මෝටර් රථය පණගන්වා ගත් මම බ්‍රාස් ගාලා වේගයෙන් ම ගේට්ටුව ළගට ගත්තා .මර්තේලිස් බයවෙලා බලා හිටියේ ඒ වගේ හදිස්සියක් මීට කලින් දැකලා නැති නිසා .
වාහනේ පාරට දැම්මට මොකෝ කොහේ යන්න ද කියලා නිච්චියක් තිබුණේ නෑ..අතුරු පාරක් දිගේ ගිහින් පාළු මාවතක වාහනේ නැවැත්තුවා .සීට් එක පස්සට කර ගෙන දකුණු අත නළල මත තබා ගත්තේ ඔළුවට මහ බරක් දැනුණු හින්දා. කොච්චර අමාරු වැඩ නම් මම කරලා ඇද්ද .ඒත් ..
මෙච්චර වෙහෙසක් දැනිලා නෑ කවදාවත් .
මට ඕන තනිවෙන්න.හිතන්න.මේ අරුම පුදුම දේවල් එක්ක තනිවෙන්න.
ඊයේ දුටු හීනය.රසංජනගෙ රූපකාය.මේ එකිනෙක අතර සම්බන්ධ කරගත නොහැකි කුමක් හෝ දෙයක් තියෙනවා කියලා මට දැනෙන්න අරන් තිබුණේ .
මම නැවත නැවත ආයාසයෙන් කල්පනා කළා.මා හීනයෙන් දුටු තැන ගැන .කලින් හුරුපුරුදු ගතියක් එහි තිබුණා .එතැන හොයාගන්න පුළුවන් නම්.මා කොතෙකුත් මනෝ විද්‍යාත්මක පොතපත කියවා ඇද්ද .ඒත් ඒවා සත්‍ය ලෙස ම වේයැයි කිසිදා සිතා තිබුන්නෑ.
ඕ මම මහ මෝඩයෙක් නොවේද .කෝ මට අතීතයක්.මම දන්නේ අවුරුදු විස්සක පමණ ඉතිහාසයක් විතරයි .ඉන් එහා කුමක් වී ද.අහෝ මා කව්ද? උත්තරයක් පේනතෙක් මානෙක නෑ.
ඔව් මම මේ සියල්ල සොයා යා යුතුයි.රටපුරා ම පිස්සෙක් වගේ මම හෙව්වේ රටේ ඉතිහාසය .දැන් මම මගේ ඉතිහාසය හොයන්න ඕන කියලා මම හිතාගත්තා.
රසංජන... කව්ද මේ රසංජන.ඔව් මම එතැනින් පටන් ගන්නවා.ඒක තමයි මට ලැබුණු හොඳ ම අවස්ථාව.කාර් එක දඩස්ගාලා ස්ටාර්ට් කරගෙන මම ගෙදර ආවේ අලුත් බලාපොරොත්තුවක් එක්ක.
" ආ මොකෝ මේ ඉක්මනට .දැන් ලොකු වැඩක් කියලා නේ ගියේ."
"ඔව් ලොකු වැඩක් තමයි .ඒත් මේ මේ..සුනිල් සර්ට පොඩි කරදරයක් වෙලා .මගදි කෝල් එකක් ආවා.අද බෑ වෙන දවසකට ඒක කල් දැම්මා. ඒක හොඳයිනේ නිර්මලා. ඔයත් කිය කිය හිටියේ මේ පුතා එන එකේ ගෙදර ඉන්න කියලා නේ."
මමත් ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කළා.
"අම්මෝ ඇති යාංතං මොළේ පහළවෙලා."
අවඥාවෙන් වගේ ඈ කිව්වා.
"ඉතින් පුතා.අපේ පුතාගේ යාළුවෙක් කීවානේ.කොහෙද ගම.දැන් කොහෙද ඉන්නෙ.මොනවාද පුතා කරන්නේ. මොකද හිතෙන්නේ මේ පළාත ගැන "
මම මොනවා ඇහුව ද කියලා හරියට මතක නෑ.ඔය වගේ ප්‍රශ්න වගයක් ඇහුවා වගේ මතකයි.
"සූරී ඔයා එම්සී කියු පේපරයක් ද අරන් ආවේ.අන්න ඒ ළමයා බයවෙලා.අයියෝ ඔයාට සාමාන්‍ය ජීවිතේ ගැන මෙලෝ දැනුමක් නෑනේ .පොත් පත් ගැන විතරයිනේ දන්නේ."
"හරි හරි ඉතින් ඒ ළමයගෙන් මම ඇහුවේ මේ..පොඩි ප්‍රශ්න ටිකක්නේ.ඔයානේ කලබල වෙලා තියෙන්නේ "
" අයියෝ ඩැඩීට මම කියලා තියෙනවානේ රසංජන ගැන . .ඔයාට ඉතින් ඕවා මතක තියෙනවා ද?"
රසංජන මා දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස්වල යම් විස්මයක් ගැබ්වෙලා තියෙනවා කියලා එක බැල්මෙන් ම තේරුණා .ඒත් මට ඒ බැල්ම නම් ඒක දරාගන්න පුළුවන් උනේ ම නැහැ.
"ම්ම්ම්.... මට මේ අන්කල් හොඳට දැකලා පුරුදුයිනේ .අපි මීට කලින් මීට් වෙලා නෑනේ.අනේ මන්ද ,එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ"
පුදුමයි එහෙනම් ඒක එයාටත් දැනිලා.මම ඔහුගෙ ඇස් දිහා හොඳට බැලුවා .හීනි දිගටි ඒ ඇස්වල පුදුම අහිංසක බවක් පිරිලා තිබුණා.මහ අමුතු කතාවක් ඒකේ ලියවිලා.ඒ සලකුණු...ඔව් හරියට නළලෙ වම් පැත්තෙ විශාල උපන්ලපයක්.
