දෑස් හා මනස් සනහන ආයුර්වී - සීගිරිය (361)

post-title

මූලික තොරතුරු

ව්‍යාපෘති නාමය: ආයුර්වී , සීගිරිය

ව්‍යපෘතිය නිම වන වර්ෂය: 2020

දළ වර්ග ඒකක ප්‍රමාණය: වර්ග අඩි 15886 (වර්ග මීටර 1475)

ඉඩමේ ප්‍රමාණය: අක්කර 3

ව්‍යාපෘති ස්ථානය: අවුඩන්ගනාව, සීගිරිය

ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී- වරලත් වාස්තු විද්‍යාඥ ; ඩී. ඒ. ඩී. චතුරංග

ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ඊමේල් ලිපිනය: architectchathuranga@gmail.com

සේවායෝජක: Theme resorts and spa

ඉංජිනේරු: ධනුෂ්ක සිරිවර්ධන

ඡායාරූපකරණය: MAXIME WICKRAMASINGHE

ව්‍යාපෘති විස්තරය

දර්ශනීය භූ තලයක් මත, සංස්කෘතික ත්‍රිකෝණයේ හදවත බඳු ආකර්ෂණීය ගම්බද පරිසරයක පහස මැද, ආයූර්වී සීගිරිය; කොළඹ අගනුවර සිට කිලෝ මීටර් 170 ක පමණ දුරින් පිහිටා ඇත. මෙම අපූර්ව ස්වර්ග රාජ්‍යයක් බඳු වූ ස්ථානය, නගරයේ කලබලකාරී වටපිටාවෙන් මිදී, නගරයේ සිට පැය කිහිපයක පමණ දුරින් ගම්බද පරිසරයක, ඓතිහාසික හා ආගමික ස්මාරක වලට මැදිව පිහිටා ඇත. 

පවතින ගෝලීය කාලගුණික විපර්යාස සහ පාරිසරික සම්පත් සම්පත් ක්ෂය වීම් හේතුවෙන් වර්තමානයේ දී, විකල්ප ගොඩනැගිලි තාක්ෂණ සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය කෙරෙහි නැඹුරුතාවක් ඇති වී ඇත. ආයූර්වී සීගිරිය නිර්මාණය කිරීමේදී, අඩු ශක්ති ප්‍රමාණයක් වැයවන සහ අඩු ද්‍රව්‍ය පරිභෝජනයක් සහිත, පාරිසරික හිතකාමි, පස් උර පිරවුම් ගොඩනැගිලි තාක්ෂණය (Earth Bag construction) යොදාගෙන ඇත. මෙහි ප්‍රධාන ශාලාව සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ, මනා ලෙස පදම් වූ මැටි සහිත, තෙතමනයෙන් යුතු පස් පිර වූ පොලිප්‍රොපිලීන් බෑග් යොදාගෙන ය. බිත්ති මැටිවලින් ආවරණය කර ව්‍යුහය ආරක්ෂා කර ශක්තිමත් කිරීම සඳහා පිලිස්සීමට ලක් කරනු ලබන අතර ඊට පෙර, පස් පිරවීම සඳහා යොදා ගන්නා ලද පොලිප්‍රොපිලීන් බෑග් නැවත භාවිතා කළ හැකි පරිදි පරෙස්සමින් බැහැර කරනු ලැබේ. ලොව දෙවැනි විශාලතම පාරිසරික දූෂක වන කොන්ක්‍රීට් සහ සිමෙන්ති භාවිතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ ආයූර්වී සීගිරිය; ශ්‍රී ලංකාවේ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පය මනාව පිළිබිඹු කරන අනර්ඝ නිර්මාණයකි.

