වයසින් පුංචි, පෙනුමින් විශාල කෙනෙක් ලෝකයේ ම හදවත් දිනා ගත් නර්තන ශිල්පියා - අක්ෂාට් සිං (454)

post-title

" තරබාරු අයට නටන්න බැහැ කියන මානසිකත්වය මම වෙනස් කරනවා. මට ඕනි මිනිස්සු සතුටින් තියන්න.මට ඕනි අපිට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ කියලා ඔප්පු කරන්න

මම අද වචන එක්ක හිත් පුරවන්න ඇවිත් බෙදාගන්න කතාවේ කතා නායකයා හරි අපූරු කෙනෙක්. නමින් අක්ෂාට් සිංග් ( Akshat Singh ) ලොවක් පුදුම කල වයස අවුරුදු 16 ක විශ්මිත නර්තන කරුවෙක්. ඉන්දියාව වර්ණවත් කිරීමට දෙවියන් එවූ තාරකාවක්.

" ඔයා මහත ද ? කෙට්ටුද ? උස ද ? කොට ද ? සුදු ද ? කළු ද කියලා හිතලා නෙමෙයි තීරණ ගන්න ඕනි. වැදගත්ම දේ තමයි ඔයා කරන දේ ගැන ඔයා සතුටින් ද ඉන්නෙ කියලා ඔයා තීරණය කරන එක. අන්න ඒ දේ හිතලා හැමවෙලාම තීරණ ගන්න. නර්තනය කියන දෙයින් මට සතුටක් ගේනවා. මම දිහා බලන් ඉන්න අය මම මහතයි මට නටන්න බෑ කියලා තීරණය කලාට මම තීරණය කරලා ඉවරයි මට නටන්න පුළුවන් කියලා. ඔයාගෙ ශරීර වර්ගය මොකක් උනත් ඔයාට නර්තනය එක රාමුවකට කොටු කරන්න බෑ. ජීවිතයත් ඒ වගේමයි.ඉතින් බලන්න මම දිහා." 

ලෝක ප්‍රසිද්ධ රියැලිටි වේදිකාවක් වන බ්‍රිතාන්‍යයේ " Britain's Got Talent " ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 13 යි. ලෝකයේ විශාලතම සහ දැවැන්ත වේදිකා වලින් එකක් වෙන " Britain's Got Talent " වේදිකාව සහ ප්‍රේක්ෂක ආදරය මේ පුංචි හපනා අතිවිශ්ඨ ලෙස දිනාගන්නවා. 

" වේදිකාවට ගිහින් ඒ තරම් සෙනඟක් මැද මම වගේ මහත කෙනෙක් නර්තනයක් ඉදිරිපත් කරනවා කිව්වම ඔයාට මොකක්ද දැනෙන්නෙ ? ඔයාට දැනෙන ඒ එක හැඟීමක්වත් මට දැනුනේ නෑ . මට ඕනි උනේ ඔප්පු කරන්න. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා . සයිමන් කොවෙල් , ඩේවිඩ් විලියම්ස් වගේ ලෝක ප්‍රසිද්ධ අය ඉදිරියේ මට ලෝකයකටම කියන්න ඕනි උනේ මම මාව හඳුනන එක ගැන මට ආඩම්බරයි කියලා. එවැනි ප්‍රබලයන් ඉදිරියේ මගේ විශ්වාසය පෙන්වීම ගැන මට ඇත්තෙන්ම සතුටක් ගේනවා වගේම ඒක මට ආඩම්බර අවස්ථාවක්. " 

එලන් ඩීජෙනරස් ( Ellen Degeneres ) සමඟ ඇගේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහනටද සහභාගී වීමට මේ පුංචි වීරයට හැකි උනා. ඔහුගේ සිහින සැබෑ උනා.ජීවිතය හෙමි හෙමින් අදටත් ඔහු වර්ණ ගන්වනවා. ඇත්තටම ඔහු අපූරුයි ! විශිෂ්ටයි !!

" සචින් තෙන්ඩුල්කාර් , මයිකල් ජැක්සන් වගේ වෙන්න ඕන උන මට " Britain's Got Talent " වේදිකාවේ දී ලැබුණු Golden buzzer අවස්ථාව සමඟ අවසන් පූර්ව වටයට පිවිසීම අදහගන්න බැරිඋනා. මම ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. මගේ දෙමව්පියන් ගුරුවරුන් මට ශක්තියක් උනා. ජාත්‍යන්තර වේදිකාවක් මත ඉන්දියාව නියෝජනය කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. මගේ හැම හීනයක්ම සැබෑ වෙනකන් මම මහන්සි වෙලා වැඩ කරනවා.රෝමය දවසකින් ගොඩනඟලා නෑ වගේ මමත් මහන්සි වෙනවා.මමත් මගේ හීන ගොඩනගනවා. ඒ එක්කම මට ලැබෙන සතුට මම බෙදාගන්නවා. මට අදටත් සචින් තෙන්ඩුල්කාර් සහ මයිකල් ජැක්සන් වගේ ලෝක ප්‍රකට චරිතයක් වෙන්න ආසයි. මම වයසින් පුංචි, පෙනුමින් විශාල කෙනෙක්. ඉතින් මගෙ සිතුවිලිත් හීනත් මගෙ ශරීරය තරමටම විශාලයි" 

පුංචි දරුවෙක්ට ඒ තරම් හීන ගොඩක් වෙනුවෙන් බය නැතුව පියවර තියන්න පුළුවන් උනා නම් ඇයි අපි නවතින්නෙ ? ඔයා දැන් ඉන්න තත්ත්වය ගැන ඔයා සතුටින් නම් , ඔයා ඉන්නෙ ඔයා දැක්ක හීන වලින් දිනාගත් එක හීන නැවතුමක නම් ඔයාට මගෙන් සුබ පැතුම්.ඒත් ඔයා දැන් ඉන්න නැවතුම ගැන ඔයාට අවිශ්වාස නම් ඔයා සතුටින් නැත්නම් එන්න අපි හොයමු. ඒ විශ්වාසය සහ ඔයාගෙ සතුට.ඉතින් මේ වචන ඇතුලෙ කොතනම හරි තැනකින් ඔයාට වාරුවක් ලැබේවා !! 

පුංචි හිතකින් ලොකු වැඩක් කරන්න පුළුවන්. සත්තයි සත්තමයි !

BestWeb.lk තරඟාවලීයේ ජනප්‍රියම වෙබි අඩවිය වීමට "වචන.lk" වෙත ඔබගේ මනාපය යොමුකරන්න මේ මත ක්ලික් කරන්න.....

logo
Top