මිනිසා සිය පරිකල්පනීය භාෂාවෙන් මානව සන්නිවේදනය ආරම්භ කරලා දැනට වසර 70000ටත් වඩා වැඩි බවයි මානව විද්‍යාඥයන්ගේ මතය වන්නේ. මානව පරිණාමය කෙසේ සිදු වූ වද මානවයා සංස්කෘතික වශයෙන් සමාජානුයෝගීව බද්ධ වීමට කාලයක් ගතවන්නට ඇත. ඒ කාලය තුල ඔවුන්ගේ පැවැත්ම අනුව විවිධ ජීවන චර්යාවන් චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් මත ගොඩනැගෙන්නට ඇත. ඒ ගොඩනැගුණු සංස්කෘතික ධර්මතා මානව සංහිඳියාව තුලින් වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය මත නිර්මාණය වන්නට ඇත. ඒ කාලය තුල බිහිවූ ඔවුන්ගේ අව්‍යාජත්වය සමඟ නිර්මාණය වූ ජන සාහිත්‍යය සම්ප්‍රදාය තුල මනා හැඩතල ඉස්මතු කිරීමට සමත් වුණා. එසේ හැඩගැන්වූ සිංහල සාම්ප්‍රදායික සාහිත්‍යය තුල එන කවි විශේෂයක් වන සංවාද කවි පිළිබඳ දිගහැරීමකි.
දිය කලේ අරං යන කලට ලඳ ලියන්
උර දෙකේ පල්ලට දමති සැර ගිමන්
මා කෙරේ බැලූ බැල්මට දෑස ගිමන්
අඩු කුලේ ඉපිද මොකවත් බැරිය බොලන්
මන මේ කුඩා මේ හිමයේ බොහෝ ඇත
කොයි කොයි මලේ මුත් බඹරුන් රොන් ගනිත
කොසොඹ ගසේ සෙවනැල්ලෙත් සිසිල දෙත
රුව ඇත්නම් අඩු කුලයට කමක් නැත
මෙය ව්‍යංගාර්ථයෙන් පද බැදුණු සංවාද කවියකි. ආදරය සෙනෙහස කියන දේ නුඹ අප කාටත් පොදු වූ කාරණාවකී. නමුත් එම කාරණාවේ දී කෙනෙකුගෙන් කෙනෙක්ට එය වෙනස් වේ. ඒ ප්‍රේමය ඇතුලත බොරුව වංචාවට ඉඩක් නැත. නමුත් මෙම සංවාදයේ ඇත්තේ රදල පුද්ගලයෙකු හා අඩු කුලයේ තරුණියක් පිළිබඳව ය. රදලයාට ප්‍රේමයම අවැසි වන්නට ඇති ද. ඔහුට අවශ්‍ය වූයේ තරුණියගේ ශරීරය වන්නට පුළුවන. ඔහු පවසනුයේ අඩු කුලේ ඉපිදීම දුකක් බවයි. ඒ ඉපදීම තුල වැඩි කුලේ විවාහයක් වීමට ඉඩ අඩු බවයි. නමුත් ගැහැනිය පවසනුයේ කොයි බඹරත් සෑම මලකම රොන් ගන්නා බවයි. ඒ බඹරාට රොන් ගැනීමට කොයි මලත් එක බවයි. අඩු කුලයේ ඉපදුන ද රුව ඇත් නම් ඒ පිරිමියාට අඩු කුලයෙන් කාරණාවක් නොමැති බවයි. මෙම කවි තුල තිබුණේ මිනිසුන්ගේ හදවතට දැනුණ අව්‍යාජ සුන්දර හැඟීම් ය.
ජන කවිය තුල සිදුවන මෙම සංවාද කවි ජෝඩු කවි, විමසුම් කවි, පිලිතුරු කවි ආදී නම් වලින් හැඳින්වූවා. මෙම සංවාද කවි වල ස්වරූපය විශේෂ කොට සැලකීමට පුළුවන. මේ ස්වරූපය සිඳත් සඟරාවේ අලංකාධිකාරයේ හැඳින්වූයේ " උභයභාෂාලංකාරය " නැති නම් "උබබස්ලකර" ලෙසට යි. මේ පිළිබඳව ආචාර්ය තිස්ස අබේසේකරයන් ඔහුගේ "අයාලේ ගිය සිතක සටහන්" ග්‍රන්ථයේ හරිම අපූරුවට සඳහන් කර තිබෙනවා.
