බාලගිරි දෝස (Procrastination) ඔබටත් අඩු වැඩියෙන් තියනවාද? (493)

post-title

 ”අද නෙවෙයි ඕක අපි ලබන සතියේ දිහාට කරමු”

” මේ දැන් ද? අනේ අද නම් බැහැ. හෙට ඉදන් පටන් ගමු.”

 ”හරි ඕක දැන්මම කරන්න ඕනි නැනේ... පස්සේ කරමු” 

වෙලාව... අපි කරන ගොඩක් වැඩ වලට කිසිම වෙලාවක් කලාවක් නැති වුණාට අපි වැඩක් කරන්න පටන් ගන්න ගියහම එහෙමත් නැත්නම් අළුත් වැඩකට අත ගහන්න පටන් ගන්නකොට අපි ලොකුවටම හිතන දේත් මෙන්න මේ වෙලාවම තමයි. ඉතින් අපි හිතන විදිහට මෙන්න මේ හරිම දවස හොඳම වෙලාව එනකන්ම ඉන්න ඕනිද අපිට වැඩක් පටන් ගන්න. එහෙම වැඩක් පටන් ගන්න හරිම දවස් හොඳම වෙලාවල් හරියටම ගළපගන්න පුළුවන්ද? එහෙම නම් අද හුස්මකට වෙනසක් ඒ වෙනුවෙන් වෙන් කරමු.

වැඩ කල් දැමීම එහෙමත් නැත්නම් වැඩක් පටන් ගන්න හොඳම වෙලාව හරිම නැකත එනකල් බලා සිටීම මේ ලෝකේ බහුතරයක් දෙනා සිදු කරන දෙයක්. සමහරවිට ඔබත් ඒ අතුරින් එක්කෙනෙතු වන්නට පුළුවන්. ඒ විිදිහට ඔබත් ඒ අතුරින් එක්කේනෙකු වෙනවානම් ඔබද තාවකාලික සතුටක් වෙනුවෙන් දිගුකාලීනව ලැබිය හැකි ප්‍රතිලාභයන් ප්‍රතික්ෂේප කරන අයෙක් බවට දැනටමත් පත් වෙලා තියෙන්නට පුළුවන්. තවත් විදිහකට කිව්වොත් මේ මොහෙතට ඔබට ලැබෙන, ලබාගන්නට උත්සාහ කරන සතුට, විනෝදය, සැහැල්ලුව හේතුවෙන් අනාගතයේදී විශාල බරක් හිස මත තබා ගෙන අනවශ්‍ය පීඩනයක් ලබා ගන්නට උත්සහ කරන අයෙක් වන්නට පුළුවන්. 

ලයිෆ් හැක් වෙබ් අඩවියට අනුව මේ ලෝකේ මිනිසුන් දෙවර්ගයක් සිටිනවා. එක් වර්ගයක් තමයි Precrastination, ඒ කියන්නේ කරන්න තියෙන වැඩ ඉක්මනින්ම ඉවර කරලා නිදහසේ ඉන්න පුද්ගලයින්. 

අනෙක් වර්ගය තමයි Procrastination, බල පුළුවන් තරම් වැඩ කල් දාලා අන්තිම මොහොතේ ඒ වැඩ කරන්න දඟලන පුද්ගලයන්.

ඉතින් මෙන්න මේ මිනිසුන් දෙවර්ගයෙන් ඔබ Precrastination කොටසෙහි සිටින අයෙක් නම් බලන්න ඔබේ මනස කොතරම් නම් සැහැල්ලුවක් අත් විඳිනවා ඇතිද? අන් අයට සාපේක්ෂව කොතෙක් දුරට මානසික පීඩනයකින් තොරව ඔබ ජීවිතය ගෙවනවා ඇතිද? හිසෙහි පුරවගෙන සිටින අනවශ්‍ය බර කොපමණකින් ඔබ නිදහස් වී සිටිනවා ඇතිද? ඒ කියන්නේ ඔබ වර්තමානයේදී ලබන තාවකාලික සතුට අනාගතයේදී ලබන්නට තියෙන දිගු කාලීන ප්‍රතිලාභ වෙනුවෙන් අහිමි කරගන්න සූදානම් අයෙක්.

