ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ පරිසරය (775)

post-title

විවිධ නිෂ්පාදන සිදු කිරීමට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය අතර ප්ලාස්ටික් වලට ඇත්තේ සුවිශේෂී පිළිගැනීම කි. අඩු මිල, කල් පැවැත්ම, සැහැල්ලු බව, නම්‍යශීලී බව සහ විවිධාංගීකරණය ට ඇති හැකියාව වැනි කරුණු මෙයට හෙතුවයි. මෙලෙස නිෂ්පාදන සඳහා අධික ලෙස ප්ලාස්ටික් යොදවා ගැනීමත් එම නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොල තුල ජනප්‍රියත්වයට පත්වීමත් නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිෂ්පාදනය ද දිනෙන් දින ඉහල යමින් පවතී. මෙම අපද්‍රව්‍ය ප්‍රමාණයත්, ඒවාගේ ගති ලක්ෂණ ත් හේතුවෙන් මිනිසා ඇතුලු සියලු ම ජීවින් ට කල හැකි බලපෑම් අද වන විට අවදානයට ලක්ව ඇත. ඒ අනුව ප්ලාස්ටික් සොයාගනු ලැබූ 1940 දශකයේ සිට අද දක්වා එහි නිෂ්පාදනය 200 ගුණයකින් පමණ වැඩිවී ඇත. තවද අවුරුද්ද කට අඩු කාලයක් තුළ දිරාපත්වන ප්ලාස්ටික් මෙන්ම වසර 100 ගණනක් ගියද දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පවතින බැවින්, 2020 වර්ෂයේ දී එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන (UNEP) ගණන් බලා ඇති අන්දමට මෙතෙක් නිපදවන ලද සියලු ම ප්ලාස්ටික් නිෂ්පාදන වලින් 79% ක් පමණ තවමත් පරිසරය තුල ප්ලාස්ටික් ලෙසම පවතී.

පරිහරණය කෙතරම් ආකර්ෂණීය වූවද, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආශ්‍රිතව පවතින ආර්ථික, සමාජීය හා පාරසරික බලපෑම නොසලකා හැරිය නොහැකිය, එ නිසා එය අද වන විට ලෝකයේ අවදානයට පාත්‍රවූ මූලික ගැටලු වකි. පර්‍යේෂකයන් පෙන්වා දෙන අන්දමට 2015 වන විට ප්‍රාථමික ප්ලාස්ටික් රෙසින මගින් පමණක් නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5800 කි. මෙයට ප්‍රතිචක්රිකරණය මගින් නිපදවෙන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආශ්‍රිතව කසල අයත් නොවන බැවින් ද අද වන විට නිෂ්පාදන තවදුරටත් ඉහළ ගොස් ඇති නිසාවෙන් ද අපට කළමනාකරණය කිරීමට ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙයට ඉහළ අගයකි. මෙලෙස නිපදවෙන අපද්‍රව්‍ය කලමණාකරණය මූලික ලෙස: පරිසරය ට බැහැර කිරීම (dumping), ප්‍රතිචක්රිකරණය (recycling) සහ භෂ්මීකරණය (incineration) ය. පහතින් දැක්වෙනු යේ දැනට ගණන ය කර ඇති ආකරයට මෙලෙසින් සිදුවන කලමණාකරණය ට අයත් සංඛ්‍යාමය විස්තරය ය (රූපය 1).

 

1

 රූපය 1: ප්ලාස්ටික් අපද්රව් ය කලමණාකරණය

Source: Institute for Global Environmental Strategy & UNEP, 2020

තවද, ප්ලාස්ටික් අපරික්ෂාරී ලෙස පරිසරය ට මුදාහැරීම නිසා පරිසරය ට වන හානියද අධික ය. ලංකාව මෙලෙස පරිසරය යට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය බොහෝමයක් අවසානයේ නතර වන්නේ මුහුද ට එක්වීමෙනි, ඉතින් එනිසා අප ලෝකයේ මුහුද ට ප්ලාස්ටික් එක්කරන රටවල් අතර පෙරමුණේ සිටී. එයට අපට දායක විය හැකි ආකාර බොහොමයක් පවතී. පහත දැක්වෙනුයේ මුහුදු වෙරළ ආශ්‍රිතව පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ය (රූපය 2).