උතුරු පසතුරු දෙන - දෙදෙනෙකු වදන් පිරිතයැ
වැනි යටි සිරිත් වෙසෙසත් - ඵල වතුතු බස් වේ
( සිඳත් සඟරාවේ මේ බව සඳහන් වේ )
උත්තර ප්‍රති උත්තර දෙමින් දෙදෙනෙකු අතර සිදුවන මෙම සංවාදයන් අවසානයේ කාටත් යම්කිසි අර්ථයක් මතු කර දීමට උත්සාහා දරා තියෙනවා. මේ බව මෙම කවි කදිම නිදසුන් දක්වනවා. මේ කියන කාරණාවන් තමයි උභයභාෂාලංකාරය කියන්නේ. කෙනෙකුගේ පැවැත්ම තීරණය කිරීම පිණිස සමාජය විසින් ගොඩනගන්නා වූ මෙම කාර්‍යන් හා චරිත ප්‍රධානයන් සාරධර්ම හේතු කොටගෙන මෙම ජන සාම්ප්‍රදායික සාහිත්‍යය තුල කවි සංකල්පනා ලෙසින් සංකේතවත් ලෙස අපූරුවට නිර්මාණය වී තිබෙනවා.
යන මෙ ගමන් සිතුනේ නම් පරමාද
එනතුරු වස් දොස් නොබලන් සිතු පෑද
අලබත පැන් වැනි විලසින් නොව හාද
සිහිව ඉන් ලදේ මා දුන් අවවාද
හිමි යන ගම් වල අඟනුන් නොඅසාද
එනු විඟසින් එහි නොනිමිණ පරමාද
හිමියනි දැන් ඔබ මට දුන් අවවාද
මං ඉවසම් මද රද ඉවසුම් දේද
මෙම කවිය ගාර්දියෙස් අධිකාරි විසින් ගජමන් නෝනා හට කියපු කවියක්. සමාජ සම්මත සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් තිබෙනවා. ඒ අතර එන මෙම සැමියා බිරිද සහ සම්බන්ධතාව මානවීය වශයෙන් අප හා බැඳී පවතිනවා. මේ මානව මානවී බන්ධනය විශ්වාසය හා ප්‍රේමය මත පදනම් වුණා. මේ හේතුවෙන් ආත්මාර්ථකාමී බව ඇති වුණා. මේ හේතුවෙන් සැමියා හා බිරිඳ වෙනුවෙන් නීති, අණ කිරීම් හා අවවාද බිහි වුණා. මේ කවිය තුලත් ඇත්තේ එවැන්නකි.
ඔය සංවාද කවි අපේ ජන ගීයේ එන පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, ළමා කවි, සීගිරි කවි හා ලංචාගොඩ ලමයාගෙ කවි වල ද දැකිය හැකි යි. මෙය ගීත සාහිත්‍යය සඳහා ද බලපා තියෙනවා. එනම් යුග ගීතය යි. අද වන විට බොහොමයක් ගීත රචනා වී ඇත්තේ මේ හැඩතලයන් ඔස්සේ යි. නමුත් සීමිත නිර්මාණයන් කිහිපයක මේ සුන්දර හැඩතල දැකිය හැකි වූ වද බොහොමයක් නිර්මාණ වල ඇත්තේ අනර්ථ වූ රසයකි. මේ අපූරු සංවාද කවි අතර බොහොමයක් කවි වැඩි වශයෙන් හමු වන්නේ රංචාගොඩ ලමයා කිවිඳියගේ කවි ගොන්නෙන්. මැය මාතර සංවාද කවි අතර ඉතා ප්‍රසිද්ධියට පත් කාව්‍ය නිර්මාණකාරිණියක්. ඇය සහ තම සැමියා අතර ආරවුලක දී සිදු වූ දෙබස් ස්වරූපයක් ගත් සංවාද කවියක් මෙහි සඳහන් කල හැකි ය.