ඒ වගේම හිතන්න ඔබ මේ පුද්ගල දෙකොට්ඨාසයෙන් Procrastination කොටසට අයත් නම් ආයිත් අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඔබ කොතරම් නම් පීඩනයකින් දවස ගෙවන කෙනෙක් බවට පත් වී සිටිනවාද? කොතරම් නම් අසතුටකින් සහ කොතෙක් දුරට මානසික පීඩනයකින් පෙළෙන අයෙක් බවට ඔබ පත් වී සිටිනවාද? කොටින්ම කිව්වොත් ඔබ වර්තමානයේදී ලබන තාවකාලික සතුට නිසා අනාගතයේදී ලබන්නට තියෙන දිගුකාලීන ප්‍රතිලාභ අහිමි කරගන්න සූදානම් අයෙක්.

Procrastinaters.com වෙබ් අඩවිය මගින් කළ සමීක්ෂණයකට අනුව මෙම වැඩ කල් දාන පුද්ගයින් සමාජයේ අනෙක් පුද්ගලයන්ට සපේක්ෂව 70ක් අසතුටෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක එහෙම වෙන්න ඕනි නේද? දවස ගානේ කොටසින් කොටස කරලා ඉවර කරන්න පුළුවන් එසයිමන්ට් එකක් අන්තිම මොහොතේ එක දවසින් කරන්න වුණාම කොහොම ද මානසික සතුටක් ඇතිව ඒ වැඩේ නිරත වෙන්නේ? එවිට ඔබ වැඩේ පටන් ගන්නෙම නොකර බැරි කමට මිසක් කිසිම කැමැත්තකින්වත් උනන්දුවකින්වත් නෙවෙයි. ඉතින් එහෙම පටන් ගත්ත වැඩකින් කොහොමද උපරිම ඵලදායීතාවයක් බලාපොරොත්තු වෙන්නේ? මාස ගාණක් තිස්සේ කරන්න තියන Project එකක් සතියෙන් දෙකෙන් ඉවර කරන්න ගත්තම දවසින් දවස එම වැඩේ නොකළත් කරන්න තියෙන වැඩ ගොඩ මතක් කර කර සතුටින් ජිවත් වෙන්න ඔබට පුළුවන්ද? ඉතින් සමාජයේ අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව වැඩ කල් දාන පුද්ගලයින් අසතුටෙන් ජීවත් වන එක මහත් අරුමයක්ද?


එහෙම නම් වැඩක් පටන් ගන්න හොඳම දවස කවද ද? ඒ අද, මේ දැන්. ඒකත් ඔබට හිතෙනවා ද ඔව් අද හැබැයි තව ටිකකින් කියලා. නෑ කොහෙත්ම නෑ. මේ මොහොත තමයි වෙලාව. මෙහෙම කියනකොට ඔබ ඔබට කරන්න තියෙන වැඩේ ගැන වැඩ ගොන්න ගැන මුල ඉඳන් අගට හිතන්න පුළුවන්. නෑ එහෙම හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ. මැරතන් එකේ අවසානය සනිටුහන් කරන එක ගැන හිතන්න කලින් සපත්තු දෙක දාගන්න. ඊට පස්සේ ටිකෙන් ටික දුවගෙන යන්න පුළුවන්. මොකද කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා පොඩි දේකින් හරි වැඩේ පටන් එක වටිනවානේ. ඉස්සෙල්ලා එක වැඩක් පටන් ගන්න. ඒ වැඩෙ සම්පුර්ණයෙන් ම හෝ සැලකිය යුතු ප්‍රමාණයක් ඉවර කරලා තව වැඩකට යන්න. දවස ගාණේ කරන්න තියෙන වැඩ ලිස්ට් කරන්න. කොටසින් කොටස කරගෙන යන්න. මේ මොහොතේ විඳින සතුට ගැන නෙවෙයි අනාගතයේදී ලබන්නට පුළුවන් සතුට වෙනුවෙන් වැඩ කරන්න. හිත හිත ඉඳලානම් නෙවෙයි දැන් ම ඉඳන් පටන් අරගෙන.

Top