වෙරෝනාවේ පිහිටි ජුලියට් ගේ මන්දිරය (182 වන ලිපිය)

post-title

මේ උසුලාගත නොහැකි ග්‍රිෂ්ම සෘතුවයි. මේ දිනවල සිරුර කෙමෙන් කෙමෙන් දාහයෙන් තෙත් වෙද්දී සිසිලසක් සොයාගෙන යන්නට සංචාරකයන්ට සිතෙන බව නම් නො අනුමානයි. එහෙත් අමරණීය වූ පෙම් කතාවකට තුඩු දුන් සොදුරු කදු යායකින් වටවූ සුන්දර වෙරෝනාව අතහැර යාමට නම් එම නගරයට ඇතුලු වන සංචාරකයන්ට කිසි විටෙකත් සිත් නොදෙනු ඇත.

රෝමියෝ ජුලියට් ප්‍රේම වෘතාන්තය පිළිබද නො ඇසූ කෙනෙක් ලොව නැති තරම්. ඉතින් විලියම් ශේක්ෂ්පියර් නැමැති මහා සාහිත්‍යධරයාගේ නාට්‍යක් වූ රෝමියෝ ජුලියට් කතාව පිළිබද ව මුලින්ම අපි කතාකරමු

රෝමියෝ සහ ජුලියට් යන පෙම්වතුන් දෙදෙනා පාරම්පරිකව පැවත එන capulets සහ montiugo යන වංශවත් සිටු පවුල් දෙකක පුරුක් දෙකක්. ඔවුන් දෙදෙනා අතර ඇති ව තිබුණේ නොබිදිය හැකි ශක්තිමත් ප්‍රේමයක්. මොවුන් ලොවට හොරා ජුලියට් ගේ මන්දිරයක තිබුණු සොල්දරයක ප්‍රේම සල්ලාපයේ යෙදී ඇත. සදලුතලයේ සිට පහළට එල්ලා වැටුණු මල් වැලක ආධාරයෙන් රෝමියෝ සෑම දිනකම රාත්‍රි යේ දී ජුලියට් හමුවීමට පැමිණ ඇත. අනාගතයේ දී ඔවුන්ගේ සම්බන්ධයට ඇතිවන ප්‍රශ්න පිළිබද දන්නා නිසාම ඔවුන් දෙපළ ලෝරන්ස් නම් පියතුමා ඉදිරියේ රහසේම විවාහ ගිවිසගනු ලැබීය.

අවාසනාවන්තම කරුණ නම් මෙම පවුල් දෙක පරම්පරා ගණනාවක සිට පවතින වෛරයකින් වෙලී පැවැතීමයි. ඒ නිසාම මෙම සම්බන්ධයට පවුල් දෙකෙම විරුද්ධව ඇත. එක් මොහොතක මොවුන්ගේ ප්‍රේමය පිළිබද තතු ජුලියට් ගේ පවුලේ සාමාජිකයෙකුවන මර්සිවාසියෝ නැමැති පුද්ගලයා විසින් ජුලියට් ගේ දෙමාපියන්ට පවසන ලදී. පසුව ඇතිවන ගැටුමක දී රෝමියෝ අතින් එම පුද්ගලයා මරණයට පත්වෙයි. ඊට දඩුවම ලෙස රෝමියෝට මරණ දඩුවම නියම විය. ඒ අවස්ථාවේ රෝමියෝ සැමටම හොරෙන් නගරයෙන් පිටත්ව ගොස් ඇත. ඒ අවසරයෙන් ජුලියට්ගේ පියා ඇය ව වෙනත් පුද්ගලයෙකුට විවාහ කර දෙන්නට තීරණය කර ඇත. ඒ අතරතුරේ ලෝරන්ස් පියතුමා විසින් ජුලියට් ට නිදි බෙහෙතක් ලබාදී ඇයව දිගු ව්‍යාජ නින්දකට පත්කර සොහොනක තබා ඇත. මේ පිළිබද තොරතුරු ඉන් පසුව රෝමියෝට කියා යැවුවත් ඔහුට ඒ සත්‍ය පණිවිඩය ලැබී නැත.

