ප්‍රශ්නෙකින් ද ඉන්නෙ. එන්න අපි විසඳ ගමු (579)

post-title

හිත කියන්නේ හරිම පුදුමාකර දෙයක්, ශරීරය කියන වාහනේ රි‍යදුරා තමයි එයා. ඉතින් අපි කරන කියන ඕන දෙයක් හොඳින් කරන්න හිත හරියට තියෙන්න ඕනේ, තියාගන්න ඕනේ. ඒකනේ කියන්නේ අර, "කය ලෙඩ උනත්, සිත ලෙඩ කරගන්න එපා'ය කියල.

ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක්. ජීවත් වෙනවා කියන්නේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ නිසා අපිට ප්‍රශ්න වලින් තොර ජීවිතයක් ගැන හීන මවන්න අමාරුයි.  සමහර අයට ප්‍රශ්නයක් නැතිකොට ඒ ප්‍රශ්නයක් නැති එකම ප්‍රශ්නයක් කරගන්නවා.  කොහොමහරි තමන්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, සබඳතා වල ප්‍රශ්න, යාලුවොන්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න etc ඔහොම ඔහොම නානාප්‍රකාර ප්‍රශ්න තියෙනවා. 

ඒ ඒ දේවල් වලට අපේ තියෙන බැඳීමේ ප්‍රමාණෙට අපිට දැනෙන ප්‍රමාණය, ඒ ගැන වද වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර ප්‍රශ්න තියෙනව අපි මොනවහරි කරල ඉක්මන්ට විසඳගන්න ඕනේ ඒව. සමහර ඒවා තියෙනව ඉවසීමෙන් බලන් ඉදල විසඳන්න ඕනේ ඒවා. ඒ මොනව වුණත්, මොන දේ කරන්නත්,

අපි හොදට ඉන්න ඕනේ. අපේ හිත හොදින් තියෙන්න ඕනේ.

ලෝකේ ඉස්සරට වඩා දැන් දැන් ශාරීරික සෞඛ්‍යයට වඩා මානසික සෞඛ්‍යයට අවධානේ දෙනවා. මොකද අපේ සමහර ශාරීරික අසමතුලිතතා වලට හේතුව එක එක මානසික ප්‍රශ්න නිසා.  ඒ හින්දා ඵලයට වෙදකම් කරනවට වඩා හේතුවට වෙදකම් කිරීම වඩා ඵලදායි කියල ලෝකේ දැන් දැන් තේරුම් අරං ඉන්නවා.

මානසික ප්‍රශ්න ගත්තම ඒවත් එක එක විදිහයි.  අපි හැමෝගෙම මානසික මට්ටම් හිතන පතන විදි එකිනෙකට වෙනස් නෙ.  මට ලස්සන දෙයක් කෙනෙක්ට කැත වෙන්න පුලුවන්. මට ප්‍රශ්නයක් නොවන දෙයක් කෙනෙක්ට major ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. කොහොමහරි මානසික ප්‍රශ්නයක් කියන්නේ ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි.  ඒ ඉස්සර තමයි මානසික කියන වචනේ ඇහෙද්දිම ආ පිස්සු කියල ලේබල් එක ගහන පටු මානසිකත්වය තිබ්බේ.  කොහොමත් අපි හැමෝම පිස්සෝ තමයි. අපි හැමෝටම යම් යම් ප්‍රමාණයෙන් එක එක පිස්සු තියෙනව, ඒ හින්දා ඒක අමුතු අසාමාන්‍ය දෙයක් නෙමේ තවදුරටත්.

ජීවිතේ ට ප්‍රශ්නයක් ආවම, පුලුවන් තරම් බලන්න ඕනේ ඒකට තනියම face කරල විසඳගන්න.  එකක් ප්‍රශ්න එන්නේ අපේ ශක්තීන් එළිදරව් කරන්න වෙස් වලාගත් ආශිර්වාද හැටියට නිසා. හැබැයි අපි එතනදී ප්‍රශ්නෙන් පලා ගියොත්, ප්‍රශ්නෙට මුහුණ නොදුන්නොත් විශ්වය අපිට ඒකෙන් ලබා දෙන්න හදපු දේ අපිට miss වෙනවා. තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන්න කියන්න අනිත් කාරණේ තමයි හැමෝම තම තමන්ගේ ජීවිත එක්ක අරගල කරන ගමනුයි ඉන්නේ. අපිට ඒක පෙනුනත් නැතත්, හැමෝම අරගල කරනවා. ඉතින් හැමෝම ප්‍රශ්නත් එක්ක අරගල කරද්දී අපිත් බලන්න ඕනේ එයාලත් එක්ක හරිහරියට අපේ අරගලයත් ලස්සනට කරන්න...

