ප්ලාස්ටික් අපද්රව්ය සහ පරිසරය II (776)

post-title

ප්ලාස්ටික් අපද්‍රව්‍යය කලමණාකරන ජාතික සැලැස්ම (2021-2030) ට අනුව, › ලංකාව තුළ දිනකට මෙ.ටො.938.42 ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍යය ප්රමාණය නිපදවේ. මෙයින් 32්‍ර පමණ විවිධ ආකාරයෙන් නැවත එකතු කරනු ලබන අතර මෙයින් ද ප්රතිචක්රීය කරණය කරනු ලබන්නේ 4.1්‍ර ක් පමණි. එකතු කරගත් ප්ලාස්ටික් කසල වලින්ද 27.9්‍ර (දිනකට මෙ.ටො.261.82) ක් පරිසරයට බැහැර කරනු ලබන්නේ එකතු කිරීමට ලක් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍යය ප්‍රමාණය දිනකට මෙ.ටො.638.12 (මුළු ප්ලස්ටික් අපද්‍රව්‍යය වලින් 68්‍ර) තිබියදීය. මෙහි භයානක කම නම් එකතු නොකරන ප්ලාස්ටික් කසල ය වැඩි කොටසක් එලිමහනේ පිලිස්සීම, කසල වලින් නිදහස් වීමට ඔවුන් දන්න හොදම ක්රමය වීම නිසාය. මෙහි ප්රමාණය ආසන්නව දිනකට මෙ.ටො.419.47 ක් ලෙස ගණන් බලා ඇත (රූපය 1).

waste-plan-srilanka

රූපය 1 › ලංකාව තුළ නිපදවන ප්ලාස්ටික් අපද්‍රව්‍යය ප්‍රමාණය හා ඒවායේ ඉරණම මූලාශ්‍රය ප්ලාස්ටික් අපද්‍රව්‍යය කලමණාකරන ජාතික සැලැස්ම (2021-2030)

මෙරට නිවාස සැලකීමේදී ඒවායෙන් අඩකටත් වඩා ප්‍රමාණයකට අපද්‍රව්‍යය එකතු කිරීමේ සේවාවන් නොලඛෙන අතර එම නිවසියන් තම අභිමතය ය සහ ශක්යතාව අනුව ඒවා ගිනි තැබීම, වැලලීම හෝ පොදු ස්ථා න වලට ගෙනත් දැමීම වන අතර මෙම පොදු ස් අතර කුඩා වන ලැහැබ, ගංගා ඇල දොළ ද වේ. කසල කළමණාකරනය සිදුකරන ප්රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා වලට ද තම සේවා සැපයීම කල හැක්කේ සීමිත පහසුකම් යටතේය. මහනුවර මහ නගර සභාව හා බලංගොඩ ප්‍රදේශීය සභාව ඉතා උසස් අන්දමින් මෙය සිදුකර ඇතත් අනෙක් ඒවා දියිණු කල යුතුය. ලෝකයේ මේ වන විට පවතින ක‍්රඉදබ ක‍රුාසඑ (නිපදවන කාබනික වායුන් තිර කිරීම සඳහා වන මූලය්ය පහසුමකම) මෙන්ම ඡක්ිඑසජ ක‍රුාසඑ (නිපදවන ප්ලාස්ටික් අපද්‍රව්‍යය ශ+න්‍ය කිරීම සඳහා වන මූලය පහසුකම) වැනි නව්‍ය සංකල්ප භාවිතයෙන් අපට මෙම කටයුත්ත්ට අව්ශ්යය මූලයාධාර සොයාගත හැක. මෙලෙස කසල සම්පතක් කරගනිමින් නැවත නිෂ්පාදන කටයුතු වලට යොදාගැනීම අපට ඩොලර් ඉතිරිකර ගනීමට කදිම අවස්ථාවක් ද වනු ඇත. අපද්‍රව්‍යය භාවිතයෙන් බල ශක්තිය නිපදවීම පරිසරවේදින්ගේ දෝෂාරෝපණයට ලක්ව ඇතැත්, එක්වරම විරුද්ධ වීමට ප්ර්ථම එම ක්රියාවලින් මැනවින් නිරීක්ෂණය කර වායු දූෂණය අවම කිරීමටත් කාබන් තිර කිරිමටත් අවශ්යය නීතිමය රාමුන් සකස් කළ යුතුය. මන්ද යත් 19 වන ශත වර්ෂයේ සිට මෙතෙක් නිපද වූ ප්ලාස්ටික් බොහොමයක් මිහිතලය මත වන බැවින් ඒවාගේ ප්රතිච්ක්රීකරණ සීමා ඉක්ම ගිය පසු නැවත කාබන් චක්රයට කෙන ඒම අප කල යුතුව ඇති නිසාවෙනි. ඉතින් මේ සියල්ල මෙසේ තිබියදී ඔබ මිලදී ගන්නා ප්ලාස්ටික් නිෂ්පාදනයේ භාවිතයෙන් පසු ඉරණමට ඔබත් එහි නිෂ්පාදකයාත් වග කිව යුතුය. එම නිසා කල් පවතින, නැවත නැවත භාවිත කළ හැකි දේ අත්යාවශ්යමනම් පමනක් මිලදී ගනිමින් භාවිතය අවම කිරීමටත්, ප්ලස්ටික් ප්‍රතිචක්‍ර’කරණයට දායක වීමටත් සැලකිලිමත් වෙන්න.

Top