අධි යථාර්ථවාදය (Surrealism) හදුනා ගැනීම (243 වන ලිපිය)

post-title

සාහිත්‍ය රීති ලෝකේ විවිධයි. ඒ අතරට යථාර්ථවාදය (Realism), මායා යථාර්ථවාදය (Magic/Magical Realism), අධි යථාර්ථවාදය (Surrealism), නව යථාර්ථවාදය (Neo Realism) වගේ නම් මෙන්ම අප්‍රිකාව ආශ්‍රිතව කල්පිත යථාර්ථවාදය (Fabulous Realism), සෝවියට් යථාර්ථවාදය (Soviet Realism) වගේ විවිධ නාමකරණයන් එකතු වෙනවා. මෙම රීතීන් ලංකාවේ භාවිත වෙන විධිය ගැන නම් හිතාගන්න අමාරුයි. හුඟ දෙනෙක් මේ අධි යථාර්ථවාදය කියන එක භාවිත කරන්නේ එහි නියම අර්ථය ගැන වැටහීමක් නැතිව කියලා පේනවා. ඒ වගේම මේ අධි යථාර්ථවාදය සහ මායා යථාර්ථවාදය කිව්වම සමහර අයට පුදුම බයක් තියෙන බවකුත් දැකලා තියෙනවා. ඒ වගේම කිසිදු වටහා ගැනීමකින් තොරව ඒවා ප්‍රතික්ෂේප කරන බවකුත් තියෙනවා. 

ඉහත හැම සාහිත්‍ය රීතියකින්ම වගේ ලෝකයේ විශිෂ්ට නවකතා ලියැවිලා තියෙනවා. අධි යථාර්ථවාදය ගැන සරලව යමක් ලියන්න ඕන කියලා හිතුවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි දැන් ලෝකේ මේ කියන වෙන්කිරීම් වලින් ඉදිරියට ගිහින්, තවදුරටත් මේ ශානර, රීති වලට කොටුවෙන ගතියක් දැන් කෘති වල නැහැ. සමහර කෘතිවල ඔය හැම ලක්ෂණම මිශ්‍ර වෙන හැටිත් පේනවා. නව සාහිත්‍යය මේ ශානර වලට ඉදිරියෙන් යන බවක් තමයි පේන්නෙ. 

අධි යථාර්ථවාදයේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කළොත් මේක මුලින්ම ඇතිවෙන්නේ සංස්කෘතික ව්‍යාපාරයක් විදියට. ඒ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ. එහි නම තමයි DADA. මෙය මූලික වෙන්නේ පළවෙනි ලෝක යුද්ධයට දක්වන ප්‍රතිචාරයක් විදියට. DADA ව්‍යාපාරය තර්කනය, හේතු, සෞන්දර්යවාදය, ධනවාදී සමාජය ප්‍රතික්ෂේප කරනවා. ඒවාට එරෙහිව විරෝධය දක්වනවා. ඒ ඉතිහාසය වෙනම කතා කළ යුතු දෙයක්. මෙහි පහත උදාහරණයකට ගන්න ‌ෆියරෙ රෙවර්ඩ් අධි යථාර්ථවාදය කවියට මුසු කරපු කෙනෙක්. 

අධි යථාර්ථවාදී ශෛලියට ඇතුළත් වෙන නවකතා කිහිපයක්.

After dark, 

Kafka on the shore, 

Wind up bird chronicle, 

IQ84 – Haruki Murakami

The Complete Cosmicomics - Italo Calvino

The Hearing Trumpet – Leonora Carrington 

අධි යථාර්ථවාදය හඳුනා ගන්න ඉතාම පහසු විදියක් ගැන ඉයෝවා විශ්ව විද්‍යාලයේ Jenna Clayton මෙහෙම සටහනක් ලියලා තිබුණා. 