කාමර 10 කින් සමන්විත මෙම නවාතැනේ අභ්‍යන්තරය, සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ ගම්බද පරිසරයෙහි අපූර්වත්වය විදහා දක්වයි. එමගින්, මෙහි පැමිණෙන අමුත්තන්ට ඔවුන්ගේ ශරීරය සහ මනස සුවපත් කරයි. සෑම කාමරයක්ම පරිසරයට අනුගතව, ස්වභාවික හිරු එළිය වැටෙන දිශාවට මුහුණලා නැවුම් වාතාශ්‍රය ලැබෙන පරිදි තනා ඇති අතර, එමගින් එදිනෙදා ජීවිතයේදී අමිහිරි දේවල්වලින් මිදී, යම් සැනසීමක් ලැබීමට කෙනෙකුට අවකාශ සපයයි. මෙම ගම්බද පරිසරයේ සැඟවුණු වටපිටාව සහ අවට ඇති කොළ පැහැය සමඟ, ඉතාම සාමකාමී,නිදහස්, පරිසරය සමග මුසු වූ, තමන්ගේම යැයි හැඟීමක් මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට අත්දැකිය හැකිය. මෙහි ගෘහ නිර්මාණය සඳහා පරිසර හිතකාමී ගොඩනැගිලි ක්‍රම; විශේෂයෙන් ස්වභාවික සිසිලනය ආදි ක්‍රම යොදාගෙන ඇති බැවින් මෙහි අභ්‍යන්තරය, සම්ප්‍රදායික ගැමි නිවසක ගෘහස්ථ ලක්ෂණ අනුකරණය කරමින් නිමවා ඇත. මෙම සොබාවිකව සිසිලනය කරන ලද කාමර හරිත එළවළු බිම් හා කුඹුරු වලට යාබදව පිහිටා බැවින් , එහි පැමිණෙන්නන් හට ඇසට ඉතා සෞම්‍ය, සාමකාමී, සුවපහසු අවකාශයක් සපයයි.

මෙම ආශ්‍රමය; අවට කුඹුරුවලට ඉහළින් මනාව ස්ථානගත කර ඇති පිහිනුම් තටාකයක් සහ මානසික ඒකාග්‍රතාව වර්ධනය වන ආකාරයෙන් විශාල හිස් අවකාශයක් සහිත ව මනාව ගොඩනගන ලද යෝගා මණ්ඩපයකින් ද සමන්විතයි. මෙම නිවාඩු නිකේතනය තුළ කිසිදු ආකාරයක ප්ලාස්ටික් භාවිතා නොවන අතර, පරිසර හිතකාමී ලෙස නිමවන ලද උපකරණ සහ බඩු භාණ්ඩ පමණක් යොදා ගැනේ.

ආයූර්වී සීගිරිය හි ආහාර වේල් සඳහා යොදා ගන්නා එළවළු සහ පලතුරු එහි කාබනික උද්‍යානයෙන් ලබා ගන්නා අතර, නිවාඩු නිකේතනයේ බහුතර ආහාර සැපයුම් අවශ්‍යතා දේශීයව සපයා ගනු ලබයි. එහිදී, හැකි සෑම ප්‍රදේශයකම සැපයුම්කරුවන් සඳහා අවකාශ ලබාදෙයි. එමෙන්ම මෙම නිවාඩු නිකේතනය මගින්, ප්‍රාදේශීය ප්‍රජාවේ ජීවනෝපාය සහ ජීවන තත්වයන් ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, ආයුර්වි සිගිරිය හි සියලුම ඉදිකිරීම් සේවකයින් අවට ප්‍රදේශවලින් බඳවා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන්ට උපකාර කිරීම සඳහා ය. කාබන් පියසටහන් අවම කර ගැනීම සඳහා සියලු ආකාර ක්‍රියාමාර්ග ගැනීමටත්, සියළුම මෙහෙයුම් පාරිසරික වශයෙන් තිරසාර ලෙස සිදු ඉටු කිරීමටත් අප ආයතනය බැඳී සිටියි.

ආයුර්වි සිගිරිය සමඟ අපි සොබාදහමට නැවත ගමන් කීරිමටත්, සරල ජීවන රටාවකට ආපසු යාමට උත්සාහ කර ඇත. පාරිසරික ගැටුම් සහ පරස්පරතා අවම කර ගැනීම සඳහා, පාරිසරික තිරසාරත්වය කොටසක් කරගත්, ඉපැරණි දේශීය වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙත නැවත අප යොමු විය යුතු ය. ඉතින් ආයුර්වීහි දී, ගොඩනැඟිලි ඉස්මතු කිරීමට වඩා අප සොබාදහම සමග සම්මිශ්‍රණය වීම තුළින්, භාවනාව, මානසික සුවය සහ භෞතික ශරීරයේ සුවතාව අත්පත් කරගැනීමටත් හැකි ක්‍රමවේදයන් සමඟ මෙම නිර්මාණය ගොඩ නංවා ඇත.

Top