හැබෑද ඕයි මා අරිනවා කියන්නේ
නෑ උඹ අල්ලන් ඉන්නවා
එහෙනම් මායි දරුවොයි කොයිබද යන්නේ
තොට ඕන අහක පල
මොහොමද කීවේ මා එක්කරගෙන එද්දී
එහෙනම් කොහොමද කීවේ
කීවේ රංචාගොඩ ලමයා මැණික කියා
අපොයි මෙහෙම මැණිකක්
මේ කාව්‍යකරණය තුල බිහි වූයේ මිනිසුන්ගේ සිතුවිලිය. මෙය අපේ ජන කවිය තුල පමණක් නොවෙයි සාහිත්‍යයකරුවන් තුල ද තිබුණා. එසේ පුද්ගලයෙකු ලෙස අලගියවන්න මුකවෙටි තුමා හඳුන්වන්න පුළුවන්. ඔහු ද සංවාද කවියකට මුල පුරනවා. ඒ විප්පයෝගයක් හේතු කොටගෙනය. මා කලින් සඳහන් කලා මෙන් ප්‍රේමය කාටත් පොදු කාරණාවක්. ප්‍රේමය යනු ලබා ගැනීම නැතිනම් අයිතිකර ගැනීම කියලා පමණක් සිතීම වැරදිය. ප්‍රේමය නොලැබීම ද ප්‍රේමය යි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පැවසූයේ "ප්‍රේමය නම් අසෙහිය කුසුමකි. එය ලෝබ සිතින් නොව පිදුව මනා වේ. පෙරලා ලබනට නොපතා කිසිවක් " අලගියවන්න මුකවෙටි තුමාගේ ප්‍රේමය අහිමි වූ වද ඔහු ඇය බැලීමට ඇගේ සැමියාගේ නිවසට පිටත් වී යයි. ඒ ගිය තැන්හිදී ඇය හා ඔහු අතර සංවාදයක් ඇති වේ. එහි ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අප්‍රමාණව තමා සතු කර නොගත් ප්‍රේමය ම නොවේ ද
හෝ කඳු හෙලේ දුර සිට ආවා දුකෙක
සා කුළුදුලේ අක්කා වැදුවා දුකෙක
තී ලම කාලේ දෝතට වැඩුවා දුකෙක
තීරු ගලේ මා හොම තැකුවා දුකෙක
එනු දුටු වෙලේ පා සෝදා ගැනීමට
දිය පිරි කළේ තැබුවෙමි ගේ ඉදිරිපිට
ගෙයි උස් පිලේ ඇතිරිලි ලෑවෙමි ඉන්ට
හිමි නැති වෙලේ ආවෙමි මා වෙමි දොරට
මෙම සංවාද කවි රජවරු හිමිවරු අතර ද සිදු වුණා. ඒ තුල තිබුණේ ගෞරවය සහ ව්‍යංගාර්ථවත් සිතුවිලි විග්‍රහයකි. මේ පිළිබඳව සංවාද කවියක් මහනුවර එනම් සෙංකඩගල නුවර සිටි මොරතොටුවේ හාමුදුරුවෝ සහ රජු අතර පැවතියා. මෙය විශේෂ කරුණක් මූලික කොටගෙන නිර්මාණය වූ වකි. මෙයට හේතුව ලෙස කටකතාවක් මූලික වේ. කටකතා කියන දේ ගැමියා අතර පමණක් නොව බුද්ධිමත් යැයි පවසන මිනිසුන් අතර ද පවතින පොදු කාරණාවක්. මෙම හාමුදුරුවන් දුශ්ෂීල භික්ෂුවක් ලෙස සෙංකඩගල පුරා පැතිරුණා. මෙලෙස පැතිරුණු කටකතාව හේතුවෙන් රජු හාමුදුරුවෝ නිවැරදි දැයි බැලීම පිණිස කාන්තාවක් ලෙස සැරසී උන්වහන්සේ වැඩ සිටි කුටිය වෙත ගමන් කරනවා. එහි දී රජු තම වළලු දැමූ අත පමණක් කුටිය තුලට හාමුදුරුවන්ට පෙනීමට යොමු කරන අතර එහි දී අතේ රේඛා තුලින් රජු පැමිණ ඇති බව තේරුම් ගත් හිමි නම සංවාද කවියක් රජු වෙත පවසනවා. මෙය අතීතයේ වැදගත් අවස්ථාවක් හා සම්බන්ධ කවි සාහිත්‍යයේ එන කවි අතරට එක් වෙනවා. එය මෙසේ ය.
