තමාට අහිමි ව ගිය දෙයින් ම ලෝකයේ ම දෙසවන් පින වූ සංගීතඥයා - ලුඩ්විග් වැන් බීතෝවන් (345)

post-title

මනුස්සයෙක්ව සතුටු කරවන්න ගොඩක් වෙලාවට කෙනෙක්ට පුළුවන් වෙන්නේ කොහොම ද? එක්කෝ ඒ කෙනා සතු වෙලා තියෙන දෙයක් හරහා, එහෙමත් නැත්නම් ඒ කෙනාට තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීමක්, ලබාදීමක් හරහා. ඒත් තමන්ට නැති දෙයකින් හරියටම කිව්වොත් තමන්ට තිබිලා අහිමි වුණ දෙයකින්ම තමන්ගේ හැකියාවක් හරහා ඒ තුළින් තවත් කෙනෙක්ව සතුටු කරවන්න, වින්දනයක් ලබා දෙන්න වගේම කෙනෙක්ව පිනවන්න පුළුවන්නම්. ඇත්තටම ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි, ඒක පුදුමයක්. මොකද මිනිස්සු නිතරම උත්සහ කරන්නේ තමන්ටත් තියෙන සතුටක් තව කෙනෙක් එක්ක බෙදා ගන්නයි. තමන්ට ලබන්නට තියා අහන්නටවත් බැරි දෙයක් තවත් කෙනෙක්ට පිරිනමලා ඒ තුළින් සතුටක් ලබන්නට හැකි වීම කෙනෙක් ලබන මහත් භාග්‍යයක් නෙවෙයි පෙර කරන ලද කුසල කර්මයක ශක්තියක් ලෙසටයි මම නම් දකින්නේ. 

ඒත් එක්කම තමන්ට තමන්ගේ හීන වෙනුවෙන්, අරමුණු වෙනුවෙන් ගමන් කරන්න ගොඩක් වෙලාවට ඒ දේවල්වලට යන්න අපි වටේට අපි ලිස්ට් එකක් හදාගෙන තියෙනවා. මෙන්න මේ දේවල් තිබුණොත් විතරයි අපිට මේ කාලය වෙද්දි මේ තැනට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ අපි ලිස්ට් කරලා තියෙන දේවල් වලින් එකක් හරි අපිට නැති වුණොත්? එදාට අපි ගොඩක් වෙලාවට අපේ හීනය අතාරින්න ඒ පස්සේ හති දාගෙන දුවන රේස් එක නතර කරන්න උත්සහ කරනවා. එහෙමත් නැත්නම් අපිට අපේ ඉලක්කය අත්පත් කරගන්න අප සතුව තියෙන දේවල් මදියි කියලා හිතෙන්න ගන්නවා. ඒත් ඇත්තටම තමන්ට තිබුණ ඉලක්කයන්, බලාපොරොත්තූන් අත්පත් කරගෙන ලෝකයකටම පෙන්වපු වගේම ලෝකයක්ම වෙනස් මඟකට යොමු කරන්නට හැකි වුණු හැම කෙනෙක්ම මේ හැම දේකින්ම අංග සම්පූර්ණම අයයි කියලා ඔබ හිතනවද? කොහෙත්ම නැහැ. ඔබ මදක් කියවලා බලන්න ලෝක ප්‍රකට අභිප්‍රේරක දෑත් දෙපා අහිමි නික් වුජිසික්, ලෝකයේ පළමු දෑත් අහිමි ගුවන් නියමුවරිය ජෙසිකා කොක්ස්, මානසික රෝගියෙක් ලෙසින් කුඩා කළ සිට හංවඩු ගැසුණු තෝමස් අල්වා එඩිසන්, වීදි දැරියක් ලෙසින් හැදී වැඩුණු ඇමරිකාවේ ප්‍රකට නිවේදිකා ඔප්රා වින්ෆ්‍රේ මේ අය අද ලෝකයක්ම කතා කරන දැවැන්ත චරිත වෙන්න මේ අය ළඟ මොනවද ඉපනෙකොටම විශේෂයෙන් තිබිලා තියෙන්නේ. ඔවුන්ට ඉපදෙනකොටම ලැබිලා තියෙන්නේ හිමි වීම් නෙවෙයි. අහිමි වීම් පමණයි. සාමාන්‍ය මනුස්සයෙකුට ලැබෙන අත්‍යාවශ්‍ය දේවල් පවා ඔවුන්ට අහිමි වෙලයි ඔවුන් මෙලොවට ඉපදෙනකොටම ඉපදෙන්නෙත්. ඒත් අද ඔවුන් ලෝකයකටම අහිමි වීම් තුළින් හිමිවීම් ලබා ගන්න හැටි ගැන කියලා දෙනවා විතරක් නෙවෙයි ඔවුන් ඒවා ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්වනවා, පෙන්වලා තියෙනවා.

