නත්තලේ කතන්දරේ - යේසු බිළිඳු ඉපදුනේ

post-title

නසරෙත් කියන නගරයේ ඊශ්‍රායල කාන්තාවක් හිටියා. ඇය හරි ම කාරුණික හදවත් තිබුණු සුන්දර කාන්තාවක්. ඇය ඇගේ නම "මරියා". ඇය ගොඩක් හොඳ කෙනෙක් බව දෙවියන් වහන්සෙත් දන්නවා. ඒ නිසා මරියා එක්ක කතා කරන්න දෙවියන් වහන්සෙ "ගබ්‍රියෙල්" කියන සුර දූතයා මරියා ළඟට යවනවා. මරියා ගාවට යන ගබ්‍රියල් මරියාට කියනවා,

"බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභ සිද්ධ වේවා ! යොහෝවා ඔයත් එක්ක ඉන්නවා කියලා"

කවමදාකවත් දැකල නැති මේ ගබ්‍රියෙල් සුරදූතයව දැක්කම මරියා ගොඩක් බයවෙනවා. ඒ වෙලාවෙ මරියගෙ හිතේ බය නැති කරලා ගබ්‍රියෙල් කියනවා,

"මරියා, ඔබ බය වෙන්න එපා. යොහෝවාට ඔබ ගැන සන්තෝශයි. ඒ නිසා ඔහු ඔබව පුදුම වෙන දෙයක් කරන්නයි යන්නෙ. ටික කාලෙකින් ඔබට දරුවෙක් ලැබෙනවා. ඔහුට "යේසුස්" කියලා නම දෙන්න ඕන. යොහෝවා ඔහුව දාවිත් වගේ රජෙක් කරන්නයි යන්නෙ. හැබැයි යේසුස් සදහටම පාලනය කරන රජෙක් වෙන්නයි යන්නෙ, ඔහුගෙ රාජ්‍ය කවදාවත් කෙළවර වෙන්නෑ. "

ගබ්‍රියල් සුරදූතයාගෙ මේ වදන් ඇහුවම මරිය සසල වෙනවා. බිය වෙනවා.

"මේ දේවල් කොහොමද වෙන්නෙ? මම විවාහ වෙලත් නෑ. මම පුරුෂයෙක් එක්ක ඉඳලත් නෑ. ඉතින් මට දරුවෙක් ලැබෙන්නෙ කොහොමද?"

මරියා ගබ්‍රියල් සුරදූතයාගෙන් එහෙම අහනවා. ගබ්‍රියල් ඊට පිළිතුරු වශයෙන් කියන්නෙ "දෙවියන්ගේ බලය ඔබ මතට ඇවිත් මේ දෙවියන්ගේ පුතා ලබාදෙන" බවයි. ඊට පස්සෙ මරිය දෙවියන් ගැන ගෞරවයෙන් "මම යොහෝවා ගේ දාසිය, ඔබ කියන විදියට ම මට වේවා! " කියලා ප්‍රාර්ථනා කරනවා.

මේ කතාව ලූක්ගෙ හා මතෙව්ගෙ බයිබල් අනුශාසනාවල දැක්වෙන්නෙ එහෙම. අද  (දෙසැම්බර් 25)  සකල ලෝක වාසී කිතුනු බැතිමතුන් සමරන්නෙ එදා කන්‍යා මරියා මව්තුමියගේ කුසේ එහෙම පිළිසිඳ ගත්ත යේසුස් නම් දේව පුත්‍රයාණන් ගෙ උත්පත්තිය. කරුණාරත්න අබේසේකරයන් ඒ දේවසමිඳානන් ගේ උත්පත්තිය පිළිබඳ මෙහෙම ලියනවා.

"බෙත්ලෙහෙම් පුරේ

දිළිඳු ගව ලෙනේ

ඔරුව තුළේ

සිසිළෙ නිදයි

ජේසු බිළින්දා"

(කරුණාරත්න අබේසේකර)

එදා කන්‍යාවක් උන මරියා මව්තුමියගෙ කුසට යොහෝවා ගෙ පුත්‍රයා පිළිසිඳ ගත් බව කියන ශුභාරංචිය අරන් ආව ගාබ්‍රියල් දේවදූතයා ඇයට ඒ පණිවිඩය දීල යනවා. පස්සෙ මරියා, "යෝසෙප්" කියලා මනුශ්‍යයෙක් ව විවාහ කර ගන්න යනවා. හැබැයි මරියාට දරුවෙක් ලැබෙන්න යන බව දැන ගත්තම යෝසෙප් ඇයව විවාහ කරගන්න හොඳ නෑ කියලා තීරණය කරනවා. ඊට පස්සෙ දේවදූතයෙක් ඇවිත් "මරියව විවාහ කරගන්න බියවෙන්න එපා, ඇයට පුතෙක් දීලා තියෙන්නෙ දෙවියන් වහන්සේ " කියලා යෝසෙප්ට දැනුම් දෙනවා. ඊට පස්සෙ යෝසෙප් මරියව විවාහ කර ගන්නවා.

