එවරස්ට් තරණය කල එඩ්මන්ඩ් හිලරි (410)

post-title

එවරස්ට් තරණය කිරීමට බොහෝ දෙනෙක් උත්සහ කළත් පළමු හිමාලය තරණය කළ ගවේශකයා ලෙස විරුදාවලිය ලබන්නේ 1953 මැයි 25 වන දින පෙරවරු 11.30 ට කන්ද මුදුනට ගිය එඩ්මන්ඩ් හිලරිය. ඔහු නවසිලන්ත ජාතිකයකු වන අතර ඔහුගේ සහයට නේපාල ජාතික ෂර්පා ටෙන්සිං නොර්ගේ ද හිමාල තරණයට එක්විය.

එවරස්ට් කන්ද පෘතුවියේ ඉහළම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 20,035 උසින් පිහිටියේය. ජුනි 2වෙනි දින එනම් දෙවෙනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය දිනයේ මෙම පුවත ලොව පුරා පැතිර ගිය අතර බ්‍රිතාන්‍යයෝ එය ස්වකිය රටේ අනාගතයට සුබ ලකුණක් ලෙස සැලකුහ.

නේපාලය සහ ටිබෙටය අතර ඇති මායිමේ පිහිටා ඇති එවරස්ට් කන්ද ආසියාවේ මහා හිමලයා කඳුවැටියේ කොටසක් වේ. ටිබෙට් ජාතිකයින් විසින් 19වැනි සියවසේ දකුණු ආසියාවේ රාජකාරි කළ බ්‍රිතාන්‍ය මිනින්දෝරුවකු වූ ශ්‍රීමත් ජෝර්ජ් එවරස්ට් ගේ නමින් චෝමෝ ලුන්ග්මා නොහොත් දේශයේ මවු දේවතාවිය යන්නෙන් නම් කරන ලදී.

එවරස්ට් කඳු මුදුන පෘථිවි වායුගෝලයේ වාතය සිසාරා පැතිර යන අතර එය ජෙට් යානා වල උන්නතාංශය සහ එහි ඔක්සිජන් මට්ටම මේ කලාපයේදී ඉතාමත් වේගයෙන් අඩුවේ. ඉතාමත් අඩු උෂ්ණත්වයක් සහිත අතිශයින් සිතල කිසිවකුත් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත වාතාවරණයක් මෙහිදී නිර්මාණය වේ.

1921 දී බ්‍රිතාන්‍ය ගවේෂණ සංගමය මගින් ටිබෙට් සානුව හරහා සැතපුම් 400ක ගවේෂණයක් ආරම්භ කළ අතර එවරස්ට් කන්ද පාමුල තෙක් ගමන් කලෝය. නමුදු හමා ආ දරුණු කුණාටුවක් හේතුවෙන් එම ගමන අතරමග නැවත්වීමට සිදුවූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ සිටි කඳු නගින්නකු වූ ජෝර්ජ් ලි මල්ලොරි කඳු මුදුණට යා හැකි මාර්ගයක් සොයා ගන්නා ලදී. මල්ලොරිගේ දෙවන ගවේෂණය 1922 දී සිදුවූ අතර ජෝර්ජ් ෆින්ච් සහ ජෙෆරි බ්රුස් අඩි 27000 ක් උසට කඳු මුදුනට නැග ඇත. එම වසරේදීම මල්ලොරි විසින් නැවතත් උත්සහ කළ අතර එම ගමනේදී හිම කුණාටුවකට අසුවී ඔහු සමග ගිය ශර්පාවරුන් 7 දෙනෙකු මිය ගියේය.

ෂර්පා වරුන් ලෙසින් හදුන්වන්නේ කුම්ඹු ප්‍රදේශයට ආවේණික ජන කොට්ඨාශයකි. හිමාලය කඳු නැගීමට සහ කඳු නැගීමට අත්‍යවශ්‍ය වන සහය ලබා දීමට මොවුන් පැමිණෙන අතර මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ විසල් ශක්තියකින් යුක්ත වීම සහ මොවුන් සතු ඉහළ උන්නතාංශ දරා ගැනීමේ ප්‍රබල හැකියාවයි.

1924 දී තුන්වන වරටත් බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම එවරස්ට් තරණය ඇරඹූ අතර එඩ්වර්ඩ් නෝටන් විසින් කෘතීම ඔක්සිජන් භාවිතා නොකර අඩි 28,128ක උන්නතාංශයකට ළඟා විය. දින 4කට පසු මල්ලොරිගේ සහ ඇන්දෘ අයිවන්ගේ ගමනාරම්භය සිදුවූ අතර ඔවුන් පිළිබඳ කිසිදු ආරංචියක් නොලැබුණි. පසුව 1999 දී මල්ලොරිගේ මළ සිරුර කඳු මුදුනේ කොටසක තිබී හමුවූ අතර ඔහු මියගොස් තිබුනේ වැටීමකින් සිදුවූ අස්ථි බිඳීමක් හේතු කොටගෙනය.

