මතක මිහිර තීරු ලිපිය: සමහර දකින දේවල් ලස්සන දුර ඉඳලා දකිද්දි විතරයි (346)

post-title

වර්තමානයේ ලියවෙමින් තිබෙන අපි දෙන්නගෙ ආදර කතාවේ ලස්සන දවසක මතකයක් ඉතිහාසයට එකතු කරන්න හිතාගෙන අපි එදා මුණගැහුණේ අපි නොගියපු වෙරළක් අයිනට ය. එතන මිනිස්සු නොගැවෙසන තැනකි. ඒ වෙරළ තීරුවට ඇතුල්වන තැන බෝඩ් එකක ලියලා තිබුණා "දිය නෑමෙන් ප්‍රවේශම් වන්න, බිලි ගන්නා ස්ථානයකි" මට පෙර මා අත අල්ලා සිටි ඇය, එය කියමින් මා අත තදින් මිරිකා ගත්තේ මා ආරක්ෂා කර ගන්නා හැගීමක් මට දෙමින් ය.

"ඔන්න අද රැල්ල පාගන්න යන්න ඕනෙත් නෑ"

"ඇයි ඒ"

"දැක්කනේ බෝඩ් එකේ ලියලා තිබුණා"

"හ්ම්ම්ම්"

අපි වෙරළ අයින දිගේ ඉදිරියට ගියේ හෙවන තැනක අසුනක් වෙත ඇස් විසි කරමින් ය. ටික දුරක් යන විට හෙවන තැනක අසුනක් ලැබිණි. එය පෙම්වතුන් විසින් ම නිර්මාණය කරන ලද අසුනක් බව දකින ඕනම කෙනෙකුට කිව හැකි මෙන් එය සකසා තිබුණි. අපි එතන නැවතුනෙමු. ටික වෙලාවක් මුහුද දිහා බලාගෙන කතා කරමින් සිටි ඇය එක පාරටම කියන්නට විය 

"අර මුහුදයි අහසයි එකතු වෙලා තියෙන තැනට යන්න පුලුවන්නම් මරු නේද?"

"එහෙම තැනක් නෑනේ ඉතින් ඇත්තටම"

"හ්ම්ම් ඔව් නේද"

"දන්නවද සමහර දකින දේවල් ලස්සන දුර ඉඳලා දකිද්දි විතරයි!"

"හ්ම්ම්ම්"

"මං කතාවක් කියන්නද අප්පච්චි ඔය ගැන පොඩි කාලේ කියලා දුන්න"

"හ්ම්ම්ම්" 

ඇය මගේ උර හිසට හේත්තු වී සූදානම් විය පෙර පරිදි. මා මීට පෙරද ඇයට මගේ ජිවිතේ සිදුවීම් කියා ඇත. ඇය ඒ දේවල් අහන් ඉන්න ගොඩක් කැමැත්තක් තිබුණු නිසා මාත් බොහෝ දෑ ඈ සමඟ හුවමාරු කරගන්නට විය.

"අහන් ඉන්න හැබැයි මැද්දෙන් පනිනෙන්නෙ නැතුව හොඳද"

"හරි අනේ හරි" ඇය කීවෙමි. මා කතාව කියන්නට ඇරඹුණෙමි.

මම පුංචි කාලේ රෑට නින්ද යන්නෙ නැති වුනහම අප්පච්චි මාව ගෙදර මිදුලේ තියෙන බංකුව උඩට අරගෙන ගිහින් එක එක කතා කියලා දෙනවා. අප්පච්චි එහෙම කතා කියලා දෙන අතරතුර මට අප්පච්චිගෙ ඔඩොක්කුවෙම නින්ද යනවා. ඒ නිසාම තමයි ඉතින් අප්පච්චි මාව එහෙම නින්ද යන්නේ නැති දවස් වලට එලියට අරගෙන යන්න පුරුදු වෙලා හිටියේ. 

ඔහම අප්පච්චි මට එක එක කතා කියලා දෙද්දි දවසක් හඳ ගැන කියපු කතාවක් නිසා මට හඳ ගැන ආසවක් ඇති වුනා. මට ඕන වුනා හඳ මං ලඟට අරගෙනෙ ලඟින් තියාගන්න. මම ඒ වෙලාවෙම අප්පච්චිට හඳ ගෙනත් ඕන කියලා කිව්වහම අප්පච්චි කිවුවා 

"පුතේ අපිට පේන තරම් හඳ ලස්සන නැහැ" කියලා අප්පච්චි කියද්දි මම ආයෙත් කිවුවා "එහෙම වෙන්නේ කොහොමද ඔය ලස්සනට තියෙන්නෙ" කියලා. අප්පච්චි මාව ඔඩොක්කුවෙන් අරගෙන බංකුව උඩ වාඩි කරවලා ටිකක් ඉන්න කියලා ගේ ඇතුලට ගියේ "මං ඒ ගැන කියලා දෙන්නම් කියාගෙන"

අප්පච්චි ආයෙත් ආවේ පත්තර කොලයක් අතට අරගෙන. ඒ පත්තර කොලේ හඳක් ඇඳලා මට පෙන්නලා අප්පච්චි කිවුවා "ඔය තියෙන්නෙ හඳ! ඔයා කැමති ද ඔය තියෙන හඳට" මගේ උත්තරය වුනේ "නැහැ" කියලා. මොකද මම සැබෑවට ඒ වෙලාවේ දකින කහ පාටට ලස්සනට දිලිසෙමින් තියෙන හඳ නෙවෙයි ඒ පත්තර පිටුවේ තිබුණේ. එතන මට පෙනුනේ නිකං කැළැල් තිබුණු අවපැහැති රවුමක් විතරයි. ඉතින් ඒ තිබුණු පත්තර කොලේ හඳට මම කොහෙත්ම කැමැති වුනේ නැහැ.මගේ අකමැත්ත අප්පච්චි මගේ මූනෙන් දැකලා අප්පච්චි මාව ආයෙත් ඔඩොක්කුවට අරගෙන කිවුවා. 

"පුතේ සමහර දකින දේවල් තියෙනවා ඒවා ලස්සන දුර ඉඳලා දකිද්දි විතරයි! ඒ දේවල් ලඟට ගියහම අපි ලස්සනට දැකපු දේ ගැන අපිටම කලකිරීමක් ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා දැකලා විඳින්න තියෙන දේවල් දැකලා විතරක් විඳින්න පුරුදු වෙන්න!" කියලා.

"ඔය කතාව තමයි සුදු අප්පච්චි මට කියලා දුන්නේ"

"ඉතින් ඒ කතාව ඔයාට පුලුවන් වුනාද තේරුම් ගන්න ඒ කාලේ?"

"බැහැ! දන්නවද සුදු දෙමව්පියෝ අපිට ගොඩක් දේවල් කියලා දෙන්නේ. වර්තමානයට වඩා අනාගතයට වැදගත් වෙන විඳියට"

"හ්ම්ම් ඒක ඇත්ත තමයි"

"ඒ වගේ තමයි සුදු, අපිට ලස්සනට එකතු වෙලා පේන මුහුදයි අහසයි වුනත්. ජිවිතේ ගොඩක් දේවල් තිනවා දුරට විතරක් ලස්සනට පේන. ඉතින් අපිත් දැකලා විඳින්න තියෙන දේවල් දැකලා විඳිමු!"

"හ්ම්ම්ම්ම් දැං ගෙදර යමු"

Top