හිංදුස්තානි ගීත කෝකිලාවිය කෞෂිකී චක්‍රවර්තී (560)

post-title

කෞෂිකී වත්මන් හිංදුස්තානි සංගීත කලාවේ ඉතාමත් කැපී පෙනෙන සම්භාව්‍ය ගායන ශිල්පිනියයි. ගෞරවණීය ශාස්ත්‍රපති පණ්ඩිත් ග්නාන් ප්‍රකාශ්, ඝෝෂ කෞෂකී සහ ඇයගේ දෙමව්පියන් වන චන්දන සහ අජෝයි චක්‍රවර්තී යනාදීන් විසින් ඇයගේ සංගීත දිවිය පෝෂණය කර ඇත. අජෝයි චක්‍රවර්තී යනු ඉංදියාවේ පට්‍යාල ඝරානා ගායන ශෛලිය හැදෑරුවන් අතර කීර්තිමත්ම ගායකයාය.

වයස අවුරුදු 7 දී ඇය පණ්ඩිත් නාන් ප්‍රකාශ් ඝෝෂ්ගේ කලායතනයෙන් හින්දුස්තානී සංගීතය ඇරඹීම ආරම්භ කළ අතර , පසුව ICT සංගීත පර්‍යේෂණ ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. සිය අධ්‍යාපනය කල්කටා විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත උපාධි අපේක්ශිත කාන්තා පාසලක් වන ජෝගමය දේවි විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ ප්‍රථම උපාධිය ලබා ගත්තාය.

කෞෂිකී තුම්රි , දද්‍රා ,කායල් ,කජ්රි ,චයිති සහ භජන් යන අංශයන්හි තාක්ෂණික අංශ ප්‍රගුණ කර ඇති අතර සංගීතය තුළ හදවතින්ම කිමිදුණු ගායිකාවකි. ඇයගෙ විශ්මිත ගායන හැකියාව ඉංදියාවේ මෙන්ම විදේශයන්හි දි පතල වූ අතර ඇයට එය ජාත්‍යන්තර කීර්තියක් ලබා දීම ද විශේෂත්වයකි.

ඇය විසින් හිංදි , බෙංගාලි මෙන්ම දමිළ චිත්‍රපටි රැසක් ඇයගෙ මියුරු ගායනයෙන් වර්ණවත් කර තිබීම ඇයගෙ සුවිශේෂත්වයයි.

Water ( 2005) ,
Chaplin (2011)
Thirumaannam Ennum Nikkha ( 2014)
Rajkahini (2015)
Mirzaya( 2016)
And
Aroni Tokhon (2017

ඇයගේ ගායන දිවියේ වර්ණවත් සංකේත වූහ.

ඇය සහබාගි වූ සංගීත ප්‍රසංග අතර

1.Dover Lane Music Conference
2.The ICT Sangeeth Sammelana
3. The Spring Festival in Music ( Californiya)
4.Swai Gandharva Bhimsen Sangeet Mahothsawa and Parampara Program .

2005 දි ඇය විසින් කරන ලද World Music නම් ඇල්බමය සඳහා BBC ගුවන් විදුලියෙන් පිරිනමන ලද ලෝක සංගීත සම්මානයෙන් පිදුම් ලබන ලදි.

ඇයගෙ මධුර ප්‍රකාශන , ගීතවත් කඩහඬින් සහ ඇගේ සංගීතයේ ඇති ගැඹුරු හරවත් අර්ථය තුළින් ශ්‍රාවක හදවත් මෙන්ම ආත්මයද ඇය විසින් ස්පර්ශ කරයි.

2014 දී පැවැත්වූ ප්‍රංශ උළෙලේදී ඇයගෙ පරම්පරාව තුළ ප්‍රමුඛතම හින්දුස්තානී සම්භාව්‍ය ගායිකාවට හිමි සම්මානය දිනුවේද ඇයයි. 

Top