මේ වන විට ජුලියට්ගේ සිහි නොමැතිවීම මරණයක් ලෙස පැතිර ගොස් තිබුණු අතර එය ආරංචි වූ සැනින් එහි පැමිණි රෝමියෝ වස පානය කර මියයයි. ඉන් ස්වල්ප මොහොතකට පසුව පියවි සිහියට පැමිණි ජුලියට් රෝමියෝ ගේ මළ සිරුර දැක වේදනාවෙන් මුසපත්ව අසල තිබූ කිණිස්සකින් ඇනගෙන සියදිවි තොර කර ගනියි. 

ඉතින් අපි අද ලෝක උරුමයක් ව ඇති වෙරෝනා නගරයේ පිහිටා ඇති ආදරණීය රෝමියෝ ජුලියට් පෙම්වතුන්ගේ ප්‍රේමවන්තිය වන ජුලියට් ගේ මන්දිරයට සෙමින් සෙමින් පිය මැන යමු

වෙරෝනා නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් පනස් නමයක පමණ උසකිිනි. මෙහි ජීවත් වන්නේ වෙරෝනිස්ට් යන නමින් හදුන්වන මිනිසුන් කණ්ඩායමකි. ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසේ දී රෝම අධිරාජ්‍යයේ මූලස්ථානය වූයේ ද මෙම වෙරෝනා නගරයයි. ඉතාලියේ වයින් නිෂ්පාදනයේ මූලිකම ස්ථානයක් ලෙස ගැනෙන්නේ ද මෙම වෙරෝනා නගරය ම ය.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ අතීතයේ රෝම වංශිකයන් තම වහලුන් හා සිරකරුවන් මෙය තුළට ගෙන්වා මොවුන්ව සටන් වලට යොමු කිරීමයි. මෙම සටන් මාරක සටන් වූ අතර ඒ සටනින් ජයග්‍රහණය ලබන තැනැත්තා වහල් බවින් මිදී ස්වාධින තැනැත්තකු බවට පත්ව ඇත. පසුකලෙක මෙම ස්ථානය රගහලක් ලෙසටත් භාවිත කරනු ලැබ ඇත

ජුලියට්ගේ මන්දිරය වෙත යන සංචාරකයන්ට එහි ඇතුල් වන ස්ථානයේ පිහිටි තාප්ප යුගලයේ විශේෂ දෙයක් දක්නට ලැබෙයි. ඒ මෙය නැරඹීමට මෙම ස්ථානයට එන පෙම්වතුන් ඔවුන්ගේ නම් එහි කෙටීමයි. ඒ ඉදිරිපස ජුලියට්ගේ පිළිරුවක් දක්නට ඇත. මෙහි එන සෑම සංචාරකයෙක්ම ඒ ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීමට බොහෝ විට පෙළඹෙයි. සමස්ථ ඉතාලි සංචාරයකදී වුව ද ඔවුන් ලබන වටිනාම සමරුව එය වන්නට ද හැකිය

ජුලියට් ගේ පිළිමයට ඉහළින් එදා රහසේම මේ පෙම්වතුන් යුවළ හමුවූ සදළුතලයේ නටඹුන් අද ද දක්නට ලැබෙයි. මෙහි සුන්දරත්වය නැරඹීමට පැමිණෙන පෙම්වතුන් ඉන්පසුව යන්නේ ජුලියට් ගේ සොහොන් බිමටයි. එහි එක් තැනක ආදර දොරගුලු දක්නට ලැබෙයි. ඒ නම් විවිධ වර්ණයන්ගෙන් යුක්ත ඉබ්බන් ගෙන එක ස්ථානයක එල්ලා තැබීමට මෙහි එන ප්‍රේමවන්තයන් උත්සුක වන්නේ කිසිදු බාධාවකින් තොරව තම ප්‍රේමයට ජය ගැනීමට ලැබේවා යන ආදරණීය චේතනාවෙනි. එලෙසම තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම සටහන් කරන ලද රතු රෝස මල්, සහ සිහිවටන මිලදී ගැනීමට සාප්පුවක් ද ඒ අසලම දක්නට ඇත. නම ඒ මොහොතේම ගෙත්තම් කර මසා දීමට එතැන සිටින සේවිකාවන් උත්සුක ය. එබැවින් මේ කලාපය පෙම්වතුනට ආදරණීය මතක තෝතැන්නක් ම ය.

Top