ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීති සන්දර්භයේ දික්කසාද ක්‍රියාපටිපාටිය (815)

post-title

නෛතික වශයෙන් විවාහයක් අවසන් වන ක්‍රම 4 වන පාර්ශවයක් මියයාම, අධිකරණමය වෙන්වීම, දික්කසාදය හා විවාහයක් ශුන්‍ය වීම යන ආකාර තුළ හඳුනා ගන්නා දික්කසාදය සාමාන්‍ය නීතිය යටතේ ප්‍රදානය කරනු ලබන දික්කසාද සහනයක් ලෙසට ද හඳුනා ගත හැකිය. එහිදී VINCULO MATRIMONIAL  හා SEPERATION MENSA ET THORO  යන්නෙහි නියම අරුත පිළිබඳව සලකා බැලිය යුතුය.

VINCULO MATRIMONIAL යනු අදාල පාර්ශව දෙක අතරෙහි කිසිදු වෛවාහක බැඳීමක් නොමැති වන අතර අදාළ පාර්ශවයන් ද්විත්වයටම නැවත විවාහයකට එළඹීමට හැකියාව ඇත.

SEPERATION MENSA ET THORO යනු පාර්ශව දෙක අතරෙහි අන්‍යෝන්‍ය අඹුසැමි සබඳතාවක් පැවැත්මට වගකීමක් නැති වන අතර දේපළ දරුවන් හා වෙනත් දෑ සම්බන්ධව වගකීම පවතී. පාර්ශව දෙකට නැවත විවාහයකට එළඹීමට නීතිය ඉඩ නොදෙයි. (දික්කසාදයකින් පසුව එක් පාර්ශවයක්මියගිය හොත් ඔහුගේ හෝ ඇයගේ දේපල උරුමය අදාළ අනෙක් පාර්ශවයට හිමි නොවන අතර අධිකරණමය වෙන් වීමකදී පාර්ශව දෙකෙහිම දේපල කාලාත්‍රගේ අවෑමෙන් අනෙක් කාලත්‍රයාට උරුම වෙයි.)

දික්කසාද නඩුවක් පියවර දෙකකින් යුක්ත වේ.

01.Decree Nisi

02.Decree Absolute 

එක් නීතියක් යටතේ විවාහයක් ගිවිස ගත් පාර්ශව දෙකක් සිටීනම් ඔවුන් දික්කසාදය කරගත යුත්තේ ද ඔවුන් විවාහ වූ නීතිය මගින්මය. අධිකරණ විභාගයකින් පසුව දික්කසාදයක් ලබා දීමේ සීමිත අයිතිය අධිකරණයට ලබා දුන්නේ 1857 දී matrimonial couses act මගිනි.

 දික්කසාදය සඳහා හේතු

ශ්‍රී ලංකාවේ දික්කසාදය සඳහා ව්‍යවස්ථාපිත හේතු විවිධ ව්‍යවස්ථා 2ක එනම් 1907 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ හා 1977 අංක 20 දරණ නීතියෙන් සංශෝධිත 1889 සිවිල් නඩු විධාන සංග්‍රහයේ අඩංගුවේ. ආඥා පනතේ 19 1 හා 2 වගන්තිවල පහත් හේතු 03 මත විවාහ බන්ධනයකින් දික්කසාද වීමට තීරණය අධිකරණ නඩු විභාගයක දී පමණක් ලබා ගත හැකි බවට දක්වයි. එනම්,

01. විවාහයට පසු කෙරෙන අනාචාරය(adultery subsequent to marriage)

02. දේවේශ සහගත අතහැර යාම(malicious desertion)

03. විවාහ වන විට පවත්නා සුව කළකළ නොහැකි ලිංගික බෙලහීනතාවය(incurable impotency)

දික්කසාද නඩුවක නඩු නිමිත්ත (cause of action)ලෙස මෙම හේතු හඳුනාගත හැකිය.මින් එකක් දික්කසාද නඩුවක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දැක්වීම අවශ්‍යය.