ඉතින් ඒ වගේම කෙනෙක්ට තමන් ශ්‍රවණාබාධිතව සිටියත් සංගීතය තුළින් ලෝකයකම සවන් පිනවන්නට, රසඥතාවයක් එක් කරලන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම ඒක මහඟු අරුමයක්. ඉතින් ඇත්තටම ඒ වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද? ඔව්.

ලුඩ්විග් වැන් බීතෝවන්. මොහු ලෝකයක්ම හදුනන්නේ නම් බිහිරි බවටත් අභියෝග කළ සංගීත ශිල්පියෙක් ලෙසටයි. වර්ෂ 1970 දෙසැම්බර් මස 16 වැනි දින ජර්මනියේදී උපත ලද බීතෝවන් පවුලේ වැඩිමහල්ම දරුවා ලෙසිනුයි උපත ලැබුවේ. කුඩා කළ සිටම පියාගෙන් ලද දැනුම හරහා සංගීතයට ප්‍රවිශ්ට වුණු මොහු එකළ පටන්ම කී බෝඩ්, වයලීන් වාදනයට සහජ දක්ෂකම් පෙන්වන්නට තරම් ඔහු සමතෙක් බවට පත් වෙනවා. එහෙත් මෙම කුඩා බීතෝවන්ට සිය පවුල් පරිසරය තුළින් ඔහුගේ කලා කටයුතු සඳහා නියැලීමට තරම් සොදුරු වාතාවරණයක් නොතිබුණේ සිය පියා දැඩි සේ මත් පැන් ලෝලියෙකු ව වී සිටි නිසාවෙනුයි. එහෙත් අනතුරුව සිය පියාගෙන් පසුව බොන් හි රජ මාළිගාවේ සංගීත ශිල්පියෙකු යටතේ සංගීතය හැදෑරූ බීතෝවන් පසුව 1783 දී පියානෝ යොදා ගෙන සංගීත නිර්මාණයක් සිදු කරන අතරතුර පසුව ඔහු වියානාව බලා පිටත් වෙන්නේ ලෝක ප්‍රකට සංගීත ශිල්පියෙකු වන මොසාර්ට් යටතේ සංගීතය හැදෑරීමටයි. අනතුරුව කාලයත් සමග සිය මවට ඇති වුණු අසනීප තත්වය හේතුවෙන් සිය රටට නැවත පැමිණීමට සිදු වූ බීතෝවන්ට කිසිසේත්ම නොසිතූ ලෙසින් සිය මවගේ අභාවයට මුහුණ දෙන්නට සිදු වෙනවා. මවගෙන් වුණු සේවාව තමා තුළින් හැකි උපරිමයෙන් ඉටු කරන්නට වෙහෙස වුණු මොහු හට අනතුරුව සිය සහෝදර සහෝදරියන් බලා ගැනීමට සිදු වෙනවා. පසුව වසර 05කින් පමණ පසු නැවතත් වියානාව බලා තරුණ බීතෝවන් පිටත් වෙන්නට යන්නේ සිය හීනය වෙනුවෙන් තවත් වරක් උරගා බලන්නටයි. 

එම ගිය ගමනෙන් ලද ප්‍රයත්නය සාර්ථක වුණු මොහු හට අනතුරුව මුහුණ දෙන්නට සිදු වූයේ ඔහු කිසිසේත්ම නොසිතූ ඉරණමකටයි. එනම් වයස අවුරුදු 26 ක් පමණ වන විට ඔහුගේ ශ්‍රවණාබාධයක් හට ගැනීමයි. පසුව කාලයත් සමග ඔහුගේ ශ්‍රවණ හැකියාව ක්‍රම ක්‍රමයෙන් අඩු වුණ අතර වයස අවුරුදු 46 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඔහුගේ ශ්‍රවණ හැකියාව අහිමි වන්නට විය. පසුව මේ හේතුවෙන් දැඩි සේ පීඩාවට පත් එතුමන් හට කෙසේ හෝ තම ජිවිතය නැවතත් යථා තත්වයට පත් කර ගන්නට හැකියාව ලැබෙනවා. 