සකල සිය තඹර සිය ගත සියුමැලියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙලියේ
අසලක නම් නිතර දැකුමට සිතු ඇලියේ
සකල සිරිලකට අග රජ නුඹ ද ලියේ
අමර ගුරු හරන සත දත් මනාවන්
විතර නොවන ගුණ නැත සිපිරිනාවන්
පවර සකිදු මොරතොට යති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්
සිංහල සාහිත්‍යය තුල පවතින මෙම සංවාද කවි රැසකටම මෙම කාව්‍ය රීති සඳහන් වෙලා තියෙනවා. ගජමන් නෝනාගේ රංචාගොඩ බාල මස්සිනා, මුදියන්සේවරු, මුදලිවරු, යතිවරු, මෙන් ම ස්වාමිවරු හා සමඟ බැදුණු හා කියැවුණ කවි නිර්මාණ රැසක් අපිට සිංහල සාහිත්‍යය තුල දක්නට පුළුවන්. මේ අතරින් ඇලපාත මුදලි සහ ගජමන් නෝනා පිළිබඳ කවි විශේෂයෙන් සඳහන් කිරීම වටීනවා.
චන්ද සූර්‍යා වැනි ළඳගේ උවන
ඉන්ද්‍රනීල දෙක වැනි ලමැද තන
අන්ධකාරයට ඇවිලූ පහන මෙන
කිම්ද තනි යහන නිදියන්නේ නෝන
බැන්ඳ මගේ හිමි පරලොව ගිය බැවින
නින්න මෙ මට පුරුදුයි තනියට යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කිම්ද තමුසෙට විමසන්න කාරණ
බලවතෙකු ලෙස එකල විවාහක ස්ත්‍රියක් හැඳින්වීමට ද යොදා ගනු ලැබුවා. සැමියෙකු නොමැති තරුණ සුන්දර ගැහැනියකට එකල ද පිරිමින්ගෙන් අවිඥානික අදහස් මෙන් ම ඇල්ම බැල්ම වැටුනා. මේ සිදුවීම අවස්ථානෝචිතව උපකල්පනය කිරීම සඳහා උපක්‍රම මෙන් ම හේතු කාරණා මූලික වුණා. මෙලෙස මූලික වූ යම් සිදුවීම් කුල ස්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කල අවස්ථාවක් ලෙස ද මෙම සංවාද කවිය දක්වන්න හැකියාව තිබෙනවා. ඒ කෙසේ වෙතත් මෙම කවීන් තුල තිබෙන උපමා රූපක දියුණු මනසක් තුලින් නිර්මාණය වූ වා යැයි සඳහන් කිරීම උචිතයි.