අනාචාරය

 විවාහක පාර්ශවකරු හැර වෙනත් අයකු සමඟ කායිකව එක් වීම හෝ සමලිංගික සේවනය අනාචාරය ලෙස අර්ථ දැක්විය හැකිය.මෙම වරද ඔප්පු කිරීමේදී පරිවේශනීය සාක්ෂි හරහා ද අදාළ පාර්ශ්ව අතර ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට ගම්‍ය විය යුතුය. අනාචාරීී වරද පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය. මුල්කාලීන අධිකරණ මතය මෙය බවට නඩු තීන්දුකිහිපයකදීම පිළිගන්නා ලදී.preston jones vs preston jones(1851 AC391) churchman vs churchman( 1945aller190)Ginessik vs Ginessik(19481 aller373 )

නමුත් දකුණු අප්‍රිකානු නීතිය පූර්වයේ දී පිළිගත්තේ මෙය අපරාධමය වරදක් නොවන නිසා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම් අනවශ්‍ය බවත්චෝදනාව බරපතල නිසා පැහැදිලි හා කාවදින සාක්ෂි මත ඔප්පු කළ යුතු බවයි. Truter vs Truter (1838 NPV 250),Gaces vs Gaces (1939 ad 150),Pushpakumara vs marmet and another (2003 2 SLR 247)නඩුවේදී අධිකරණය ප්‍රකාශ කළේ අනාචාර යන වරද සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවට අභියාචනාධිකරණය ප්‍රකාශ කළ බවයි. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 598 වගන්තියට අනුව අනාචාරය එම නඩුවෙන් සම විත්තිකරු නොකර සිටීමට හැකියාව ඇත්තේ පහත අවස්ථා කිහිපයක පමණි.එනම්,

01.විත්තිකාරිය ගණිකාවක් ලෙස දිවි ගෙවන විට හා ඇය සමඟ අනාචාරයේ යෙදුනු කිසිවෙකුත් පැමිණිලිකරු නොදන්නා විට,

02.අනචාරියගේ නම විස්තරය සොයාගතනොහැකි වූ විට,

03.අනාචාරියා මියගොස් ඇති විටෙක,

මෙකි කරුණුවලින් එකක් දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කිරීම හෝ සාක්ෂි මත ඔප්පු කර පෙන්වීම අවශ්‍යය. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 599 වගන්තිය මෙම ප්‍රතිපාදනය ස්වාමිපුරුෂයකුගේ අනාචාරයට ද එනයින්ම අදාළ කරගත හැකිය.

ද්වේශ සහගත අතහැර යාම 

මෙය මානසික හා ශාරීරික යන අංග දෙකක් මගින් සංස්ථාපනය වන වෛවාහක වරදකි. සාධාරණ පුද්ගලයකුට විවාහය අතහැර යාමට තරම් විය හැකි හැසිරීමක් වෛවාහක නිවස අත්හැර යාමට සාධාරණ මිනිසෙකු අපේක්ෂා කළ තරම් හැසිරීමක් විය යුතුය.

ද්වේශය + අතහැර යාම 

මානසික අංගය + ශාරීරික අංගය 

 අනුමිත ද්වේශ සහගත හැරයාම යනුඑක් කලත්‍රයකු විසින් අහිංසක පාර්ශවයට වෛවාහක නිවස හැර යාමට වන පරිදි කටයුතු කිරීමයි.

Ariyapala vs Ariyapala (1963 65 NLR 453),Wickramasinghe vs Wickramasinghe (1965 68 NLR 155) Mel vs de mel (1951 54 NLR 91)යනාදී නඩුවලදී ශ්‍රී ලංකාවේ දික්කසාදය සඳහා හේතුවක් ලෙසට අනුමිත ද්වේශ සහගත හැරයාම පිළිගෙන ඇත.සිවිල් නඩු විධාන සංග්‍රහයේ 602 වගන්තියට අනුව දේවේශ සහගත හැරයාම ශක්‍යතා වැඩි බර මත ඔප්පු කළ යුතුය.ද්වේශ සහගත හැර යාමක දී විවාහයේ වගකීම් සිතා මතා හෝ ඕනෑකමින්ම පැහැදිලි හා අවසානාත්මක ප්‍රතික්ෂේප කරන බවට සිල්වා එදිරිව මිසිනෝනා(1924 26 NLR 113) නඩුවේදී ප්‍රකාශ කරයි.

මුතුකුමාරස්වාමි එදිරිව පරමේශ්වරී (1976 78 NLR 488) නඩුවේදී ද්වේශ සහගත හැරයාම් මත පදනම් වූ දික්කසාද නඩුවක් Factum හා animus යන අංග දෙක ම ඔප්පු කිරීම වැදගත් බවට දක්වන ලදී.

