පෙම්වතුන් මිය ගියද ප්‍රේමය සදා ජීවමානය - Best of me (476)

පෙම්වතුන් මිය ගියද ප්‍රේමය සදා ජීවමානය - Best of me (476)

තමන්ගේ ප්‍රථම ප්‍රේමය වසර විස්සකට පස්සේ හරි මුණ ගැහෙන එක මොන තරම් වාසනාවන්ත ද ? ඒත් ඒ 

වෙනකොට ඒ දෙන්නට ළං වෙන්න බැරි බාධාවන් තියෙනව කියලා තේරුම් ගන්න වුණොත් ? ඒ මොහොත මොන තරම් වේදනාකාරී වෙනවා ඇතිද ?

Amanda සහ Dawson ප්‍රේමය ජීවිතේම කර ගත්තු පෙම්වතුන් දෙදෙනෙක්. එහෙමත් නැත්නම් ආත්මගත සහකරුවන් දෙදෙනෙක්.

Dawson තමන්ගෙන පවුලෙන් නොයෙකුත් අකටයුතුකම් වලට මුහුණපාන, ඒ නිසාම පවුලෙන් වෙන්වෙලා වෙනමම ජීවිතේ ගැටගහන් යන සාමාන්‍යය කොල්ලෙක්.එතකොට Amanda ඉහළ ධනවත් පවුලක දඟකාර කෙල්ලෙක්. ඒත් දෛවයේ සමහර තීරණ නිසා ආදරේ කරලා ටික කාලෙකින්ම දෙන්නට වෙන් වෙන්න සිදු වෙනවා.

ඊටත් පස්සේ දෙන්නගේ ජීවිත වෙන වෙනම පාරවල් දෙකක ඇදිලා යනවා. Amanda විවාහක දරුවන් සිටින මවක්.නමුත් Dawson තාමත් තනිකඩයෙක්.

 ඉතින් ඒ අහඹු හමුවීම එක්ක ඒ ආදරේ ගිනි පුපුරු මොන විදිහට දෙන්නවා අවුලනවා ඇතිද ? 

Dawson ගේ අතින් තමන්ගේම සමීපතමයෙක් මිය යන්න බල පාන හේතුව මොකක් වෙනවා ඇතිද ?

ඉතින් ඒ ආදරේ ආයෙත් ලියවෙනවා නම් කොයි තරම් දුරක් දක්වා ඇවිදන් යාවිද ? ඒ කෙලවර වීම තව දුරටත් ආත්මයම දික් කිරීමක් වුණොත් ?

 තමන්ගේ ආදරණීයෙක් අස්සෙන් නැවත වතාවක් පණ ගැහෙන්නේ Dawson ගේම හදවත කියන දේ Amanda දැන ගත්තොත් ඒ අවස්ථාව මොන තරම් සංවේදී වේවිද ? 

ඉතින් Best of me හදවත පාරන සුපිරිම ගණයේ සිනමා අත්දැකීමක්.

කතාවට පාදක වෙන්නේ Nicholas sparks' ගේ Best of me නවකතාව.ඉතින් මේ ආදර කතාවේ අග මුල දැන ගන්න නම් විනාඩි එකසිය දහ අටක් වෙන් කර ගන්නම වෙනවා.

ඉතින් ආදරේ කියන්නෙම අහම්බකාරකව ජීවිතේ වැළදගන්න දෙයක්.නොසිතූ මොහොතක අපිට අපිව මුණගස්සන දෙයක්.කිසිදාක අපිව අත් නොහරින දෙයක්.හැමදාටම අපි අස්සටම වෙළා හුස්ම ගන්න දෙයක්.

ප්‍රේමය හිමි වීමෙන් ඇති වන්නක් හෝ අහිමි වීමකින් නැති වන්නක්ද නොවේ.ඉතින් පෙම්වතුන් මිය ගියද ප්‍රේමය කිසිකලෙක මිය නොයයි.. ඒ ප්‍රේමයේ සෙවණැලි සෑම දිනකම අප ජීවත් කරනු ඇත.

Top