ඔයක මහිම බලවංගේ දෙවංගී
ලියක මහිම බලගෝමර අනංගී
දහසක් දෙනා යන මාවත නොසැංගී
කොකු පළා නෙලන ලිය කවුද නංගී
සකල මොත්තු ගොයියගෙ අත්පුවේ තොපී
විකල වූ නමුත් දැක අපව මද කිපී
සකල දන විසින් හලනෙකුලයි රැපී
බොකල වෙල උපන් පදු අඟනෝයි අපී
කුලය ජාතිය සංස්කෘතිය හා සම්බන්ධව පැවති මෙය යයි සම්මත සමාජ කාරණයක් දක්වා වර්ධනය වන්නේ මහනුවර යුගයත් එක්ක. මෙහි දී සාම්ප්‍රදායික විවාහයේ දී වැඩි වශයෙන් කුලය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙයි. මේ හේතුවෙන් එකිනෙකාගේ ගාම්භීරත්වය සංකේතවත් වීමට මේ කුලය කියන දේ ප්‍රධාන සාධකය වුණා. මෙය වංශවත් හා කුල හීනයන් විදියට මිනිසුන් බෙදා වෙන් වීමත් වංශාධිපතියන් වංශාධිපතියන් හා විවාහා වීමත් කුල හීනයින් කුල හීනයින් සමඟ විවාහ වීමත් සිදු වුනා. ඒ කෙසේ වෙතත් විවාහය සඳහා පමණක් වංශවත් බව බැලූ බැල්මට බොහෝමයක් වංශාධිපතියන් රති සුවය විඳීමේ දී නොබලන්නට ඇත. මෙයින් කුලවත් බව මැනිය හැකි ද. එසේ වංශාධිපතියෙකු හා ගැමි ලියක් අතර ව්‍යාංගාර්ථයෙන් සිදු වූ යුගල කවියක් ලෙස ඉහත කවිය සැලකිය හැකි ය. සිරිපාල මාදුවගේ රචනා කරන ලද " ජෝපු කාව්‍ය " අංක 1-2 කෘති වල ද මේ බව සඳහන් වෙනවා. ඒ වගේ ම තේරවිලි සංවාද කවි ද මෙහි දී සදහන් කිරීමට පුලුවන. ඒ අතර එන අන්දරේ හා කැකිරි ගමයා අතර පැවති කවියක් මෙසේ සදහන් කිරීම වටී.
ඇස් දහයකි අට බැල්මකි දෙකන් කනා
පා දහයකි අට පයකින් ගමන් යනා
මේ පස් දෙනෙකි පන හතරකි සැරිසරනා
තේරුණි කෙනෙක් වේ නම් නිරිඳුනි හපනා
සිව් දෙන මග බලා සොහොනට ඇස් අරින
සිව් දෙන රැගෙන යති මිනිසෙක් අට පයින
සිව් පණ සතර දෙන මල හුව නොමැත පණ
සිව් පද මගේ මහ රජ කියනු මැන
මෙවැනි සංවාද කවි අතර උගත් දැනුමැති පුද්ගලයින් විසින් යොදා ගත් භාෂා ප්‍රයෝග ඇතුලත් සංවාද කවිද දැකිය හැකිය. ඒ තුල ඇති මනා භාෂා සුසංයෝගය හේතුවෙන් එය වටහා ගැනීමට පවා අපහසුය. නමුත් මෙහි ඇති අර්ථ රසය නම් හරිම අපූරුයි. මේ කවි බොහොමයක් තුලින් විටෙක මතු වූයේ ඔවුන්ගේ භාෂාව පිළිබඳව ඇති මනා හැකියාවයි.
අව් යනු රුයනු දෙක බැඳි දයනු කිට්ටුවේ
බයනු අල් දයනු අනුභවට මුට්ටු වේ
මා යනු ලුයනු දෙති වැදි කියල් කට්ටුවේ
ලයනු ලග අකුරු ඉස්පිල්ල මූට්ටුවේ
පතර කර මිතුර නුඹ කී මැසිවිල්ල
අතරමං වුණෝ අවුරුදු මංගල්ල
නිතර මස් ගෙනත් දේ නම් වැදිගොල්ල
සතර අකුරු එවන් මං දෙති ඉස්පිල්ල
මෙය සාහිත්‍යය භාෂා ලක්ෂණයකි. සංවාද කවිය කොයිතරම් මිනිසා සුන්දර කරනවාද. ඒ වගේ ම ප්‍රේමනීය සංවාද රැසක් ම මේ සිංහල ජන සාහිත්‍යය සංස්කෘතිය තුල තිබෙනවා. ඒ එන එක් සංවාද කවියක ඇත්තේ ප්‍රේමනීය රහස් බන්ධනයකි. මෙය විශිෂ්ට සංවාද කවි නිර්මාණය කි. මේ තුල තම චිත්ත සංතාපන හැඟීම් උද්දීපනය, භාෂා භාවිතය මනාව ඉස්මතු වන අතර මේ කවි සංවාද තුලින් මතු වූයේ හුදෙක් ම ඔවුන්ගේ වියත් බවයි.