  • අනුමිත ද්වේශ සහගත අතහැර යාම ඔප්පු කළ හැකි පදනම්,
  1. නිර්දෝෂී පාර්ශවය වෛවාහක නිවසින් පලවා හැරීම.
  2. එකට ජිවත් වුවද කායිකව එක් වීම ප්‍රති ප්‍රතික්ෂේප කිරීම.
  3. විවාහය ලියාපදිංචි කළද එක්ක වාසය කිරීමට කැඳවාගෙන නොයාම.
  4. අනෙක් පාර්ශවය නඩත්තු කිරීමට අවශ්‍ය විටෙක එය නොකිරීම.

 හැර යන ලද පාර්ශ්වය විසින් නැවත පැමිණීමට කැමති වුවද අනෙක් පාර්ශවය පිළිගැනීමට අකමැති වුවහොත් එම පාර්ශවයට දික්කසාද වීමේ අවස්ථාව අහිමි වී යයි. නැවත පැමිණීමට කරන ලද කැමැත්ත සද්ධාවෙන් ඉදිරිපත් කළ යුතු අතර එයට පනවන ලද කොන්දේසි සාමාන්‍ය අවස්ථාවලදී පමණක් ඒවාට කැමැත්ත පළ කළ යුතුය.

සුවකළ නොහැකි ලිංගික බෙලහිනතාවය 

විවාහ වන මොහොත වනවිට බෙලහීනත්වය තිබු බවද එය සුවකළ නොහැකි බවටද ඔප්පු කල යුතුය.සාක්ෂි වැඩිබර මත මෙය ඔප්පු කල පෙන්විය යුතු අතර එම ඔප්පු කොට පෙන්වීම ආකාර 02 කි.

01.වෙද්‍ය සාක්ෂි මත ඔප්පු කර පෙන්වීම.

02.වසර 03 ක් පුරාවට සුවකළ නොහැකි බෙලහිනත්වයක් ඇති බවට ඔප්පු කොට පෙන්වීම (එය නීතිමය ප්‍රතිපාදනයක් නොව අධිකරණමය ප්‍රවණතාවයකි.)

මෙහි චේතනාව ඔප්පු කිරීම අදාළ නොවන අතර ශාරිරික අංගය පමණක් ඔප්පු කිරීම ප්‍රමාණවත්ය.මෙය වෙද්‍ය විද්‍යාත්මකව ඔප්පු කල යුතු කරුණකි.

විවාහ වන අවස්ථාවේදී සිට සුවකළ නොහැකි බෙලහිනත්වයක් පැවතුනි යන්න නඩු නිමිත්ත මත විවාහ ශුන්‍යතා නඩුවක් (annulment of marriage)වුවද පැවරීමට හැකියාව ඇත.බෙලහිනතාවය ඇතිවුයේ විවාහයෙන් පසුව නම් දික්කසාද නඩුවක් හෝ විවාහ අවලංගු කිරීමේ නඩුවක් ඒ මත ගෙන අ නොහැකිය.

ලිංගික බෙලහිනතාවය සම්බන්ධ දික්කසාද නඩුවකදී විශේෂද වෙද්‍යවරු 02 නගේ වාර්තාවක් සාමාන්‍යයෙන් අධිකරණය විසින් සැලකිල්ලට ගනියි.වෙද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් මෙම තත්වය සුවකළ හැකි බවට අධිකරණයට වාර්තා කළහොත් අධිකරණය අදාල ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය.අදාල පුද්ගලයා සමග පමණක් ලිංගිකව හැසිරීමේ හැකියාව නොපවතිනම් අධිකරණය එවැනි විවාහයක් ශුන්‍ය කරයි.විවාහයක් දික්කසාද කිරීමේදී වාර්තා වනුයේ විවාහ වූ පසුව දික්කසාද වූ බවයි.ලිංගික බෙලහිනතාවය සම්බන්ධ එකම ප්‍රතිකර්මය දික්කසාදය නොවන අතර විවාහය ශුන්‍ය කිරීම හොදම ප්‍රතිකර්මයයි.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 608 වගන්තියට අනුව ඕනෑම දික්කසාද වරදක් දෙදෙනාම සිදුකර ඇත්නම් ඒ පිලිබදව දික්කසාද වන්දි යාචනය කල නොහැකිය.