ඔය අතරෙ තමයි " කයිසර් අගොස්තුස්" කියන රෝමන් නායකයා නීතියක් දාන්නෙ හැමෝම තම තමන්ගෙ ඉපදුනු ගම්වලට යා යුතුයි කියලා. ඉතින් යෝසෙප් ඉපදිලා තිබුණෙ බෙත්ලෙහෙම්වල. ඒ නිසා යෝසෙප්‍ටයි මරියටයි සිද්ද වෙනවා බෙත්ලෙහෙම්වලට යන්ඩ. එහෙම ගියාට එදා රෑට නවතින්න මේ දෙන්නට බෙත්ලෙහෙම්වල තැනක් හොයා ගන්න බැරිවෙනවා. ඉතින් ඒ නිසා මොවුන් දෙන්නා සත්තු ඉන්න මඩුවක එදා රෑ නවතින්න තීරණය කරනවා. ඒ මඩුවෙදි තමයි එදා රෑ යේසුස් උපදින්නෙ. ගවයන්ට සහ අනෙක් සත්තුන්ට ආහාර දාන ගව ඔරුවක තමා යේසු බිළින්දා උපදින්නෙ.

යේසුස් ඉපදුනු දවසෙ රෑ පිට්ටනියක බැටලුවො බලාගත්ත එඩේරුන්ට දේව දූතයෙක් ඇවිත් කියනවා "භය වෙන්නෙපා ඔයාලට කියන්න මට ශුභාරංචියක් තියෙනවා. අද බෙත්ලෙහෙම්වල ස්වාමි ක්‍රිස්තුස් ඉපදුණා. ඔහු මිනිසුන්ව ගලවා ගනී. ඔහුව රෙදි කඩකින් ඔතලා ගව ඔරුවක තියලා තියනවා ඔබලා දකිවි" කියල. ඉතින් ඒ එඩේරු යේසුස් වහන්සේව හොයාගෙන යනවා. ඔවුන්ට යේසුස් ව මුණගැහෙනවා. බයිබල් අනුශාසනාවල එන මේ සිද්දිය මෙල්‍ රෝයි ධර්මරත්න අපූරුවට ගීතයක ලියා තියෙනවා.

"මරිය තුමියගේ පෙම්බර මුහුණේ

එළියක් දිස් වූයේ

ජුසේ තුමා කිසිදාකත් නැහැ දෙව්

අණකට පිටුපෑවේ

වට පිට රොක් වී උම්බෑ ගාමින්

හරකුන් කෑ ගසතී

රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී

පඬුරු ඔප්පු කරතී"

(මෙල්‍ රෝයි ධර්මරත්න)

කොහොම උනත් යේසුස් වහන්සේගෙ උත්පත්ති කතාව ගැන ඒ විදියට බයිබලේ සඳහන් උනත්, ඉපදුණු දවස පිළිබඳ සඳහන් වෙන් නෑ. නිව් කැතලික් එන්සයිකොපීඩියා විශ්වකෝෂයෙ සඳහන් වෙන්නෙ " යේසුස් ඇත්තටම ඉපදුණු දවස කවුරුත් දන්නෙ නෑ" කියලයි. ඒ වගේ ම එන්සයිකොපීඩියා ඔප් අර්ලි ක්‍රිස්ටියන්ට්ලි විශ්වකෝෂයෙත් තියෙන්නෙ ඊට ම සමාන අදහසක් වුන "යේසුස් ගෙ උපත සිදුවූ දිනය කිසිම කෙනෙක් දන්නෙ නැහැ" කියලයි.

හැබැයි ලෝකයේ බොහෝමයක් රටවල ක්‍රිස්තියානුවන් ඒ දිනය බයිබලයේ නොමැති උනත් දෙසැම්බර් 25වෙනිදා ජේසුස් දෙව් සමිදානන් ගේ උපන් දිනය කියා නත්තල ලෙසින් එය සමරනවා. ඒ ආගමික නායකයන් විසින් "රෝමවරුන් අපරාජිත හිරුගේ උපන් දිනය සැමරූ දවසේ දීම යේසුස් වහන්සේගේ උපන් දිනය සමරන්නට තීරණයකට පැමිණි නිසයි.

ඒ කොහොම උනත් සමස්ත ක්‍රිස්තියානි දර්ශනයම රැඳිල තියෙන්නෙ මානව ආදරය - ප්‍රේමය මත. ඉතින් ඒ නිසා නත්තල් දවසෙ…

Top