"ඔබ සිහිනයක් දකිනවා යැයි සිතන්න. මෙම සිහිනයේ දී, ඔබ වනාන්තර මාර්ගයක් ඔස්සේ ගමන් කරයි. අහස කොළ පාට බව ඔබ තේරුම් ගන්නා තෙක් සියල්ල සාමාන්‍ය ලෙස පෙනේ. ඒක අමුතුයි වගේ පෙනුනත් ඔබ දිගටම ගමන් කරයි. හදිසියේම, ඔබේ ගමන් මාර්ගය විලාසිතාමය ධාවන පථයක් බවට හැරේ. ඔබ ඇඳගෙන ඉන්නා වස්ත්‍ර දෙස බැලීමට ඔබ පහත බැලුවත් ඔබේ දෑත අවධානය වෙනතකට යොමු කරවයි. සෑම අතකම ඇඟිලි පහක් වෙනුවට දැන් ඔබට Fish Fingers හතරක් තිබේ. එවිට ඔබට ශබ්දයක් ඇසෙන අතර ඔබ ප්‍රේක්ෂකයන් දෙස බලයි. මිනිසුන් ඔබට ඔල්වරසන් දෙන බව ඇසෙනු ඇත, නමුත් මෙම පුද්ගලයින් නිවැරදි ලෙස පෙනෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම අවම වශයෙන් අඩි 15 ක් උස වන අතර, ඔවුන් සියල්ලන්ගේම හිසෙහි තැපැල් පෙට්ටි ඇත. අවිශ්වාසයෙන්, ඔබ තත්පරයකට ඔබේ ඇස් වසා ගනියි. ඔබ ඒවා විවෘත කළ විට, සියලු 'මිනිසුන්' හදිසියේම මිලියන ගණනක සමනලුන් බවට පරිවර්තනය වේ. ඔබ අවසානයේ අවදි වන විට ඔවුන් සියල්ලම ඔබ දෙසට පියාසර කරයි. "

කොච්චර අමුතු හීනයක් ද? 

අපේ සමහර සිහින මෙන්ම අධි යථාර්ථවාදී සාහිත්‍ය අපව වෙනම ලෝකයකට රැගෙන යයි. එය යථාර්ථවාදී නොවන, විකාර සහගත සහ සම්පූර්ණයෙන්ම අතාර්කික බවක් පෙනේ. 

අධි යථාර්ථවාදී සාහිත්‍යයට සම්බන්ධ ප්‍රධාන අංග කිහිපයක් ඇත.

සංකල්ප රූප එකිනෙකට යාව පිහිටීම (Imagery Juxtaposition)

මෙය සිදුවන්නේ අධි යථාර්ථවාදී ලේඛකයින් සාමාන්‍යයෙන් එකිනෙකට නොගැලපෙන වස්තූන් එකිනෙකට යා කරන විටය. ඉහත සිද්ධියේදී උදාහරණයක් ලෙස හිස වෙනුවට තැපැල් පෙට්ටියක් ඇති යෝධ මිනිසුන් සැලකිය හැකිය. මුලදී, මෙම වස්තූන් හෝ රූප සම්පූර්ණයෙන්ම සම්බන්ධ නැති බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, වැඩිදුර විශ්ලේෂණයෙන් පසුව, කෙනෙකුට වස්තූන් දෙක අතර අද්විතීය සම්බන්ධතාවයක් දැකිය හැකිය.

සමාගමය (Association)

එකිනෙකට වෙනස් වස්තූන් දෙකක් අතර ඇති සම්බන්ධය සමාගමය ලෙස හැඳින්වෙන අතර, එයින් අදහස් කරන්නේ පාඨකයන්ට දේවල් ගැන සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් සිතීමට සැලැස්වීමයි. මේ සඳහා උදාහරණ Pierre Reverdy ගේ Central Heating නම් කවියෙන් සපයාගත හැකිය. මෙම කවියේ දි පියරෙ රෙවර්ඩි කවියා මිනිස් හදවත හා මධ්‍යම තාපන ඒකකය අතර සම්බන්ධයක් ඇති කරයි. 

අවිඥානික මනස (Unconscious Mind) 

අධි යථාර්ථවාදී ලේඛකයින් විශේෂයෙන් අපගේ සිතුවිලිවල අවිඥානික විස්තාරණය කෙරෙහි ඇල්මක් දක්වන අතර, මේ නිසා ඔවුහු මිනිස් මනසෙහි ගැඹුර ගැන ලිවීමට සහ තේරුම් ගැනීමට උත්සාහ කරති. අධි යථාර්ථවාදී සාහිත්‍යය සාමාන්‍යයෙන් සිහින හා සමාන ලෝකයක සැකසීමට හේතුව මෙයයි.

ඉහත සඳහන් කළ කවිය මෙයයි. 

Central Heating

A tiny light

You see a tiny light coming down landing on your stomach and lighting you up

—A woman stretches out like an ascending flare—

Over there in the corner a shadow is busy reading

Her bare unencumbered feet are much much too pretty

Short-circuit in the heart-system

Engine breakdown

What electromagnet is still keeping me running

My eyes and my love are both taking the same wrong road

A mere nothing

A spark they strike only to let it go out again sometime later

I've had enough of the wind

I've had enough of the sky

Essentially everything visible is artificial

Even your mouth

Despite the fact that I warm up wherever your hand touches me

The door is wide open but I refuse to enter

I see your face but lack all faith in it

You're so pale

One night when we were unhappy we sat down together on a trunk

Men were laughing somewhere off in the distance

Nearly naked children walked by now and then

Water flowed by in perfect purity

Copper wire conducts the light

The sun and your heart are compacted of the same substance

Top