Half girlfriend සිනමා නිර්මාණය කියැවීම (520)

Half girlfriend  සිනමා නිර්මාණය කියැවීම (520)

මාධව්, ගමේ ඉදන් සමාජවිද්‍යා උපාධියක් හදාරන්න නගරෙට එන දුප්පත් පවුලක කොල්ලෙක්. රියා එම විද්‍යායතනයේම අධ්‍යාපනය හදාරන පෝසත් පවුලක එකම කෙල්ල.  ඉංග්‍රීසි සමාජෙක තමා වැනි ගමෙන් ආව පුද්ගලයෙක්ට ජීවත් වීම අසීරු බව දැනුනත්, දැක්ක මුල්ම දවසෙම මාධව් ට නගරෙම නවතින්න එකම හේතුව දෙන්නේ රියා. දැක්ක මොහොතෙම ඇතිවෙන ආදරයක්. Love at the first sight !!

මිල මුදල්වලින් , රූපෙන් කිසි අඩුවක් නැති රියා දුක් විදිනවා කවුරුත් නොදන්න රහසක් හංගගෙන. ඒත් එක්කම කොල්ලා හිමීට හිමීට කෙල්ලට ලං වෙනවා. රියා හරි ලස්සනට ජීවිතේ විදිනවා කොල්ලා ළඟදී.

මාධව් ට ඕනි වෙන්නෙ කෙල්ලව තමනෙගේ පෙම්වතී කර ගන්න. ඒත් කෙල්ල දෙන්නේ යාළුවෙක් ගේ තැන. ඉතින් ඒක ඇරඹෙන්නෙත් හරි ලස්සන තැනකින්. හාෆ් කෝට් !! 

ඒ half සංකල්පය කතාවේ බොහෝ තැන් එක්ක හරි අපූරුවට ගැලපිලා තියෙනවා.. කෙල්ල 50% සම්ප්‍රදායික කාන්තාවක්. 50% සම්ප්‍රදායෙන් පිට පනින කාන්තාවක්..

රියා මාධව් ට ලං වෙන්නේ half girlfriend විදිහට. ඒත් කොල්ලා උත්සාහ කරන්නෙම සම්පුර්ණයෙන් තමන්ගෙම කර ගන්න. ඒ වගේ එක අවස්ථාවක කෙල්ලගේ ඉන්න සම්ප්‍රදායික ගැහැනිය එලියට එනවා. මාධව් ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා තරහින්ම ඈ මාධව් ගේ ජීවිතයෙන් අයින් වෙලා යනවා. ධනවත් පිරිමියෙක්ගේ විවාහ යෝජනාවකට ඈ එකග වෙනවා.

අධ්‍යාපනය නවතිනව. half... මාධව් ආයේ ගමට එනවා. ඒත් රියාගේ මතක එක්ක. කොහොම හරි ආයේ අහම්බයකින් දෙන්නා මුන ගැහෙනවා. ඒත් ඒ රියා විවාහය කඩාකප්පල්කර ගත්ත ගැහැනියක් විදිහට. half !! එතෙනදී ඇය සම්ප්‍රදායෙන් පිට පැන්න ගැහැනියක්. තමන්ගේ අම්මා වගේ විවාහය රැක ගන්න උත්සාහ නොකරපු ගැහැනියක්..මාතෘත්වය අහිමියි..ඉතින් ඇය half.. හැමදේම භාගෙට...

ආයේ දෙන්න ළං වෙනවා. ඒත් ඒ පාර මාධව් ගේ අම්මගෙන් ඉඩක් ලැබෙන් නෑ. කෙල්ල කොල්ලා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරලා ආයෙත් පාරක් හැමෝගෙන්ම හැංගිලා යනවා. ඒ ආදර කතාවත් ආයෙත් half...

රියා දුන්න ලිවුමකින් කොල්ලා දැන ගන්නවා කෙල්ල ගියේ නොඑන ගමනක් කියලා. මාස දෙකක් විතරක් ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන කෙල්ලෙක් කියලා. ඒත් කොල්ලා කෙල්ලව හොයනවා. අන්තිම මොහොතේ හරි කෙල්ලව සතුටින් තියන්න ඕනි නිසා.