රන්මාලය පැලඳගෙන ඇත සූවිපුල්ලා
ඉස් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා
පන් දහසකට මැද තිබුණත් උඩ පල්ලා
රන් භාජනය නොවිඳි ද විදිනා ගුල්ලා
යන්නෝ මෙමඟ රෑ දවල් තොර වෙද්ද
බොන්නේ ගඟේ දිය බොර කරලා බොද්ද
දෙන්නේ පණ සහේට අඬ ගහලා දෙද්ද
දන්නෝ උපාමිණි බැඳි දොර නාරිද්ද
ජීවිතේ එහෙමයි. ප්‍රේමය කියන දේට සම්මත අසම්මත යැයි නියමයක් නැත. ඒ තරම් ඔය කියන ප්‍රේමය සුන්දරයි. ජීවත් වෙද්දී මේ සසර ගමනේ කොතනක දී හෝ ඔබට මට මේ ප්‍රේමය හමුවි තියෙයි. එය ඉහත කී කාරණාව මත සම්මත අසම්මත විය හැකියි. ඒ සොදුරු ප්‍රේමයම සම්මත අසම්මත වෙමින් එකිනෙකට දෝලනය වෙමින් සංවාද කවි හා මෙන් ම අපේ සහෘද ගැමි ජීවන අත්දැකීම් හා මුසුවෙමින් පවතී. මෙම රසවෑහෙන සංවාද තුල පැවති මෙම ප්‍රේමය හේතුක කාරණාවන් මතින් ප්‍රතික්ෂේප වූ අවස්ථාවන් ද මෙහි දැකිය හැකියි.
බුලත් කඩා දෙමි කට රතු කර ගන්ට
සපුමල් නෙලා දෙමි කොණ්ඩය සරසන්ට
දිව සළු ගෙනැත් දෙමි ඉනවට දවටන්ට
ආවොත් මා සමඟ රජ සැප දෙමි ඔබට
බුලත් මොටද කස්තුරි කපුරු කන මට
සපුමල් මොටද නාමල් පළඳිනා මට
දිව සළු මොටද හොද සළු පිලි තිබෙන මට
අපෙ හිමි මොටද මගෙ රන් කඳ ගෙදර කොට
මෙම සංවාද කවි තුල ශෝකී කම්පිත අවස්ථා වගේ ම ඇදහිලි විශ්වාසයන් ද අන්තර්ගත වුණා. අතීත ගැමියා තුල තිබුණු මෙම කාව්‍යමය හැකියාව පුදුම සහගත වුණා. විශේෂයෙන් විටෙක සරල බව හා විටෙක සංකීර්ණ බවක් මේ තුල ගැබ්වී තිබුණා. සන්නිවේදනකාරකයක් ලෙස සංවාදය වූ කවි ද අප ජන සාහිත්‍යය තුල දැකිය හැකි යි. මෙය ට බඹර කවි කදිම උදාහරණ සපයනවා.
මිනිසා නිර්මාණය වීමත් සමඟ ඔවුන්ගේ සිතුවිලි අන්‍යොන්‍යන්ට හැඟවීම පිණිස ගායනා වූ කාව්‍යන් ලෙස මෙම ජන සාහිත්‍යය හඳුන්වන්න පුළුවන්. විවිධ සාහිත්‍යයන්හි ඇති වියත් භාෂාව මෙහි දී ද දැකිය හැකිය. මෙය කොතැනක රචනා වූ වක් යැයි නිශ්චිතවම පැවසිය නොහැකි වූ වත් වාචිකව මෙම කවි පැවතී ඇත. මේවා ඒ හේතුවෙන් පසු කාලීනව රචනා වන්නට ඇත. දෙදෙනෙකු හෝ බහු පාර්ශ්වයක් සමඟ බැඳුණු මෙම සංවාද කවිය තුල ඇති ආදරය, අනුරාගය, සහ සුඛ - දුක්ඛ යන ගුණාංගයන් ඇතුලත් වී තිබෙනවා. එකිනෙකාගේ රුචි අරුචිකම් මත සංවාද කවි නිර්මාණය වූ වද මෙම සංවාද කවි සාහිත්‍යය සම්ප්‍රදාය තුල එන එදා මෙදා නිර්මාණය වූ විශිෂ්ට අව්‍යාජ සංස්කෘතික නිර්මාණයක් ලෙස හැඳින්වීම වටිනවා නොවේ ද