 

2

රූපය 2 මුහුදු වෙරළ ආශ්රිතව පවතින ප්ලාස්ටික් අපද්රව්

ප්ලාස්ටික් නිෂ්පාදන ගත් කල ඒවා ගේ රෙසින භාවිතය සලකා කාණ්ඩ 7ට බෙදා වෙන්කල හැක. ඒවා ගේ කෙටි නම් සහ භාවිතය පහත ලෙස දැක්විය හැක (රූපය 3). මෙහි PET නැතිනම් PETE ලෙස හඳුන් වනුයේ පොලි එතලීන්ටෙරප්තලේට ය, HDPE ලෙස හඳුන්වනු යේ ඉහළ ගන ඝණත්වයෙන් යුත් පොලිඑතිලීන් ය, PVC නැතිනම් V ලෙස හදුන්වනු යේ පොලිවයනයිල් ක්ලෝරයිඩ් නම ප්ලාස්ටික් වර්ගය ය , LDPE යනු පහල ඝණත්ව යෙන් යුත් පොලිඑතිලීන් ය, PP යනු පොලිප්‍රොපලීන්‍ය, PS යනු පොලිස්ටයිරීන්‍ ය. තවද මෙම කාණ්ඩය න් තුළ ට ඇතුලත් කල නොහැකි සියලුම ප්ලාස්ටික් වර්ගය න් 7 කාණ්ඩය ලෙස හඳුන්වනු ලබයි. මෙම සංඛ්‍යාමය ස‍ංකේත ය හෙවත් Resin Identification Code (RIC) භාවිතා කරනු ලබනුයේ එම අපද්‍රව්‍ය වල කළමනාකරණ හැකියාව හඳුනා ගැනීම ට හැකි වන පරි දිය, උදාහරණයක් ලෙස අංක 1 භාවිතා කරනුයේ PET වර්ගයේ ප්ලාස්ටික් වලට වන අතර මෙය ප්‍රතිචක්‍රිකරණයට පහසු වටිනාකමින් වැඩි (කසල ප්ලාස්ටික් ලෙස) ද්‍රව්‍ය යකි.

 

3

 රූපය 3 : රෙසින සහ භාවිතය පහත ලෙස දැක්විය හැක

 කෙසේ නමුත් අප එදිනෙදා භාවිතා කරනු ලබන බොහොමයක් අපරික්ෂාරී ලෙස පරිසරය ට මුදාහැරීම නිසා පරිසර දූෂණයත් වක්‍රව හා ඍජුව අපගේ සෞඛ්‍ය ද පිරිහීමට පුළුවන. එනිසා අප සැවොම අපගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමේදී ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීමත්, භාවිතා කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට යැවීමත්, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී දිගුකාලීන භාවිතයන් උදෙසා මිලදී ගැනීමත් වැදගත් වේ. තවද වගකීම් සහිත නිෂ්පාදන (Extended Producer Responsibility- EPR) මිලදී ගෙන ඒවා නිසි පරිදි ප්‍රතිචක්‍රිකරණයට ලබා දීම හෝ නැවත නිෂ්පාදන කටයුතුවල ට භාවිතය ස‍ඳහා ලබාදීමට කටයුතු කල යුතුය. නැවත නැවත භාවිතා කල හැකි වතුර බෝතල්, ගමන් මලු, අහාර බදුන් මෙන්ම එක වරක් භාවිතා කර ඉවතලන හැදි, ගෑරුප්පු සහ බට වෙනුවට නැවත භාවිතා කල හැකි උපකරණ කට්ටලයක් ළග තබා ගැනීම සුදුසු ය.

රාජ්‍ය මට්ටමේ කල හැකි දෑ බොහෝ වෙතත් ව්‍යසනය බොහෝමයක් ඇතිව සිටින රටක් ලෙස අප එම ඉලක්ක කරා ගමන් කිරීම ප්‍රමා ද වනු ඇත. ඉතින් අපට හැකි ලෙස තනි පුද්ගල වගකීම් ඉටු කරමින්, හැකි සෑම විටකම වගකීම් සහිත නිෂ්පාදන මිලදී ගනිමින් ඔවුන් දිරිමත් කරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමණාකාරණයට දායක වෙමු.



Top