කොල්ලා හැම දේම අතහැරලා නිව් යෝර්ක් යනව. අන්තිමට කොල්ලා තේරුම් ගන්නවා මේ යන්නේ මිරිගුවක් පස්සේ කියලා. ඒ අතර කාලේ තුළ මාධව් ගේ ජීවිතේට තව අමුත්තියක් එනවා. අන්ෂිකා..ඔහු මෙන්ම ආදරයෙන් පැරදුන කෙල්ලෙක්..

ගොඩක් වෙලාවට මාධව් අන්ෂිකා තුළින් රියාව දකිනවා. සමහර ගති ලක්ෂණ රියා වගේමයි. ඉතින් දෙන්නා ලං වෙනවා..

මාධව් ට ගොඩක් දේවල් ලැබෙන්නේ ඔහු ඔහු වුණ නිසා..

අන්ෂිකා ඔහු වෙනුවෙන් සාදයක් සූදානම් කරනවා. ඒත් ඒ සාදේ තුළ ඉදිරිපත් වෙන වීඩියෝ පටයක් නිසා කොල්ලව ආයෙත් අතීතෙට ගෙන යනවා. මිය ගිහින් ඇති කියලා හිතුව රියා අවන්හලක ගීත ගයනව.

ආදරේ කියන්නෙම අනික් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හැරීම කියලා එතෙන්දිත් පිළිඹිබු වෙනවා. රියා බොරුවක් කරලා මාධව් ව අත් හැරියේ මාධව් ගේ අනාගතේ වෙනුවෙන් කියලා හැමොටම තේරෙනවා. අන්ෂිකාත් රියාගෙම කැඩපතක්. ආදරේ වෙනුවෙන් ඈ , ඇගේ සතුටත් අත් හරිනවා. මාධව්ට රියා ළගට යන්න.

රියා මුලින් දුන්න පොරොන්දු දැන මං මතක් කරනවා. ඇය කියන්නේ ඇයට ජීවිතේ මාධව් එක්ක එන්න වෙන්නෙ භාගයක් දුර විතරයි කියලා. ඉතින් ඒක හරි යනව. මුල් භාගෙට නෙවේ. අවසන් භාගෙට.

මාධව් රියා ආයෙත් මාධව් ගේ ගමට යනවා. මාධව් ගේ අම්මගේ ආදරෙත් දිනාගෙනම... ගැහැනියක් විදිහට අවසන් භාගේ ඉදන් ඈ සර්ව සම්පූර්ණ වෙනවා. මාධව් ගේ ආදරෙත් එක්කම. මාධව් සම්පූර්ණ වෙනවා රියාගේ ආදරේ නිසා.

ඉතින් ආදරේ , ජීවිතේ කියන්නෙ භාගයක්. හරියටම හරි යන කෙනා හම්බවෙන තාක්..සර්ව සම්පූර්ණ වෙන්නෙ ඉතුරු භාගෙත් හම්බුණාම..ඉතින් ගොඩක් අය, Finnally i found my other half කියන්නෙත් නිකන් නෙවේ වෙන්න ඇති නේ..

අනික් එක අපි ගොඩක් වෙලාවට හිතනවා ප්‍රේමයක් අවසන් වුණාම ජීවිතේම ඉවරයි කියලා..ඒත් සමහර වෙලාවට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්..ඒ ඉවර වුණේ අසම්පූර්ණ භාගේ වෙන්න්ත් පුළුවන්..හරියටම හරි යන කෙනා එක්ක පිරෙන කොටස ඉන් පස්සෙ වෙන්න පුළුවන්.. 

ඉතින් හරියටම හරි යන භාගේ එනකන් , කාලෙත් එක්ක අපිට බලන් ඉන්නම වෙනවා..

ඉතින් ජීවිතේ අසම්පූර්ණතා පරිපූර්ණත්වය කරා ගෙන යාමට ඇතැම් වැසි වැටෙනවා. ඒ වැසි දියෙන් අපි ආයෙම උපත ලබනවා. ඒ වැස්ස කවදාවත් මඟ හැරෙන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම හදවතට තෙමෙන්න දෙන්න. නුඹව නැවත වතාවක් ජීවත් කරවාවි !! 

Top