලියවිලා තියෙන මේ පොතෙන් මරියා හා ක්‍රිස්තුස්වහන්සේ ගේ පරම්පරාවක් පිළිබදව කතා කරනවා. එම පරම්පරාව ආරක්ශා කරන පිරිසක් පිලිබදව මෙම කෘතියෙන් කියවෙන අතර කෘතියට අනුව ලියනාඩෝ ඩවින්චිද එයින් එක් අයෙක්. නමුත් යම් යම් ආගමික කාරණා හා පොතේ කරුණු පිළිබදව පවතින ආන්දෝලනාත්මක කාරණා නිසාත් මෙහි සත්‍ය අසත්‍ය බව තවමත් හෙලිවෙලා නැති නිසාත් එහි අන්තර්ගතය පිළිබදව මේ ලිපියෙන් කතා කරන්න අපහසුයි. කොහොම වුණත් මෙහි සමහර කාරණා බොහොම ආකර්ශනීය ඒවා නිසා The Davinci Code පිළිබදව යම් යම් තොරතුරු ඔබට කියන්නට මම හිතුවා. මෙම නවකතාව 1982 දි මයිකල් බෙගටන්, රිචඩ් ලී හා හෙන්‍ රි ලින්කන් විසින් ලියන ලද පූජණීය රුධිරය හා ශුද්ධ ග්‍රේල් කෘතිවලින් ආභාශය ලබා තිබෙනවා. කෙසේ වෙතත් තමන්ගේ කෘති අනුකරණය කරමින් මෙම නිර්මාණය කල බවට පසු කලෙක බෙගටන් හා ලී යුවල ඩෑන් බ්‍රවුන්ට නඩුවක් ද ගොනු කලා. නමුත් එයින් එම කෘතියේ අනුකරණ කිසිවක් ඇතැයි ඔප්පු කරගත හැකිවූයේ නැහැ. එසේම මෙම කෘතිය නිවුයෝර්ක් ටයිම්ස් සගරාවට අනුව වැඩිම අලවියක් සහිත කෘතිය බවටද පත්වුණා. ඒ පිටපත් මිලියන 81 ප්‍රමාණය ද ඉක්මවා යමින් වීම විශේශත්වයක්. එසේම එය දශකයේ හොදම පොත බවට ද පත්වුණා. එය ලොව පුරා පවතින ආගමික, දාර්ශණික භාවිතයන් මෙන්ම ආගමික සංකේත හා ඒවායේ වර්ධනය පිළිබදවත් කතා කරනවා. ද්භූතවාදය, රහස් නියෝග, සංකේතවාදය සහ අසාමාන්‍ය ලෙස උසස් බුද්ධිය භාවිතයෙන් සිදුකරන අද්භුත රහස් හා සැගවුණු විජ්ජා ගැන කරුණු මුළුමනින්ම මෙම කෘතියේ අඩංගුයි. මෙම පොත ස්පර්ශ කරන ප්‍රහේලිකාවන් සහ රහස් වසර ගණනාවක් තිස්සේ සමාජය සැලකිලිමත් දේවල් වූ අතර කෘතිය නිසා එවා ගැන සීඝ්‍ර උනන්දුවක් ද වර්ධනය වුණා. ඊට අමතරව, නවකතාවේ සිදුවීම් ශීඝ්‍රයෙන් සිදු වන අතර, චරිත අවබෝධ කරගැනීමට ඔබට යම් කාලයක් ද ලබා දෙනවා. එය කෙතරම් සිත් ඇදගන්නා සුළුද යත් මෙය සත්‍ය ද අසත්‍යද යන්න ඔබට අමතක විය හැකියි. සාරාංශය කෘතියේ සදහන් වන ආකාරයට ජේසුස් වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහය පිළිබදව අදින ලද චිත්‍රයේ ඉහත කී පරම්පරාව පිලිබදව යම් යම් ඉගි සහ රහස් සැගවී තිබෙනවා. මෙහි සදහන් වන 15 වන ශත වර්ශයේ ගොඩනගන ලද රොස්ලින් දෙව්මැදුරේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවසන් බෝජන