ඒත්, අපිට පුලුවන් මෙහෙම දෙයක් කරන්න. එකිනෙකා තම තමන්ගේ අරගලේ ස්වාධීනව කරන ගමං,

අරගලේ අතරතුර  එකිනෙකාට උදව් කරගන්න. අමාරු අවස්ථා වල ළඟින් ඉන්න. ඔය වගේ දේවල් අපිට අපි වෙනුවෙන් කරන්න පුලුවන්. ඒ හින්දා ඔයා මම අපි හැමෝම ප්‍රශ්නත් එක්ක අරගල කරන අය. ඒ හින්දා අපි හැමෝම එකම බෝට්ටුවේ. අපි එකිනෙකාට උදව් කරගෙන මේ ගමන යමු. ජීවිතේ හම්බවේවි අමාරු කාල, නියං කාල, බලාපොරොත්තුවක් කියන්නේ මිරිඟුවක් වෙච්ච කාල... අන්න ඒ කාල වලදී අමාරුවෙන් අල්ලං ඉන්න. තමන්ට තමන් පීඩා කරගන්න එපා. මොකද අපි මොන දේ කරන්නෙත් අපි නොනැසී ඉන්න,  Survive වෙන්න...

ඕනෙවට වැඩිය ප්‍රශ්න ගැන හිතල හෙම්බත් වෙන්න එපා.  stress වෙන්න එපා, මොකද දීර්ඝකාලීන stress වීමේ ප්‍රතිඵලය වෙන්නේ depression වගේ තත්ත්ව වලින් කෙළවර වෙන එක. එතෙන්ට යන්න එපා. 

ඒක සෙල්ලමක් නෙමේ. ඔයා මේ මොහොතේ ඉන්න මානසිකත්වය මොකක් උනත්, ඔයාට තාම අවස්ථාව තියෙනව back to normal වෙන්න.  සුවපත් වෙන්න. ඕන එකම දේ, පුංචි rest එකක්....

පොඩි නැවතීමක්.... හයියෙන් අපි යන ගමනට පොඩි කොමාවක්, නැවතිල බලන්න හිත දිහා. ඒ බලලා,

මොකක් හරි අවුල් තැනක් තියෙනව නම් ඒක විසඳගන්න බලන්න. ඒ අවුල් තැන හරිගස්සන්න බැරිම නම්, අමාරුම නම්, සහය පතන්න කාගෙ හරි. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමේ. මං කලිං කිව්වේ අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ. ඒ සහය පතනකොට ඒ කෙනා තමන්ගේ සමීපතම, ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් වෙනව නම් ගොඩක් හොදයි. මොකද මේ ලෝකේ හැටි දන්නව නේ.  සමහර අය ඉන්නව මිනිස්සුන්ගේ ප්‍රශ්න වලිනුත් වාසි ගන්න බලන.  ඒවලිනුත් අයුතු ප්‍රයෝජන ගන්න බලං ඉන්න.  අපේ දුර්වල තැන් හොයාගෙන ඒව ඉලක්ක කරගෙන පහර දෙන්න බලං ඉන්න, ඒ හින්දා පරිස්සමින්. මිනිස්සු තෝරගෙන ජීවිතේට ළංකරගන්න.

මං ආයි කියනවා, පුලුවන් තරම් තනියම විසඳ ගන්න බලන්න. බැරිම නම් 'අනිවාර්යයෙන්' සහයක් පතන්න. සමහරවිට ඒ සහය ඉල්ලපු කෙනාට අපේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න විසඳන්න බැරි වෙන්න පුලුවන්. 

But එයාට ඒ දේවල් කීම තුළින්ම සෑහෙන්න කොටසක් ඉබේම විසදෙන්න පුලුවන්.  මොකද අපි ඒව තනියම හිතේ තද කරං ඉදියම වෙන්නේ ඒව හිත ඇතුලේ පැසවන එක. අන්තිමට නියපොත්තෙන් කඩන්න තිබ්බ දේවල් පොරවෙන් කපන්න වෙන size එකට ගිහිල්ල නතර වෙන්නේ. ඒ නිසා එහෙම කරගන්න එපා. ප්‍රශ්නයක් තියෙනව නම් කතා කරන්න.  අපි හැමෝටම ඉන්නව නේ අපි ආදරය කරන, අපිට ආදරය කරන මිනිස්සු. අපේම ළබැඳියන්. එයාලට මම, ඔයා කරදරයක් නෙමේ. එයාලා ඕන වෙලාවක ඉන්නේ උදව් කරන්න. එයාලටත් එහෙම අවස්ථාව වල උදව් කරන්න...

ඒ නිසා, සබඳ, අපි කතා කරමු...

Top