පැරණි වුනත් නැවුම් සුවදක් මුහු කරන මතක ගැන කතාවක්

පැරණි වුනත් නැවුම් සුවදක් මුහු කරන මතක ගැන කතාවක්

Malgudi days සිනමා නිර්මාණය හොයාගෙන බලන්න

"මතකයන් පැරණි ඇඳුම් වගේ. ඒවා පරණ වෙන්න පුලුවන්. ඒත් ඒවා අලුත් ඒවා."

එහෙම කියන්නෙ ලක්ෂිමිනාරායන මල්ගුඩිගෙමතක කන්දරාව විඳීම අවසානයේදි.

කවුද ලක්ෂ්මි නාරායන මල්ගුඩි කියන්නෙ.?

එයා ලේඛකයෙක්. පොත් ගණනාවක් ලියන ලක්ෂ්මි නාරායන ඒ පොත්වලට පාඨකයො අසීමිතව ආදරේ කරද්දි ජීවිතේ වයෝවෘද්ධ සමයෙදි සාහිත්‍ය ජීවිතෙන් විශ්‍රාමගන්න බවට නිවේදනයක් නිකුත් කරනවා. හරියට ම ඊට සතියකට පස්සෙ එයාගෙ මරසිකාවියක් වෙලා පසුව එයාගෙ බිරිඳ උන සරෝජා මිය යනවා. ඊටත් පස්සෙ ලක්ෂ්මිනාරායනගේ දුව ඇමරිකාවෙ ඉඳන් ඇවිත් ලක්ෂ්මි නාරායනව ඇමරිකාවට එක්ක යන්නහදනව. ඒත් එයා ආස නෑ ඒකට. ඒ නිසා ම එයා ගෙදරින් යනවා.ඒ යද්දි එයාටඅහඹුවෙන් ප්‍රකෘති කියන අයිටී ඉංජිනේරුවරිය මුණ ගැහෙනවා. ප්‍රකෘති එයාගෙ ප්‍රේමසම්බන්ධෙත් බිඳිල රැකියාවෙනුත් අයින් වෙලා යාලුවෙක්ගෙ වාහනයක් අරංඇවිදින්න යන්නයි යන්නෙ. ඊට පස්සෙ එයා ලක්ෂ්මිවත් ඒ ගමනට එකතු කරගන්නවා.හරියට බොහෝම සමීප තාත්තෙකුයි දුවෙකුයි වගේ ඒ දෙන්නා තම තමන්ගෙ පෞද්ගලිකජීවිතේ අදහස් බෙදාගන්නවා. මතක එකිනෙකාට පවසා ගන්නවා. ලක්ෂ්මිනාරායනමල්ගුඩිගේ ගමත් පාසල් වියත් ගැන මතකය එලියට එන්නෙ ඒ විදියට.

ඒ ගමේනම මල්ගුඩි. ඒක හරි ලස්සන ගමක්. අවුරුද්දෙ මාස නමයක් ම ඒ ගමට වහිනවා. ඒකතාවෙ සුන්දරම දවස් හමුවෙන්නෙ ලක්ෂ්මි නාරායන් දහය වසරට ඇවිත් හරියට දවස්දෙකකින්. ඔව් එදා ලක්ෂ්මි ඉගෙන ගත්ත මල්ගුඩි රජයේ විද්‍යාලයටමහ වැස්ස අතරින් සුන්දර ගෑණු ළමයෙක් එයාගෙ තාත්තා එක්ක එනවා. ඒ ගෑණු ළමයාහරි ම ලස්සනයි. එයාව බාර දෙන්නෙත් ලක්ෂ්මිගෙ පන්තියටමයි.

එයාගෙ නම ලිනේටා. එයා ක්‍රිස්තියානිගෑණු ළමයෙක්. ඒත්... දෙවියො ලෝකෙ එක් කෙනෙක්ට විශේෂ දෙයක් දෙනකොට ඒකෙනාගෙන් තව දෙයක් උදුරගන්නවා. ලිනේටා අහිංසක සුන්දර දැරිවියක්. ඒත් එයාටකතා කරන්න බැහැ. ඒ උනත් චූටි චූටි කවි ලියන්න දක්ෂ උන ලක්ෂ්මි නාරායන්ලිනේටාට ආදරේ කරනවා. ඔහු ඒ ආදරේ නිසා ම ඇය ගැන වතාවක් මෙහෙම ලියනවා.