"මම මාතලේ අංකල්.අම්මා තාත්තා වයසයි. මට ගෙදර ඉන්න හිතෙන්නෙ ම නෑ.අනේ මන්දා අම්මලා හරි අමුතු දේවල් කියනවා.එයාලා තාම ඉන්නේ ගල් යුගේ අන්කල් .ඉතින් මම ගෙදර යන්න කැමති නෑ .ගමට කැමති නෑ .මෙහේ ඇවිල්ලා මගේ ම ව්‍යාපාරයක් කරනවා බතික්"
"බතික්...බ..ති..ක්..හ්ම්ම්..ඇයි බතික්..."
"දන්නෑ .මම පුංචි කාලේ ඉදලා පුදුම ආසයි .මම අඳින්නේ බතික් ඇඳුම් තමයි ..."
ප්‍රශ්නය තව තවත් සංකීර්ණ වෙන්න පටන්ගත්ත . බතික්...
"ඔයා ආයේ ගමේ යන්නෙ නැද්ද එතකොට . .කේතලෙන් මල්ලක් ගන්න මටත් ආසයි ඒ පැත්තේ යන්න.හරි ලස්සනයි පළාතක්නේ."
"ආ එච්චරයි නේ අඩු .ඔව් ඉතින් අපි හැඩ නෑනේ."
නිර්මලීගේ ඒ වචනවල නම් හිනාව ගැබ්වෙලා තිබුණා.
"මෙයා ඉතින් ඔහොම විහිළුවක් කරන්නේ කල්පෙකින් තමා පුතා..."
"නෑ මම ඇත්තටම කියන්නේ .අපි කට්ටිය ම යමු එහේ.ට්‍රිප් එකක් ගියපු කාලයක් මතක නෑ.නුවරත් ගිහින් මාලිගාව වැඳලා කාරිය එන්න පුළුවන්නෙ"
"හදිස්සියට පොඩි එකාගෙ ස්කෝලේ රැස්වීමකට යන්න බැරි මනුස්සයා ට්‍රිප් යාවි දවස් දෙක තුනක්...ඕව් වෙන්නෑ පුතා..."
නිර්මලී දිගට ම මට එරෙහි ව ම කතාව.හැබැයි ඒ කතාවෙ තිබුණේ තරහක් ද මොකක්ද කියලා නම් මට තේරුන්නෑ.
"නෑ මේක වෙනවාමයි.ආයේ දෙකක් නෑ .මට දවසක් කියන්න .කෝ කැලැන්ඩර් එක"
සතියකින් මාතලේ යන්න දින තීරණය කරගත්තේ මම .මම කවදාවත් ඒ තරම් වේගයෙන් තීරණ අරන් නෑ.
නිර්මලී ඇස් ලොකු කරන් මා දිහා බලා උන්න.මම කවදාවත් ඔවුන් එක්ක ට්‍රිප් ගියේ නැත.යන්න ඕන තරම් මුදල් දුන්නා.පුදුම නොහිතෙනව නම් තමයි පුදුම ...මගේ හදිසි වෙනස ඔවුන්ගේ කුතුහලයට ලක්වෙයි ද .
අන්කල් ලා යන්න කැමති නම් යමු.එහෙනම් විසිහත යන්න ලෑස්ති කරන්න .
ඇත්තටම සූරී අපි යනවා ද
ඔව් නිර්මලී යමු.ඔයා ඕන කරන දේවල් සූදානම් කරගන්න කෝ.
ඇගේ ඇස් අග දිලිසෙන්න ගත්තා.මම කවදාවත් එහෙම දැකලා නෑ .හැමදාම මගේ වැඩ කළා මිස ඈ කළු ද සුදු දැයි කියාවත් බලන්න තරම් උවමනාවක් මට දැනුන්නෑ.ඒත් යාලුවො එක්ක මම විනෝද උනා.මම හොද සැමියෙක්- නෙවෙයි කියලා හිතුණා .
ඒ දවස් කීපය ගෙවා දමන්න මට ලේසි උනේනෑ .රාත්‍රි කීපයක් ම මහ විකාර හීන කඩා පාත් වුණා.නිර්මලී නම් කීවේ මම මොනවද කියලා කෑගහනවා කියලා .ඒත් ඒ මොනවද කියලා නම් කීවේ නෑ .
නුවරට එනකොට හිරු අහස මුදුනට ම ඇවිල්ලා තිබුණා.දළදා වීදියට පා තබන විට මොකක්දෝ හැඟීමක් හිතේ නළියන්න ගත්තා...
"ආ සූරී මෙතැනින් මල් ගන්නවා ද ..."
"අංකල් අපිට ඇතුළෙන් ගන්න පුළුවන් ..."
ඒ පින්බිමේ දී සිතට පුදුම සහනයක් කොහොම ආවද මන්දා...
"සූරී ඔයාට පින් .දළදා හාමුදුරුවෝ වඳින්න කට්ටියම එන්න මට තිබුණේ පුදුම ආසාවක්"
"රශ්මික ආ ඔයා මේ හඳුන්කූරු ටික ගන්න.ගිනිපෙට්ටිය පොඩි සාක්කුවේ ඇති ."
"මල් වට්ටියක් පනහයිලු."
මොනවා රසංජන ඕ එයා මල් වට්ටිය අරගෙන මල් පුප්පවනවා.ඒක මට හරිම හුරුයි .ගොඩක් ම ළඟයි.හිතට ඉවසුම්නෑ
........................................................................
ගමන ඉවර නෑ තව තියෙනවා ...එන්න අපි ඇවිද යමු...