ටිබෙටයේ ඊසාන දිග රිජ් මාර්ගය ඔස්සේ තවත් අසාර්ථක ගවේෂණයන් කිහිපයක් සිදුවූ අතර දෙවන ලෝක යුද්දයෙන් පසුව ටිබෙටය විදේශිකයින්ට පැමිණීමට තහනම් කරන ලදී. නැවතත් 1945 දී නේපාලය බාහිර ලොවට විවර වූ වීමත් සමග 1951 දී නැවතත් ගවේෂණ කටයුතු ආරම්භ විය. 1952 දී ස්විස්ටර්ලන්ත කණ්ඩායමක් විසින් අනතුරුදායක කුම්බු අයිස් කන්ද තෙක් ගිය අතර රේමන්ඩ් ලැම්බර්ට් සහ ටෙන්සින් නෝර් අඩි 28 ,210ක් උසට නැග්ගමුත් එය සාර්ථක නොවීය. මොවුන් කඳු මුදුන ආසන්නයටම ගොස් අසාර්ථකව පැමිණීම ගැන අසා කණස්සලට පත්වූ කර්නල් ජෝන් හන්ට්ගේ අණ පරිදි 1953 දී බ්‍රිතාන්‍යයන් කණ්ඩායමක් නැවත කඳු තරණය ආරම්භ කළෝය. දක්ෂ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් සහ ටෙන්සි නොර්ගේ වැනි පළපුරුදු ෂර්පා ලට අමතරව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දක්ෂතමයන් වූ ජෝර්ජ් ලොව්, එඩ්මන්ඩ් හිලරි වැන්නවුන්ද බඳවා ගත්හ. මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට විශේෂයෙන් පරිවරණය කර නිපදවන ලද බූට් සහ ඇඳුම් මෙන්ම අතේ ගෙනයා හැකි ගුවන් විදුලි යන්ත්‍ර ද විවෘත හා සංවෘත පරිපථ ඔක්සිජන් පද්ධති ද ලබා දුන්හ.

තැනින් තැන කඳවුරු බැඳගත් මොවුන් කුම්බු ඇල්ල හරහා නව මාර්ග සොයා ගනිමින් කඳු මුදුනට ගමන් ආරම්භ කරන ලදී. බටහිර සිවිඑම් ලෝට්ස් තුඩ හරහා සහ අඩි 26000ක් උස දකුණු කෝල් හරහා ගමනාරම්හ කළ අතර මැයි 26 වන දින චාල්ස් එවන්ස් සහ ටොම්බොර්ඩිලන් පළමු වරට කඳු මුදුනේ සිට අඩි 300ක් දුරට ගොස් ඔවුන් සතු ඔක්සිජන් කට්ටලයේ සිදුවූ අක්‍රමිකතාවයක් හේතුවෙන් නැවතත් පැමිණියහ.

මැයි 28 වන දින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් අඩි 27900 ක උසින් කඳවුරක් බැඳගත් අතර නිදි නැති රැයකින් පසුව පෙරවරු 9 පමණ වන විට දකුණු ශිඛරයට පැමිණියහ. එය අඩි 40ක පමණ පැතලි ගල් පරයක් විය. පසුව පස්වරු 11 වන විට ඔවුහු දෙදෙනා එවරස්ට් කඳු මුදුනට පැමිණියහ.

සාර්ථකත්වයේ පණිවිඩය මුලික කඳවුරෙන් නැම්චේ බසාර්හි ගුවන්විදුලි සම්ප්‍රේෂනාගරයට දුන් අතර පසුව කේතගත පණිවිඩයක් ඔස්සේ ලන්ඩනයට යවන ලදී. එම වසර අග බාගයේදී ඔවුන් ලද ජයග්‍රහණය හේතුවෙන් හිලරි සහ හන්ට්, රැජිණගෙන් නයිට් පදවි ලැබුහ.

හිලරිගේ සහ නොර්ගේ එවරස්ට් ගවේෂණයෙන් පසු බොහෝ කණ්ඩායම් මෙහි පැමිණි අතර 1960 දී ජේම්ස් විට්කර් එවරස්ට් තරණය කල පළමු ඇමරිකානුවා විය. 1975 දී ජපානයේ ටබෙයි ජුන්කෝ එවරස්ට් නැගී පළමු ජපන් ජාතික කාන්තාව ලෙස නම් දැරිය.

 නමුදු අවාසනාවකට එවරස්ට් තරණය කිරීමේදී ඔක්සිජන් මදිවීම, අධික ශීතල දරා ගැනීමට නොහැකිව මේ වන විට කඳු නගින්නන් 300 කට අධික ප්‍රමාණයක් මිය ගීස් ඇත.

1996 දී මිට සම්බන්ධිත විශාලතම ඛේදවාචකය සිදුවූ අතර එනම් කඳු බෑවුමකට හිරවීමෙන් කඳු නගින්නන් 8 දෙනෙකු මිය යාමයි. ඉන්පසු 2013 දී යුරෝපිය කඳු නගින්නන් තිදෙනෙකු හා ශර්පාවරුන් 100 කට වැඩි පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් විසල් සංඛ්‍යාවක් මිය ගියහ.2015 අප්‍රේල් 25 වන දින සිදුවූ 7.8 ක භූමිකම්පාවක් නිසා එහි කඳවුරු ලාගෙන සිටි 19 දෙනෙකු මිය ගියහ.

Top