 

"මල් කතා නොකරයි

ඒවා පිපෙන විට හැමෝම ඇලුම් කරයි

වැස්ස කතා නොකරයි

එය ඇද හැලෙන විට හැමෝම ප්‍රීතිවෙති

සුළඟ කතා නොකරයි

එය හවසට ගත සිත නිවා දමයි

ඒ වගේම,

ඔබත් කතා නොකරයි

ඔබගේ බැල්මෙන් හැමදේම පවසයි"

ඒත්මේ දෙන්නාගෙ ආදරේට නිදහසේ ගලාගෙන යන්න ලැබෙන් නෑ. ආගම්වාදෙ හිස ඔසවලාලක්ෂ්මිවත් ලිනේටාවත් වෙන් කරනවා. ලක්ෂ්මිට ජීවිතේ බේරා ගන්න මල්ගුඩියෙන්පැනල යන්න වෙනවා. ඒත් ඒ යන්න කලින් රාත්‍රියෙ ලක්ෂ්මි ලිනේටාගෙ ඔලුවට අත තියල පොරොන්දු වෙනවා කවදාක හරි මං ආයෙ එනව කියලා.

ඒත්, එදා ඒ යන්න ගිය ගමන ලක්ෂ්මිට ආය මල්ගුඩියට එන්න වෙන්නෑ. ඒ නිසා ම මේ කතාව අහන ප්‍රකෘති, ලක්ෂ්මි නාරායන් මල්ගුඩි ආයෙමත් මල්ගුඩියට එක්කගෙන ඇවිත් ලිනේටාව හොයන්නතීරණය කරනවා. එතැන් සිට මොනාද වෙන්නෙ කියල බලන්න නම් ඔබට දෙදහස් විස්සෙතිරඟත් කිරීම ඇරඹුව Kishor Moodbidriවිසින් අධ්‍යක්ෂණය කළ මල්ගුඩි ඩේස් කියන කන්නඩ සිනමා නිර්මාණය රසවිඳින්න වේවි.

මේ නිර්මාණය පුරා ම තැවරිලා තියෙන්නෙ අපි මගහරින ජීවිතය. බැඳීම්, ඒවා මොනතරම්නම් සුන්දර ද? අද අපිට දැනෙන වේදනාවන් රිදුම් දවසක අනාගතේ දි මතකයන්විදියට සිහිකරද්දි ඒවායෙන් හමා එන්නෙ මොන තරම් මිහිරි සුවඳක් ද? ජීවිතේගමන් කරනවා ඉදිරියට. ඒත් අපට හමුවන බොහෝ දෙනා මගහැරෙනවා. ඔවුන් අතීතය ඇතුළෙපුංචි තිත් බවට පත්වෙනවා. ඒත් අපි ඒ අයව හදවතේ සමහර තැන්වලට පරෙස්සමටතියාගෙන ඉන්නව. සමහර වෙලාවට අපි නොහිතන තරමට ඒ අය ගැන අපේ හිත් ඇතුළෙ කියාගන්න බැරි හැඟීම් තියෙනව. ඒ වගේ ම අපි නොහිතුව තරමට අපිට මගහැරුණුඒ අයත්අපි ගැන හිතනව ඇති. ඒ උනත් ජීවිතේ ඉදිරියට යද්දි අපිට ආයෙමත් ආපහු හැරිලායන්න බැරි තැන් එනවා. ඒ වෙලාවට දිග හුස්මක් හෙලලා හිතට මොකද්දෝ බරක්වේදනාවක් දැනෙද්දි අපි ඉස්සරහට යනවා.

ඔබ වෙනුවෙන් සමහර විට කවුරුහරි ම කෙනෙක් එහෙම බලාගෙන ඇති. නැත්තම් සමහර විට ඔබට එහෙම මගහැරුණු කෙනෙක්වහොයාගෙන ආපහු අතීතයට යන්න හිත ඇතුළෙ ආශාවක් ඇති.

අන්න ඒ අපිහැමෝගෙම කතාව තමයි ලිනේටාගෙනුයි ලක්ෂ්මි නාරායන් මල්ගුඩි ගෙනුයි අපිටපෙන්වන්නෙ. මල්ගුඩි ඩේස් පිල්ම් එක ගලාගෙන යන මිනිත්තු 154 ඇතුළෙ විතරක්නෙවෙයි, පිල්ම් එකෙන් පස්සෙත් මොහොතකට අපේ ජීවිතවලත් අතීතයට යන්න හිතෙනතරම් පසු කම්පනයක් දැනෙන තරමට ම මේ සිනමා නිර්මාණය සංවේදී ලෙස නිමවාතිබෙනවා. GaganBaderiyaගේ සංගීතය මොන තරම් ප්‍රභලද කීවොත් පිල්ම් එක එක්ක හෘදයාංගමව සමීප වෙන්න ඒ මියුසික් ට්‍රැක් ටික ඉඩ හදල දෙනවා.

මතක වලට ආදරය කරන ඕන ම කෙනෙක් නැරඹිය යුතුම සිනමා නිර්මාණයක් නිසා මමං ඔබටත් මල්ගුඩි ඩේස් බලන්න කියලා යෝජනා කරනවා.

 

Top