සංග්‍රහයේදී ආහාර ගන්නා ලද බදුන වලලා තිබෙන බවත් පැවසෙනවා. එය මෙහි නිදන් කර තිබෙන්නේ ටෙම්පල් නයිට්වරු වන අතර එය ඔවුන් රැගෙන විත් ඇත්තේ ජෙරුසෙලමෙන්. මේ බදුන හදුන්වන්නේ හෝලි ග්‍රේල් යන නමින්. එවැනි සුවිශේෂී කේතයන් රැසක් සගවා සිටින චිත්‍රයක් ලෙස මෝනාලිසා චිත්‍රයත් මෙම කෘතිය මගින් පෙන්වා දෙනවා. ඒ වගේම තවත් චිත්‍රවල ජේසු තුමන්ගේ සැගවුණු පරම්පරාව පිළිබද රහස් කේතයන් අඩංගුවන බවත් කෘතියේ සදහන්. ලියනාඩෝ ඩාවින්චි සාමාන්‍යයෙන් කේත අංක ඔස්සේ සටහන් තැබීම හා වාර්ථා තබා ගැනීම පුරුද්දක් ලෙස කල නිසා ඔහුගේ සහයකයින්ටත් ගැටලු මතුවී තිබෙනවා. ඒ නිසාම කිහිප දෙනෙක් සහයක රැකියාව හැර ගිය බවත් සදහන්. එවැනි තොරතුරු අනුව සලකා බලන විට නම් ඔහුගේ චිත්‍රවල යම් යම් කේතයන් හෝ රහස් සගවා ඇතැයි සිතිය හැකියි. කෙසේ වෙතත් කෘතියට දරුණු විවේචන එල්ල කරමින් 2006 දී ආගම ධර්මය පිළිබද ලේකම් අගරදගුරු අති උතුම් ඇන්ජලෝ අමාතෝ මෙම කෘතිය වර්ජනය කරන ලෙස සමස්ථ ක්‍රිස්තියානුවන්ගෙන් ඉල්ලා සිටියා.මෙය හුදෙක් සුභාරංචි පණිවිඩකරුවන්ට හා ක්‍රිස්තුස්වහන්සේ ට සතුරුකම් කල අයගේ ක්‍රියාවක්බවයි උන්වහන්සේගේ අදහස වුණේ. ඒ නිසාම කුතුහලය වැඩි බොහෝ දෙනා අතර තවදුරටත් කෘතිය ජනප්‍රියත්වයට පත්ව තිබුණා. බොහෝ විට බහුතර පිරිසකගේ ඇදහීම් හා විශ්වාසයන්ට ඇති කරන බලපෑම හා ඒ ඇසුරින් ලියන ලද කෘති කෙරෙහි සමාජ අවධානය වැඩියෙන් යොමුවනවා. එයට හේතුව වන්නේ ස්තීර සාර මතයක් කෙරෙහි ඇතිකරන බලපෑම බහුතර සමාජ භාවිතාවට හා විශ්වාසයන්ට දැඩි පහරක් එක්ක කිරිමයි. ඒ නිසාම The Davinci Code කෘතිය ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. එමගින් ක්‍රිස්තියානි දහම අදහන්නන්ට හා නිරාගමික මුහුණුවරින් සමාජගතවුණු පුද්ගලයන්ට එල්ල කල බලපෑම සුලුපටු නැහැ. එසේම මේ පොත ඇසුරෙන් නිර්මාණය වුණු The Davinci Code නම් චිත්‍රපටයක් තිබෙනවා. ඒ චිත්‍රපටය දැනටමත් ඔබ නරඹා ඇති. එහි සිනමාත්මක භාවිතාව පිළිබදවත් ඉදිරියේදි තොරතුරු ගෙන එන්න අපි සූදානමෙන් ඉන්නවා. කොහොම වුණත් ඔබ මේ පොත අනිවාර්යයෙන් ම කියවන්න. එහි අපූරු නිර්මාණාත්මක බව හා කුතුහලය මුසුවුණු කාරණා ඔබට කියවීමේ රුචිය වැඩිකරන්න හේතුවක් වෙයි.

Top