Zack Snyder's Justice League(276 වන ලිපිය)

Zack Snyder's Justice League(276 වන ලිපිය)

Zack Snyder's Justice League එක release වෙලා තිබ්බෙ මාර්තු 18 වෙනිදා. 2017 නිකුත් වුන Justice League ෆිල්ම් එකේ directors cut එක විදියට තමයි 2021 මාර්තු 18 නැවත මේක release උනේ. වෙන film වල directors cut වලට වඩා ගොඩක් වෙනස් කම් එක්ක තමයි මේ ෆිල්ම් එකේ නැවත නිකුත් කිරීම සිදුවුණේ. මුල් ෆිල්ම් එක පැය 2ක් උනත් අලුතින් නිකුත් වූ ෆිල්ම් එක පැය 4ක් තියෙනවා. කතාවට කියන්නේ ටයිටැනික් ෆිල්ම් එකටත් වඩා දිගින් වැඩි ෆිල්ම් එකක් කියලා. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න හිතුවෙ ගොඩ දෙනෙක්ට ප්‍රශ්න වුන දේවල් කිහිපයක් ගැන. ඒ ඔක්කොම ප්‍රරශ්න වලට මේ ලිපියෙන් උත්තර හම්බවෙයි කියල හිතනවා.

1.ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි මේක වෙනම නමකින් එන්නෙ කියන එක

Snyder's Justice League එක release උනේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. මුල් ෆිල්ම් එක නිකුත් උන ගමන් ම වගේ, මේ තමන් බලාපොරොත්තු උන එක නෙවේ ඒ නිසා තමන් ඉල්ලපු එක දෙන්න කියල අන්තරජාලයේ ලොකු movement එකක් තිබුනා. මේකට ගොඩ දෙනා සහයෝගය දක්වා තිබුනා. ඒ ගැන සරලවම කිවොත් 2017 ආපු ෆිල්ම් එක. මේක original director Zack Snyder ගෙ vision එක නෙමෙයි. ෆිල්ම් එකෙ post production වලදි Zack Snyder ගෙ දුව Autumn Snyder නැති වෙනව. මේ අතරෙම WB ස්ටුඩියො එක Zack Snyder ගෙ vision එක වෙනස් කරන්න try කරනව. (ඔවුන්ට ඕනි වෙනවා Marvel වගේ ෆිල්ම් characteristics). මේ ඔක්කොම නිසා අන්තිමට සැක්, එයාම ෆිල්ම් එකෙන් අයින් උනා කියල බොරු කතාවක් මීඩියා වලට දීල. DC වලට තියෙන්නෙ Dark Tone එකක්. ඒක එයාලගෙ Identity එක. ඒක දැනට හරියටම කරපු ඩිරෙක්ටර් කෙනෙක් Christopher Nolan. අනිත් එක්කෙනා තමයි Zack Snyder. ඒ කියන්නේ එක එක ඩිරෙක්ටර් එක එක චරිත ගැන තියෙන Vision එක. නෝලන් ට එයාගෙ Batman trilogy එක ඉවර කරන්න අවස්තාව තිබ්බ. ඒ වෙද්දි Marvel Cinematic Universe කියල ලොකුවට build වෙලා තිබුනේ නෑ. ඒ නිසා Christopher Nolan ට කවුරුවත් හිටියේ නැහැ එයාගේ ෆිල්ම් එක්ක compare කරන්න. එයාගෙ Trilogy එක complete කරා කිසිම ප්‍රශ්නයක් නැතුව.

ඒ උනාට Zack Snyder මේක අතට ගන්නකොට MCU එකත් එක්ක මේක compare කරන්න ඕනෙ උනා. ඒ කියන්නෙ WB එකට පවා ඕනෙ උනේ Marvel Cinematic Universe විදියට යන්න මොකද ඒවගේ අදායම් වාර්තා ගොඩක් වැඩි නිසා. Zack Snyder ගෙ vision එකට මාර විදියට අතපෙවීම් ආවා ඇතුලෙන් සහ එලියෙන්, Critics උනත්. අන්තිමට එයාට එයාගෙ vision එකට යනවට වඩා අනිත් අයට ඕනෙ විදියට යන්න කිව්ව. මේ හේතුවයි එයාගේ දුවගේ නැතිවීමයි නිසා තමයි Zack Snyder Justice League වලින් අයින් වෙන්නේ .

මේ ළගදි සැක් interview එකක කියනව මාවල් කරන්නෙ Acrtion comedy movies. ඒක එයාල උපරිමෙන්ම කරනව. ඒ උනාට Zack Snyderට ඕනෙ උනෙ මේක Mythology ලෙවල් එකට ගේන්න. ඒක තනිකරම mythology level adventure එකක්. Zack Snyder ගෙ චරිත ඔක්කොම god level. එයා කරන්නෙ gods ල වගේ superheros ලා කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ඔවුන් සමග ඉන්නෙ කියල පෙන්වන එක. ඉතින් කොහෙත්ම මේක action comedy නෙමෙයි. Zack Snyder ගෙ flaws තියෙනව. Zack Snyder Justice League එකෙත් ඔයාලට දකින්න පුළුවන් ගොඩක් Slow Motion scenes වැඩි.