නව ප්‍රවණතා 

වඩා පහසුවෙන් දික්කසාද ආඥාවක් ලබාදීමට සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන කිහිපයක් හදුන්ව දිය.එම සංශෝධන වලට අනුව,

  1. වෙන්වීමේ ආඥාවකින් වසර 02 කට පසුව හෝ 
  2. සත්වසක කාලයක් සහවාසයේ හා සංවාසයේ වෙන්ව සිටීමෙන් හෝ 
  3. ලඝු කර්යපටිපටිය අනුව දික්කසාදයක් ලබාගත හැකිය.(සිවිල් නඩු විධාන සංග්‍රහයේ 608 (2) වගන්තිය )

කෙසේ වෙතත් මෙම විධිවිධාන නොබෝ කලකින්ම අධිකරණයේදී අභියෝගයට ලක්විය.දැනට පවත්නා නීතිමය තත්වය අනුව , 7වසරක් වෙන්ව විසීමෙන් ලඝු පටිපාටිය අනුව ඉල්ලීමක් කල් හැක්කේ නිර්දෝෂී පර්ශ්වකරුවෙකුට පමණි.කිසිවෙකුට තම වෙවාහක වරද වාසියට හරවාගෙන දික්කසාදයක් ලබාගත නොහැකිය.(තෙන්නකෝන් එදිරිව තෙන්නකෝන් නඩුව)

දික්කසාද නඩුවක් පැවරීමට යායුත්තේ දිස්ත්‍රික් අධිකරණය වෙතයි.සිවිල් නඩු විධාන සංග්‍රහයේ 608 2 වගන්තියට අනුව ඉල්ලීම් කරයි නම් ලඝු කාර්ය පටිපාටිය අදාළ වෙයි.

දික්කසාදයක නෛතික ප්‍රතිපල 

දික්කසාද තීන්දුවක් නියත කිරීමට පසුව මුල් විවාහයේ වලංගුභාවය සම්පුර්ණෙන්ම අහෝසිව යයි. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 625 වගන්තියට අනුව පාර්ශවකරුවන්ට නැවත විවාහ වීමට අයිතිය ලැබෙයි.එසේම විවාහය වලංගුව ඇති විටකදී හා විවාහය අවසන් වී දින 280 ක් තුල උපන් දරුවන්ට දේපල උරුම වෙයි.දරුවන්ගේ සුජාතභාවය එලෙසම පවත්නා අතර ඔවුනගේ දේපල උරුමවිමේ අයිතියද එලෙසම පවතියි.දික්කසාදයට පෙර සිටි බිරිද හා ස්වාමියා අතර දේපල උරුම වී ඇතනම් අයිතිවාසිකම් අවලංගු වන අතර මුල් විවාහය අවලංගු වනුය් දික්කසාද ආඥාව නියත කල දින සිට පටන්ය.පාර්ශවකරුවන් නඩත්තු කිරීමේ ආඥවක් වෙයි නම් දික්කසාද තීන්දුව නියත කරනතෙක් නඩත්තු ගෙවිය යුතය.එතැන් සිට නඩත්තු ආඥාව බලරහිත වෙයි.දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවීමේ ආඥාවක් ඇත්නම් දික්කසාද වුවද නඩත්තු ආඥාව බලාත්මක වෙයි.

ශ්‍රී ලංකාව තුල දැනට බලපවත්වන විවාහ නිතිය පැනවූ මොහොතේ සිට මේ දක්වා සියවසක් සපිරෙන අතර එකී වකවානුව තුල විවාහ නීති සංශෝධනයට ව්‍යවස්ථාදායකය උනන්දු විය යුතය.විවාහය බිද වැටීම යන පදනම මත සිට පාර්ශ්වකරුවන්ට දික්කසාදයක් ලබාදීම සුදුසුය යන මතය නීතිවේදීන් විසින් අවධාරණය කොට ඇත.එනිසා වෙවාහක වරද නම් යල්පිනු පදනම මත සිට විවාහය බිදවැටීම නම් මානුෂිය පදනම් වෙත දික්කසාද සම්බන්ධ නිතිය කලනුරුපිව මාරු විය යුතුය.

Top