මනංකල්පිත විශ්ව කෝෂය

post-title

“Codex Seraphinianus 15 වන ශතවර්ෂයේ මුද්රනණය කරන ලද විශ්ව කෝෂයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ පරිකල්පනික මනෝ ලෝකයක් වටා ගෙතුණු විශ්වකෝෂයක් වීමයි. මෙය ඉතාලි ජාතික චිත්රහ ශිල්පියෙකු ද වාස්තු විද්යාඥයකු ද කාර්මික නිර්මාණකරුවකු ද වන Luigi Serafini (ලුගි සර්ෆානි) විසින් නිර්මාණය කර ඇත.  ඔහුට 1976 සිට 1978 දක්වා වූ කාලය මෙම පොත රචනා කිරීමට ගත වී ඇති අතර මෙම කෘතියෙහි ඇත්තේ අක්ෂර නොව කේත වේ. මෙය පිටු  360කින් යුක්ත වන අතර කියවන්නන්ට දැකිය හැක්කේ චිත්රෙ ය. 

මෙම විශ්ව කෝෂය ප්රවකාශනයට බඳුන් කර ඇත්තේ Franco Maria Ricci (ෆ්රෑන්කෝ මාරියා රිකි) විසිනි . මෙය කියවීමේදී අපිට පාට පැන්සල් භාවිතයෙන් අඳින ලද සිතුවම් දැකිය හැකි අතර විවිධාකාරවූ විශ්මය ජනක ශාක, පැලෑටි , සතුන් මෝස්‌තර , ආහාර වර්ග පිළිබඳව ද  මෙහි අන්තර්ගතව ඇත. එම චිත්රා වලින්ද අධි තාත්වික ලෝකයන් පිළිබඳව සඳහන් කර තිබීම විශේෂත්වයයි. 

මෙම කෘතියෙහි භාවිත රචනා ශෛලිය අපරදිග රචනා ශෛලියෙන් යුක්ත වේ. එනම් බටහිර රචනා ශෛලියයි. 2009 මැයි 11 වසරේදී ඔක්ස්වාර්ඩ් විශ්වවිද්යාලයේ Society of Bibliophiles පැවැත්වූ සාකච්ජාවකදී සේරෆිනි පැවසුවේ “Codex පිටපතේ කිසිදු තේරුමක් අන්තර්ගතව නැති බවයි. එනම් අර්ථය පිලිබඳ විශේෂිත යමක් අන්තර්ගතවී නොමැත බවයි, ඔහුගේ අත්දැකීම සවිඥානික නොවන ලිවීමකට සමාන වේ., එය automatic writing; ලෙස හඳුන්වයි, කතුවරයා විසින් නිර්මාණය කරන ලද භාෂාවක් මෙම රචනාවට අනුගත කර තිබීම ඔහුගේ දක්ෂතාවය වේ.

ඔහු පැවසුවේ එය එක්තරා අන්දමක ක්රීවඩාවක් මිස වංචනික ක්රිටයාවක් නොවන බවයි . මෙම කෘතිය කේත ආශ්රිනත පොත් කියවන්නන් අතර මහත්සේ ප්රගචලිත  වූ කෘතියක් බව කියවේ. කේත පිලිබඳ රුචිකත්වයක් නොමැති පිරිසට මෙය කියවීම තරමක වියවුල්කාරී බවක් සිතට එක් කරනු ලැබේ. මන්ද එතරම් විශ්වාස කල නොහැකි කරුණු වලින් මෙම පොත යුක්ත වීමයි. මෙහි ඇඳ ඇති සිතුවම් වල විශේෂත්වය වන්නේ පුරාතන හෙවත් මධ්යතන යුගයේ සිතුවම් වලට සමාන වීමයි. එනම් ලියනාඩෝ ඩාවින්චි, බෝෂ් ඇඳි චිත්ර්යන් ආකාරයෙන් වක්රරව පවසමින් යන විස්තරයක ආකාරයක් ගැනීමයි. 

මුලාශ්ර - http://www.openculture.com/2017/09/an-introduction-to-the-codex-seraphinianus-the-strangest-book-ever-published.html

Top