සංගීත ශිල්පියෙකුට අත්‍යවශ්‍යම දෙයක් වන ශ්‍රවණ හැකියාව අහිමි වීම තුළින් ඔහුට මුහුණ දෙන්නට සිදු වන්නා වූ අපහසුතාවයන්, කඩා වැටීම් ගැන නැවතත් අමුතුනේ ඔබට පසක් කර දෙන්නට වුවමනා වන්නේ නැහැ. එහෙත් ඔහු ඔහුගේ සංගීත දිවිය එතැනින් නතර කරන්නට සූදානම් වනවාද? නැහැ.

අනතුරුව ඔහු ඔහුගේ නිර්මාණ සිදු කිරීමට උත්සහ දරා ඇත්තේ තමන් මුල් කාලයේදී අත්විඳි සංගීත නාදයන් මෙනෙහි කරමිනුයි. ඒ වගේම ඔහුගේ තනු නි්මාණයන් පියානෝව යොදා ගෙන වාදනය කිරරීම මගින් ඒ මගින් නැගෙන කම්පන රටාව උපයෝගී කරගෙන තමන්ගේ සංවේදනයන් සිදු කරලන්නට පවා ඔහුට සිදු වී තිබෙනවා. ඒ වගේම අනෙක් පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට මොහු උපයෝගී කරගන්නා ලද්දේ කඩදාසියක් තුළ ඔහුට කීමට සහ අනෙක් අයට ඔහුට කීමට ඇති දෑ ලිවීම මගිනුයි. 

එහෙත් මෙවන් දුෂුපරතා හමුවේ ඔහුට ඔහුගේ සංගීත දිවිය තුළ සංධ්වනි බොහොමයක්, ඔපෙරාවක් සහ තවත් බොහෝ නිර්මාණ කරන්නට තරම් ඔහු ක්ෂේත්‍රය තුළ ශක්තිවන්තයෙකු බවට පත් වෙනවා. පසුව වර්ෂ 1799දී ඔහු විසින් එළි දැක් වූ ” සෙස්පට් ” නමැති සංගීත සොනාටාව ඔහුගේ ජීවිත කාලය තුළ සිදු කරන ලද අතිශය ජනප්‍රිය වූ විශිෂ්ට නිර්මාණයක් ලෙසින් කිව හැකි වේ. පසුව ඔහුලේ සඳ එළිය සංධ්වනියද අති විශිෂ්ට නි්මාණයන් අතරින් එකක් වුණු අතර පසුව 9th Symphony ඔහුගේ නව වන සංධ්වනිය වූ අතර එය විශේෂ වන්නේ සම්ප්‍රදාය බිඳ දමමින් ප්‍රථම වරට සංධ්වනි සංගීතයට මිනිස් කටහඩ යොදා ගැනීම මේ තුළදී එක් කළ නිසාවෙනුයි. ඒ අනුව එතුමන්ගේ මෙවන් අති විශිෂ්ට නිර්මාණයන් හමුවේ ලොව පුරා දැවැන්ත සංගීත අනුග්‍රාහකයින් රාශියක්ගේ නොමද ඉල්ලුමද එතුමන් හට ලැබෙන්නට වූයේ නොවැළක්විය හැකි ලෙසටයි.

ඉතින් මෙවන් විශිෂ්ට ගාන්ධරයාණන් මේ සියල්ල සිදු කරලන්නේ ඔහුට ඒ දේවල් සිදු කිරීමට අවශ්‍ය මූලිකම දේ පවා අහිමි වී තිබියදීයි. ඒ නිසා ඔබ තවමත් හිතනවා නම් අහිමිවීම් වෙන්නේ ඔබට විතරමයි, ඒ දේවල් වලින් අපි යන්න හීන දකින පාර දිගේ ඇවිදගෙන යන්න එම අහිමි වීම් බොහොමයක්ම බාධාවක් වෙනවා කියලා ප්‍රශ්නය තියෙන්නේ ඔබේ ඒ අහිමි වීම තුළ නෙවෙයි. ඔබේ මනස තුළින් ගොඩ නගා ගෙන තියෙන දුර්වල මානසිකත්වය තුළයි. 

එහෙමනම් අපි වෙනස් වෙමු. වෙනස් වන ලෝකයේ නොවෙනස්ව ඉන්නට නොව වෙනස් වී ජීවිතය දකින්නට, ජීවිතය දිනන්නට හමුවෙමු නැවතත් ලබන සතියේදීත් අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින්.

Top