Zack Snyder ව අයින් කරල WB ස්ටුඩියෝ එක වෙන ඩිරෙක්ටර් කෙනෙක් ගන්නව. ඒ Joss Whedon. එයා තමයි 2012 ආව The Avengers 2012 ද 2015 ආව Avengers: Age of Ultron 2015 ෆිල්ම් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Joss Whedon ටයි WB ගොඩක්ම අවශ්‍ය උනේ Marvel ෆිල්ම් characteristics මේකටත් ඇතුලත් කරන්න. ඒ නිසාම Joss Whedon Justice League ෆිල්ම් එක රී ශූට් කරල කොමඩි සින් ගොඩක් එක්ක වෙනම ෆිල්ම් එකක් හදනව. ඒක තමයි 2017 ආවෙ. එකට Joss Whedon හා WB හිතුවේ නැති විදිහට ප්‍රේක්ෂකයන්ගේ හා ගොඩක් critics ලගේ විවෙචනයට ලක් උනා. ගොඩක්ම හේතු උනේ අපි ආස කරපු DC Main Characters වල Character Build එක ෆිල්ම් එකේ නැති උන එකයි DC ලට අවේනික ලක්ෂණ එකේ නැති උන එකයි.

ඒ පාර twitter එකේ Zack Snyder ගෙයි DC fansල සෙට් වෙලා වෙනම movement එකක් පටන් ගන්නව. ඒක තමයි #releasethesnydercut කියන්නෙ. මේක බලපෑම කොච්චර කියනවනම් මේක ස්ටුඩියො එකේ යන්න තියෙන උපරිම තැනට අරන් යන්න පුළුවන් වෙනවා. 

AT&T කියන්නෙ Warner Bros. සහ Warner Media දෙකේම හිමිකාරිත්වය දරන කෙනා. අන්තිමට AT&Tඑක තීරණය කරනවා Snydercut එක release කරන්න. ඒක release කරන්නෙ Warner Media වලින්. මොකද මේ වෙද්දි WM අලුතෙන් එයාලගෙ streaming service එකක් උන HBO Max හදුන්වා දෙන ගමන් හිටියෙ. ඒ නිසා එයාලට ගොඩක් Subscriptions මේකට ආකර්ෂණය කරගන්න මේ Snydercut එක release වෙන එක අවස්තාවක් කරගත්ත. මොකද snydercut එකට වෙනම ෆෑන්බේස් එකක් ඉන්නව.මේකට ලොකු ප්‍රසිද්දියක් හැදිල තියෙනව. අනිත් එක free adverticing හම්බෙනව මේක ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය Zack Snyder ගෙයි DC fansල ගෙන් . අනික මේකට කොහෙත්ම WB ල සම්බන්දයක් නෑ . ඒ නිසා මේ අවස්ථාව එයාල උපරිම ප්‍රයෝජනයට ගන්නවා..

මේක ෆිල්ම් එක ගොඩක්ම theatrical Cut එකෙන් වෙනස් වෙන නිසා ෆිල්ම් එක Zack Snyders Justice League කියල එලියට දානව. මේක ඩිරෙක්ටර කෙනෙක්ට ලැබුණු ගොඩක්ම සම්මානනීය අවස්ථාවක් ඒක හරියට මේක ඩිරෙක්ටර් කෙනෙක්ට ඔස්කා හම්බුනා හා සමානයි. මොකද Zack Snyderගෙ නමින් ෆිල්ම් එකක් එලියට එනව කියන්නෙ ඒක හැමදාටම එහෙමයි.

යට තියෙන්නෙ මචන් Golden tweet එක. ඒකට අද වැටිල තියෙන කමෙන්ට් එක.

image



2.Film එකේ Screen Ratio එකත් ගොඩක් අයට ප්‍රශ්නයක්

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක screen aspect ratio 2.39:1. ඒත් Zack Snyders Justice League එකේ screen aspect ratio එක 4:3 Square ratio. ඒ නිසා තමයි දෙපැත්තේ කළු තිරූ දෙකකුත් එක්ක කොටුවට පේන්නේ. ඒකට හේතුව වෙන්නේ ෆිල්ම් එක රිලීස් කරේ imax format එකෙන්. ඒකට හේතුව විදියට ඩිරෙක්ටර් කියන්නෙ එයාට වැඩි ප්‍රමාණයක් පෙන්වන්න ඕනෙ කියල. මොකද ගොඩක්ම scens වල flight scens වැඩියි. සාමාන්‍ය screen aspect ratio 2.39:1 එකෙන් පෙන්නුවා නම් ගොඩක් movements crop වෙලා පේන්නෙ. ඒ නිසා Full movement එකම පෙන්වන්න ඕනි නිසා 4:3 screen aspect ratio එකට තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. එතකොට තමයි ඒ සීන් ලස්සන. තවත් සරලවම කියනවනම් දෙපැත්තෙන් තියෙන ප්‍රමාණය එහෙම්මයි. ඒ උනාට උඩින් සහ යටින් තව වැඩියෙන් ප්‍රමාණයක් පේනවා. 

image

 

මේ format එකෙන්ම මේ මාසෙ ආපහු BvS release කරා HBO Max එකේ. ආපහු ඒක බලන්න. වෙනදට දැක්පු නැති ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක්, ෆිල්ම් එකෙත් වෙනදට වඩා ලස්සනක් දකින්න පුලුවන්.

අද මේකේ Black and White version එක release වෙනවා . නම Justice is Grey. මේකෙ ජෝකර් ගෙ වැඩිපුර සීන් ටිකකුත් තියෙනව. ඒක බලලම ඒක ගැන වෙනම විස්තරයක් දැන්නම්



Reference
Elakiri.com , The Verge, Screen Rant, Rottentomatoes, The New York Times , Tharindu Vishwanath Youtube Channel

Top